IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘ලංකාවට කල් දෙන්න ඕනෑ‘

ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ බලපෑම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කඩිනමින් කළ හැකි දෙයක් නොවන බවත්, ජාත්‍යන්තරය නියෝජනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ජපානය  සූදානම් යැයි ශ්‍රී ලංකාවේ සාමය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසන්ධාන කටයුතු  සඳහා වන ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා අද (13) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී කීය. ප්‍රතිසන්ධානය සඳහා නිශ්චිත කාල සීමා පැනවීම ප්‍රයෝගිකව කළ නොහැකි දෙයක් වන බැවින් ශ්‍රී ලංකාව සමග තවදුරටත් සායෝගයෙන් කටයුතු කිරීමට ජාත්‍යාන්තර ප්‍රජාව උත්සහ කළ යුතු බව අදහස යැයි ද අකාශි මහතා එහිදී කීය. සිය සයදින නිල සංචාරය අවසන් කරමින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ජපන් තානාපති  නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. එසේම රජය කිසිදු ගැටලුවකින් තොරව උතුරු පළාත් සභාමැතිවරණය සාර්ථකව අවසන් කිරීමත්, එම නව පළාත් සභාව හරහා ස්ථාවර හා අනෝන්‍ය විශ්වාසයක් උතුරු පළාත්  සභාව හා මධ්‍යම රජය අතර ලඟදීම ආතිවනු ඇතැයි ජපානය බලාපොරොත්තු වන බව ද කීය.



අදහස් (0)

‘ලංකාවට කල් දෙන්න ඕනෑ‘

ජයතිලක Sunday, 15 December 2013 06:32 AM

බුද්ධි, ලක්ෂිත ප්‍රංසය, සමහර අය මෙතන අදහස් පල කරාට ඒ ගොල්ලොම දන්නේ නැහැ තමුන් ලියන්නේ මොනවද කියලා. . ඉතින් අපිට තියෙන්නේ ලියලා තියෙන හොද අදහස් වගේම , ඒ ඔලුවේ අමාරු කාරයන්ගේ අදහසුත් බල බල ඉන්න එක විතරයි.(නදී)

:       0       0

මුණසිංහ Sunday, 15 December 2013 07:38 AM

මම ජපන් ජාතිකයන් කීප දෙනෙක් සමග කතා කරලා තියෙනවා. ඔවුන් අවංකයි.(නදී)

:       0       0

පාලි Friday, 13 December 2013 08:20 PM

යෂුෂි අකාශි මැතිතුමනි, ඔබ අපට කරන මේ උදව් වලට බොහොමත් පින්.(නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 14 December 2013 10:53 AM

යෂුෂි අකාෂි මහතානනි, ඔයා ඔයාගේ රට ගැන බලා ගන්න.යෂුෂි හිතනවා ඇති ලංකාවත් ජපානය වගේ කියල. (අ)

:       0       0

අල්විස් Friday, 13 December 2013 08:33 PM

අකාෂි යෂුෂි මහතාණෙනි, කරුණාකර ඔබේ ප්‍රකාශය ඇමෙරිකාවට කියන්න කියා මම ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

දයාන් Friday, 13 December 2013 09:45 PM

අකාශි මහතාණනි, රජය නම්‍යශීලි වන විටදී එයාලත් නම්‍යශීලි විය යුතුයි නේද? මෙතෙක් නම් එය ක්‍රියාවෙන් පෙන්වා නැත. (නදී)

:       0       0

අමිල - මෙල්බර්න් Sunday, 15 December 2013 12:57 PM

සිංහලයෙක් විදියට මට නම් ඉතාමත් කණගාටුවක් දැනෙනවා ලංකාවට විදේශ රටවලින් කරන බලපෑම් වලට. නමුත් කණගාටුවෙන් වුවත් කිව යුතු වන්නේ ශ්‍රී ලංකාව තුල විකල්ප අදහස් වලට කිසිදු අවසරයක් නැති බවයි.(නදී)

:       0       0

විදුරංග Friday, 13 December 2013 10:32 PM

කැමරන්ගේ තර්ජන වලට තැනක් නැති බව කීම විශේෂයි. ජපානයට ලංකාව උදව් කළා ලෝක යුද්ධය අවසානයේදී. නමුත් ඕනවට වඩා නම්‍යශීලි වීමෙන් රටේ මිනිසුන්ට වුන හොඳක් නැහැ. උතුරු නැගෙනහිර පැරණි පුදබිම් වලට අනතුරු තියෙනවා. මීට වඩා කරන්න ඕනේ රටේ ජාතියේ ආරක්ෂාවට. ජනතාවගේ කැමැත්තයි වෙන්න ඕනේ.(නදී)

:       0       0

වින්සන්ට් Friday, 13 December 2013 10:49 PM

යෂුෂි මහතානනි, ඔයා ඔයාගේ රට ගැන බලා ගන්න. (නදී)

:       0       0

ලක්ෂිත ප්‍රංශය Friday, 13 December 2013 10:59 PM

මොකද මේ වින්සන්ට් ඔලුවේ අමරුවක්ද ? (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Friday, 13 December 2013 11:22 PM

ජපානයට ස්තුතියි. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 14 December 2013 01:21 AM

මහතාණෙනි ජිනීවා වලදීත් කරුණාකර අපේ පැත්ත ගන්න කියලා ජපාන නියෝජිතාට කියන්න.(නදී)

:       0       0

ශාන් Saturday, 14 December 2013 02:37 AM

හැම දෙයක් ගැනම සුළුවෙන් හිතන්න එපා. ජපානයත් තවත් රටක අතකොළුවක් වෙන්න පුළුවන්. බළල්ලු ලවා කොස් ඇට බාවනවා වෙන්න පුළුවන්.(නදී)

:       0       0

බුද්ධි Saturday, 14 December 2013 06:34 PM

ලොව ප්‍රමුඛ පෙලේ රාජ්‍ය නියෝජිතයෙකු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුභවාදී අදහස් පල කර ඇති විටක එයට නිගා වෙන ආකාරයේ අදහස් ස්වල්ප දෙනෙක් පල කරලා තියෙනවා දැක්ම ඇත්තටම අභාග්‍ය සම්පන්නයි. (නදී)

:       0       0

චාමික Saturday, 14 December 2013 08:02 AM

ජපන් වැසියෝ ලෝකේ ඉන්න අවංකම මිනිස්සු කොටසක්. විශේෂයෙන්ම ග්‍රාමීය ජපන් වැසියෝ ඉතා අවංක ආදරණීය මිනිස්සු කොටසක්. කෙසේ වුවත් ඕනෙම රටක රාජ්‍යතාන්ත්‍රිකත්වය යනු දේශපාලනික උපාය මාර්ගික ක්‍රියාවලියක්. (නදී)

:       0       0

අසංග Saturday, 14 December 2013 09:57 AM

ජපානය කවදත් අපිට උදව් කරන රටක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 4 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 148 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 327 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 323 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 632 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 555 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 121 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site