IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලංකාවෙදි ජපන් යන්න.....

2016-12-11-ent-118

ලංකාවේ බොහෝ දෙනා ජපන් දේශය ගැන දැනගත් එක් අවස්ථාවක් වූයේ සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරැදු දා ද්වාරයෙන් වැඩි හෙතයි. දෙවොන්දරා සං හා නොරිකො සං සමඟ මීට දශක කිහිපයකට පෙර ජපානයේ සැරි සැරූ ලාංකික කලාකාමීන්ට වර්තමාන ජපානයේ සුන්දරත්වය විඳ ගැනීමේ තවත් කදිම අවස්ථාවක් උදාවී තිබේ. ඒ ප්‍රවීණ ඡායාරූප ශිල්පී සඳුන් ගමගේ ඉදිරිපත් කරන සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශනයෙනි.

මේ මගේ පස්වැනි ඡායාරූප ප්‍රදර්ශනයයි. මෙවර මම ඉදිරිපත් කරන්නේ ලංකාවට ආගන්තුක ඡායාරූප ප්‍රදර්ශනයක්. ඒ තමයි ජපානයේ තියෙන සොඳුරැ තැන් ලංකාවේ ප්‍රදර්ශනය කිරීම. සමහර වෙලාවට ලංකාවේ පළමු වරට වෙන්න පුළුවන් මේ වාගේ ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නෙ. ටී ලක් එක්ස්ටී අධිපති තිලකරත්න මහතාගේ ආරාධනයක් අනුව නිසේ ඉන්ටර්නැෂනල් ආයතනයේ අනුග්‍රහයත් සමඟයි, මේ ඡායාරූප ප්‍රදර්ශනයට මඟපෑදුෙණ්. ඡායාරූප මුද්‍රණයේදී හේලීස් සමාගමේ කැෆේ පික්සල් ආයතනයෙනුත් ලොකු සහායක් ලැබුණා. ඒ වගේම ජපානය ගැන කතාකරද්දී කපිල බණ්ඩාර කියන මාගේ මිතුරාගෙන් ලැබුණු සහායත් මතක් කළ යුතුයි. සඳුන් කතා බහට පූර්විකාවක් එක් කළේ එෙහමයි.

 

තවත් ටිකක් විස්තර කළොත් මොන වගේ ඡායාරූප ද මෙතැන තියෙන්නෙ?

2016-12-11-ent-113ජපානයේ සම්ප්‍රදායික තේ පිළිගැන්වීමේ කලාවට ඡායාරූපයට ගැනීමට අපි විශේෂ අවධානයක් යොමු කළා. ඒ වගේම ජපානය කියන්නේ ඍතු හතර හොඳින්ම දකින්න පුළුවන් රටක්. මේ ඍතු වෙනසක් හොඳින් දැනෙන විදිහට තමයි අපි ඡායාරූප ඉදිරිපත් කරලා තියෙන්නෙ. උදාහරණයකට ස්කයි ට්‍රී තමයි ඒ රටේ තියෙන උසම කුළුණ. ඍතු කිහිපයකදී මේ කුළුණ ඡායාරූපයට නඟලා ඒ වෙනස අපි නරඹන්නන්ට ළං කරන්න කටයුතු කරලා තියෙනවා.

 

ප්‍රදර්ශනය පැවැත්වෙන තැන, දවස් ගැනත් මතක් කළොත්?

ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ දෙසැම්බර් 16 වැනිදා හවස 03ට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ජපන් තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙනුයි. ඒ වගේම ජපාන රූ රුජනකුත් මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඊට අමතරව තවත් ජපන් සංස්කෘතිකාංගත් ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කර තිබෙනවා. 16දා සමාරම්භයෙන් පසුව 17 හා 18 කියන දින දෙකම උදෑසන 9 ඉඳන් රූ 7 වෙනතුරැ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වෙනවා. ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කොළඹ පුරහල අසල පිහිටා තිබෙන ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදීයි.

 

සංචාරක ඡායාරූප ප්‍රදර්ශනයක් නැරඹීමෙන් ඡායාරූප රස විඳින්නෙක්ට ලැබෙන දේ ගැනත් පැහැදිලි කරමු...

ඇත්තටම සංචාරක ඡායාරූප රස විඳීම කියන්නේ යම් තැනක් පරිසරයක් දැකීම පමණක්ම නෙමෙයි. ඒ ඡායාරූප හරහා අදාළ පරිසරයේ සංස්කෘතියේ හරස්කඩක් දකින්න අවබෝධ කරගන්න හැකියාවකුත් නරඹන්නන්ට හිමිවෙනවා. මගේ වෑයම වුණේත් එයයි.

 

සමහර වෙලාවට අපි දකින දෙයක් ඡායාරූප ශිල්පීන් මංගල ඡායාරූපකරණය, වනජීවී වගේ එක් පැත්තකට පමණක් සීමාවෙලා ඉන්නවා. නමුත් ඔබ ක්ෂේත්‍ර කිහිපයක නිර්මාණ කරනවා. ඒක අසීරැ වැඩක් නෙමෙයිද?

නැහැ. මට අවශ්‍යයත් ඒ විදිහට ක්ෂේත්‍ර කිහිපයක් ස්පර්ශ කරන්නයි. මේ ලෝකේ පැවැත්ම, ඉල්ලුම වගේ දේවල් එක්කත් ඒක වෙනස් වෙනවා. අනික අපිට අපිව හොයාගෙන යන්නත් විවිධ පැති කරා ගමන් කිරීම උදව්වක් වෙනවා. එහෙම නැතුව එක් පැත්තකට විතරක් සීමා වීම අපරාදයක්. අද වෙද්දි ඡායාරූප ශිල්පය තුළ නව තාක්ෂණය බහුලව භාවිත වෙනවා. මේත් එක්ක ඡායාරූප ශිල්පියාගේ ‘ඇහැට’ තියෙන වැදගත්කම අඩු වෙලාද? නැහැ. ඔබ කියන දේ හරි. අද අලුත් තාක්ෂණය භාවිත කිරීමේ හැකියාව, වැඩිදියුණු කළ කැමරා කාච භාවිත කිරීමේ අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ නිසා යම් ඡායාරූපයක් වයිඩ් ලෙන්ස් එකකින් ගත්තම එන රාමුව මොනවගේද කියලා කල් තියාම තේරෙනවා. තව ලයිට් රෝමිං වගේ තාක්ෂණ භාවිත වෙනවා. පරිගණකයේ ඡායාරූප සංස්කරණය කෙරෙනවා. ඔය කොයි දේ තිබ්බත් නියම ඡායාරූප ශිල්පියා උත්සාහ කළ යුත්තේ තමන්ගේ අනන්‍යතාව ඡායාරූපයට එකතු කිරීමයි. එතැනදි ආලෝකකරණ හඳුනාගැනීම, කෝණය වගේ දේවල් ගැන ගොඩක් හිතන්න වෙනවා. විශේෂයෙන්ම යම් ඡායාරූපයක් දැක්කම මේක බොරැවක් නෙමේ කියන දේ ඡායාරූපය රස විඳින කෙනොට දැනෙන්න ඕන.

 

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු...

මම ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ ලාංකික අනන්‍යතාවය ලෝකයට ගෙනියන්නයි. ලබන වසරේ අමෙරිකා එක්සත් ජනපදයේත්, කැනඩාවේත්, ඕස්ට්‍රේලියාවේත් මගේ ප්‍රදර්ශන පැවැත්වෙනවා.

 

රජිත

 

2016-12-11-ent-122
2016-12-11-ent-121
2016-12-11-ent-120
2016-12-11-ent-119
2016-12-11-ent-117
2016-12-11-ent-116
2016-12-11-ent-115
2016-12-11-ent-114



අදහස් (0)

ලංකාවෙදි ජපන් යන්න.....

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 62 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 142 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 111 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 91 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 323 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 74 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site