IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලංකාවයි ඉන්දියාවයි අයියයි මල්ලී වාගේ

ඉන්දියාවයි හා ශ්‍රී ලංකාවයි  හරියට සහෝදරයන් දෙන්නෙක් වගේ රටවල් දෙකක් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කීවේය.

ඉන්දියාවට හා ශ්‍රී ලංකාව‍ට ආවේණික අත්කම් නිර්මාණ බටහිර දියුණු රටවලට අපනයනය සඳහා රටවල් දෙකටම වෙළඳපොළ විවෘත වන බවත් දෙරට අතර සහයෝගීතාවය වැඩි දියුණු කර ආසියාවේ බලවත් රටවල් දෙකක් කිරීමට අපට හැකියාව ඇති බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යයාලය හා ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ආයෝජන සහ තාක්ෂණ ප්‍රවර්ධන අංශය සංවිධානය කළ “ ඉන්දු ශ්‍රී ලංකා ශිල්ප කලා” අත්කම් හා රෙදි පිළි ප්‍රදර්ශනය කොළඹ දී විවෘත කරමින් ඔහු එසේ කීවේය.

DSC_0545 DSC_0552 DSC_0559 DSC_0568 DSC_0584 DSC_0626



අදහස් (0)

ලංකාවයි ඉන්දියාවයි අයියයි මල්ලී වාගේ

රාජුන් Wednesday, 23 March 2016 08:12 PM

අයියාගේ බඩේ බිජු වල රඟ දැනෙන්නේ කෙකර ගානකොටයි. සමහර විද්වතුන් දකින අන්දමට මුටසීව රජතුමාගේ කාලේ පටන් ඉන්දියාව පුංචි ලංකාව ඔවුන්ට ගැතිකර ගැනීමට වෙර දැරුවා. අපේ වීරෝධාර ලාංකිකයන් ඔවුන්ට විරුද්ධව නැඟී සිටියා. අවුරුදු දහස් ගණනක් අප විරුවන් ලේ පුදා මේ භුමිය රැක්කා. නමුත් දැන්? (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 23 March 2016 08:24 PM

මාල දිවයිනට මල්ලී කීවත් ඉන්දියාවට අයියා කියන්න නම් 'වානා'. ඒ දවස් වල නම් කරට අත දාගෙන හිටපු ගඩාෆිගේ ලිබියාව, ස්වාසිලන්තය, කොන්ගෝ වගේ රටවල් නම් අපිට කියන්න ඇත්තේ 'මචං' කියල වත්ද? (අ)

:       0       0

ලංකා Wednesday, 23 March 2016 09:27 PM

සුජීව සේනසිංහ කථා කරන්නෙ හොඳ සිහියෙන්ද,අවසිහියෙන්ද?(අ)

:       0       0

ලංකා Wednesday, 23 March 2016 09:27 PM

සුජීව සේනසිංහ කථා කරන්නෙ හොඳ සිහියෙන්ද, අවසිහියෙන්ද?(අ)

:       0       0

රංග Thursday, 24 March 2016 02:26 AM

ඉන්දියාව ඉස්සරහා දණගහන නිවට දේශපාලනයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ (නි)

:       0       0

නුවන් Wednesday, 23 March 2016 12:20 PM

අනේ මොකට කියනවද (බ)

:       0       0

පාණ්ඩ්‍යා Wednesday, 23 March 2016 12:23 PM

අසල්වැසි රටවල් අයියල මල්ලිලා බාප්පල නැන්දම්මල නෙවෙයි. කරුණාකරලා ආත්ම ගෞරවයක් ඇතුව කොන්ද කෙලින් තියාගෙන රටක් වශයෙන් පවතින්න නම් ඔය වගේ "හේත්තු වෙන" අදහස් පල කරන්න එපා ඇමති තුමා. රාජපක්ෂ රජයේ මුල්‍ය ප්‍රතිපත්ති ගැන විශාල පැහැදීමක් අපිට නැතත් ශ්‍රී ලංකාව ස්වාධින රාජ්‍යයක්ය යන ආකල්පය ඔහු අපේ මිනිස්සු තුල ඇති කළා. ඒ වටිනා අවබෝධය ආරක්ෂා කරන්න.(බ)

:       0       0

කපිල පතිරණ Wednesday, 23 March 2016 01:18 PM

මෙයා කියන්නේ මොනවද කියලා මෙයාවත් දන්නේ නෑ (බ)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 March 2016 03:16 AM

ඔව් ලංකාවයි ඉන්දියාවයි අයියයි මල්ලියි වාගේ වුණාට රණ්ඩු කරගනිද්දි නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. පසුගිය රජය කාලේදී ඉන්දියාව වැඳපුදා ගැනීමට ගිය ස්වාමීන් වහන්සේලාටත් පහරදෙන තරමට ඉන්දියාව ලංකාව සමඟ විරසක වෙලා තිබුනේ. නමුත් අද වර්තමානයේ ඇති වෙලා තිබෙන වෙනස පිළිබඳව ඒ අතින් නම් අපිට ගොඩාක් සතුටුයි. (නි)

:       0       0

ධර්මසිරි Wednesday, 23 March 2016 01:37 PM

කන්නේ මොනවාද ? (බ)

:       0       0

ඇසළ Wednesday, 23 March 2016 02:08 PM

ඔයිට වැඩිය හොදයි තෝසෙයි වඩෙයි වගේ කියල කිවුව නම්..(බ)

:       0       0

නිශාන්ත Wednesday, 23 March 2016 02:29 PM

අැත්තටම මේ වගේ අයද මේ රට පාලනය කරන්නේ කියල හිතෙනවා.මෙයා කථා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගෙයි.රටේ යුද්දේ තිබුන කාලේ ඔය අයියල , මල්ලිලා , බාප්පල, මාමල කොහෙද හිටියේ.රුසියාව,චීනය, පකිස්තානය වගේ රටවල් තමයි අපිට අමාරු අවස්ථාවේදී සහයට හිටියේ. නැතුව ඔය හිගන ඉන්දියාව නෙවෙයි. ඇත්තටම මුන්ගේ යහපාලනේට අපිත් සහය දීල දැන් කණගාටු වෙනවා. (බ)

:       0       0

සුසන්ත Wednesday, 23 March 2016 03:44 PM

නැතුව නැතුව, එතකොට අපිට ඇමරිකාව පරද්දන්නත් ඇහැකි වේවි (ඒකටලුනේ ඔහෙලා එට්කා ගේන්නෙත් නේද - එහෙම නැතුව ඉන්දියාව බලෙන්ම ඇඟේ ගසන නිසා නෙවේනේ?). (බ)

:       0       0

ප්‍රනාන්දු Saturday, 26 March 2016 09:36 PM

60% ශ්‍රී ලාංකික ඡන්දදායකයින් පත්කළ අයගේ වැඩනේ මේ (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 23 March 2016 03:59 PM

අයියට හේත්තුවෙලා ඉන්නකෝ බලන්න. මල්ලිගේ ඔලුවවත් හොයාගන්න බැරිවෙයි තව අවුරුදු දෙක තුනකින්. කට තිබුන පලියට බලය තිබුන පලියට කියවන මේ දේශපාලකයන් නිසා අපි වලපල්ලටම යමින් සිටිමු. (බ)

:       0       0

අමිල Wednesday, 23 March 2016 03:59 PM

අපි නොදන්න ඉන්දියාව ,අසල වැසි රටවල් ඔක්කොම ඒ ගොල්ලොත් එක්ක තරහ අැයි කියල පොඩ්ඩක් හිතල බලන්න (බ)

:       0       0

විහඟ Thursday, 24 March 2016 05:27 AM

දොඩවන අය. මෙවුන්ටත් ඡන්දෙ දුන්නා නේද අපේ රටේ මෝඩයෝ. (බ)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 23 March 2016 04:30 PM

මේ මිනිස්සු කොහොම හරි ලංකාවේ කොල්ලන්ගේ රස්සා ටික ඉන්දියාවට දෙයි මොකද ඉන්දියාවනේ මේ ගොල්ලන්ට බලයට එන්ඩ උදව් කළේ (බ)

:       0       0

සමන් Wednesday, 23 March 2016 04:59 PM

ඔව් ඔව් අය්යා කරන්නේ මල්ලිට පාර්ට් එක දාලා මල්ලිගේ දේවල් කඩා වඩා ගන්න එකනේ (බ)

:       0       0

ජනක Wednesday, 23 March 2016 05:02 PM

හින්දි ෆිල්ම් බල බල රට කන්න හදන අමුනුස්ඝයෙක්, ඒ රටට ගිහින් බලන්නකෝ රගේ, සත්තුන්ගෙන් පිරුණු රටක්. (බ)

:       0       0

සෙනරත් Wednesday, 23 March 2016 05:05 PM

පසුගිය වසර 2500 ක පමණ අප දන්නා ඉතිහාසය තුළ ඔය කියන අයියා ලංකාව යටත් කරගැනීම සඳහා විටින් විට ලංකාවේ රජ කළ රජවරුන්ට විරුද්ධව කී වරක් යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවද කියල කියන්ට දන්නේ ඉතිහාසය ඉගෙනගෙන තිබෙන කෙනෙක් පමණයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 81 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 130 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 688 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 474 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3141 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1732 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site