IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලංකාව ඉන්දියාවෙන් සමාව ගනී

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හා තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ගැන සදහන් කරමින් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩිවියේ පළවූ පරිභවාත්මක ලිපියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා කැඳවා අප්‍රසාදය පළ කර සිටීමට කටයුතු කරන බව ඉන්දියා විදෙස් ඇමතිනී සුෂ්මා ස්වරාජ් කියයි.

පසුගියදා පැවැති ඉන්දියා රාජ්‍ය සභාවේදී මෙම ලිපිය මුල්කරගෙන කලබලකාරී තත්ත්වයක්ද ඇතිවිය.තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ගේ ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ සාමාජිකයන් ලිපියේ ඇති කරුණු හුවා දක්වමින් කළහකාරී ලෙස හැසිරීම නිසා සභාව කිහිපවරක්ම කල් තැබීමටද සිදුවිය.

රාජ්‍ය සභාවේ කලබලකාරී තත්ත්වය තමිල්නාඩුව පුරාවටත් ව්‍යාප්තව තිබුණි.

දෙමළ සිනමා අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන් රැසක් චෙන්නායි නුවර ශී්‍රලංකා තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්ද පැවැත්වූහ. ඉදිරියට පැමිණීමට නියමිත දෙමළ චිත්‍රපට කිහිපයක රූගත කිරීමේ කටයුතුද මෙම ලිපිය පළවීම සම්බන්ධයෙන් ඉන්දියා රජය නිසි පියවර ගන්නා තෙක් නවතා ඇති බවද සදහන්ය.

තමිල්නාඩුවේ ඇතිව තිබූ නොසන්සුන්කාරී වාතාවරණය නිසා ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීමට චෙන්නායි බලා ගිය ශ්‍රී ලංකා 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියා ආරක්ෂක අංශ වල උපදෙස් අනුව  නැවත ශ්‍රී ලංකාවට එවනු ලැබීය.

ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් සමාව ඉල්ලා ඇත.

අදාළ ලිපියද ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත.



අදහස් (0)

ලංකාව ඉන්දියාවෙන් සමාව ගනී

අමිල සිංග Tuesday, 05 August 2014 09:57 AM

අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා කියන්නේ මේකට නේද? (දී)

:       0       0

විමල් Tuesday, 05 August 2014 10:34 AM

සමාව ගත්ත එකනම් බොහොම වැරදියි අපි මොකටද ජයලලිතට ඔළුව නමන්නෙ ඇත්තනෙ කීවේ (දී)

:       0       0

සමන් Tuesday, 05 August 2014 06:18 AM

අනේ අපේ පාලකයින්ට මොලේ නැද්ද ඔය කාන්තාවගෙන් සමාව ඉල්ලන්ඩ ,කොන්ද පණ නෑනේ අපේ අයට අපහාස කරන එක ජාතික වගකීමක් (දී)

:       0       0

මිගාර Tuesday, 05 August 2014 06:23 AM

චමින්දගේ කතාව හරි මගෙත් එකම පැතුම එයයි (දී)

:       0       0

චමින්ද Tuesday, 05 August 2014 06:22 AM

මේකේ අනිත් පැත්ත වෙන්නේ කවදාද (දී)

:       0       0

දිල්රු Tuesday, 05 August 2014 06:27 AM

ඉන්දියාව අපෙන් සමාව ගන්නවානම් හැමදාම සමාව ගන්න ඕනේ (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 06 August 2014 07:02 AM

ඒ රටේ අය එදා ඉඳලා මේ රටට කරන අපහාස, කෙනහිලි, අපේ නායකයන්ට කරන අපහාස බැලුවම මේක මොන අපහසයක්ද? මේක විවේචනයක් විතරයි.මේකට මොකට සමාව ඉල්ලනවද? ඒකේ තියෙන කිසිදෙයක වැරැද්දක් මට නම් පෙනෙන්නෙ නැහැ (නි)

:       0       0

තුසිත Tuesday, 05 August 2014 06:31 AM

මමනම් දන්නේ නැහැ ඔය මොකවත් (දී)

:       0       0

රවී Wednesday, 06 August 2014 07:11 AM

ඉන්දියාවේ කෙරුවාව අපි දන්නවා (දී)

:       0       0

උදාර Tuesday, 05 August 2014 06:36 AM

බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගයහම ඔහොම වෙන්න පුළුවන්. (දී)

:       0       0

අජිත් ප්‍රියන්ත උක්වත්ත අචිනි Tuesday, 05 August 2014 06:42 AM

වැරදි කලානම් සාමව ගත යුතුයි (දී)

:       0       0

රන්ජා Tuesday, 05 August 2014 07:03 AM

අපිට නිදහසේ ඉන්න දෙන්නේ නැද්ද (දී)

:       0       0

සමන්ත Tuesday, 05 August 2014 07:03 AM

මොකාක් හරි ප්‍රශ්නයක් වටෙනවාමයි ඉන්දියාවෙන් (දී)

:       0       0

ජෝන් Tuesday, 05 August 2014 07:06 AM

වගකිවයුත්තෝ වගකීමෙන් වැඩ කරන්න (දී)

:       0       0

පාලිත Tuesday, 05 August 2014 07:08 AM

මන් මොහාන් සින්ග් දැන් මොකද කරන්නේ (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 August 2014 07:10 AM

ඉන්දියාවත් එක්ක වැඩ කරන කොට පරිස්සමෙන් වැඩ කරන්න (දී)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 05 August 2014 07:35 AM

නුසුදුස්සන්ට තනතුරු දුන්නාම ඒවායේ ප්‍රතිපල තමයි රටවැසියන් ලෝකයා ඉදිරියේ නිවටයන් වීම (නි)

:       0       0

නෙහාරා Tuesday, 05 August 2014 07:44 AM

මෙයාලා මොනවට බැලුවද මන්දා අපේ වෙබ් අඩවි? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 05 August 2014 07:49 AM

ශ්‍රී ලංකා රජය කළේ වැරැද්දක්. ඒ නිසානේ සමාව ගන්න වුණේ. දැන් ඉතින් ප්‍රශ්නය ඉවරනේ. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 05 August 2014 11:58 AM

සමාවගත් එක නම් හරිම වටිනවා ,කව්රු මොනවා කිවුවත් (නි)

:       0       0

බුද්ධි Tuesday, 05 August 2014 07:55 AM

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කළ යුතු කොතෙක් දේ තිබියදීත් මෙවන් වැඩ කරන අයත් මෙවන් වගකිවයුතු ආයතනවල සිටිනවනේ? වරද තේරුම් ගත් එක ලොකු දෙයක් (නි)

:       0       0

සෙනරත් Tuesday, 05 August 2014 08:09 AM

මෙම වෙබ් අඩවියේ පළවූ ලිපියේ අඩංගු කරුණු මොනවාදැයි දැනගැනීමට අපි දැඩි කුතුහලයකින් පසුවෙමු. (නි)

:       0       0

සිංහ Tuesday, 05 August 2014 08:09 AM

ඉන්දියාව ගැන මොකටද අපි ඇවිස්සෙන්නේ? (නි)

:       0       0

නිරාන් Wednesday, 06 August 2014 01:10 AM

ලාංකිකයන්ට ලෝකයෙන් තිබු අභිමානය දරුණු ලෙස සෝදා පාළු වී ඇත (නි)

:       0       0

රොෂාන් Tuesday, 05 August 2014 08:12 AM

හොඳම වැඩේ තමයි සමාව ඉල්ලන එක (නි)

:       0       0

සෙනරත් Tuesday, 05 August 2014 08:19 AM

ඉන්දීය ප්‍රශ්න වලට මොකටද අපි අත දාන්නේ (දී)

:       0       0

විමල් Tuesday, 05 August 2014 08:31 AM

ඇයි සමාව ගත්තේ? (නි)

:       0       0

සිරිමෙවන් Tuesday, 05 August 2014 08:35 AM

ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් සහ මෙහෙවුම් ක්‍රියාවලිය ගැනත් දැන්නම් බයයි (නි)

:       0       0

ආරියසිරි Tuesday, 05 August 2014 08:40 AM

පුදුම වැඩක්නේ, ඒ කියන්නේ චිත්‍රපටි නිෂ්පාදකයන්ට,අධ්‍යක්ෂකවරුන්ටත් පුළුවන්ද රජයට බලපෑම් කරන්න? (නි)

:       0       0

තුසිත Tuesday, 05 August 2014 08:50 AM

සමාව ගත්ත එකනම් වැරදියි (දී)

:       0       0

අකලංක Tuesday, 05 August 2014 08:59 AM

මොකද්ද මේ වෙන්න යන්නේ ලංකාවට (දී)

:       0       0

රන්ජිත් Tuesday, 05 August 2014 09:05 AM

ලංකාවේ දේසපාලකයෝ ඉල්ලන් කන්න වගෙයි ලැහැස්තිය.ඉස්සර දැම්මේ පරිප්පු...මේ පාර මෙහාට ආවොත් අපි මොකද කරන්නේ...බොරු සෝබන දමන්නේ නැතිව ඉන්න(දී)

:       0       0

විමල් Wednesday, 06 August 2014 04:00 AM

නිමල් රාජපක්ෂ මහත්තය ජයලලිතට ගොට්ට අල්ලන්නෙ ඇයි. ඇවිල්ල කණට ගැහුවත් අපිද සමාව ගන්න ඕනෙ ලජ්ජා නැති අය තමයි කොන්ද නමන් සමාව ගන්නෙ (අ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 06 August 2014 04:38 AM

නිසි අයුරින් ක්‍රියාත්මක නැති විදේශ ප්‍රතිපත්තිය නිසා ඇතිවන ගැටළු තමයි මේ. සමාව ගන්න නම් ඕවා නොලියා ඉන්නනෙ තිබුනේ. (දිල්)

:       0       0

ව. සුමේධ ෆෙර්ණන්දෝ Wednesday, 06 August 2014 04:49 AM

මේ වැඩ වලින් සිද්දවෙන්නේ සිංහල ජාතියම හැල්ලුවට ලක්වෙන එකයි.(අ)

:       0       0

දර්ශන Tuesday, 05 August 2014 02:52 PM

ඉස්සරහට වැදගෙන ඉන්නත් වේවි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 444 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 477 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 148 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1452 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1098 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 432 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site