IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලංකාවට ජීඑස්පී+ යළි ලැබේ?

ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් තීරුබදු සහනය නැවත ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

යහපාලනය   තිරසාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බැවින් ජී එස් පී  ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන ලෙස යුරෝපා සංගමය විසින් යුරෝපා කවුන්සිලයේ සිය නියෝජිතයින්ට සඳුදා නිල වශයෙන් දැනුම් දුන්නේය. ශ්‍රී ලංකාව පිළිබඳ ඇගයීම් වාර්තාවක් ද  කරමින් යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කැරිණි.

නව රජය පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ දූෂණය පිටුදැකීමට, මානව හිමිකම් සුරැකීමට, නීතීයේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ තිරසාර සංවර්ධනයක් උදෙසා යොමුවීමට ගෙන ඇති සුවිශේෂී පියවර යුරෝපා සංගමයේ ප්‍රශංසාවට ලක්වන බව  සංගමය කියයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම සඳහා උතුරු නැගෙනහිර සිවිල් පරිපාලනය යළි ස්ථාපිත කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි රැඳවියන්  නිදහස් කිරීම ආදීය ඔස්සේ මහජනතාව අතර විශ්වාසය ගොඩනැඟීමට කටයුතු කිරීම නව රජයේ සුවිශේෂි ක්‍රියාමාර්ග ලෙස තම සංගමය දකින බව එම නිවේදනය පවසයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් , ජී.එස්.පී.ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වීමටත්, එමෙන්ම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමටත් යුරෝපා සංගමය සිය කවුන්සිලයේ සාමාජිකයින්ට දැනුම් දී තිබේ.

ජී එස් පී ප්ලස් තීරුබදු සහනය ලබාදීමේදී එම ප්‍රතිලාභය හිමි වන රටවල මානව හිමිකම් හා කම්කරු අයිතිය මෙන්ම පාරිසරික ආරක්ෂණය සහ යහපාලනයද සැලකිල්ලට ගන්නා බවද යහපාලනයෙන් තිරසාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවද යුරෝපා සංගමය සඳහන් කරයි.

ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන සඳහා යුරෝපයෙන් පනවා ඇති තහනමද කඩිනමින් ඉවත් කිරීමට හැකිවනු ඇති බවද එම සංගමය කියා සිටී.ඉන්දීය සාගර ටූනා කොමිසමේ රෙගුලාසි වලට අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත්, මත්ස්‍ය අපනයන වල   නීතිමය රාමුවට අනුව කටයුතු කිරීම  ද ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවත් යුරෝපා සංගමය සිය නිවේදනයෙන් කියා සිටී.



අදහස් (0)

ලංකාවට ජීඑස්පී+ යළි ලැබේ?

ඉසුරන්දි Wednesday, 18 November 2015 05:22 AM

ලොකු දෙයක් (ම).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 234 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1675 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2100 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5655 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1641 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6148 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18049 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site