‘‘නෝර්වේ හැම විටම ශ්‍රී ලංකාවේ සාමය ප්‍රාර්ථනා කළ රාජ්‍යයක්. ඒ වගේම මෙරට සියලූ ජනතාවගේ සුබසිද්ධිය අපේක්ෂා කළා.වසරකට පෙර ශ්‍රී ලංකාව ලැබූ ප්රජාතන්ත්රවාදී ජයග්‍රහණය මෙරට වෙනසකට මුලපිරූවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ධීවර,කෘෂිකාර්මික හා සූර්ය බලශක්තිය යන අංශයන් හි තාක්ෂණික සහයෝගීතාවය ගැන අවධානය යොමු වුණා. නෝර්වේ රාජ්‍යය හැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයක් ලෙස ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථාවන් ඇරඹීම කෙරෙහි අවධානය යොමු කරන බවත් නෝර්වේ විදේශ ඇමැති බොර්ගේ බ්‍රෙන්දේ මහතා අද (07) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ප්‍රකාශ කළේය.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධානය වෙනුවෙන් නොර්වේ රජය පෙනී සිටින බවත්, බහුසංස්කෘතික අංශයන්හි සංවර්ධනය ගැන සැළකිල්ලට ගනිමින් ප්රතිසන්ධාන කටයුතු මෙහෙයවිය යුතු බවද ඔහු පැවසිය.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
''ලංකාවට සාමය පැතු බව නෝර්වේ ඇමැති කියයි''
රාමන් Thursday, 07 January 2016 03:23 PM
එයාලා කරන්න හැදුව දේවල් ලංකාවේ මිනිස්සු හොඳට දන්නවා (නි)
යසිත් Thursday, 07 January 2016 03:27 PM
කට්ටිය දැන්නම් ඕනෑතරම් ඉන්නවා (නි)
චන්ද්‍රා Friday, 08 January 2016 01:57 AM
ඔව් ඒත් ඔබ දෙන උපදෙස් වලටම නොවෙයි අපි වැඩකළේ. (නි)
සඳරුවන් Friday, 08 January 2016 02:12 AM
අපි නොදන්නා සාමය! 2002 නාමල් නිව්යෝර්ක් වලද හිටියේ? (නි)
චතුර Thursday, 07 January 2016 03:34 PM
රටම දැක්කා නාමල් මෙයාලා සාමය ගෙනා හැටි. (නි)
දුමින්ද Friday, 08 January 2016 02:25 AM
සාමය යනු ත්රස්තවාදයට යටත්වීමද? (නි)
සජීවන් Friday, 08 January 2016 02:55 AM
මේ අය කොටියට උදවුකළ හැටි මට මතකයි. (නි)
ජගත් Thursday, 07 January 2016 04:04 PM
මේ දේවල් දැක්කහම අපිට නම් බය හිතෙනවා. (නි)
විපුල Friday, 08 January 2016 03:19 AM
මොවුන්ගේ සාමය යනු ත්‍රස්ත වදයට යටත් වීම වේ. දැනුත් වෙන්න යන්නෙත් එටිකමයි. (අ)
මහින්ද Thursday, 07 January 2016 04:10 PM
මේවට උත්තර දුන්නොත් මොනවා ලියවෙයිද දන්නෙ නැහැ (නි)
ඇසළ Thursday, 07 January 2016 04:19 PM
නාමල් හරි (නි)
චම්පි Thursday, 07 January 2016 04:30 PM
අපිට පුළුවන් අපි ගැන බලාගන්න (නි)
පිටබැද්දර ජයා Friday, 08 January 2016 04:06 AM
මම මේ කල්පනා කලේ කොහෙන්ද හිනා වෙන්නේ කියලා ආයුබෝවන් ? (ර)
ටෙනිසන් Thursday, 07 January 2016 05:21 PM
ලාංකිකයෝ මනාව ආගන්තුක සත්කාර කරන ජාතියක්. කවුරු වුණත් අපි තමුන්නාන්සේව සාදරයෙන් පිළිගෙන ආගන්තුක සත්කාර කරනවා (නි)
නාමල් නිව්යෝක් Thursday, 07 January 2016 12:56 PM
මේ මහත්වරුත් 2002 උත්සහා කලේ මහා ලේ වැගිරීමකින් තොරව සාමය ගෙන්න තමා.. (ර)
දිසානායක Thursday, 07 January 2016 01:37 PM
ඇත්තමද කිව්වේ.(හේ)
සුමනසිරි Thursday, 07 January 2016 07:39 PM
නාමල්,නිව්යෝර්ක් වලට වෙලා දන්නේ නැති දේවල් කතා නොකළොත් හොඳයි. රටට ආදරය කරන මිනිස්සු රට ඇතුළේ ඉන්නවා (නි)
පුලාරා Friday, 08 January 2016 04:48 AM
නාමල් සිංහ හමක් පොරවාගත් "කොටියෙක්" බව අන් අය දැනසිටීම යහපත්. (බ)
චාමර Thursday, 07 January 2016 01:55 PM
එහෙනම් තාම ලේ වැගිරෙනවා.(හේ)
දීපාල් නිරෝෂ් Thursday, 07 January 2016 01:52 PM
එ් පාර ආයෙත් මොකටද මේ එන්න හදන්නේ? කරුණාකරලා අපි වගේ රටවලට නිදහසේ ඉන්න දෙනවනම් ඒ ඇති.(හේ)
සොපි Friday, 08 January 2016 04:56 AM
අපි මැරිලා ඉපදුනේ නැහැ. (ර)
සමන් Thursday, 07 January 2016 02:06 PM
ඔහොම යමුකෝ.(හේ)
බණ්ඩාර Thursday, 07 January 2016 08:46 PM
නාමල්, 2002 ඒ මහත්තුරුත් එක්ක ලංකාවට ආවද? (නි)
රාධා Thursday, 07 January 2016 11:41 PM
සාමය අප සියල්ලන්ම විසින් ලබාගතයුතු දෙයකි. කවුරුවත් ඒ ගැන මහන්සි වෙන්න ඕනෑ නැහැ (නි)
කපිල Thursday, 07 January 2016 02:55 PM
2002කේ නවත්තපු තැනින් වැඩ පටන් ගනීවිද දන්නෙ නැහැ. අපිටයි මඩු වලිගෙන් තලන්න ඕනෑ මොවුන් වැද්දගන්නවට. එක්කෝ ඔවුන්ට, නැත්නම් (ගොඩක් වෙලාවට) අපිට ලැජ්ජා නැහැ. (නි)
හෙක්ටර් Thursday, 07 January 2016 03:06 PM
අනේ අපිට දැන් ඔයාලගේ අනුකම්පාව එපා (නි)
හරිශ්චන්ද්‍ර Thursday, 07 January 2016 03:02 PM
අපි දන්නවා පැතූ හැටිත්! (නි)