IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරික්ෂණයක් නෑ?

ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටවේ අවසන් වාර්තාව ලබන මස 30 වැනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණද, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකැඳවනු ඇතැයි ජීනිවා තානාපති ආරංචි මාර්ග පවසයි.

මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් විනිවිද හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ප‍්‍රමුඛව එම කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරයට සහාය දැක්වීමට අදාළ යෝජනාව ගෙන ආ ඇමෙරිකාව සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණ නොකැඳවනු ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.

මීට පෙර මානව හිමිකම් මහකොමසාරිස්වරයා යෝජනා කර සිටියේ ලංකාව සම්බන්ධයෙන් අදාළ විද්වත් කමිටු වාර්තාව නිල වශයෙන් ලබන මස ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට ඉදිරිපත් වීමෙන් එහි සාමාජික රටවල්වල අනුමැතියෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කැඳවීමටය.

නව රජය පත්වීමෙන් පසුව නිල සංචාරයක් සඳහා පැමිණී ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ ,විදේශ ඇමති මංගල සමරවීර මහතා ඇතුළු රජයේ බලධාරීන් සමඟ පැවත්වූ සාකච්ඡා වලින් පසු දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබූ පියවරට සහයා දැක්වන යෝජනාවක් ලබන මස රැස්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කීරීමට ඇමෙරිකා රජය තීරණය කළේය.



අදහස් (0)

ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරික්ෂණයක් නෑ?

මහින්ද ආර් කිතුල්ගොඩ සීෂෙල්ස් Sunday, 30 August 2015 12:05 PM

ප්‍රියා ....නම ප්‍රියා උනාට කතාවනම් හරිම අප්ප්‍රියයි. කරුණා කර කරුණානිධි,ජයලලිතා ගාණට. මහින්ද මහත්තයයි...රට ජාතිය වෙනුවෙන් කෑගහන මිනිස්සුයි ගන්න එපා ...ඔයා මොන දේශපාලන පක්ෂෙක හිටියත්..... එයාල අවුරුදු 30 ක ශාපය නැති කරන්න දායක වුනා එ් නිසා තමා අද ඔයාලට බය සැක නැතුව පාරේ බැහැල යන්න පුළුවන් වෙලා තියෙන්නේ. (බ)

:       0       0

සහන් Sunday, 30 August 2015 01:27 PM

කිතුලේගොඩ මහත්තය ඔයත් පිටරට ඉදන් ලංකාව හීන දේශයක් කියල හිතාගෙන කතාකරන කළු සුද්දන්ගෙන් කෙනෙක් බව අපිට පෙනේව ,පහුගිය කාලේ මහින්ද ,විමල්,ගම්මන්පිල ,කරුණානිදි, ජයලලිත, හැසිරුණ විදියට අපිට පෙනේව මේ දෙගොල්ලම ලංකාවේ සිංහල ,දෙමල මිනිස්සු එකට එකතුවෙනවට විරුද්ද බව ,මේ දෙගොල්ලගෙම පැවැත්ම තියෙන්නේ ජාතින් අතර ගැටුම් තියෙන තරමට (බ)

:       0       0

ලාල් Sunday, 30 August 2015 02:05 PM

අවරුදු 30ක ශාපය නැති කරන්නට තමයි ජනතාව ආණ්ඩුවක් පත් කර ගත්තේ. කිතුලේගොඩ නිකම් පිටරටක ඉදන් තාමත් කඩේ යනවා.(නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 30 August 2015 02:56 PM

කිතුලේගොඩ ජනතාව නායකයෝ පත් කරලා යවන්නේ රටට එන ඕනෙම ප්‍රශ්නයක් විසදන්න නේද ? ඔවුන් බලය ඉල්ලන්නෙත් එ්කට නේද? එසේනම් එම ප්‍රශ්න විසදීම නායකයන්ගේ වගකීම නොවේද ? නමුත් ඔබ දැනගත යුතුයි ජනතාව නායකයන් පත් කර යවන්නේ රටේ සම්පත් හොරාගෙන කන්න නොවේ කියන දෙය ? ඔබ ඔය සුද්ද කරන පුද්ගලයෝ කර තිබෙන්නේ ඒක නොවේද? ඒකට සාක්ෂියක් ඕනෙනම් ....හිටපු අගවිනිසුරු සරත් ජනතාවගෙන් තුන් පාරක් සමාව ඉල්ලුවේ මන්ද කියන කරුණ සඳහා ඔබව යොමු කරමි ....(බ)

:       0       0

පාලිත සේනානායක Sunday, 30 August 2015 03:04 PM

සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්‌වාල් නමැති තරුණ නෝනා මහත්මිය මෙහි පැමිණ හැසිරෙන ලිහිල් ලීලාවෙන්ම පෙනී යන්නේ ඇමරිකාව තුළ ලංකාව සම්බන්ධයෙන් පහළ වී තිබෙන “නිදහස්‌” සිතුවිල්ලයි. රාජපක්‌ෂ යුගයේ දී මෙවැනි ඇමරිකන් සිනා අපට දැක ගන්නට ලැබුණේම නැත. (බ) කෙසේ වුවත් අපේ රටට හොඳක්‌ වෙනවා නම් ඇමරිකාව හිනා වීමෙන් නොනැවතී මෙහි පැමිණ විකට නාට්‍ය පෙන්වූවත් වරදක්‌ නැත. එහෙත් අප සමඟ හිනා වෙන්නට මිස අපට හිනා වෙන්නට අවස්‌ථාවක්‌ ඔවුන්ට නොදිය යුතුය.

:       0       0

සොපී Sunday, 30 August 2015 06:09 PM

ඇමෙරිකන් ආදරයත් ඒ තරම්ම ඇඟට ගුණ දෙයක් නෙමෙයි .මේවා බොහොම සීරුවෙන් - මාරුවෙන් කල්පනාවට ගත යුතු කරුණු ......??? අපේ ගැලවුම් කාරයෝ වෙලා ඒ වෙනුවෙන් ඉල්ලන වන්දිය මොන වගේ වෙයිද කවුද දන්නේ .මේ අය කිසිම රටක මීයක් කැඩුවේ අත ලෙවකන්න නෙමෙයි . දහම්ගේ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා ......(ම)

:       0       0

නාමල් Monday, 31 August 2015 10:45 AM

ඇමරිකාවට නෑ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙනවා දකින්න... ඒකට ඒ අය අපිට උදව් කරනවානම් එය අපි පිළිගත යුතුයි (ම)

:       0       0

දහම් Sunday, 30 August 2015 08:12 AM

ඒ කියන්නේ ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියලම කප්පවන්නයි හදන්නේ. (බ)

:       0       0

ප්‍රියා Sunday, 30 August 2015 08:21 AM

කරුණානිදි ,ජයලලිතා,මහින්ද ,විමල් ,ගම්මන්පිල එකට එකතුවී විරෝධය දක්වයිද? ජාතිවාදී දේශපාලනය අනාතායි. (බ)

:       0       0

ජයා Sunday, 30 August 2015 08:56 AM

ලෝකයේ ඕනෑම යුද්දයක් ඇමෙරිකානු යුද්දයක්.. (ම)

:       0       0

අසී Sunday, 30 August 2015 10:27 AM

ලොව ඕනෑම යුද්දයක් ඇමේරිකනු යුද්දයක් වගේමයි. ඔවුන්ගේ තක්ෂණයත් මුලු ලෝකෙටම. හොඳ නරක දෙකම තියෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 21 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 78 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 268 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 949 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 702 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1441 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site