IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලංකාවෙන් සෞදි ගිය දෙදෙනෙක් මරුට

පසුගිය සතියේ සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ පමණක් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව වාර්තාවේ.  මින් එක් අයෙකු වන හම්බන්තොට පදිංචිව සිට මීට කලකට පෙර සෞදි අරාබියේ දමාම් පළවැනි (1)කාර්මික ජනපදයේ ප්ලාස්ටික් නිෂ්පාදන භාණ්ඩ කර්මාන්ත ශාලාවක රැකියාවකළ වයස 40 ක පමණවූ දෙදරු පියෙකු වූ කන්දය්යා කුමාර වන අතර හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් එවෙලේම මරණයට පත්ව ඇතිබව වාර්තාවේ.කන්දය්යා කුමාර නමැති මොහු මිය ගියේය. එම ආයතනයේම රැකියාව කළ අම්බලන්තොට 29 හැවිරිදි ගයාන් ප්‍රියංකර මහතා යන්ත්‍රයකට සිරවීමෙන් ජීවිතක්ෂයට පත්වුයේ පසුගිය අගෝස්තු අවසන් සතියේය,

මේ අතර දමාම් සිට කිලෝමීටර් 200 ක පමණ දුර ප්‍රදේශයක මාළු නිෂ්පාදන ගබඩා සංකීර්ණ ආයතනයක රැකියාව කළ අබ්දුල් සලීම් මොහොමඩ් ආදම් නමැති ශ්‍රී ලාංකිකයෙකු පෙරේදා මියගොස් ඇති අතර ඔහුගේ මෘතදේහය මේවනවිට අල්කොබාර් රෝහලක තැන්පත් කර ඇතිබව එම ආයතනයේ රැකියාව කරන ශ්‍රී ලාංකිකයෙක් පවසයි. අබ්දුල් සලීම් ආදම් මහතා සෞදි අරාබියට පැමිණ ඇත්තේ මීට වසර 30 අට පමනබවද වාර්තාවේ,මේ පිලිබදව අදහස් දැක්වූ රියාද් ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සිරිපාල ගම්මන්පිල මහතා පැවසුවේ අබ්දුල් සලීම් මහතාගේ මරණයට අදාල ලිපිලේඛන මේවනවිට අදාළ ආයතනය සමග හුවමාරු කරගනිමෙන් අනතුරුව මිහිදන් කටයුතු සෞදි අරාබියේදී සිදුකිරීමට නියමිත බවයි.

 

 

 



අදහස් (0)

ලංකාවෙන් සෞදි ගිය දෙදෙනෙක් මරුට

රොහාන් සෞදි Sunday, 05 October 2014 01:38 PM

සඳා/ශාන්ත මාලදිවයින ඔයාල දකින තරමට සෞදිය නරක නැහැ. වැරදි වැඩ මෙහේ කරන්න බැහැ. අනික ඔය කියන තරම් දියුණුවක් ලංකාවේ නැහැ තියෙන්නේ දේශපාලන මඩවලක් පමණි. (නදී)

:       0       0

රෝයි Sunday, 05 October 2014 02:11 PM

සඳා, නෑ කමක් හෙම තියනවද? දන්නේ නැති නිසයි අහන්නේ. සෞදියට නෙමෙයි ඒරොප් වලටත් ගැහැණු යවනවට මම නම් කැමති නැත. ඒරොප් හිටපු කෙනෙක් හැටියට. සෞදිය බියෙන් සැකයෙන් තොරව ජීවත් වෙන්න නීති පද්ධතියක් තියන රටක්. හොරකම, මිනීමැරුම් ,වංචාව, දුෂණය නැති රටක්. (නදී)

:       0       0

සඳා Sunday, 05 October 2014 06:28 AM

ලංකවේ මෙච්චර දියුණුවක් තියෙද්දී ඇයි සෞදි යන්නේ? (නදී)

:       0       0

ශාන්ත මාලදිවයින Sunday, 05 October 2014 07:05 AM

සඳා ඔයාගේ අදහසට නම් මමත් ඒකගයි. ලෝකේ එපාම කරපු රට තමා සෞදිය කියන්නේ. (නදී)

:       0       0

පුබුදු Sunday, 05 October 2014 07:43 AM

කොහෙද සඳා ඔය කියන දියණුව තියෙන්නේ ? ඔය මනින්නේ ඇස්වලට පේන දෙයින්. ආර්ථික වශයෙන් අපි ගොඩක් පහල. මතක තියාගන්න, රටවලින් එන ඒ මුදල් තමයි අපේ ලොකුම ආදායම. හැබැයි ඒ අදායමෙන් බොහොම පොඩ්ඩක් ලංකාවේ මිනිස්සුන්ට ලැබෙන්නේ. අනිත් ඒවා යන දිහාව දෙයියෝ තමයි දන්නේ. (නදී)

:       0       0

නලිමි Sunday, 05 October 2014 08:58 PM

මරණය කුමන රටක සිටියත් සිදුවන දෙයකි. ආයුෂ අවසාන නම් ඊට මුහුණදිය යුතුය. (නි)

:       0       0

සුරේෂ් Sunday, 05 October 2014 07:52 AM

ගොන් කතා කියන්නෙපා හෙලෝ. අපේ රටට විදේශ විනිමය එන්නේ පිට රට වැඩ කරන අය මාස්පතා එවන සල්ලිවලින්. අපේ රටේ අපනයනයට වඩා ආනයනය වැඩියි. ඉතින් කොහෙන්ද විදේශීය විනිමය හොයා ගන්නේ අඩුම තරමේ පෙට්‍රල් ටිකවත් ගන්න. (නදී)

:       0       0

ප්‍රියංග Sunday, 05 October 2014 10:44 PM

අපි සෞදියේ සේවයට යන එක නතර වෙන්නේ කවදාද? (නි)

:       0       0

ගජමන් Sunday, 05 October 2014 08:14 AM

ශාන්ත මාල දිවයින එපාම කරපු රටක් නෙවෙයිද? මම අවුරුදු 12ක් සෞදි අරාබියේ වැඩ කරන කෙනෙක්. එහි පුර වැසියන් අප හා ඉතාම සහයෝගයෙන් වැඩ කරනවා. වැරදි කලොත් රජ තුමා ගේ දඬුවම් බොහොම සැරයි. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන මේ රටේ දූෂණ, වංචා, හොරකම්, මිනී මැරුම් අපේ රටට සාපේක්ෂව හුඟක්ම අඩුයි. අනවශ්‍ය දේ නොකර රටේ පවතින නීතියට ගරු කරමින් වැඩ කරන පිරිමි අයට මේ රට රැකියා කිරීමට ඉතාම සුදුසු රටක්. මත් පැන්, දුරාචාර තහනම් නිසා. ඒ තත්වය වඩාත් යහපත්. කාන්තාවන් සෞදි අරාබියට වහල් වැඩ සඳහා එවන එක ගැන නම් මම කතා කරන්නේ නැහැ. (නදී)

:       0       0

ලලිත් Sunday, 05 October 2014 09:07 AM

කව්රු කොහොම කීවත් ලෝකයේ ජීවත් වෙන්න හොදම රටක් තමයි සෞදි අරාබිය. හොරකම බොරුව අල්ලස දුෂණය මිනීමැරුම් නැති රටක් (නදී)

:       0       0

දුමී Sunday, 05 October 2014 10:02 AM

ලංකාවේ දියුණුව කිව්වේ අාශ්චර්යටද? (නදී)

:       0       0

රුවන්ති Sunday, 05 October 2014 10:06 AM

සෞදියේදී පින පෑදේ (නදී)

:       0       0

වීරසිංහගේ ප්‍රියන්ත වීරසිංහ Sunday, 05 October 2014 10:53 AM

සඳා ලංකාවේ දියුණුව තියෙන්නේ ආස්චර්යමත් කට්ටියට විතරයිනේ (නදී)

:       0       0

නිමේෂා දිල්හානි Sunday, 05 October 2014 11:55 AM

ආසාවට රට යන්නේ නැහැ කව්රුත්. ආර්ථික ප්‍රශ්ණ වැඩිවෙනකොට මිල මුදල් නැතිව අසරණ වෙන කොට කාටත් රට යන්න වෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 105 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 456 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 488 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 306 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 889 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site