IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ලංකාවට ජාතික ආණ්ඩුවක් : ජනපති ජාතිය අමතයි

ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පු අසළ ඉදිකළ විශේෂ පීඨිකාවක් මත සිට නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ කතාව

ඔබ සැමට තෙරුවන් සරණයි, අති පූජනීය වූත් වන්දනීය ගෞරවනීය ත්‍රෛ නිකායික මහා සංඝරත්නයෙන් අවසරයි. මා හිතවත් රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිවරු හා මන්ත්‍රීවරු ඇතුළු සියළුම මහජන නියෝජිතවරුණි. හිතවතුනි, මිත්‍රවරුණි, දෙමාපියනි, දරුවනි.

මේ ආකාරයෙන් දළදා මන්දිරය අසළ සිට ආදරණීය ජනතාව ඇමතීමට ලැබීම මා මෙන්ම පොදු ජනතාව ලැබූ ඉමහත් භාග්‍යයක් ලෙස සළකනවා. පසුගිය අටවැනිදා පැවති මේ රටේ ප්‍රධාන සේවකයා තෝරාගැනීමේ ජනාධිපතිවරණයෙන් මා වෙත විශිෂ්ඨ ජයග්‍රහණයක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පදනම් කරගෙන ලබාදුන් මේ රටේ ආදරණීය ජනතාවට මා මගේ ස්තූතිය පිරිනමනවා. අපේ ජයග්‍රහණයට, රටේ සහ පොදු මහජනයාගේ ජයග්‍රහණයට ඡන්දය දුන් වගේම ප්‍රතිවාදී අපේක්ෂකයන්ට ඡන්දය දුන් හා ඡන්දය භාවිතා නොකළ මගේ ආදරණීය ජනතාවට මා ආදරණීය ස්තූතිය පිරිනමනවා. අපිට සාමකාමීව මේ ජයග්‍රහණය මේ රට තුළ අවශ්‍ය දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික පරිවර්ථනයන් රාශියකට ඉවහල්වේයැයි සිතනවා

සබ්බ පාපස්ස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන ශාසනං

අපි හැමතිස්සේ ම යපහත් සිතුවිලි වලින් කටයතු කිරීම අවශ්‍යයි. යහපත් මානව වාදී ප්‍රබුද්ධ සමාජයක් ගොඩනැගීමට එය ඉවහල් වනවා. අප ආදරය කළ යුත්තේ මිනිසුන්ට පමනක් නොවේ මිනිසුන් සහ සියළු සත්ත්වයන්ට, ඉර හඳ ඇතුළු සියළු සොබා ධර්මයට අප ආදරය කළ යුතුයි. ඒවා ආරක්ෂා කළ යුතුයි. මේ ඓතිහාසික පුදබිමේ සිට මා පාර්ලිමේන්තුව නියෝජනය කරණ සියළු දේශපාලන පක්ෂවලට ආරාධනා කරනවා අපේ පොදු ජනතාව. රටේ අනාගතය අද ජීවත්වන අයට වගේම හෙට උපදින දරුවන් සඳහා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට ශක්තිමත් ආණ්ඩුවක්, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මා සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට ගෞරවයෙන් ආරාධනා කරනවා අප හා එක්වන ලෙසට

මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවේන මේ ඉල්ලීම මෙරට සියලු දේශපාලන පක්ෂ පිළිගනීවියැයි මා විශ්වාස කරනවා. ජනතාවගේ දුක දුප්පත් බව ආර්ථික අපහසුතා දුරු කිරීමට මේ බඩු මිල පීඩනයක් බව මා දන්නවා. දුගී බව දුප්පත් කම තුරන් කර පොදු ජනතාවට අවශ්‍ය ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය පියවර මා මුලින්ම ගන්නා බව කිව යුතුයි.

ඒ වගේ ම මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කළ ආකාරයට විධායක ජනාධිපති සතුව ඇති අසීමිත බලතල පාර්ලිමේන්තුවට, අධිකරණයට ස්වාධීන කොමිසන් සභා වලටත් රාජ්‍ය සේවයටත් ලබාදීමට කටයුතු කරන බව මා මගේ ආදරණීය ජනතාවට ප්‍රතිඥා දෙනවා. අපිට අපේ රට වෙනුවෙන් කළ යුතු කාර්යයන් රාශියක් තියෙනවා. විශේෂයෙන් ම ජාතික වශයෙන් අනන්‍යථාව තහවුරුකර ගැනීම තුළ අන්තර්ජාතික වශයෙන් පුළුල් මිත්‍රත්වයක් ගොඩනගාගැනීම අවශ්‍ය බව පෙනී යනවා.

සියළු රවටල් සමග මිත්‍රත්වය, සුහදත්වය වැඩකරගෙන ඔවුන්ගේ සහය ලබාගෙන අපේ මාතෘ භූමියත් ජනතාවගේ සංවර්ධනයත් වෙනුවෙන් සෑඹ ක්‍රියාවක්ම කරමින් කටයුතු කරන බව සහතික වනවා

බෞද්ධ රටක් ලෙස සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන අතර හින්දු, ඉස්ලාමිය, කතෝලික සෑම ආගමකම අයිතිය නිදහස තහවුරු කරමින් අපේ රට තුළ ආගමික සංහිදියාවක් ජාතීන් අතර සංහිදියාවක් ඇති කරමින් ජනතාවගේ සංහිදියාව ඇතිකරමින් විනයගරුක බව හික්මීම ඇතිකරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කිව යුතුයි

කෘෂිකාර්මික රටක් ලෙස අපේ ජාතික ආර්ථිකය රදා පවතින්නේ ගොවි ආර්ථිකය ශක්තිමත් වූ විටයි. ඒ සඳහා ගොවියන්ට කෘෂි ක්ෂේත්‍රෙය් ඇතිවිය යුතු අවශ්‍ය වෙනස්කම් නවීන තාක්ෂණය අනුව සිදුකරමින් මේ රටේ දේශීය ගොවියා ශක්තිමත් කරමින් ජාතික ආර්ථිකය පුළුල්ව ශක්තිමත් කිරීමට අප කටයුතු කරන බව පැහැදිලිව කිව යුතුයි.

මේ රටේ පිරිහී ඇති රාජ්‍ය සේවය ප්‍රබුද්ධ රාජ්‍ය සේවයක් බවට පත්කිරීමටත්, සාමහ හා නීතිය රකින පොලිසිය මධ්‍යස්ථ සේවයක් කිරීමත් අපේ යුතුකමක් වනවා. රජ්‍ය සේවය පුබුද්ධ සේවයක් බවට පත්කිරීම වගේම ඔවුන්ට තම සේවය වඩාත් තෘප්තිමත්ව කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍යයි. ඒ වගේම පුද්ගලික අංශයේ සේවය කරන ලක්ෂ 50ට අදික අයට යහපත් හෙටදවසක් ඇතිකරමින් ආර්ථිකය ගොනැගීමට කටයුතු කරන බව මේ අවස්ථාවේ කියනවා.

විදේශ විනිමය මෙරටට ලබා දෙමින් විදෙස් රටවල සේවය කරන ලක්ෂ 25 ට අධික ගෘහසේවකයන් ඇතුළු අනිකුත් සියලු දෙනාට යහපත් හෙට දවසක් උදාකරමින් තවත් ශක්තිමත් කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද කිව යුතුයි.

දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් ප්‍රබුද්ධ මෙහෙවරක් සිදුකිරීමට සැම විටම ක්‍රියාත්මක කරන බව සඳහන් කළ යුතුයි.

අපේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන වංචා, දූෂණ අල්ලස් සියල්ල තුරන් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද කිව යුතුයි.

මේ වගේ පුණ්‍ය දිනයක සංඝරත්නය ද පෙරටු කරගෙන ආදරණීය ජනතාව ඉදිරියේ කළ මේ සියල්ල හෘද සාක්ෂියට අනුව ඉටු කිරීමට මා සහතික වන බව ප්‍රතඥා දෙවනවා. අපේ රටට අවශ්‍ය වන්නේ රජෙක් නොව සැබෑ මිනිසෙක් බව කිව යුතුයි. ඒ අනුව සැබෑ මිනිසකු ලෙස ඔබගේ සේවකයකු ලෙස කටයුතු කරනවා.

මේ මා තරඟ කළ පළමු ජනාධිපතිවරණය වගේ ම අවසන් ජනාධිපතිවරණය බවත් මා කිව යුතුයි. ඒ නිසා මට ලැබී ඇති තනතුරේ බලය බෙදීමත්, ජනතාවට සමීප වීමත් ඒ වගේම ඔබ වෙනුවෙන් මුළු මහත් රට වෙනුවේන රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු දෑ කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බව ද කියනවා.

අවසාන වශයෙන් මා කියා සිටිනවා. මේ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් වන්නේ සියළු දෙනා සාමකාමීව කටයුතු කිරීමෙනුයි. පසුගිය දින දෙකේ දී රටේ තැන තැන සුළු සුළු සිද්ධි කිහිපයක් ඇති වුණා. ඒ වෙලාවේ අපි පොලිසියට උපදෙස් දුන්නා සාමය ආරක්ෂා කරමින් ජනතාව සන්සුන්ව තැබීමට උත්සාහ ගන්නා ලෙස.

අපි දේශපාලන පක්ෂ වශයෙන් බෙදෙන්නේ නැතිව සැබෑ මිනිසුන් ලෙස කටයුතු කිරීම අවශ්‍යයි. සමාජයේ ප්‍රගමණය සඳහා ඉදිරි සමාාජයේ වර්ධනය සඳහා තිබෙන බාධාව සැබෑ මිනිසුන්ගේ නිහඬ බව අපි අසා තිබෙනාව. ඒ නිසා සැබෑ මිනිසුනේ ආදරණීය දෙමාපියනි. දරුවනේ ඔබේ යහපත් බව අවදි කරන්න, එය සැබෑ හඬක් බවට පත්කරන්න. අපි සාදාචාර ලෙස ජීවත් වෙමින් අපේ රාජ්‍යය ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවන ප්‍රබුද්ධ රටක් බවට පත්කරන්න වෙහෙසෙමු. ඔබ සැමට ස්තූතියි, තෙරුවන් සරණයි.



අදහස් (0)

ලංකාවට ජාතික ආණ්ඩුවක් : ජනපති ජාතිය අමතයි

දිනේෂ් Sunday, 11 January 2015 10:05 AM

බොරු ආටෝප නැති ආදර්ශමත් කතාවක්. ජනපතිතුමනි, ඔබට ජය! (නි)

:       0       0

සමන් ද අල්විස් Sunday, 11 January 2015 10:17 AM

ඔබතුමාගේ අවංකකමට, නිර්ලෝභීකමට අපගේ උත්තමාචාරය. උතුම් දළදා මාලිගාව ඉදිරිපිට ප්‍රකාශ කල කරුණු වලට සියලු ආගම් වලට අයත් රටවැසියන් වන අපගේ යුතුකම එකිනෙකා අතර බේද ඇති නොකර සහයෝගය දීම නේද බොරු ප්‍රචාර නොයවා. (නදී)

:       0       0

ෆෙර්ණන්දෝ ප්‍රගීත් Sunday, 11 January 2015 10:28 AM

මම නම් කියන්නේ රුපියලේ අගය වැඩි කරන ලෙස. හැමදාම විදෙස් රටක ඉදල දැන් මට නම් ඇතිවෙලා. මට මගේ රටේ උද්දමනය අඩු වෙනවා නම් ගොඩක් හොඳයි. මිනිස්සු පිට රටකට නොයවන තත්වයක් ඇති කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මේ 2015 එ්ත් තවමත් දුප්පත්. මේ ආණ්ඩුක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ජයවේවා (නදී)

:       0       0

දයාසාර Sunday, 11 January 2015 10:40 AM

ඔබතුමාගේ ප්‍රකාශය අපගේ දෑසට කඳුළු නංවනවා. එය අපට සිහිපත් කරන්නේ බණ්ඩාරනායක මහතාගේ මුල්ම ප්‍රකාශයයි. නොනැවතී ඉදිරියට යමු! (නි)

:       0       0

ධම්මික Sunday, 11 January 2015 10:52 AM

අදටත් හෙටටත් ඔබින කතාවක් (නි)

:       0       0

ලක්මාල් Sunday, 11 January 2015 11:01 AM

අතිගරු ජනපතිතුමනි, ඔබතුමා මේ රට සදාචාරසම්පන්න ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවන ප්‍රබුද්ධ රටක් බවට පත්කරන බවට අපි විශ්වාසය තබන්නෙමු.ඔබතුමාට ඊට අවශ්‍ය ශක්තිය ධෛර්යය,ආරක්ෂාව ලැබේවායි පතමු..! (නි)

:       0       0

මිහිරන් Sunday, 11 January 2015 11:18 AM

අතිශයින්ම ලගන්නා සුලු කතාවක්. (නදී)

:       0       0

රොෂාන් Sunday, 11 January 2015 11:33 AM

මගේ මව් බිමට යහපතක්ම වේවා! ඔබට දිගාසිරි ජනපතිදුනි (නදී)

:       0       0

අනුර Sunday, 11 January 2015 11:43 AM

ඔබට ස්තුතියි (නදී)

:       0       0

දිසානායක Sunday, 11 January 2015 12:00 PM

ඔබතුමාට තෙරුවන් සරණයි වචනය ක්‍රියාවක්ම වේවා (නදී)

:       0       0

අතුල Sunday, 11 January 2015 01:05 PM

අපේ රටට අවශ්‍ය වන්නේ සැබෑ මිනිසෙකි (නි)

:       0       0

ප්‍රියංක Sunday, 11 January 2015 06:48 PM

හදවතින්ම රටට ආදරය කරන සැබෑ නායකයෙක් ලැබීම තරම් සතුටක් තවත් නැහැ (නි)

:       0       0

නිමල් ලාලිත Sunday, 11 January 2015 10:15 PM

සිංහලයේ අයිතිය රැකෙන,එහෙත් සියලු දෙනාටම සාමයෙන් විසිය හැකි,කැලෑ නීතිය රජ නොකරන රටක් බිහිකිරීමේ හැකියාව නව ජනාධිපතිතුමාට ලැබේවා! නියම මහත්මා දේශපාලන ක්‍රමයක් බිහිවේවා! බලයට වඩා රටට ආදරය කරන දේශපාලකයන් බිහිවෙන ව්‍යවස්ථාවක් බිහිවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1466 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 607 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 429 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 690 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 442 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1244 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site