IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලංකාවයි මාලදිවයිනයි ත්‍රස්ත මාරු මධ්‍යස්ථානයක්

දකුණු ඉන්දියාවේ මර්මස්ථානවලට පහර දීම සඳහා පාකිස්තානයේ ත්‍රස්තවාදීන්ගේ සහාය ලබන කණ්ඩායම් ශ්‍රී ලංකාව හා මාලදිවයින සංක්‍රමනික කේන්ද්‍රය ලෙස පාවිච්චි කරතියි ඉන්දියා ආරක්ෂක අංශ සෝදිසියෙන් සිටියි.

පාකිස්තානයේ  ත්‍රස්තවාදීන් නිසා නොමග ගිය මූලධර්මවාදී කොටස් මාලදිවයිනේ සිටින බවට ඉන්දියාවට තොරතුරු ලැබී ඇත.

ශ්‍රී ලාංකිකයකු   චෙන්නායි නුවර දී අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දියාවේ සැකය වැඩි වී තිබේ.

මෙම සැකකරු  චෙන්නායි හා බැංගලෝරයේ ඇමෙරිකා හා ඊශ්‍රායෙල කොන්සල් කාර්යාල පිළිබඳ ඔත්තු බලා ඇතැයි පිළිගෙන ඇත.

ශ්‍රී ලාංකිකයා ඔත්තු බැලීමේ කටයුතු සඳහා ඉන්දියාවට විසි වාරයක් පමණ ගොස් ඇතැයි ඉන්දියාව කියයි.

ඔහු කොචි හා විෂාඩ් වරාය ගැන ඔත්තු බලා ඇතැයි ඉන්දියාව කියයි.

වෛද්‍ය ප්‍රතිකාර හෝ නිවාඩු ගත කිරීම සඳහා ඉන්දියා සල්ලි රැගෙන කාබුල් නුවර සිට ඉන්දියාවට එන ඇෆ්ගන් ජාතිකයන් ගැන ඉන්දියාව දැන් වැඩි සැලකිල්ලක් යොමු කරයි.

ඉන්දියාවට එන ඇතැම් ඇෆ්ගන් සංචාරකයනට පාකිස්තානයේ සමහර ආයතනවලින් හොර සල්ලිද ලැබෙතියි ඉන්දියා නිලධරයෝ කියති.

ඇෆ්ගන්වරුන් යන එන ඉන්දියා රෝහල් හා ආයතනවලට ඉන්දියාව උපදෙස් දී ඇත්තේ ඔවුන්ගේ ගෙවීම් චෙක්පත් හෝ ටෙලර් යන්ත්‍රයෙන් හෝ නිසි ලියැවිලි සහිතව බාර ගන්නා ලෙසයි.

පකිස්තාන සහයෝගය ලබන ත්‍රස්තවාදීන් උතුරු ඉන්දියාවෙන් රටට ඇතුළුවෙතියි ඉන්දියාව විශ්වාස කරයි.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා පවසා ඇත්තේ මාලදිවයිනේ සිට චෙන්නායි නුවරට එන  දෙදෙනකුට පහසුකම් සපයන ලෙසයි. ඉන්දියා ආරක්ෂක අංශ පවසනුයේ එම දෙදෙනා ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාර සඳහා ඒමට සිටි බවයි.

 



අදහස් (0)

ලංකාවයි මාලදිවයිනයි ත්‍රස්ත මාරු මධ්‍යස්ථානයක්

දොන් සරත් Friday, 09 May 2014 03:49 AM

ලංකාවේ එල්.ටී.ටී.ඊ.එකට පුහුණුව සහ අවි දුන්නේ ඉන්දියාවයි. දැන් ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙලා වගේ. පිටරටින් සල්ලි ගෙන තමන්ගේ ලංකාවට හතුරුකම් කරන අය ඉන්න රටේ, පාකිස්ථානයෙන් සල්ලි ගෙන ඉන්දියාවේ පෙරළි කරන අය ඉන්න එක පුදුමයක්ද? (නි)

:       0       0

රාජේෂ් Friday, 09 May 2014 05:10 AM

දැන්නම් ඉන්දියාවත් බයවෙලා වගෙයි (නි)

:       0       0

චමල් Thursday, 08 May 2014 06:46 PM

දැන්ද මේක දන්නේ? අපිට නම් හැරෙනකොට තේරෙනවා පාකිස්ථානය මෙච්චර ලංකාවත් එක්ක අනියම් ඇසුරක් පවත්වද්දී. (උදාහරණ : කුඩු කන්ටේනරය) (නි)

:       0       0

මාලිකා Friday, 09 May 2014 05:58 AM

ඔය එළිවෙන්නේ ටික ටික (නි)

:       0       0

සමන්ති Friday, 09 May 2014 07:00 AM

මෙහෙ ඉන්න පාකිස්තාන් අය කඩ දාගෙන ඉන්නේ කොහොමද කියලා හොයලා බැලුවොත් හොඳයි.කුඩු ගේනකොටත් මුලට එන්නේ ඒගොල්ලෝ හින්දා (නි)

:       0       0

සම්පත් - ඩුබායි Thursday, 08 May 2014 07:26 PM

දැන්වත් තේරෙනවද බොදු බලසේනා නිකන් රණ්ඩු කරේ නැහැ කියලා. (නදී)

:       0       0

තරිඳ Thursday, 08 May 2014 07:29 PM

මේ ප්‍රශ්න කරන්නේ මිගමුව පැත්තේ ඉන්න පකිස්ථාන ජාතිකයන් පිළිබඳවද? දැන් බලාගෙන ගියාම ටික ටික තමයි එලි වෙන්නේ. දැන් මේ කොමෙන්ට්ස් දාන කට්ටිය මැද්දේ මම ජාතිවාදී වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 09 May 2014 08:49 AM

එතකොට තමිල් නාඩුව අර ත්‍රස්තයින්ගේ ගර්භාෂය නේද. (නදී)

:       0       0

රොෂාන් Thursday, 08 May 2014 08:24 PM

ඔහොම යමු තව ඉදිරියට. කාලය කෙතරම් දරුණුද වැටහේ එතකොට (නි)

:       0       0

ගන්දර සයිමොන් Thursday, 08 May 2014 08:39 PM

අපිට ඔය ත්‍රස්තවාදීන් පහර දෙන කොට සැලසුම් කරේ බොහොමයක් ඉන්දියාවේ සිටයි. ඉන්දීය රජය නොවුනත් රජයේ සමහරුද ඒවාට උදව කරා. ඒවා දැන් කණපිට හැරිලා . එහෙත් ලංකාව ත්‍රස්තවාදයට උදව් කරන රටක් නොවේ. එයට විරුද්දව සැම තැනම ක්‍රියා කරන රටක්. දෙබිඩි පිළිවෙත් නැහැ ත්‍රස්තවාදය වෙනුවෙන්.(නදී)

:       0       0

සදුන් Thursday, 08 May 2014 08:40 PM

ඔන්න බලන්න ඒකෙත් හැටි (නි)

:       0       0

ලලිත් - එස්එල් Friday, 09 May 2014 10:14 AM

ඔය පටන් ගත්ත විතරයි. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුලුවන් වේවි. (ස)

:       0       0

ප්‍රදීප් Friday, 09 May 2014 10:41 AM

අනුන්ට කල දේ තමන්ට පල දේ. (ස)

:       0       0

සෙනෙවි Thursday, 08 May 2014 09:52 PM

එතකොට කොටි පෝෂණය කරන තමිල්නාඩුව තියෙන්නෙ මොන රටේද ? (නි)

:       0       0

සත්‍යයා Thursday, 08 May 2014 09:57 PM

ගන්දර සයිමොන් හරි. (නි)

:       0       0

සුරියප්ෙපරුම Thursday, 08 May 2014 10:29 PM

සමිපත් මල්ලි ඔය කියන්නේ කොටි සංවිධානය ගැන නෙවෙයි. (ස)

:       0       0

අමිල ප්‍රභාත් Thursday, 08 May 2014 10:39 PM

ඉංදියාවටත් දැනෙන්න ඕන යුධ බිය මොකක්ද කියලා. (ස)

:       0       0

සරත් ගමගේ Friday, 09 May 2014 12:39 PM

ත්‍රස්තවාදය ලෝකෙ කොහෝ තිබුණත් එක වගේ කරදර තමයි මිනිස්සුන්ට වෙන්නේ. සැම දෙනාගේ සහයෝගය සාකච්ඡාව තුළින් නිසි විසදුම් දී නිරාකරණය කර ගැනීම තමා හොඳ. (ස)

:       0       0

ඩිංගිරි සාජා Friday, 09 May 2014 01:27 PM

ඉන්දියාවේ තමිල්නාඩු කියන්නේ දකුණු ආසියාවේ ත්‍රස්තයන් බෝ කරනා හා පුහුණු කරනා නගරයක් . අපි දැක්කා පසු ගිය කාලයේ බෞද්ධ හිමිවරුන්ට එලව එලවා පහර දෙනවා ත්‍රස්තයන් , තමිල්නාඩු බලදාරින් කිසි දෙයක් කලේ නැහැ ඔවුන්ගේ ආරක්ෂාවට. ලංකාවට විරුද්ද ත්‍රස්තයන් බෝ කිරීම පුහුණු කිරීම අප රටට අපහාස කිරීම තමිල්නාඩු බලදාරින් නිතරම කරන දෙයක්. ඔවුන්ටත් ත්‍රස්ත බිය අනිවාර්යෙන් එති විය යුතුයි. එවිට ඔවුන්ගේ මොලයට වැටහිමක් ඇති වේවි . මොකක්ද ත්‍රස්තවාදයෙන් සිදුවන්නේ කියන එක.(නදී)

:       0       0

සේන Friday, 09 May 2014 02:35 AM

ගන්දර,ඉන්දියාවේ ආණ්ඩුව කෙළින්ම උදවු කළා. (නි)

:       0       0

එස්. Friday, 09 May 2014 02:36 AM

කොහොමද වැඩේ?ඉන්දියාවට එහෙම වෙන එක ගැන මම පුද්ගලිකව සතුටු වෙන ගමන්ම මේකෙන් ලංකාවට අනතුරක්ද දකිමි.මෙහෙම පුහුණු ත්‍රස්තවාදීන් ලංකාවේ ඉන්න එකෙන් අපට ප්‍රශ්න ඇති වෙන එක වළක්වන්න බැහැ. (නි)

:       0       0

කසුන් Thursday, 08 May 2014 06:07 PM

ඒ ගමන මේ මොකද්ද වෙන්න යන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 795 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1433 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 408 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 911 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2233 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 340 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35643 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site