IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලංකාවේ ආර්ථික නිදහස තවත් පල්ලම් බැහැලා



(සුජිත්  හේවාජුලිගේ )

ආර්ථික නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව රටවල් 184 ක් අතුරින්   149 ස්ථානය දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ කළ    හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතන  වාර්තාව අනාවරණය කරන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

ආර්ථික නිදහස යනු සෑම පුද්ගලයකුටම තම ශ්‍රමය හා දේපළ පාවිච්චියට ඇති මූලික  නිදහසයි.

නීතියේ ආධිපත්‍යය,රජයේ ප්‍රමාණය,නියාමන කාර්යක්ෂමතාව සහ   විවෘත වෙළඳපොළ යන ප්‍රධාන සාධක අනුව එම නිදහස තීරණය කෙරෙන බව පැවසේ.

ආර්ථික  නිදහස දර්ශකයෙන් 2000 වර්ෂයේදී ශ්‍රී ලංකාව සිටියේ 75 වැනි ස්ථානයේ බවත් 2016 වර්ෂයේ දී එය 93ක්  දක්වා පහළ ගිය බවත්  2022 වර්ෂයේ දී එය 136 ක් දක්වා  පහළ ගිය බවත් එම වාර්තාව සඳහන් කරන්නේ යැයි  මහාචාර්යවරයා කීවේය.

එමෙන්ම ආසියා පැසිපික් 39 න්  ශ්‍රී ලංකාව  සිටින්නේ 34 වෙනි ස්ථානයේ  බව පැවසූ වසන්ත අතු කෝරළ මහතා ඉන්දියාව පාකිස්ථානය බංගලාදේශය නේපාලය භූතානය ශ්‍රී ලංකාවට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින බවද සඳහන් කළේය.



අදහස් (5)

ලංකාවේ ආර්ථික නිදහස තවත් පල්ලම් බැහැලා

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 01:40 PM

ඒකට තමයි සර් රනිල් "සුබ ආරංචියක්" කිව්වේ !

:       7       17

Hafeel Monday, 15 July 2024 04:24 PM

පේනවා නේද රටේ ආර්ථික තත්වය. ලෝක වටෙන් ණය අරන් "සුභ ආරංචි" කියන ලෝකේ එකම එක ජනාධිපති දැන් ඉන්න පින් ජනාධිපති. ණය ලැබුණු සතුටට එයාටම ගැලපෙන කිරිබත් කාලා , රතින්ඤා පත්තු කරන මෝඩ ආධාරකරුවන් ඉන්නෙත් මෙහෙ.

:       1       1

Ruwan De Silva Monday, 15 July 2024 06:51 PM

ආසියාවේ ආශ්චර්යය සොමාලියාවට දෙවැනි නෑ

:       1       2

pakeer Monday, 15 July 2024 07:27 PM

මෙහෙමනේ මහාචාර්යතුමෝ ..ඉලක්කම වැඩි වෙනවා කියන්නේ හොඳ වර්ධනයක් .ඉතින් කවුරු හරි මොනවා කිව්වත් අපි තමයි සුපිරියටම කරේ

:       1       1

සමන්ත Monday, 15 July 2024 08:04 PM

ඒක එහෙම නොවුණා නම් තමයි පුදුමේ. රාජපක්‍ෂලා කාලා හප කරපු රාජ්‍යක්, අවුරුදු දෙකකට කලින් රනිල් වික්‍රමසිංහ වැනි, අත් දැකීම් සහ පළපුරුද්ද වගේම, ආර්ථික කලමනාකරණය පිළිබඳව විෂය පිළිබඳ ප්‍රමානික දැනුමක් ඇති විෂේශඥයන් ට ඇහුම්කන් දී, කෙලින් තීරණ ගත හැකි නායකයෙක් රට බාර නොගත්තානම්, ඕක තියෙන්නේ අද 200 වැනි තැනේ විතර​. අද විවේචන කරන ස.ජ.බ., ජේ .වී.පී ඔස්තාර් ලා එදා ඕක බාර ඇරන් කෙරුවා නම්, අද අපිට ඔහෙලාගේ ඔය කෙරුවාව බලාගන්න තිබුණා. ඒ නිසා විවේචන විතරක් නෙමේ, මොනවාද කරන්නේ ඒකට කියලත් මේ ලෝකේ තියෙන විසඳුම් කිව්වා නම් තමයි හොඳ. ​

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 14 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10588 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5266 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7444 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4971 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1248 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36519 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24204 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 530 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site