IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ලංකාවට ඩයස්පෝරා කාර්යාලයක්

(අංජුල මහික වීරරත්න)

ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා පියවර සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවයි.

විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022" සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.

 



අදහස් (44)

ලංකාවට ඩයස්පෝරා කාර්යාලයක්

පිටිගල මිලානෝ Tuesday, 16 August 2022 09:42 PM

අප්පච්චිටයි පුතාලටයි ඩයස්පෝරාවේ මුදල් ආයෝජනය කරන්න පුලුවන් නම් අපිට බැරි ඇයි…?

:       10       23

[email protected]Wednesday, 17 August 2022 09:03 PM

එහෙනම් ඩයස්පෝරාව ගෙදර එක්ක යන්න ලංකාවට එවන්න එපා. හැබැයි ඩයස්පෝරාව ඔහේව ඔවුන්ගේ ගෙයක් පළාතට ගන්නේ නැතිබව ෂුවර්... සිංහල කියලා දොට්ට දානවා ෂුවර්. අප්පච්චිගෙන් ද්විත්ව පුරවැසිකමවත් ඔවුන්ට ලැබුණේ නැහැ.

:       0       0

Gamunu Tuesday, 16 August 2022 10:27 PM

ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට විශේෂයෙන්ම ශ්‍රී ලනකවට ජාතින් වසයෙන්, කලාපීය වසයෙන් ඉතාම වැදගත් මෙන්ම ලෝකයටද පැහැදිලි පණිවුඩයක් ලබාදීමට හැකිවේ. කුඩා රටක්වන ලංකාව දියුණු කිරීමට නම් සියලු ජාතින් ශ්‍රී ලාංකිකයන් වසයෙන් එක්විය යුතුවේ. දේශපාලකයන් බලයට , ධනයට සහ තනතුරුවලට බෙදී වෙන්වී සිටියද සියල්ල තාවකාලික බවද අමතක නොකලයුතුවේ.

:       12       25

Lyca PowerWednesday, 17 August 2022 02:19 PM

එතකොට ලංකාවේ ස්වර්ණවාහිනිය කියන රූපවාහිනි ආයතනය අයිති කාටද? " ලයිකා-මොබයිල් " ව්‍යාපාරිකයාට..! ඔහුට ව්‍යාපාර 16ක් යුරෝපා රටවල තියෙනවා..!

:       2       3

රට ගොඩ..! Tuesday, 16 August 2022 11:28 PM

බුද්ධිමත් තීරණයක්......!! ඩයස්පෝරාව ගැන වැරදි විදියට හිතුවට ඔවුන් බොහොමයක් අද යුරෝපා රටවල කෝටිපති ව්‍යාපාරිකයෝය...! ඔවුන්ගේ දරුවෝ බොහෝ උගතුන්‍ පමණක් නොව මහපරිමානයේ ආයෝජකයින්‍ අතරද සිටිති. මෙන්න කිහිප දෙනෙක්... ලයික මොබයිල්,,, ලිබාර මොබයිල්,,, වෙස්ටන් යුනියන් මුදල් හුවමාරුව..! ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනවා කියන්නේ රට ගොඩ..!

:       9       20

Demuni Uduwara Wednesday, 17 August 2022 05:24 AM

අරමුණ අවංක නොවේ; සදාචාරාත්මක නොවේ!

:       0       0

ලුම්බිණි Wednesday, 17 August 2022 05:30 AM

කෝ දැන් අර අරගලකරුවන්ට සවන් දෙන්න පත්කරපු නිලධාරියා..?

:       0       0

Bamunuarachchi Wednesday, 17 August 2022 06:37 AM

දෙමළ මිනිස්සුන්ටත් ඕන කරලා තිබුනේ ඔය ටික තමයි. යුද්දේ දිනන්න බැරුව උතුර නැගෙනහිර ප්‍රබාකරන්ට දෙන්න ගිය මේ ගොයියා දැන් ඩොලර් ගෙන්වා ගන්න රටෙන් කෑල්ලක් දෙනවා ෂුවර්. හැබැයි ඕකට විරුද්ධ වෙන කෙනෙක් පාර්ලිමේන්තුවේ නැහැ. සජියා අනුරයා අත්දෙකම උස්සලා කකුලකුත් උස්සාවී. ඉතුරු ටික හම්බයින්ට දෙනවා. ISGA ගිවිසුම ක්‍රීයාත්මක වේවිද?

:       67       36

pjWednesday, 17 August 2022 09:12 AM

ඩයස්පෝරා යනු දෙමළ ඩයස්පොරාවම පමණක් නොවේ.

:       9       37

BamunuarachchiWednesday, 17 August 2022 08:39 PM

ඒක මම දන්නවා. ඩයස් පෝරාව කිව්වා ගමන් අපේ ඔළුවට එන්නේ දෙමළ සෙට් එක. ඔක්කෝම රෙදි හෝදන සබන් සන්ලයිට් නොවෙයි. නමුත් මිනිස්සු රෙදිහෝදන සබන් කෑල්ලක් ඉල්ලන්නේ සන්ලයිට් කෑල්ලක් දෙන්න කියලා. රටින් පැන්න දෙමල්ලු හඳුන්වන්නේ ඩයස්පෝරාව කියලා...

:       0       0

ranjithWednesday, 17 August 2022 09:12 AM

එකවතාවක් රට පාවාදෙන්න ගියවෙලාවේ චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මෙයා ගෙදර යැව්වා.. නැතිනම් අද රට මොන තත්වයකට වැටෙයිද කියන්න බෑ..

:       7       10

ජැක්සන්Wednesday, 17 August 2022 09:19 AM

අනේ මූඪ බමුණෝ,ඩයස්පෝරාව කියන්නෙ දෙමළ ඩයස්පෝරාව විතරක් නෙමෙයි.යම්කිසි රටකට ආවේණික ජන කොටසක ලෝක ව්‍යාප්ත ප්‍රජාවට කියන පොදු නම diaspora කියන්නෙ,ඔතන අදහස් කරන්නෙ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියන එක..ඒකට දෙමළ ඩයස් පෝරාව වගේම සිංහල හා මුස්ලිම් ඩයස්පෝරාත් අයිතියි

:       12       38

BamunuarachchiWednesday, 17 August 2022 08:49 PM

ඒක මම දන්නවා. ඩයස් පෝරාව කිව්ව ගමන් අපේ ඔලුවට එන්නේ දෙමළ සෙට් එක. නැතුව ලංකාවෙන් ගිය සිංහල මිනිස්සු ඔලුවට එන්නේ නැහැ ඔලුවට ගන්නෙත් නැහැ. ඔක්කෝම රෙදි හෝදන සබන් සන්ලයිට් නොවයි... නමුත් මිනිස්සු රෙදිහොදන සබන් කෑල්ලක් ඉල්ලනේ සන්ලයිට් කෑල්ලක් දෙන්න කියලා. රටින් පැන්න දෙමල්ලු හඳුන්වන්නේ ඩයස්පෝරාව කියලා. රනිල් මේ හදන්නේ ඩයස්පෝරා නමින් දෙමලාට තැනක් දෙන්න... එහි ප්‍රතිඵලයක් තමයි කොටින් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම... රනිල්ට ජාතියක්, ජන්මයක් නැහැ. අපිට දරු මුනුබුරු ගැන හිතන්න පුළුවන් ... මෙයා කවුරු වෙනුවෙන් ජාතියක් රකින්නද? මෙහෙන් ගිය සෙට් එක ඩයස්පෝරා නොවෙයි, හම්බයින්ට රටක් නැහැ.. රිංග ගත්තු රට ඔවුන්ගේ රට... ඒක මුස්ලිම් කිරීමයි ඔවුන්ගේ එකම පරමාර්ථය...

:       0       0

BamunuarachchiWednesday, 17 August 2022 08:54 PM

අනේ, ඔයා නමින්වත් සිංහලයෙක් නොවෙයි. ඉතින් ඔබට කොහොමද? සිංහල අපි රට ගැන ආදරයක් හිතෙන්නේ? නුඹත් මෙරටට ඩයස්පෝරාවේ කෙනෙක්...!

:       0       0

Praneeth AbeysundaraWednesday, 17 August 2022 10:54 AM

මේ ගොයියව ගෙනාවෙ JVP

:       9       8

senaWednesday, 17 August 2022 11:08 AM

අනේද කියන්නේ.. හෙට අනිද්දා කියයි උතුරු, නැගෙනහිර එකතු කරයි කියලා. ඊළඟට ඉඩම් බලතල, පොලිස් බලතල, ඇද්ද රට බේරගත්තා..?

:       9       17

YogaWednesday, 17 August 2022 11:54 AM

මේ දූපත්වාසී ගෝත්‍රික අදහස්වලින් ඔලුව පුරෝගෙන ඉන්න බමුණා කවදා හැදෙයිද දන්නේ නැහැ. බමුණා හරියට ලිදේ ඉන්න ගෙම්බෙක් වගේ. බමුණො,හොඳට ඇස් ඇරලා ලෝකෙ දිහා බලන්න පුරුදු වෙයන්. ඔහේ හිතන් ඉන්නවට වඩා අද ලෝකෙ වෙනස්.

:       5       22

වර්ණකුලසූරිය Wednesday, 17 August 2022 02:24 PM

මැදමුලන බමුණාට ඇත්තේ රාජපක්ෂ සාටක ලෝකය පමණයි. රාජපක්ෂ ආරක්ෂකයා ජනපති කරන්න අත, පය උස්සපු 134 කව්ද කියාවත් නොදැන බමුණු ප්‍රකාශ කරන්න යන බමුණාගේ සැබෑ තනතුර පැහැදිලියි.

:       2       6

sharm warnWednesday, 17 August 2022 12:23 PM

මෙ වගේ දිව දෙකේ මනුස්සයෙක් අටපට්ටමෙවත් දැකල නෑ. . දාන් එතකොට ඩයස්පොරාවට එන්න දුන්නෙ සජිත් සහ අනුර ද? එයාලද මේ රටේ ජනාධිපති, අගමැති?

:       4       11

fairoosWednesday, 17 August 2022 12:29 PM

බමුනා වගේ ජාතිවාදීන් මේ රටේ ඉන්නකම් ලංකාවට අබ සරණයි. රනිල්ව ගේන්න අත ඉස්සුවේ පොහොට්ටුවේ ගොයියෝ කියලා කියාගන්න බැරිව JVPයට හා සජිත්ටයි ඇගිල්ල දික් කරනවා.

:       4       20

Bamunuarachchi Wednesday, 17 August 2022 06:40 AM

දෙමළ මිනිස්සු දෙකොනින්ම හිනා වෙනවා ඇති. අපි නැතුව සිංහලයාට රට ගොඩ ගන්න බැහැ කියලා. දැන් බලමු උන්ගේ ඉල්ලීම් මොනවාද කියලා.

:       45       39

pjWednesday, 17 August 2022 09:11 AM

ඩයස්පෝරා යනු දෙමළ ඩයස්පොරාවම පමණක් නොවේ.

:       7       20

janahithaWednesday, 17 August 2022 09:26 AM

මිට වඩා පුළුල් ලෙස අවධානය කලයුතුය. ඩයස්පෝරව යනු මුලු ලෝකයෙම සිටින දෙමල ජනතාව නියොජනය වෙන සංවිධානයක්. රට නොබෙදීමට එකඟ වන්නෙ නම් අපිද ඔවුන් සමඟ. අපේ රට පාවා දෙන්නට එරෙහි උන හෙලයේ අන්තිම රජතුමා ද්‍රවිඩ ජතිකයෙක්. දෙමල ජනතාවගෙ කර්යාල තිබිය යුත්තේ ලංකාවේ මිස එංගලන්තයේ හෝ ඉන්දියාවේ නොවන බව අප වටහා ගත යුතුය. යුද්දය අවසන වි ඇත. නැවත යුද්දයක් අති උනහොත් අපිට එයට මුහුන දීමට හැකි වන්නේ ඉතා සුලු කලයක් පමනි. අප සතු යල් පැනගිය සහ වන්චනිකයන් ගෙන්වන ලද අබලි උපකරන නිස විශාල ජීවිත ප්‍රමනයක් අහිමි විය.

:       3       7

Surain Wednesday, 17 August 2022 08:36 AM

දැන් ඖන ඔච්චරයි. ලංකාවට අඩුවෙලා තිබුනේ එකත් නිකන්ම දුන්නා.

:       0       1

saman Wednesday, 17 August 2022 08:59 AM

කෝ මේ අරගල කාරයෝ.

:       9       5

Yoga Wednesday, 17 August 2022 09:49 AM

කාලෝචිත මෙන්ම ඉතාමත් හොඳ තීරණයක්.

:       12       43

ranjith Wednesday, 17 August 2022 10:08 AM

ඔය එක එක නැටි වල එල්ලිල හෙමදාම බලේ තියාගන්න ඔට්ටුවෙන නිසා තමා 2/3 , 69 ලක්ශයක් දුන්නෙ. එක කරගන්න බැරුව එක ආසනයක් වත් නැති කෙකෙකුට දුන්න දැන් බලෙ තියගන්න හෙම කන්ඩායමකටම ඉල්ලන ඔක්කොම දුන්න වගෙ රට ආපස්සට යනව.

:       5       6

jayasekara Wednesday, 17 August 2022 10:10 AM

අරගලෙන් හම්බඋන තෑගි තමා මෙව.... #GOTA GO HOME.......##

:       9       8

Samantha Wednesday, 17 August 2022 10:13 AM

LATE සහාය ගත්ත එකාට ආයේ ඩයස් පෝරා කියන්නේ මොකද්ද. ලංකාව විකුණලා හරි කියයි ඕං මං රට දියුණු කරා කියලා ඒ වගේ හොදට පදම් උන නාකි බඩුවක් තමයි මෑන්.

:       7       10

ලුම්බිණි Wednesday, 17 August 2022 10:17 AM

අරගල කරුවන්ට ඇහුම්කන් දෙනවා කියල නේද මුලදී කිව්වේ.

:       3       12

කිරිපුතා Wednesday, 17 August 2022 10:22 AM

ඔවුන් අරගල කළේ ඒ සඳහා ය. නිවට නියාලු අමනයින් ඔවුන්ගේ මුදලින් කෑ ගසා , රටම ගිනි තබා ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර දෙන ලදි. වර්ථමාන පාලකයා එදා කළෙත් අද කරන්නෙත් කොටි හුරතල් කිරීමය. දැන් අපි කුමක් කරමුද ?

:       12       9

senaWednesday, 17 August 2022 12:22 PM

අරගල කාරයො රනිල් ගෙන්න කිව්වෙ නෑ ගොඨා තමයි රනිල් පුටුවේ තියලා පනලාගියේ එයාලගෙ පවුලේ ආරක්ශාවට.

:       7       14

samanWednesday, 17 August 2022 02:39 PM

තමුන් දෙයක් කරනකොට ඒවාට එන ප්‍රතිවිපාක වලටත් වගකීම් බාරගන්න ඕනේ... දුරදිග නොපෙනෙන අය කරපු අරගලයෙන් අන්තිමට ඉන්න රටක් නැති වෙයිද කියලයි මට බය...!

:       6       5

athuraWednesday, 17 August 2022 03:08 PM

ඔන්න ආයි තුට්ටු දෙකේ රාජ උෂ්ණ රට බෙදනෝ රට බෙදනෝ කියන උන් එලි බැහැල.

:       0       0

Akila Wednesday, 17 August 2022 10:57 AM

ඩයස්පෝරා කියල තියෙන්නේ මොන ඩයස්පොරාලද ? දෙමල ඩයස්පෝරා ලට නම් ලංකාව හදන්න ඕනේ නැහැ , ඒ ගොලොන්ට ඕනේ ඊළම විතරයි , එක කවදාවත් වෙනස් උනේ නැහැ , වෙන්නෙත් නැහැ , මෙයා කලින් පාරවල් වල ඔය වගේ පිස්සු නටන කොට ජනාදිපති කෙනෙක් හිටිය එලවල දාන්න , දැන් නං උඩින් කවුරුවත් නැති එක බයානකයි

:       11       17

ganegoda Wednesday, 17 August 2022 11:05 AM

ඔකට සින්ග්ලිශ් වලින් කියන්නෙ " අතීසාරය " කියල !

:       2       4

ruwan Wednesday, 17 August 2022 11:13 AM

ගෝඨා ගෝ හෝම්... අපිට නෝ හෝම්... සැපද?

:       12       12

AkilaWednesday, 17 August 2022 12:13 PM

නන්දසේන ගොන් වැඩ කරලා රට බංකොලොත් කරාට පස්සේ තමයි මේ හැම අවස්ථාවදියෝ ම දැන් ඩොලර් පෙන්නලා ලංකාව දැන් නටවන්න හදන්නේ

:       7       11

amila Wednesday, 17 August 2022 12:03 PM

මම හිතන්නෙ නැහැ ඩයස්පෝරාව මෙගොලන්නගෙ උගුල් වලට අහු වෙන්න තරම් ආයෙ මොඩ වේයි කියල. ඩොලර් මිලියන ගානකට මෙගොල්ලො වැඩෙ දෙන්න යන්නෙ. ලංකාවෙ මිනිසුන්ටවත් ඩයස්රපෝරාවටවත් වෙන සෙතක් නම් නැහැ ආයෙ ඉතින් ශුවර්.

:       2       6

Hafeel Wednesday, 17 August 2022 01:42 PM

මේ වැඩේ අලියා රනිල් වික්‍රමසිංහ කළා නම්, මේ වනවිට විමල්, ගම්මන්පිල, වාසු, රතන,'ඥානසාරලා පාරට බැහැලා ලොකු සටනකට නිරත වෙලා ඇති. නමුත් පොහොට්ටුවේ රනිල් රාජපක්ෂ කරපු නිසා ඔවුන්ගේ කටට පෙලස්තරය අලවලා. ඔන්න දේශප්‍රේමීන්ගේ ප්‍රමිතිය.

:       0       0

මුදියන්සේ..... Wednesday, 17 August 2022 02:25 PM

ජනපතිතුමනි, හොඳ තීරණයක්. සෑම විටෙකම අයහපත් ලෙස නොව යහපත් ලෙස දකිමින් ක්‍රියා කළ යුතුය.

:       1       3

shasi Wednesday, 17 August 2022 02:38 PM

ඔය කොහෙවත් ඉන්න චීනුන්ට අවුරුදු 99ට වරාය දෙන්න පුළුවන් නම්, කාර්යාලයක් අදහාගන්න ඩයස්පොරාවට අනුමැතිය දීම සාධාරණයි...!

:       0       8

podi hamine Wednesday, 17 August 2022 03:28 PM

අරයා ගියේ රට බංකොළොත් කරලා මෙයා යන්නේ අපිට ඉන්න තියෙන බංකොළොත් රටත් විකුණලා අපිවත් අතුරුදහන් කරලා තමයි... ඔන්න මම ඇත්ත කිව්වා කිරිගහට ඇන්නා වගේ...

:       2       3

Bamunuarachchi Wednesday, 17 August 2022 08:59 PM

සිංහලයින් ඩයස්පෝරාව වෙන්න ඕනේ නැහැ රටින් පිට පුරවැසිකම ගත්ත බොහෝ සිංහලයින් ද්විත්ව පුරවැසියින්, මගේ ළමයි සියලුදෙනාම ද්විත්ව පුරවැසියෝ... බොහෝ සිංහල පිටරැටියන්ට ඔප්ෂන් එකක් තිබෙනවා. දෙමළාට ඒ ඔප්ෂන් එක නැහැ. ඔවුන් ඉන්න රටක් යුද්දෙක පටළුණොත් මුහුදට පනින්න තමයි වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 35 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2399 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1689 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 124 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3111 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 783 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 311 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 601 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1739 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site