IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලංකාවට රතු එළියක්

අද ලෝක වනජීවී දිනයයි. ශ්‍රී ලංකාව යනු ලෝකයේ ජෛව විවිධත්වයෙන් පොහොසත් රටකි. වන ජීවීන් මෙන්ම තුරුලතා විවිධත්වය ද අති මහත්ය. තර්ජනයට ලක්වූ වනජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළෙදාම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ආරම්භ වී අදට 40 ස් වසරකි. ලොව පරිසරවේදීන්ගේ පිළිගැනීම වන්නේ ජෛව විවිධත්වය පිළිබඳ එහි වටිනාකම හා රැකගැනීමේ අවශ්‍යතාව පිළිබඳ පොදු ජනතාව දැනුම්වත් කිරීම ලෝකයේ වන ජීවීන් ඇතුළු ජෛව විවිධත්වය රැකගැනීමට මහත් පිටිවහලක් වන බවයි. වමේ ලිපිය අදට යෙදී ඇති ලෝක වනජීවී දිනය වෙනුවෙනි.

මා වනගතවූ පළමුවන දවස මට හොඳට මතකය. පළමුවෙන් කෝපි වවන්නන් අතිනුත් දෙවනුව තේ වවන්නන් අතිනුත් පෞරාණික ඝන වනානා්තරවල මිටියාවත් එළි පෙහෙළිවී ගියේය. තේ කෝපි සඳහා එළි පෙහෙළි නොකළ තැනක් එහි වීනම්, ඒ සෝදාපාළුව ගිය බිම්, මඩ වගුරු, ගිරි කඳුරු, වැවිල්ලට අයෝග්‍ය දිය සීරාවන්ය. මෙහි ඇති වල් පඳුරු මුගටි, කබල්ලෑ, ඉත්තෑ හා හිවල් ආදීන්ගේ වාසස්ථානය. එහෙමත් දුර දිග බලන ඇතැම් වැවිලිකරුවන් විසින් කඳු මුදුන්වල අතන මෙතන ලී ද`ඩු සඳහා නොකපා  ඉතිරිකරන ලද පැරණි කැළෑ ඇත්තේය. ඒවායේ ඉතා හොඳ මෙහෙය වී පවත්නේ විශාල වාසස්ථාන වුවමනා කරන වන සතුන්ගේ අභයස්ථාන බවට පත්වී තිබීමයි.

ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යා උප අධ්‍යක්ෂ ධූරය දැරූ ජෝන් ස්ටිල් මහතා විසින් ලියන ලද Jungle Tide නම් ග‍්‍රන්ථය වන ප‍්‍රවාහය නමින් සිංහල භාෂාවට පරිවර්ථනය කරනු ලැබූ සී.ඒ.විජේසේකර මහතා  සිය කෘතිය ආරම්භයේදීම එලෙස සටහන් කර තිබේ.

ලංකාවේ ස්වභාවික පරිසරය විනාශ මුඛය කරා ගිය ආකාරය ඔහු පැහැදිළි කැර තිබේ. වනාන්තර එළි කිරීම හා වාසස්ථාන පරිවර්ථනය කිරීම අද සමස්ත ලෝකයටම බල පාන ප‍්‍රධාන පාරිසරික ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ.

ස්වභාව ධර්මයේදී යම් කිසි ප‍්‍රදේශයක ජීවත් වන සත්ත්ව විශේෂ සංඛ්‍යාවේ අඛණ්ඩ වැඩි වීමක් සිදු නොවේ. විවිධ පාරිසරික සාධක මගින් එම සංඛ්‍යාව තුලනය කිරීම හේතුවෙන් එම සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් ස්ථායී මට්ටමකට සීමා වේ. එය යම් කිසි වාසස්ථානයක් සඳහා වූ ධාරණ ධාරිතාව නමින් හැඳින්වේ. මිනිසාද එක් සත්ව විශේෂයක් පමණි. ඒ නිසා ස්වභාව ධර්මයේ පොදු ධර්මතාවයන් මිනිසුන්ට අදාල විය යුතු වුවද මිනිසා එය පිළිගන්නා බවක් පෙනෙන්නට නැත. විද්‍යාව හා තාක්ෂණය යොදා ගනිමින් මිනිසා විසින් තමා මත බලාපාන්නා වූ සොබා දහමේ පොදු ධර්මතාවයන් වෙනස් කර ඇත. එබැවින් තාවකාලිකව හෝ අඛණ්ඩව ධරණ ධාරිතාව ඉක්මවමින් වර්ධනය වීමේ හැකියාවක් මිනිස් ගහණයට ලැබී තිබේ. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ලෝකයේ ජනගහණය සීඝ‍්‍ර ලෙස ඉහළයාමයි.

පෘථිවි තලය තුළ පමණට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් ජීවත් වීම අපේ ප‍්‍රධාන පාරිසරික ගැටලූ බොහොමයකට හේතුවී ඇති කරුණ ලෙස දැක්විය හැකියි. මේ අතින් ප‍්‍රධානතම ගැටලූවක් වන්නේ මිනිස් ජනගහණයේ වර්ධනය වීමට සාපේක්ෂව ලෝකයේ ජෛව විවිධත්වය ඉතා සීඝ‍්‍රයෙන් විනාශ වී යාමයි. ඒ අනුව ජනගහණය වැඩිවීමේ ගැටළුව සම`ග ජෛව විවිධත්වය සුරැුකීම සඳහා ලෝකයේ අවධානය යොමුවී තිබෙන අතර ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමුව ඇති කාලයකට අප එළැඹ ඇත.

ලෝකයේ සියළුම ස්ථාන ආරක්ෂා කිරීමේ හැකියාවක් නොලැබෙන බැවින් ජෛව විවිධත්වය ඉතාමත්ම ඉහළ අගයක් ගන්නා එමෙන්ම විනාශවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ස්ථාන කිහිපයක් තෝරාගෙන ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට සුරැුකීමට තීරණය කර තිබේ. එලෙස තෝරාගනු ලබන ස්ථාන ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස නම් කර ඇත.

ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහාවූ උණුසුම් කලාප ලෙස යම් ස්ථානයක් තෝරාගැනීම සඳහා නිර්නායකයන් දෙකක් පිළිබඳ අවධානය යොමු කර තිබේ. ඒ අනුව යම් ප‍්‍රදේශයක හෝ රටක එම ප‍්‍රදේශයට හෝ රටට ආවේණික ශාක විශේෂ 1500 ක් තිබිය යුතුය. එය සමස්ථ ලෝකයේ පවතින මුළු ශාක සංඛ්‍යාවෙන් සියයට දශම පහක ප‍්‍රතිශතයකි. ජෛව විවිධත්ව උණුසම් කලාපයක් බවට පත්වීමේ දෙවැනි සුදුසුකම වන්නේ එම ප‍්‍රදේශයේ හෝ රටේ ස්වභාවික පරිසරය සියයට 70 කින් විනාශවී ගොස් තිබීමයි.

ආසියානු කලාපයේ ඉතාමත්ම ඉහළ ජෛව විවිධත්වයක් සහිත රටක් වන ශී‍්‍ර ලංකාව ලොව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත් කළ හැකිදැයි මෙහිදී වැඩි අවධානයක් යොමු කරන ලදී. ජීව විද්‍යා ක්ෂේත‍්‍රයේදී අදටද භාවිතා කරන ද්විපද නාමකරණ ක‍්‍රමය ලොවට හඳුන්වාදුන් කැරොලස් ලීනියස් නම් විද්‍යාඥයාගේ සමයේ පටන් ලංකාවේ සත්ත්ව හා ශාක පිළිබඳ පර්යේෂණ සිදුකිරීම හේතුවෙන් ලංකාව ජෛව විවිධත්වය අතින් වැදගත් දේශයක් යැයි පිළිගෙන තිබීම ද මෙයට එක් හේතුවක් වන්නට ඇත.

සමස්ථ ලෝකයේ භූමි ප‍්‍රමාණය සළකා බැලූ විට අප දේශය ඉතාමත්ම කුඩා ප‍්‍රදේශයක් වුවද මෙහි මෑතකදී කරන ලද පර්යේෂණ හා නිරීක්ෂණ අනුව මෙරට සත්ත්ව හා ශාක විවිධත්වය ඉතා ඉහළ අගයක් ගන්නා බව තහවුරු වී ඇත.

ලංකාවේ සමස්ථ ගහකොළ හා සතුන් සංඛ්‍යාව අතරින් ඉතාමත් විශාල සංඛ්‍යාවක් මෙරටට ආවේණික විශේෂ වීමද මෙහිදී වැදගත් වේ. මෑතකදී හෙළි පෙහෙළි නොවූ සිංහරාජය, සිරිපා අඩවිය හා දුම්බර කඳුවැටිය වැනි වනාන්තර ඇතත් ලෝකයේ සමස්ථ භූමි ප‍්‍රමාණය සැළකූ විට එයද නොසැළකිය හැකි තරම් කුඩා ප‍්‍රමාණයකි. ලංකාවේ ස්වභාවික පරිසරය වගාබිම් හා වාසස්ථාන වෙනුවෙන් මුළුමනින්ම පාහේ බිලිදී ඇති බවක් පෙනෙන්නට තිබේ. සමස්ථ රටම සැළකූවිට එහි බොහෝ ප‍්‍රදේශ කවර හෝ යුගයක මිනිිසා විසින් හෙළි පෙහෙළි කර තිබූ බවට සාධක හමුවේ. ඒ අනුව ලංකාවේ ස්වභාවික පරිසරයෙන් සියයට 95 ක් පමණ විනාශ වී ගොසිනි. ඉතුරුව ඇති ස්වභාවික පරිසර පද්ධතීන්ද විවිධාකාර වූ ආක‍්‍රමණික ශාක හා සතුන් හේතුවෙන් විනාශ වෙමින් පවතී. එමෙන්ම රටට ඔරොත්තු නොදෙන තරම් වූ ජනගහණ වර්ධනය සහ කෘතිම රසායනික භාවිතය හේතුවෙන් ඉතුරුව ඇති භූමියද කඩිනමින් විනාශ මුඛය කරා යමින් පවතී. මේ අනුව ලංකාව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්වීමේ එක් සුදුසුකමක් වන සියයට 70 කට වඩා ස්වභාවික පරිසරය විනාශවී යාම යන සාධකය සපුරා තිබුණි.

එහෙත් එහි අනෙක් අවශ්‍යතාවය වන ආවේණික ශාක 1500 ක් ලංකාව තුළ දක්නට නැත. ලංකාවේ ශාක අතරින් ආවේණික බවට මේ වන විට හඳුනාගෙන ඇත්තේ ශාක විශේෂ 900 ක පමණ ප‍්‍රමාණයකි. ඒ අනුව ලංකාව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්කිරීමේ හැකියාවක් නොතිබුණි.

එහෙත් මෙම කුඩා භූමියේ ඇති ශාක හා සත්ත්ව විවිධත්වයේ අගය වටහාගත් විද්‍යාඥයෝ ලංකාවේ ජෛව විවිධත්වය අනිවාර්යයෙන්ම දැඩි සේ සුරැුකිය යුතු බව තේරුම් ගෙන සිටියහ. ලොව මහද්වීප සියල්ල එකට එක්ව තිබූ ප‍්‍රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව එකම මහද්වීපික තටකයක පිහිටා තිබීමත් මෙම රටවල් දෙක මෑතක් වන තුරු එකිනෙකට යාව පිහිටියේ යැයි විශ්වාසයක් ඇති බැවින් සහ එය භූගෝලීයව එක් කලාපයක් වන බැවින් ද එම කරුණු සැළකිල්ලට ගනිමින් ඉන්දියාවේ බටහිර ගාට්ස් ප‍්‍රදේශය හා ශී‍්‍ර ලංකාව එක් ප‍්‍රදේශයක් ලෙස සළකා ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳ කරුණු සොයා බලන ලදී.

ඉන්දියාවේ බටහිර ගාට්ස් ප‍්‍රදේශයේද ඇත්තේ ආවේණික ශාක 1300 ක පමණ ප‍්‍රමාණයකි. එහි පරිසරයද සියයට 70 කට වඩා හානියට පත්ව තිබුණි. එකිනෙක වෙන්ව ගත්විට ලංකාව හෝ ඉන්දියාවේ බටහිර ගාට්ස් ප‍්‍රදේශය ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්කළ නොහැකි වුවද මෙම ප‍්‍රදේශ දෙක එක්ව සැළකූ විට ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්කිරීමේ සියළු සුදුසුකම් සපුරා තිබේ. ඒ අනුව ලොව ජෛව විවිධත්වය උණුසුම් ස්ථාන විසි පහ අතරට ශී‍්‍ර ලංකාව හා ඉන්දියාවේ බටහිර ගාට්ස් ප‍්‍රදේශය තෝරාගන්නා ලදී.

මෙම කලාපයේ ආවේණික ශාක විශේෂ 2180 ක් දක්නට ලැබේ. එය ලොව මුළු ශාක ප‍්‍රමාණයෙන් සියයට දශම හතක ප‍්‍රතිශතයකි. එමෙන්ම මෙම කලාපය තුළ පෘෂ්ඨවංශීන් හෙවත් කොඳුඇටපෙලක් සහිත සතුන් විශේෂ 1073 ක් දැකිය හැකි අතර ඉන් විශේෂ 355 ක් මෙම කලාපයට ආවේණික විශේෂ වේ. එය ලෝකයේ සමස්ථ පෘෂ්ඨවංශීන් සංඛ්‍යාවෙන් සියයට 1.3 ක ප‍්‍රතිශතයකි.

ඉන්දියාවේ බටහිර ගාට්ස් හා ශී‍්‍ර ලංකාවේ  වනාන්තර වර්ග කිලෝ මීටර 182,500 ක් පමණ තිබී ඉන් මේ වනවිට ඉතුරුව ඇත්තේ ස්වභාවික වනාන්තර වර්ග කිලෝමීටර 12,450 ක පමණ ප‍්‍රමාණයකි. ඒ අනුව ඉතුරුව ඇත්තේ සියයට 6.82 ක ප‍්‍රතිශතයකි. ලංකාවේ හා ඉන්දියාවේ ඉතුරුව ඇති මෙම සියළු වනාන්තර නීතියෙන් ආරක්ෂා කර තිබීම සැනසුම් සහගත කාර්යයක් වුවද මේසා විශාල වූ ජෛව විවිධත්වයක් දරාගෙන සිටීමට එම සුළු පරිමාණ වූ වනාන්තර ප‍්‍රමාණයට හැකියාවක් තිබේද යන්න ගැටළුවකි. ලොව නම් කර ඇති ජෛව විවිධත්ව උණුසුම් කලාප 35 සැළකූ විට තත්වයද මේ හා සමාන වේ.

ලොකයේ හඳුනාගෙන ඇති ශාක අතරින් සියයට 44 ක් හෙවත් ශාක 133,149 ක් මෙම ප‍්‍රදේශ වලට ආවේණිකය. ලෝකයේ ජීවත් වන පෘෂ්ඨවංශීන් අතරින් විශේෂ 9645 ක් හෙවත් සමස්ථ සංඛ්‍යාවෙන් සියයට 35 ක් මේ ස්ථාන 35 ආවේණික විශේෂයන්ය. එතරම් විශාල ජීවී විවිධත්වයක් සහිත උණුසුම් කලාප 35 හි සමස්ථ වපසරිය වර්ග කිලෝමීටර මිලියන 2.1 කි එනම් ලෝකයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් සියයට 1.4 ක ප‍්‍රතිශතයකි.

ලොව ජෛව විවිධත්ව උණුසුම් කලාප අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය වෙනම විමසා බැලිය යුතුය.

මධ්‍යම කඳුකරයෙන් ආරම්භවන ප‍්‍රධාන ගංගා නමයක් ඇතුළු ගංගා නිම්න 106 ක් පිහිටා ඇති මෙරට ජලජ පරිසර පද්ධති අතර ස්වභාවික ජලාශ දක්නට නැතත් මිනිසා විසින් සාදන ලද වැව් 10000 ට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ. එමෙන්ම රට වටා පිහිටි මුහුද ආශි‍්‍රතව ද විශාල ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතීන් දක්නට ලැබෙන අතර මහවැලි ගංඟාවේ පිටාර කලාපයේ ද විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබෙන ජලය පිරුණු ස්ථායන් ද ජෛව විවිධත්වය පොහොසත් කිරීමට හේතුවකි.

මෙහි වැදගත්ම සාධකය වන්නේ මෙරට සෑම වර්ග කිලෝ මීටරයක්ම  සැළකූවිට හෙක්ටයාර තුනක පමණ තෙත් බිමක් පිහිටා තිබීමයි. මේ තෙත්බිම් තුළ ජීවත් වන මිරිදිය මසුන් සංඛ්‍යාව 93 කි, මෙයින් 54 ක් පමණ ශී‍්‍ර ලංකාවට ආවේණිකය.

ශී‍්‍ර ලංකාවේ ස්වභාව විද්‍යා පර්යේෂණ ආරම්භ වී ගතවූ වසර 150 ක පමණ කාලයේදී මෙරටින් සොයාගත් ශාක විශේෂ 1100 ක් අතරින් විශේෂ 72 ක් මේ වනවිට වදවූ විශේෂ ලෙස සැළකේ. දැනට මෙරටින් වාර්තාවන මල් හටගන්නා හෙවත් සපුෂ්ක ශාක අතරින් විශේෂ 673 ක් හෙවත් සමස්ථ ශාක ප‍්‍රමාණයෙන් සියයට 61 වදවී යාමේ තරජනයට ලක්ව ඇත. මෙහි වඩාත් හානිකර තත්ත්වය වන්නේ වදවීයාමේ තර්ජනයට මුහුණපා සිටින ශාක විශේෂ අතරින් 412 ක් ම ලංකාවට ආවේණික විශේෂ වීමයි. ඒවායින් සියයට 37 ක් දැඩි අන්තරායකාරී තත්ත්වයේ තිබීම මෙරට පරිසරයට සිදුවී ඇති හානියට හොඳ සාක්ෂියකි. මේ ශාක විශේෂ 412 අතරින් එක් විශේෂයක් හෝ මෙරටින් සමුගතහොත් එය ලෝකයේ ශාකාගාර වල සංරක්ෂිත දර්ශක වලට පමණක් සීමා වූ ශාක බවට පත්වනු ඇත.

සත්්ත්ව විද්‍යා පර්යේෂකයන් පවසන්නේ පසුගිය වසර 100 ක කාලයේදී ශී‍්‍ර ලංකාවේ උභය ජීවී විශේෂ 21 ක් වදවී ගොස් ඇති බවයි.

මේ වනවිට මෙරටින් හමුවන පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 223 ක් අතරින් 138 ක් හෙවත් සියයට 62 ක් ශී‍්‍ර ලංකාවට ආවේණික විශේෂ වෙයි. සත්ත්ව විශේෂ අතරින් සියයට 33 ක් හෙවත් විශේෂ 57 ක් වදවී යාමේ තරජනයට ලක්ව ඇත. ලෝක සංරක්ෂණ සංගමය ශී‍්‍ර ලංකාව පිළිබඳ රතු දත්ත වාර්තාව ඉදිරිපත් කරමින් පවසන්නේ සෑම පෘෂ්ඨවංශී විශේෂ 12 ක් අතරින් එක් විශේෂයක් අනාගතයේ වදවීයාමට ඉඩ තිබෙන බවයි.

විනාශවීයාමේ තර්ජනය ලක්වූ සත්ත්ව කාණ්ඩ අතරින් වැඩිම බලපෑමට හසුව ඇත්තේ උරගයන් වන අතර එහි දෙවැනි තැන උභය ජීවීන්ට හිමිව ඇත. පක්ෂීන්, ක්ෂීරපායීන් සහ මත්ස්‍යයන් මේ තර්ජනාත්මක ලේඛණයේ අනුපිළිවෙලට පසුවෙති. ක්ෂීරපායී විශේෂ දෙකක් අතරින් එක් විශේෂයක් ද , උභය ජීවී විශේෂ දෙකක් අතරින් එක් විශේෂයක් ද , උරග විශේෂ තුනක් අතරින් එක් විශේෂයක් ද මත්ස්‍ය විශේෂ තුනක් අතරින් එක් විශේෂයක් ද පක්ෂි විශේෂ හයක් අතරින් එක් විශේෂයක්  ද නුදුරු අනාගතයේදීම මේ රටින් තුරන්ව යාමේ අවධානමට ලක්ව ඇති බවට පරිසරවේදීහු අනතුරු අගවා ඇත.

කොදු ඇටපෙළක් නොමැති හෙවත් අපෘෂ්ඨවංශී සතුන් ද දැඩි ලෙස වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. ඒ අතරින් ශී‍්‍ර ලංකාවේ හමුවන බත්කූරන් විශේෂ 120 ක් අතරින් විශේෂ 57 ක් ලංකාවට ආවේණික වන අතර ලංකාවට ආවේණික විශේෂ 20 ක් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇත. මෙරට විශේෂිතම සත්ත්ව කාණ්ඩයක් වන්නේ මිරිදිය කකුළුවන්ය. මෙතෙක් වාර්තා වී ඇති මිරිදිය කකුළුවන් විශෙෂ 51 ම ශී‍්‍ර ලංකාවට ආවේණික වන අතර ඉන් විශේෂ 37 ක් වදවීයාමේ තර්ජනයට ලක්ව තිබේ. දිවිමකුළුවන් විශේෂ හතක් අතරින් පහක් ලංකාවට ආවේණික අතර ඉන් එක් විශේෂයක් ද වදවීයාමේ තර්ජනයට ලක්ව තිබේ.

මෙරටින් වාර්තාවන භෞමික ගොළුබෙල්ලන් 246 කින් 204 ක්ම ලංකාවට ආවේණික වන අතර ඉන් විශේෂ 32 ක් ලංකාවට ආවේණික වෙයි. කොදු ඇටපෙලක් රහිත සතුන් අතරින් වැඩිම තර්ජනයට ලක්ව ඇත්තේ සමනළයින්ය. ලංකාවේ හමුවන සමනළ විශේෂ 243 කින් විශේෂ 20 ක් ලංකාවට ආවේණික වන අතර එම විශේෂ සියල්ල මෙරටින් වදවීයාමේ තර්ජනයට ලක්වූ විශේෂවේ.

ශී‍්‍ර ලංකාවේ පහතරට තෙත් කලාපයට අයත් සහ මධ්‍යම කඳුකරයට අයත් ප‍්‍රදේශවල තර්ජනයට ලක්වූ විශේෂ වැඩි ප‍්‍රමාණයක් වාර්තා වෙයි. දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව සත්ත්ව විශේෂ වැඩිම ප‍්‍රමාණයක් තර්ජනයට ලක්වූ දිස්ති‍්‍රක්කය රත්නපුර දිස්ති‍්‍රක්කය වන අතර වැඩිම ශාක ප‍්‍රමාණයක් තර්ජනයට ලක්ව ඇත්තේ මහනුවර දිස්ති‍්‍රක්කයේය.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ය ගැන සඳහන් කරණ විද්‍යාඥයන් පවසන්නේ ලොව ජෛව විවිධත්ව උණුසුම් කලාප අතරින් ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වය වඩාත් ම උණුසුම් ස්ථානය බවයි.

ලෝකයේ සියළුම රටවල් සැලකූ විට ජෛව විවිධත්යෙන් අතිශය පොහොසත් රටක ජීවත් වන අප විසින් සිදු කරන්නාවූ කි‍්‍රයාවලියන්ගෙන් මෙම පරිසරය විනාශ වීම තවදුරටත් සිදුවෙමින පවතින අතර එය වැලැක්විය නොහැකි මට්ටමට ගමන් කර තිබේ. ඒ නිසා මේවා සංරක්ෂණය කරගැනීම සඳහා රටේ සියළුම තරාතිරම් වල ජනතාව මේ පිළිබඳව දැනුම ලබා එය ආරක්ෂා කිරීම සඳහා වාහාම කටයුතු කිරීමට කාලය එළැඹ ඇත. විශේෂයෙන්ම ළමා පරපුර මේ කෙරෙහි යොමු කිරීමෙන් අප රටේ ප‍්‍රධානතම සම්පත වන ජෛව විවිධත්වය සුරැුකීම අප සියළු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය.

මෙවැනි සුවිශේෂී වටිනාකමක් සහිත පරිසරයක ජීවත් වන අප විසින් සිදු කරන්නාවූ කි‍්‍රයාවලියන්ගෙන් මෙම පරිසරය විනාශ වීම තවදුරටත් සිදුවෙමින පවතින අතර එය වැලැක්විය නොහැකි මට්ටමට ගමන් කර තිබේ. ඒ නිසා මේවා සංරක්ෂණය කරගැනීම සඳහා රටේ සියළුම තරාතිරම් වල ජනතාව මේ පිළිබඳව දැනුම ලබා එය ආරක්ෂා කිරීම සඳහා වාහාම කටයුතු කිරීමට කාලය එළැඹ ඇත. විශේෂයෙන්ම ළමා පරපුර මේ කෙරෙහි යොමු කිරීමෙන් අප රටේ ප‍්‍රධානතම සම්පත වන ජෛව විවිධත්වය සුරැකීම අප සියළු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය.

Sitana I

IMG_0242 EleLoris tardigradus nycticeboides

 

 

 



අදහස් (0)

ලංකාවට රතු එළියක්

දුමින්ද Tuesday, 03 March 2015 07:40 AM

සොබා දහම අපේ උරුමයක් නොව අනාගත පරපුරෙන් ලබාගත් ණයක් (බ)

:       0       0

පසිඳු Tuesday, 03 March 2015 08:14 AM

දුමින්ද ඔයා හරි (නදී)

:       0       0

මැටිපහන Tuesday, 03 March 2015 08:28 AM

පරිසරය ආරක්ෂා කර ගන්න නම් රජය මැදිහත් වෙන්නම ඕන. දැනට ඉතිරි වී තියෙන වනාන්තර ටිකෙන් ටික පුළුල් කල යුතුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 84 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


කළුගංතොට සිංහය නික්ම යයි
2024 සැප්තැම්බර් මස 30 4 0

හිටපු අමාත්‍ය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද සවස (30) මතුගම පාන්තිය ආදාහනාගාරයේ


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 526 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 257 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 363 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1131 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site