IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලංකාව අඩි 50ක් පෙරට තබයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් ලෝක බැංකුව මෙරට ආරථික පුරෝකථනය පදනම් අංක 50 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව මෙම වසරේදී සියයට 2.2 ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගනු ඇතැයි ලෝක බැංකුව දකුණු ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.එසේම ශ්‍රී ලංකාව මෙම වසරේදී ළඟ කර ගන්නා ආර්ථික වර්ධන වේගය තවත් වර්ධනය කර ගනිමින් ලබන වසරේදී සියයට 2.5 සීමාවට පැමිණෙනු ඇති බවද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.

එසේම ශ්‍රී ලංකාව සිය නිල සංචිත ඉදිරියේදී තවත් වර්ධනය කර ගනු ඇති බවත් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ සහ සංචාරකයන් ගෙන් ලැබෙන ආදායම ඉදිරියේදී තවත් වර්ධනය වනු ඇති බවත් එම ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දුන් ණය මුදල විශාල සහායක් වූ බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම 2026 වසර තෙක් සියයට 22 සීමාවට වඩා ඉහළින් පවතිනු ඇති බවද ලෝක බැංකුව එම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.

පසුගිය වසරේ හතරවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 4.5 ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගත්තත් සමස්තයක් ලෙස 2023 වසරේදී සියයට 2.3 ක සෘණාත්මක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගත්තේය.එසේම පසුගිය වසරේදී මෙරට දරිද්‍රතා මට්ටම සියයට 26 ක් විය.

 



අදහස් (8)

ලංකාව අඩි 50ක් පෙරට තබයි

යකා Wednesday, 03 April 2024 05:44 AM

සෑහෙන අඩි ගානක් පෙරට තියල කියලනම් පේනවා මේ news එකට උඩින් තියෙන news article එක දැක්කම. "දරුවන් සමග කුස ගින්නේ සිටි දෙදරු පියකුට දිවිය එපා වෙලා" පුළුවන්තරම් බදු ගහල, සාමාන්‍ය මිනිහෙකුට ලැබෙන පඩියෙන් තමන්ගේ ලමයින්ටවත් කන්න දෙන්න විදියක් නැහැ. රටේ කිසිම නිශ්පාදනයක් නැහැ.

:       8       40

nanda Wednesday, 03 April 2024 05:52 AM

රටේ දියුණුවක් හරියට වෙන්න නම් නිෂ්පාදන වල ප්‍රගතියක් දැකිය යුතුය .අපනයන වල වර්ධනයක් .අලුතින් කර්මාන්ත වර්ධනය විය යුතුය .මේ විදියට තමා අවුරුදු 70 ගණනක් ගිහින් රට බංකොලොත් උනේ

:       3       27

පුරවැසියා Wednesday, 03 April 2024 07:41 AM

ලංකාවේ නිවෙස් කීපයකට ගිහින් ඔවුන්ගේ ජීවන තත්ත්වය හොයල බැලුවා නම් ආර්ථික ය හොඳට පුරෝකථනය කරන්න තිබුණා

:       2       37

ඔස්තාර් Wednesday, 03 April 2024 07:46 AM

දැන් අපේරටේ ආර්ථික ඔස්තාර්ල කට උල්කරල අත රවුම් කරල මේකෙ අදහස් පළකරයි.

:       15       20

ranjith Wednesday, 03 April 2024 08:49 AM

මෙයාලත් ණය දිදී රටම අන්දනවා

:       6       55

RanaWednesday, 03 April 2024 09:30 AM

මාළු මාමා දිනවමු

:       22       6

ආර්ථිකය-කන්නද-ජීවිත-බෙර-ගනිවු Wednesday, 03 April 2024 11:44 AM

මෙම තත්වය නැති කර කියුබාව, වෙනිසියුලාව වැනි තත්වයට ආර්ථික වශයෙන් යාමට අවශ්‍ය අය ජාතික ජන බලවේගය නමින් වෙස් වලා ගෙන පැමිණ සිටින ජනතා විමුක්ති පෙරමුණට ලග එන ඡන්දයක දී ඔවුන්ගේ කතිරය භාවිත කළ හැකිය.

:       2       3

Jayasekara Wednesday, 03 April 2024 02:26 PM

අපි කනහැටි ලිපා දනී...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 164 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 135 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 801 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 222 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 659 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site