IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


“ලංකාව ඉහළ ආදායම් ලබන රටක් කරනවා“

ඉදිරි දශක දෙකක කාලයකදී ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කරන බවත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික සංවර්ධනය විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය මත පදනම් වනු ඇති බවත් රනිල් වික‍්‍රමසිංහ අගමැති වෝටර්ස් එජ්හිදි අද (8) පැවැසීය. 

විද්‍යාව හා තාක්ෂණය ප‍්‍රවර්ධන කිරීම රටේ අනාගතයට වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබඳවත් අගමැති ‘සමාජය උදෙසා හා විද්‍යාව හා තාක්ෂණය’ ශ්‍රී ලංකා 2016 සමුළුවේ තාක්ෂණික සැසිවාරවල ආරම්භක සැසිය අමතමින් කීවේය.

වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

‘‘ජාතික විද්‍යා තාක්ෂණ ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ පළමු පියවර ලෙස මෙම සමුළුව පෙන්වාදිය හැකිය. විද්‍යාව හා තාක්ෂණය ශ්‍රී ලංකාවත් තුළත් කලාපය තුළත් විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත. කි‍්‍රකට් කී‍්‍රඩාව මෙන් කලාපයේ රටවල් සහයෝගීතාව ඇති කිරීමට විද්‍යාව හා තාක්ෂණය හේතුවනු ඇත. 

ශ්‍රී ලංකාව ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිටිනවා. සියලූ ක්ෂේත‍්‍ර හා පාර්ශවවල ඇතුළත්වීම, තිරසාරත්වය හා ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම යන ප‍්‍රධාන කරුණු තුන මත පදනම්ව අපි අපේ අනාගතය ගොඩනගනවා.“

gggmm GLA_2753 GLA_2812



අදහස් (0)

“ලංකාව ඉහළ ආදායම් ලබන රටක් කරනවා“

ඇසළ Friday, 09 September 2016 05:18 AM

අපි කොරනවා, කොරන්න බලාපොරොත්තු වෙනවා, අපි අහගෙන ඉන්නවා. බදු වැඩි වෙනවා, කාලය ගෙවී යනවා, වා, වා, වා, වා, අන්තිමට ඡන්දෙ දීපු අපි කාගෙන ඉන්නවා කර ගත්ත මෝඩ කමට. (බ)

:       0       0

ජයන්ත Friday, 09 September 2016 05:34 AM

වැඩ කරන මිනිස්සු කියව කියවා ඉන්නේ නැහැ. වැඩ කරලා පෙන්නලා තමය් කතා කරනවානම් කරන්නේ. බතල කොළ පැලවෙනකොට බබාට ළමයත් හම්බවෙයි (බ)

:       0       0

වසන්ත Friday, 09 September 2016 06:03 AM

බදු ටිකවත් එකතු කරගන්න බැරිව එකත් පෞද්ගලීකරණය කරනවානම් ඕවා සිහින විතරයි. පාර්ලිමේන්තුවත් පෞද්ගලිකරණය කරමු !!! (ම)

:       0       0

සනත් Friday, 09 September 2016 03:41 PM

මෙන බෙරුද කියනවා විතරයි ඔහොමෝ තමයි එහෙත් ඒහෙමයි මෙහෙත් ඒහෙමයි . (අ)

:       0       0

සිරිමලී Thursday, 08 September 2016 03:09 PM

තව අවුරුදු තුනක් තියෙනවනේ.(හේ)

:       0       0

බමුණු ආරච්චි Friday, 09 September 2016 04:21 PM

වියදම් ගැන මොනවද කියන්නේ? (නි)

:       0       0

ජයලත් Thursday, 08 September 2016 03:18 PM

ඔහොම කියලා තමයි බඩු මිල වැඩි කරන්නේ.(හේ)

:       0       0

දිනේෂ් සුබසිංහ Thursday, 08 September 2016 03:32 PM

කතා නම් එමටයි. වැඩ නම් ඉබිගමනින්. (හේ)

:       0       0

අසේල Thursday, 08 September 2016 03:53 PM

අපිත් ඒකට උදව් කරනවා.(හේ)

:       0       0

සුසන්ත Thursday, 08 September 2016 03:53 PM

ඒක හොදයි.(හේ)

:       0       0

විපුල Thursday, 08 September 2016 04:17 PM

අවුරුදු පහකින් කරන්න පුළුවන් වෙයිද?(හේ)

:       0       0

සුසන්ත Thursday, 08 September 2016 05:05 PM

බොරු සෝභන කතා විතරයි.වැඩ නැත, (ම)

:       0       0

තිලක් -ඩුබායි Friday, 09 September 2016 07:56 AM

මොනවද හෙට අනිද්දා වෙනකොට ඡන්දෙ දුන්නු අසරණ මිනිසුන්ට ඇගට/බඩට දැනෙන හෙන ගහන බදු ගැහිල්ලක් ගහවි. (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 09 September 2016 09:14 AM

හැමදාම කියන එක තමයි අන්තිමට ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (ර)

:       0       0

දිලාන් Friday, 09 September 2016 09:48 AM

දැන් දවල් හීන පෙනෙන්න පටන් අරගෙන. (ර)

:       0       0

හේවා Thursday, 08 September 2016 10:25 PM

කියන්නා කෙසේ කිවුවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි (ම)

:       0       0

පහන් Friday, 09 September 2016 02:26 AM

අදායම් වැඩිකරන්න පුළුවන් සල්ලි අච්චු ගහල. එතකොට අනිත්පැත්තෙන් ඉහළ වියදම් ඇති රටක් වෙනවා , උද්ධමනය වැඩි වෙනවා. රටක අදායම ඉහල නංවන්න නම් නිෂ්පාදනය වැඩි කළ යුතු වෙනවා. භාණ්ඩ හා සේවා අපනයන අදායම ඉහල දැමිය යුතු වෙනවා. පුනරාවර්තන වියදම් අවම කළ යුතු වෙනවා, (බ)

:       0       0

ද සිල්වාබෙර්ලින් Tuesday, 13 September 2016 07:51 AM

කරුණාකර කරන්න පුළුවන් දෙයක් කියන්න. එවිට අපිද සහය වන්නෙමු

:       0       0

නිමන්ත පතිරණ Friday, 09 September 2016 03:00 AM

දශක දෙකක් ඉවසන්න බැ.. අද නිදාගෙන හෙට නැගිටිනකොට මේ රට සංවර්ධනය වෙලා තියෙන්න ඕනේ. (බ)

:       0       0

ශානක Friday, 09 September 2016 02:54 AM

කතා විතරයි වැඩ නෑනේ (බ)

:       0       0

රංග Friday, 09 September 2016 03:16 AM

එය මෙසේ නිවැරදි විය යුතුයි ලංකාව ඉහළ බදු අයකරන රටක් කරනවා (ම)

:       0       0

ජයන්ත Friday, 09 September 2016 03:55 AM

තව ෆොක්ස් වැගන් කොම්පැනි එකේ වැඩ පළවල් දෙකක් විතරයි අරින්න ඕනේ. දැන් එකක වැඩ යනවනේ බරටම කුරුණෑගල. මේ යන විදියට තව වසරකින් අපිට බලවත්ම රට වෙන්න බැරි නැහැ.. නැද්ද මන් කියන්නේ! (බ)

:       0       0

සජී Friday, 09 September 2016 04:00 AM

දින 100 මාස 60 වුණා. දැන් මාස 60 අවුරුදු 20ක් වුණාද? කාවද මේ රවට්ටන්නේ (බ)

:       0       0

ධනුෂ්ක Friday, 09 September 2016 04:16 AM

දින 100 ඇතුලෙත් ඕක තිබ්බ නේද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 16 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 336 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 201 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 713 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 309 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site