IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලංකාවෙන් ගිහින් බිරිය මරයි

ඩුබායි නුවර අරාබි  ගොවිපොළ ප්‍රදේශයේ ලන්දේසි ජාතිකයකුගේ නිවසේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඇගේ සැමියා විසින් මරා දමන ලදැයි ඩුබායි පොලීසිය කියයි.

අවුරුදු විස්සක් පමණ වයස වු ඇය මරා දමන්නට ඇත්තේ ඇය වෙනත් පුද්ගලයකු හා සම්බන්ධයක් පැවැත්වියැයි සැක කිරීමෙන් බවද ඇගේ දරු දෙදෙනා ශ්‍රී ලංකාවේ සිටින බව ද පොලීසිය සඳහන් කරයි.

වසරකට පමණ පෙර ඇය ලන්දේසි හාම්පුතාගේ නිවසේ රැකියාවට ගොස් ඇත්තේ ඔහුගේ සුරතල් බල්ලා ව්‍යායාම් සඳහා රැගෙන යාමට බවත් ඇගේ සැමියා මීට පෙරද සංචාරක වීසා මගින් එහි පැමිණ ඇති බවත් සොයාගෙන ඇත.

සංචාරක වීසා මගින් එහි ගිය සැමියා ඇය පිහියකින් ඇන මරා දමන්නට ඇති බවත්  ඔහු ඩුබායි වලින් පැන යාමට ඕන්න මෙන්න කියා තිබියදී අත්අඩංගුවට ගත් බව ඩුබායි පොලීසිය පවසයි.

 

 

 

 



අදහස් (0)

ලංකාවෙන් ගිහින් බිරිය මරයි

කමනි Monday, 09 June 2014 07:00 PM

ප්‍රියංකා ඔයා හරි. අපේ කට්ටිය එහෙ කරන දේවල් දන්නේ එහෙ ඉන්න කට්ටිය තමා. සිකුරාදාට පොඩ්ඩක් එලියට ගියාම දකින්න පුළුවන් අපේ නැන්දලගේ වැඩ . (දී)

:       0       0

සෑම් Friday, 13 June 2014 09:16 PM

මම දන්න බැදපු පිරිමි කෙනෙක් ඒ ලග ඉන්න ලංකාවේම බැදපු ගැහැණු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියල දැනගත්තා ලගදී. එයාලාට මෙහෙ ළමුන් පවා ඉන්නවා. හරියට ගෙදරට සල්ලි එවන්නේ නැහැ. පවු අසරණ ළමයි. (නදී)

:       0       0

සිරිනන්ද Tuesday, 10 June 2014 05:54 PM

ඉදිරියේදී මීට වඩා අපරාධ විය හැකිය (නි)

:       0       0

මනෝජ්-සාජා Monday, 09 June 2014 08:09 PM

ලංකාවේ අයියලාගේ, අක්කලාගේ හොර වැඩ බලාගන්න මේ රටවල් වලට එන්න ඕනා. ලංකාවේ දරුවෝ ඉන්න අම්මලා බංගලි ,පකිස්තාන් කාරයොත් එක්ක සිකුරාදා හවසට අලුත බැදපු ජෝඩු වගේ මුකුළු කර කර ෂොපින් යනවා. ලංකාවේ ළමයි ඉන්න තාත්තල ලංකාවේ හරි පිලිපීන් හරි කෙල්ලෙක් අල්ල ගන්නවා. හම්බ කරන හැම සතේම අර ගැනිට වියදම් කරනවා . හැමෝම නෙමෙයි බොහෝ අයයි.(නදී)

:       0       0

ගමගේ Wednesday, 11 June 2014 07:02 PM

අපි නිතර හිතන්න ඕන‍ෑ අපේ දරුවන්ගේ සතුට ගැන. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 09 June 2014 02:30 PM

පුදුමාකාර මිනිසුන් තමයි දැන් ලංකාවේ ඉන්නේ. (නි)

:       0       0

ජගත් Monday, 09 June 2014 02:33 PM

අපි ඉන්නෙ ඩුබායි වල. මේක දැනගත්තේ මේ දැන් මෙහි පළවුණාට පසුයි (නි)

:       0       0

ශිහාන් Monday, 09 June 2014 02:36 PM

ලංකාවේ මිනීමරනවා මදිවට දැන් රට ගිහිල්ලත් මරනවා. දැන් ඉතින් එහෙන් බේරිලා එනවා බොරු. පවු අහිංසක දරු දෙදෙනා. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 09 June 2014 02:37 PM

අයියෝ! අපේ රටේ නමත් කනවා. (නි)

:       0       0

ප්‍රියංකා Monday, 09 June 2014 02:54 PM

ගැණු දැනගන්න ඕන රැකියාවට ගියානම් එක කරලා එන්න. මමත් එහෙ හිටිය. අපේ ගැණු විතරක් නෙවෙයි පිරිමිත් හැසිරෙන විදිය කියන්න ලජ්ජයි . ඒවා දැක්කම අපිට කලකිරෙනවා. කරපුදේ සාධාරණය කරනවා නෙවෙයි . (දී)

:       0       0

සේන Monday, 09 June 2014 03:00 PM

මොකට මිනී මරනවාද එපා නම් අත්හෙරලා දැම්මා නම් ඉවරනේ. අසරණ දරුවන්න්ට අම්මාත් නැහැ තාත්තාත් නැහැ (දී)

:       0       0

සුදර්මා Monday, 09 June 2014 03:04 PM

ඉස්සරවෙලා අපි කල්පනා කරන්න ඕන අපි අහිංසක දරුවා අතහැරලා දුරකතරකට එන්නේ ඇයි කියල,අහින්හක දරුවන්ගේ දුක් ගිනි නිවන්න ,එහෙම නැතිව තම ස්වාමියා අමතක කර වෙන කාගෙවත් සෙනෙහස ලබන්නට නොව,එහෙම උනොත් මේ දෙය බලාපොරොත්තු වෙන්න වෙනවා දැන් මොනවා උනත් අර කිරි සප්පයෝ දෙන්නට දෙමුපියන් නැතිඋනා,අපේ සිංහල ගැහැණු උදවිය පිටරටවල වාසය කරන්නේ බ්‍රිටිෂ්,මිනිස්සු වාසය කරන විදිහට.ලංකාවේද කියලවත් මතක නැහැ එයාලට. (දී)

:       0       0

සින්ගප්පුරුවෙන් මදුසංක Sunday, 15 June 2014 09:09 AM

දැන් ඒ මනුස්සයාට මොකක්ද දෙන දඩුවම???ඩුබායි පොලිසියෙන් (දී)

:       0       0

වසන්ති Monday, 09 June 2014 03:18 PM

වෙන මිනිහෙක් එක්ක ගියානම් මිනිහටත් තිබ්බේ ඊට වැඩ හොඳ ගැහැණියෙක් හොයා ගන්න එකයි .(දී)

:       0       0

සුනෙත් Monday, 09 June 2014 03:19 PM

තමන්ගේ ස්වාමියාට වඩා පෙම්වතා ලොකු වෙලා ..පවි දරු දෙදෙනා .. (දී)

:       0       0

සුජානි Monday, 09 June 2014 09:54 PM

ඩුබායි වලට එන කාන්තාවන් කොහොමත් ලංකාව අමතක කරනවා. සල්ලි ලැබෙන නිසා නරක වැඩ කරනවා. ලංකාවේ කාන්තාවන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. සමහර විට මෙම කාන්තාවත් එහෙම සල්ලි නිසා ජනප්‍රිය වෙන්න්න ඇති. පකිස්ටන් සහ ඉන්දිඅන් මිනිස්සු එක්ක හෝටල් කාමරවල ඉන්නවා අම්මේ තත්තේ ඔයාලගේ කාන්තාවන් මෙහෙට එවන්න එපා. එයාල දරුවෝ අමතක කරලා බිසිනේස් කරන්නේ මෙහෙ. මම ඉන්නේ ඩුබායි වල. අපි දන්නවා මෙහෙට අවම ලංකාවේ කාන්තාවන් සල්ලි වලට ඕනෙම කෙනෙක් එක්ක හෝටල් වලට රිංගනවා. අනේ මෙහෙමත් ලෝකයක්. (දී)

:       0       0

සේනානායක Monday, 09 June 2014 03:21 PM

ළමයි දෙන්නයි අවුරුදු 20 යි. රට ගිහින් තියෙන්නේ අවුරුදු 19 න්. පොඩි කාලෙකෙට මේ තරම් අත්දැකීම්.. ගොඩක් දෙනා මේ වයසේ තාමත් ඉගෙන ගන්නවා. අවසානයේ ජීවිතයත් නැති වෙලා... ඔබට නිවන් සුව.. !!! (දී)

:       0       0

තුවාන් - ඩුබායි Tuesday, 10 June 2014 01:42 PM

විමල් ඔයා හරි, මමත් කියෙව්වා, නමුත් හිතුවේ ඉන්දියාව කියලා,, අප්පේ බලනකොට,, මේ අපේ කෙනෙක්... දැන් කන්න කෝ ඩුබායි බිරියානි.. (ස)

:       0       0

තුෂාර Monday, 09 June 2014 10:02 PM

මනෝජ්,ඔය හරි මෙහෙ වෙන සෙල්ලම් දැක්කම සසර කලකිරෙනවා.හැබයි මේ සිද්දිය මම දැනුයි දෙන ගත්තේ.ස්තුත්යි ලංකාදීප.(දී)

:       0       0

ආරොන් Monday, 09 June 2014 10:05 PM

එතකොට සුජානි එහෙම නැහැ නේද? (දී)

:       0       0

කුශාන්ත Monday, 09 June 2014 03:28 PM

සමාජ පරිහානියට පත් වෙනවා ලෝකේ සමාජ ක්‍රමය බලපානවා මෙහෙම වෙන්න (දී)

:       0       0

කපිල Tuesday, 10 June 2014 02:03 PM

සෙන වසන්ති ඔබලාගේ කතාව හරියට හරි (දී)

:       0       0

සුජි Friday, 13 June 2014 04:24 PM

අනේ පව් අහිංසක දරු දෙන්නා . (දී)

:       0       0

අමිල Monday, 09 June 2014 03:46 PM

ලංකවේ අපරාධ කරල ටිකකලක් හිරේ ගිහින් ඇපපිට එනව වගේ නමෙයි එහෙදි දී අහු උනාම ඉතින් බෙල්ල නැතුව තමයි එන්න වෙන්නේ (දී)

:       0       0

විමල් Monday, 09 June 2014 03:47 PM

ජගත්, මේ පුවත එමිරටෙස් 24/7 එකේ දාලා තිබ්බ. නමුත් රට දල තිබ්බේ නැහැ. තිබ්බේ ආසියාතික කියල. නිකමට හිතුනා ආසියාතික කිව්වම අපේ අය්යා කෙනෙක්ගෙ වැඩක් වෙන්න ඇති කියලා. ලංකාදීප බැලුවහම සකේ තහවුරු වුනා (දී)

:       0       0

සිංහල Monday, 09 June 2014 03:54 PM

අපේ කම මේකද (දී)

:       0       0

රෝහිත Monday, 09 June 2014 04:02 PM

අපේ රටේ නීතිය වගේ නෙමේ එහෙ බේරිලා එනවා බොරු...... (දී)

:       0       0

ශාන්ති Tuesday, 10 June 2014 01:35 AM

පවු අර දරුවන්... දැන් කාගේ පිහිටක්ද? (නි)

:       0       0

සම්පත් Tuesday, 10 June 2014 01:35 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

නදී Tuesday, 10 June 2014 01:37 AM

යමක් වෙන්න තිබෙනවා නම් කොහේ හිටියත් වෙනවා (නි)

:       0       0

සජිත් කුමාර Monday, 09 June 2014 04:30 PM

ඒ රටේ නිතිය ගොඩක් දරුණුයි (දී)

:       0       0

හසන්ත Tuesday, 10 June 2014 01:50 AM

බොහෝ ප්‍රශ්න වලට මුල ආදර ගැටලුයි (නි)

:       0       0

සජිත් Monday, 09 June 2014 04:35 PM

මේ අපේ ශ්‍රී ලංකික කමද?(දී)

:       0       0

රෂීඩ් ජුමිර ඩුබායි Monday, 09 June 2014 04:55 PM

අනේ පව් අර අහිංසක ළමයි දෙන්නට දැන් කව්රුත් නැහැ (දී)

:       0       0

චමල් Monday, 09 June 2014 05:17 PM

තරුණ බිරිඳව රට නොයවා හිටියා නම් හරිනේ. මෙහෙ එන බහුතරය ඔය තත්ත්වයට පත්වෙනවා. අපේ ඇස පනාපිට පෙනෙනවා. අපි ලංකාවේ කියන්නත් ලැජ්ජයි (නි)

:       0       0

විදුර Monday, 09 June 2014 05:32 PM

මේ පැත්ත පොහොසත් මිනිසුන්ගේ ගෙවල් තිබෙන පැත්තක්. වැඩියෙන් ඉන්නේ සුද්දන්. බැහැයි ලංකාවේ අයටත් ගෙවල් තිබෙනවා. (නි)

:       0       0

චතු Tuesday, 10 June 2014 04:08 PM

අවරුදු විස්සයි.. ළමය දෙන්නයි...(ස)

:       0       0

චන්ද්‍රානි Tuesday, 10 June 2014 04:47 PM

ඇයි තමන්ගේ තරුණ බිරිඳව සල්ලි උපයන්න පිටරට යවන්නේ? ආර්ථිකය දුර්වල නම් ලංකාවේ ඉඳගෙන ස්වයං රැකියාවක් හරි කරන්න කියලා බිරිඳට කියන්න පුළුවන්. (නි)

:       0       0

සහන් Monday, 09 June 2014 06:17 PM

අඩු අධ්‍යාපනය, ලාබාල වයස, ලිංගික ඊර්ෂ්‍යාව හා සමාජ අසාධාරනය බොහෝවිට මෙවැනි මරණ වලට හේතූන් වේ (නි)

:       0       0

ගිහාන් Monday, 09 June 2014 06:30 PM

එක්තාරා ආකාරයක වැඩකාරියක් සහ වැඩකරුවෙක්. (නි)

:       0       0

දෙනුක Tuesday, 10 June 2014 10:35 AM

ලංකාවේ කාන්තාවන් රට ගිය ගනම් ලංකාවේ සංස්කෘතිය අමතක කරනවා (දී)

:       0       0

ගජමන් Monday, 09 June 2014 06:53 PM

මට හම්බ උනා ලංකාවේ අක්ක කෙනෙක්./ නංගි කෙනෙක්. පොඩි උවමනාවක් වෙලා තානාපති කාර්යාලෙට ඇවිත්. පව් අනේ ඒ ළමයට සිංහලත් බැහැ. ඉංග්‍රීසියෙන් කතා කලාම ඉංග්‍රීසිත් බැහැ. ඒ උනාට සිංහල ලු. ගම රන්න කිව්වා. රන්න කියන්නේ මේ කතරගම පැත්තේ නේද? බලන්නකෝ එකෙත් හැටි. (දී)

:       0       0

සිල්වා Tuesday, 10 June 2014 10:58 AM

කරුමේ තමයි ඉතින් වෙන මොකද්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1120 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 323 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2069 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 487 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 966 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 591 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37109 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site