( තිළිණි ද සිල්වා)
පැතිරෙමින් යන නව කොවිඩ් ප්‍රභේදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සංචාරකයින්ට නැවත දැනුම් දෙන තුරු එරටට ඇතුළු වීම අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජය තීරණය කර ඇත.
එඑමීර් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඉකුත් 19 වැනිදා නිකුත් කළ නවතම චක්‍රලේඛයකට අනුව මෙම තහනම බලපැවැත්වෙන බව එමීරයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඇෆ්ඝනිස්ථානය , ඉන්දියාව බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය , කොංගෝ ජනරජය ,ඉන්දුනීසියාව , ලයිබීරායව , නැමීබියා ,නයිජීරියා ,උගන්ඩා ,සියරා ලියෝන් ,දකුණු අප්‍රකිාව , වියට්නාමය සහ සැම්බියාව යන රටවල සංචරකිය්න සදහා මෙම තහනම බලපැවැත්වෙන බවද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.
එම රටවල් වල සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයන් ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් එමීර් රජය මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියලු සංචාරකයින්ට එමීරය වෙත පැමිණීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර , මෙම රටවල දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.
කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමීර් සිවිල් ගුවන්සේවා අධිකාරිය නිකුත් කළ චක්‍රලේඛයේ සදහන් වන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කීය.
නමුත් ඒමීර් රාජ්‍යයේ මෙම තීරණය හේතුවෙන් එරට සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අපෙක්ෂාවෙන් හා මේ දිනවල ලංකාවේ නිවාඩු දින ගබා ගෙන ඇති ලාංකික ශ්‍රමිකයින් බහුතරයක් අසීරුතාවයට පත් ව සිටින බවද වාර්තා වේ.
මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යය මගින් ලාංකිකයින්ට නැවත එරටට පැමිනීම සදහා පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් එරට විදේශ සබදතා හා ජාත්‍යන්තර සහයෝගතා අමාත්‍යාංශය සමග නිරතුරුවම සකාච්ඡා කරන බවද අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ලංකාව ඇතුළු රටවල් 16 ක සංචාරකයින්ට එක්සත් අරාබියෙන් තහනමක්