IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘ලංකාවට එන අභියෝගවලට ඇමරිකා සහාය‘

ශ්‍රී ලංකාවේ වත්මන් රජය ගතවූ මාස 16 කාලය තුළ කැපී පෙනෙන ප‍්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් , තිරසාර සාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වගකීම සහ ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ නව සබඳතා ගොඩනඟා ගැනීමේදී ශ්‍රී ලංකාව මෙලෙස ඉදිරියට පැමිණි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත සමන්තා පවර් (28) පැවසුවාය.

රටේ සියලූම පුරවැසියන්ට යුක්තිය සහ සංහිඳියාව ඇති කරන ක‍්‍රියාවලියකට ශ්‍රී ලංකාව කටයුතු කරන මේ මොහොතේ දී ඇතිවන අභියෝගයන් හමුවේ සහාය වීම සඳහා ඇමෙරිකාව  ඕනෑම මොහොතකදී ඉදිරිපත්වන්නේ යැයි ද ඇය සඳහන් කළාය.

‘ජනපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවීක පැවැත්වීමේ වටිනාකම අවධාරණය කර තිබෙනවා, ශ්‍රී ලංකාව පසුගිය කාල සමයේ අත්පත් කරගෙන තිබෙව ප‍්‍රගතියත් ඉතා වැදගත්. ජනපති ඔබාමාත් ඇමෙරිකාවත් ඒ සඳහා හැකි සහයෝගයක්ම ලබා දුන්නා ඒ වගේම ඉදිරියටත් ලබා දෙනවා. ශ්‍රී ලාංකික ජනතාවට සමාජ ආර්ථික ප‍්‍රතිලාභ අත්පත් කර දීමේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ කාර්යභාර්ය සුවිශේෂීයී.‘ යැයිද ඇය කීවාය.

Samantha_2016429e001



අදහස් (0)

‘ලංකාවට එන අභියෝගවලට ඇමරිකා සහාය‘

සරත් Saturday, 30 April 2016 10:38 AM

බලන්නකෝ එ්කෙත් හැටි? අපේ රටේ මිනිසුන්ට මේවා තේරෙන්නේ නැති හැටි? (නි)

:       0       0

පසිඳු Saturday, 30 April 2016 10:40 AM

සෞදි අරාබියාව සමඟ එකතුවෙලා මුළු අරාබියම විනාශ කළා. දැන් වැඩේ කෙරිලා ඉවරයි. ළඟදී සෞදි අරාබිය අහස් යානා වලට බෝම්බ ගැහුවා කියලා සෞදි අරාබියටත් ගහන්න යනවාලු නේද? අපිටත් වෙන්නේ ඔයටික තමයි. (නි)

:       0       0

සමන්ත Saturday, 30 April 2016 01:08 PM

ලංකාවත් ළඟදීම ඇෆ්ගනිස්ථානයක් හෝ ඉරාකයක් බවට පත්වෙන ලකුණුද මේ පහළ වෙන්නේ? (නි)

:       0       0

ධම්ම Friday, 29 April 2016 03:42 PM

අමෙරිකාවට එන අභියෝගවලටත් අපි සහය දෙන්න ඕනෑ. හොඳ මිත්‍රයෝ එහෙමයි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Friday, 29 April 2016 04:00 PM

අපිත් කියන්නේ ඔය ටිකම තමා නෝනේ , කෝ ඉතින් කීයෙන් කී දෙනාද මේක තේරුම් ගන්නේ ? (ර)

:       0       0

චින්තක Saturday, 30 April 2016 05:17 PM

මාර ආදරයක්නේ ලංකාවට තියෙන්නේ. එ්ත් මට ඉලංගරත්න මහත්තයාගේ "මඟුල් කෑම" පොතේ නරියව මතක්වුණා. එ්ත් දැන් කාලේ මිනිස්සු පොත් කියවන්නේ නැහැනේ. පාසල් විෂය නිර්දේශයෙනුත් ඉවත් කරලනේ (නි)

:       0       0

ඉන්දු Sunday, 01 May 2016 12:27 AM

කැපීපෙනෙන ප්‍රගතියක්...? රටේ ජීවත්වෙන සාමාන්‍ය ජනතාවගෙන් අහලා බලන්න ඒකෙ වග (නි)

:       0       0

චමින්ද Sunday, 01 May 2016 04:49 AM

කොහොමත් දැන් මිනිස්සු නිදහසේ හුස්ම ගන්නවා . තෙල් ගණන් ටිකක් වැඩි කලත් කමක් නැහැ වගේ , ට්‍රැෆික් එකත් ටිකක් අඩු වේවි. (ර)

:       0       0

චතුර Sunday, 01 May 2016 04:53 AM

සුනාමි ව්‍යසනය වෙලාවේ ජි එස් පී වගේ දීර්ඝ සහන දීල අපිව ගොඩගන්න උත්සහ කලෙත් මේ අයම තමා, එක එක කතා කියන්න ගිහිල්ල ජි එස් පී නැති කර ගත්තා පහු ගිය කාලේ. (ර)

:       0       0

නිමල් ලලිත Saturday, 30 April 2016 01:22 AM

මහා මිනිස් ඝාතකයා මහ කොටිය විනාශ කරන්න සහයදුන් හැටි දේශපාලන ගැත්තන් නොවන කාහටත් මතක ඇතිනේ. දැන් ඉතින් ඒගොල්ලන්ගේ පදයට නටන පාලනයක් වුණොත් තව තවත් ආධාර දෙයි. (නි)

:       0       0

සුනිල් Saturday, 30 April 2016 01:42 AM

ඔව් ඉතින් ඇමරිකාවේ අවශ්‍යතාත් ඉටුවෙනවා නම් සහාය නොදි ඉන්න එකක් නැහැනේ (නි)

:       0       0

මුණසිංහ Saturday, 30 April 2016 02:10 AM

ඒ කියන්නේ ලංකාව ඉදිරියේදී බරපතල අර්බුද වලින් පිරි රටක් වෙනවා. (නි)

:       0       0

හෂාන් Saturday, 30 April 2016 09:25 AM

එතකොට ආණ්ඩු පෙරළන්න එහෙම සහයෝගය දෙන්නෙ කවුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 500 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 656 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 266 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1458 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site