IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලක්වාසීහු ජය සමරති

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගැනීමත් සමග  ලංකාවේ බොහෝ පෙදෙස්හි ක්‍රීඩාලෝලීහු රතිඤ්ඤා පත්තු කළහ.

කොළඹ ගාලු මුවදොර ඇතුළු ස්ථාන ගණනාවක පුළුල් තිර මගින් තරඟය නැරඹීමට අවස්ථාව සලසා තිබුණු අතර ඒ විශාල පිරිසක් ඒ වටා එක් රොක් වී සිටියහ.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනපති ලංකා කණ්ඩායමට සුබ පැතීය.



අදහස් (0)

ලක්වාසීහු ජය සමරති

රූපවති Monday, 07 April 2014 11:55 AM

තරගය ඉවර වන තුරුම අපි ආසාවෙන් නැරැඹුවා.1996 න් පසු උද්යෝගිමත්ව නරඹපු.දේශාභිමානයක් ඇති වන හොදම මැච් එක රටට ජය අත්කර දුන් ඔබ සැමට තෙරුවන් සරණයි ...!!!(දිල්)

:       0       0

කෙවින් Monday, 07 April 2014 12:07 PM

සනත් සහ හෂාන් තේරීම් කමිටුවේ තීරණ ගැනීම විශිෂ්ට ඝනයේ තිබීම ඉතාම වැදගත් කරුණක්. (ස)

:       0       0

රත්නසිරි Monday, 07 April 2014 04:09 AM

අපේ රටේ දක්‍ෂ දරුවන්ගේ ජයක්. අධිෂ්ඨානය , විශ්වාසය සහ එකමුතුකම ඇත්නම් ජය ගත හැකිය. එසේම උපන් මාතෘ භූමියද රැක ගත යුත්තේ එකමුතුව මනා සිහියෙන් කටයුතු කිරීමෙනි. අපගේ හදවතින්ම ඔබට සුබ පතමි. (නි)

:       0       0

ජයන්ත Monday, 07 April 2014 04:52 AM

මෙන්න බඩු මිල නග්ගන්න හොඳම වෙලාව (නි)

:       0       0

ජිනදාස Monday, 07 April 2014 04:57 AM

අපේ කොල්ලන්ට ජයවේවා! (නි)

:       0       0

අශාන් Monday, 07 April 2014 12:47 PM

ලංකාවෙ අපේ කොල්ලො මැච් එක නියමෙටම ගැහුවා. ඒකට අපි හදවතින්ම සුබ පතමු. සංගා කොල්ලගෙ අන්තිම මැච් එක ලොකෙටම අමතක නොවේවි. මහේල ඔබත් අපේ හදවතේ සදා අමරණීයයි. ලංකාවෙ මෙතෙක් බිහිවූ වාසනා වන්තම නායකයා මාලිංග ඔබයි. මේ සුබ පැතුම හදවතින්ම පිළි ගන්වමු. (ස)

:       0       0

සමන් කුමාර Monday, 07 April 2014 05:02 AM

මේ සැරේ මම හිතපු කෙනා තරඟය බලන්න ගියේ නැද්ද කොහෙද? (නි)

:       0       0

නිමල් Monday, 07 April 2014 05:31 AM

මේක ඇත්තෙන්ම ලොකු ජයග්‍රහණයක් (නි)

:       0       0

මැක්සි Monday, 07 April 2014 05:38 AM

අර නිර්වස්ත්‍ර වූ මහත්තයා අද මොනවා කරගනීවිද දන්නෙ නැහැ (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 05:52 AM

මේකෙන් ලැබෙන සල්ලි ටිකටත් විදින්න බලාගෙන ඇති දැන් සමහරු (නි)

:       0       0

රවින් Monday, 07 April 2014 05:56 AM

අපේ කොල්ලෝ පරදවන්න බැහැ කාටවත් (නි)

:       0       0

රුවන් Monday, 07 April 2014 01:36 PM

හැමදාම අදහස් දාන බන්දුල පෙරේරා අද නිදිද. මෙයා කොහොම කෙනෙක්ද කියල දැන් හොදටම තේරෙනවා. (ස)

:       0       0

කසුන් Monday, 07 April 2014 06:26 AM

අපිත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා (නි)

:       0       0

රසික Monday, 07 April 2014 06:31 AM

අපේ කොල්ලන්ට සුභ පැතුම්. ( දකුණු ඉන්දියාවේ සිට) (නි)

:       0       0

අසෝක Monday, 07 April 2014 06:47 AM

යුද්දේ දිනුවා වගේ කොහොමහරි තරඟයත් දිනුවා (නි)

:       0       0

අමන්ත Monday, 07 April 2014 06:47 AM

මේවා අධිරාජ්‍ වාදීන්ගේ ක්‍රීඩා නේද? අනෙක මත්පැන් එහෙමත් සුද්දන්ගේ දේවල්නේ. ඇයි අපිට බැරි මේ සුද්දන්ගේ ක්‍රීඩා නවත්වලා චක්ගුඩු වගේ ක්‍රීඩාවක් කරලා කසිප්පු ටිකක් බීලා ප්‍රීති වෙන්න? (නි)

:       0       0

ගැමී Monday, 07 April 2014 07:15 AM

පැරදුනා නම් මේ අදහස් කීයක් වෙනස් වේවිද? (නි)

:       0       0

ගමේ කොල්ලෙක් Monday, 07 April 2014 07:20 AM

ඇයි අපිට බැරි මේ සුද්දන්ගේ ක්‍රීඩා නවත්තව චක්ගුඩු වගේ ක්‍රීඩාවක් කරලා දේශීය රා ටිකක් හරි කසිප්පු ටිකක් හරි බීලා ප්‍රීති වෙන්න? (නි)

:       0       0

ශිපාන් Monday, 07 April 2014 07:55 AM

මගේ සුභ පැතුම්! (නදී)

:       0       0

දසනායක Monday, 07 April 2014 07:55 AM

ගමේ කොල්ලෝ අපි ඉන්නේ වැදි යුගයේ නෙමේ.(නදී)

:       0       0

ලලිත් එස්.ජේ.එම් Monday, 07 April 2014 08:00 AM

තුනුරුවන්ගේ පිහිටයි ලංකා පුත්‍රයන්ට. ජය වේවා !(නදී)

:       0       0

කල්ප Monday, 07 April 2014 08:01 AM

සංගා, මහේල ,ඇතුළු අපේ කොල්ලන්ට සුබ පැතුම් සමගින් සුබ අනාගතයක් වේවා.(නදී)

:       0       0

හුසේන් Monday, 07 April 2014 08:18 AM

අපේ සිංහ පැටවුන්ට මගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම්! (නදී)

:       0       0

ටෙනිසන් Monday, 07 April 2014 08:30 AM

කණ්ඩායමක් එකෙක් වගේ සෙල්ලම් කලා. අවසන් තරගයට ක්‍රීඩා කරපු අය පමණක් නොවෙයි බංකුවේ වාඩි වෙලා හිටපු අවසන් තරගය දක්වා කණ්ඩායම රැගෙන ආ සැමට අපගේ ප්‍රණාමය. හොද කැප කිරීමක් කල චන්දිමාලුත් නායකයාට අනගි සහයක් දුන් මහේලත් ක්‍රීඩා ලොවට හොද පාඩමක් ඉගැන්නුවා. ඒ සතුට එසේ උතුරායද්දී ,මහේලගේත්, සංගාගේත් සමු ගැනීම නම් දරාගැනීම අපහසුයි. කෙසේ වෙතත් යහපත් පරමාර්තයෙන් (නවකයන්ට තැනදීම )සමුගත් ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය පතන අතර ඉදිරියේදීත් කණ්ඩායම දිරිමත් කිරීමට සහය වන මෙන් යටහත්ව ඉල්ලා සිටිමි. තුනුරුවන් සරණ හා දිගාසිරි පතමු.(නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Monday, 07 April 2014 08:30 AM

සමන් කුමාර, මමත් හරි බයෙන් හිටියේ.(නදී)

:       0       0

සමීම් මුබාරක් Monday, 07 April 2014 03:16 PM

මම සෞදි අරාබියාවේ වැඩ කරන ආයතනයේ ඉන්දියානු 28 දෙනාට ඉන්න එකම ශ්‍රී ලාංකිකයා මම විතරයි. හැම තරගයකදීම මට මේ අය එක්ක තනිවම තරග කරන්න වුණාත.මම අසරණ වුන වාර අනන්තයි. අද මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙනවා. මට මහත් අභිමානයක් දැනෙනවා. මට ඒ අභිමානය ගෙන දුන්න අපේ වීර සිංහයන්ට මගේ හද පිරි ප්‍රණාමය. මේ අපේ විජයග්‍රහණයේ මාවතයි. ඉතින් යමු ඉදිරියට ....ඔබලාට යෝධ බලය යෝධ ශක්තිය ලැබේවා .....තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. (ස)

:       0       0

පෙරේරා Monday, 07 April 2014 08:47 AM

මේ විජයග්‍රහණයේ පිටුපස සිටි දැවන්ත හස්තය අපේ ජනාධිපතිතුමා. එතුමා තමයි සනත් ජයසුරිය මහතාව තේරීම් කමිටුවේ සබාපති කලේ.(නදී)

:       0       0

වසන්ත Monday, 07 April 2014 03:18 PM

එකමුතුකම හොදට කැපී පෙනුනා එකී එකමුතුකම ජයග්‍රහණයට මග පෑදුවා (දිල්)

:       0       0

මහේෂ් Sunday, 06 April 2014 11:19 PM

ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්!හෙට සිට මොන මොනවායේ මිළ ඉහළ යාමට ඉඩ තිබේද? (නි)

:       0       0

සුබාෂ් Monday, 07 April 2014 09:05 AM

මෙම ජයග්‍රහණයෙහි නියම හිමිකරු අපේ අතිගරු ජනාදිපතිතුමා. ඔහු දුරදක්න නුවනින් සනත් ජයසුරිය තේරීම් කමිටු සබාපති කරා. ඔහු නියම ආකාරයෙන් ක්‍රීඩකයින් මනා ලෙස තරගවලට යොමු කළා.(නදී)

:       0       0

නන්ද Monday, 07 April 2014 09:07 AM

හා හා ! බන්දුල පෙරේරා අද බන්දුල නැතිව ඇවිත් වගේ. (නදී)

:       0       0

බන්දුල Sunday, 06 April 2014 11:32 PM

ජය ශ්‍රී!!!....... ශ්‍රී ලංකා.....සංගා....මහේල.....ඔබ දෙපලට සුභ අනාගතයක් සමග සුභ ගමන්............ශ්‍රී ලංකා කොල්ලන්ට උණුසුම් සුභපැතුම් කටාර් සිටින සහෝදර සැම සමගින්..(නදී)

:       0       0

නිමල් කුවෙට් Sunday, 06 April 2014 11:34 PM

අපේ සිංහ පැටවුන්ට මගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම්! (නදී)

:       0       0

නන්ද Monday, 07 April 2014 09:12 AM

විශිෂ්ටයි. සුභ පැතුම් ! මාලිංග , සංගා ඇතුළු ක්‍රීඩකයන්, මාවන්, වාස් ඇතුළු සැමට.(නදී)

:       0       0

දිමුතු Monday, 07 April 2014 09:13 AM

පෙරේරා මුට්ටිය ඇල්ලුවා. අපේ කොල්ලෝ හරියට ගැහුවේ නැත්නම් මොන ජයක්ද. සංගා සහ මහේල තමයි අපේ වීරයෝ.(නදී)

:       0       0

සුමුදු වේරගෙදර Monday, 07 April 2014 04:11 PM

සුභ පැතුම්. තෙරුවන් සරණයි. (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 06 April 2014 11:42 PM

අපි යුරෝපයේ ඉඳලා බලාගෙන හිටියේ. ආඩම්බරයි. ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 06 April 2014 11:43 PM

ජය වේවා!කවුරු මොනවා කිව්වත් මාලිංග නියම නායකයෙක්. (නි)

:       0       0

කුමාරි Sunday, 06 April 2014 11:47 PM

සතුට ශෝකේ,ජය පරාජේ අපටමයි මේ ලෝකයේ...... එයට පිටුපා මෙලොව මිනිසා කිසි තැනකදී නැහැ ගියේ...... අපේ කොල්ලන්ට ජය වේවා! (නි)

:       0       0

ජීවක Sunday, 06 April 2014 11:50 PM

බඩු මිලට අත තියනවා එහෙම නෙමෙයි ඔන්න (නි)

:       0       0

අශාන් Monday, 07 April 2014 09:39 AM

මගේ උත්තමාචාරය. හැබැයි සමහරු සංගලා යනකම් බලන් ඉන්නවා. දැක්කද තවමත් අපිට ජය ගෙනෙන්නේ එයාල තමා. ලෝකයේ බිහිවුණු ඇති විශිෂ්ට පිතිකරු දේපලක් සමු ගැනීම ලොකු දුකක්. සංගා මහේල ඔබට සුබ පැතුම්. (ස)

:       0       0

දීපාල් Sunday, 06 April 2014 11:52 PM

අපි සියල්ලෝම ලාංකිකයෝ වෙමු (නි)

:       0       0

රංජිත් Monday, 07 April 2014 09:44 AM

සිව් හෙලයේ සිංහයෝ අපේ අභිමානය රැක දුන්හ. සෞදියේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සුබ පැතුම්. සංගා, මහේල ඔබට තෙරුවන් සරණයි. (ස)

:       0       0

අනිල් රෝහණ Sunday, 06 April 2014 11:57 PM

මහි, සංගා, ඔයාලා ලංකාව වෙනුවෙන් කළ දේවල් අපිට කවදාවත් කරන්න බැරි වෙයි. එ්ත් ඔයාලා දෙන්නා ලංකාව වෙනුවෙන් කළදේට අපි සදා ණයගැතියි. ඔයාලා මෑත කාලයේ බිහිවුණ රජවරුයි. ඔබ දෙපලට මගෙන් උපහාරය! (නි)

:       0       0

භානු Monday, 07 April 2014 12:03 AM

ජයග්‍රහණය ගැන ඉතා සතුටු වෙනවා. නමුත් මහත්මාවරුන් ක්‍රීඩා කරන්නේ කෙලෙසද කියා ලොවට පෙන්වූ ඒ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් දෙදෙනාගේ සමුගැනීම නම් ලොකුම වේදනාවක්. (නි)

:       0       0

නාමල් Monday, 07 April 2014 12:07 AM

කිසිම සැකයක් නැහැ, ලෝකයේම දක්ෂතමයින් අපි බවට (නි)

:       0       0

අශාන් Monday, 07 April 2014 12:07 AM

ඔබ සැම ලක් මවට ආඩම්බරයකි.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් තරඟයන්ට තේරී අවසන් තරඟයේදී පරාජය පත් වූ අවස්ථා බහුලය. ඊට හේතුව ලෙස බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය වූයේ කුමක්දැයි මා කිවයුතු නැත. (නි)

:       0       0

නාමල් Monday, 07 April 2014 12:08 AM

20-20 ක්‍රිකට් පිටියෙන් ඉවත් වුවද, ඔබගේ මතකය අපගෙන් ඉවත් නොවේ.සංගා-මගේල ඔබ ක්‍රිකට් පිටියේ සදා අමරණීයයි! (නි)

:       0       0

කින් බෙනට් Monday, 07 April 2014 05:27 PM

ජපානයේ රැකියාව කරන මම රාත්‍රී වැඩමුරය නිවාඩු දමා තමයි සෙමි ෆයිනල් සහ ෆයිනල් බැලුවේ. වැඩ නොකරපු දින දෙකේ පඩියේ වටිනාකම රුපියල් 30,000 යි. ජය ලැබීම ගැන කියලා නිමකරන්න බැරි සතුටක් තියෙන්නේ (නි)

:       0       0

සුනිල් Monday, 07 April 2014 12:16 AM

චන්දිමාල්ගේ අති විශිෂ්ට කැපකිරීම ලංකාවේ ජයග්‍රහණය දෙගුණ කළා.ඒ ගැන කවුරුත් ප්‍රසිද්ධියේ අද කතා නොකිරීම අඩුපාඩුවක්. (නි)

:       0       0

රොෂාන් වෙරෝනා Monday, 07 April 2014 12:18 AM

අපේ සුභ පැතුම් කොල්ලන්ට! (නි)

:       0       0

හංසිකා Monday, 07 April 2014 10:20 AM

මමත් ගාලුමුවදුරට ගිහින් පවුලේ අයත් එක්ක විනෝද වේවි නැරඹුවා හරිම සතුටුයි.(නදී)

:       0       0

රන්ජිත් ෆෙර්ණන්දෝ පැරිස් Monday, 07 April 2014 12:29 AM

ලංකාවට හොද කීර්තියක් ගෙනදුන් ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

නිමල් පෙරේරා Monday, 07 April 2014 10:30 AM

ශ්‍රී ලංකා කණ්ඩායමේ විරුවන්ට මගේ උණුසුම් සුබ පැතුම්. විශේෂයෙන් අවසන් මහා තරඟයේදී ඉන්දියාව පරාජය කිරීම ඒ හැම දේකටම වඩා වටිනවා. (ස)

:       0       0

මංජු Monday, 07 April 2014 10:31 AM

ක්‍රිකට් තේරීම් කමිටුවට සහ අපේ ක්‍රිකට් කණ්ඩායමට සුභ අනාගතයක් ! (ස)

:       0       0

එල්. Monday, 07 April 2014 12:46 AM

නියමයි. ජයවේවා! සෞදියේ ඉන්න අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

අජිත් කුමාර Monday, 07 April 2014 12:50 AM

ශ්‍රී ලංකා කණ්ඩායමට මගේ සුභ පැතුම්! නියම සිංහයෝ (නි)

:       0       0

ජයන්ත Monday, 07 April 2014 12:53 AM

සුභ පැතුම්! (නි)

:       0       0

නඩරාජා Monday, 07 April 2014 12:56 AM

අපි සැවොම ජයපැන් බොන්න ඕනෑ. (නි)

:       0       0

පියල්-ජර්මන් Monday, 07 April 2014 01:04 AM

මගේ උණුසුම් සුභ පැතුම්! අපිත් මෙහේ ඉඳලා බලා සතුටු වුණා.ලංකාවේ හිටියා නම් කියලා හිතෙනවා (නි)

:       0       0

උදාර Monday, 07 April 2014 01:13 AM

ලාංකිකයෙකු වීම ආඩම්බරයක් (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Monday, 07 April 2014 11:18 AM

ජයග්‍රහණය ගැන අපි සැවොම සතුටු වෙමු. අපේ ක්‍රිකට් කණ්ඩායමට සුබ පතමු. ඒත් මේ ජය අපේ ක්‍රිකට් විරුවන් වෙනුවෙන් බුක්ති විදිමු. එහෙම නේද පෙරේරා, සුබාෂ් මහත්තයෝ. (ස)

:       0       0

ජයන්ත කරුණාරත්න Monday, 07 April 2014 11:18 AM

මහේල ! සංගා ගොඩාක් ස්තුතියි. ලංකාවට කරපු සේවයට. ඒ වාගේම සිලිංගා ඇතුලු අපේ සියලුම ක්‍රිකට් විරුවන්ට සුභ පැතුම්! (ස)

:       0       0

තිසර Monday, 07 April 2014 11:18 AM

මේ විජයග්‍රහණයේ පිටුපස සිටි දැවන්ත හස්තය අපේ ජනාධිපතිතුමා . (ස)

:       0       0

අජිත්-සෞදි අරාබිය Monday, 07 April 2014 01:37 AM

අපගේ සිංහ‍යන්ට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සරත් Monday, 07 April 2014 01:48 AM

මගේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

ගුණේ Monday, 07 April 2014 11:26 AM

උණුසුම් සුබ පැතුම් ! කවදාකවත් නොදැකපු කණ්ඩායම් එකමුතු කම, අධිෂ්ටානය හා හැමදාම තියෙන ලාංකික විනීතකම (සම්මාන ප්‍රදානයේදී හිස්වැසුම් ගලවා ලබා ගැනීම) ක්‍රිකට් ලෝකයටම පෙන්නුවා. එසේම අපට ආඩම්බරයක් ජාත්‍යන්තර 20 විස්සේ තරඟ පිටියෙන් සමුගන්නා ක්‍රිකට් ලොවේ විශිෂ්ටයන්ගේත් විශිෂ්ට අපගේ වටිනාම ක්‍රිකට් තරු දෙපලව ඉන්දියානු කණ්ඩායම ඉතා උණුසුම් ලෙස පිළිගෙන සමු දුන්නා. එසේම බටහිර ඉන්දීය ක්‍රිකට් නායකයාගේ ප්‍රකාශය ද පැහැදිලි කළා. සංගා හා මහේල ලෝක ක්‍රිකට් ලෝකයේ විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයන් බව. ඔබ දෙපොලගෙන් නවකයන්ට උකහා ගතු දේ බොහොමයි ඉදිරියේදී තමාගේ රටට ඒ සේවය කරන්න ඔබලාට අවස්ථාව ලැබේවා.! (ස)

:       0       0

ශර්ලි Monday, 07 April 2014 01:59 AM

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඔබ සැමට මගේ ප්‍රණාමය!ලෝකයේ කොහේ හිටියත් ලංකාව දිනන විට ලැබෙන සතුට කියා නිම කරන්න බැහැ. (නි)

:       0       0

පෙරේරා Monday, 07 April 2014 07:56 PM

අපි කාන්තාර මැද්දේ හිටියට, ලංකාවේ මහජනතාව සන්තෝෂයෙන් ඉන්න එක ගැන හරිම ආඩම්බරයි. මහේල, සංගා, මාලිංග , ඇතුළු පිරිසට ස්තුතියි! (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 07 April 2014 02:06 AM

ඇත්තෙන්ම පුදුම සතුටක් දැනෙන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන.ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දීම සම්බන්ධයෙන් ඔන්න ෂෙරිෆ්ගෙනුත් ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

හිමාල් Monday, 07 April 2014 02:07 AM

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට උරදුන් සැමට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 946 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5746 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3284 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 283 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1454 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1571 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28424 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site