IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලංකාව කුණුවලින් වාර්තාවක් තියයි

මුහුදුට ප්ලාස්ටික් ඇතුළු   ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්ස අතරින්  පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ‘ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් සගරාව කළ පර්යේෂණයකට අනුව  අනාවරණය වී ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.

එම සඟරාවේ එමියි නොර්ඩම් සඳහන් කර ඇත්තේ ලොව පුරා රටවල් 192ක් පිළිබඳව අවධානය යොමු කර සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අපද්‍රව්‍ය මුදා හරින රටවල් 20 නම් කළ බවයි.

එම අනුපිළෙවෙළ අනුව මුලින්ම ඇත්තේ චීනයයි. ඉන්දුනීසියාව දෙවැනි තැනටත්, පිලිපීනය තුන්වැනි තැනටත්, වියට්නාමය හතර වැනි තැනටත්, ශ්‍රී ලංකාව පස් වැනි තැනටත් ඇතැයි කාරියවසම් මහතා පවසයි.

ශ්‍රී ලංකාව වසරකට මුහුදට දමණ ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික්ටොන් 1.59ක් බව එම සඟරාවේ සඳහන්ය.

ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් සඟරාමවට අනුව ලංකාවේ සෑම පුද්ගලයකුම දිනකට කුණු කිලෝ 5.1ක් පරිසරයට මුදා හරින අතර ඒ අතර ග්‍රෑම් 300ක ප්ලාස්ටික් ද ඇතුළත් වෙයි. නිෂ්පාදිත කුණු ප්‍රමාණය ජනගහණයෙන් බෙදීමෙන් මෙම අගය ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ කසළ කළමණාකරනයට නිසි වැඩ පිළිවලක් නැති බවත්, දිනේන් දින ගොඩ ගැසෙන කුණු නිසා රටේ දැවැන්ත අර්බුදයක්   නිර්මාණය වී ඇති බවත් රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරයි.

මෙරට කුණු යනු පාතාල නායකයින්ගේ හා දේශපාලකයන්ගේ ආදයමි මාර්ගයක් වී ඇති බව ද,  කසළ කළමණාකරන වැඩ පිළිවලක් සකස් කිරීමට යෝජනා කරමින් පසුගිය දෙසැමිබර් මාසයේ මිතොටමුල්ල  ප්‍රදේශයේ සිදුකළ උද්ඝොෂණයට පහර දුන්නේද එම ආදායමි මාර්ග නැති වේයැයි බියෙන් විය හැකි බවය ද කාරියවසම් මහතා පවසයි.

 

 



අදහස් (0)

ලංකාව කුණුවලින් වාර්තාවක් තියයි

චින්තන Monday, 25 April 2016 06:27 AM

කුණු කියන්නේ සල්ලි .මම ඉන්නේ මලයාසියාවේ මගේ රෙස්ටුරෙන්ට් එකෙන් දවසට කිලෝ 3 ක් දිරන කුණු දින 30 =90kg මගේ කඩේ නගරේ මැදක තියෙන්නේ .කුණුවලින් මිතෙන් ගෑස් හදනවා .ටයර් ටියුබ් වලට පුරවනවා .ගෑස් කුකර්යට ගහල වතුර උණු කරගන්න ,බතක් උයාගන්න . මාස 6 කට පස්සේ කුණු කොම්පෝස්ට් ,මම ඉන්නේ තැන ගොඩක් අය මගේ වැඩ දැකල යමක් ඉගෙනත් ගන්නවා . මොලයක් තියෙන්නේ හිතන්නනේ . මාසෙකට මම කුණු වලින් Rs 3000. ඉතුර කරනවා .තව සුරිය උදුනක් තියෙනවා. (ර)

:       0       0

සුසන්ත Monday, 25 April 2016 06:30 AM

මේවා මොන කුණු ද පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, ප්‍රාදේශීය සභාව වල තියන කුණු වල හැටියට!(ම)

:       0       0

ලිනොන් Monday, 25 April 2016 06:38 AM

මේක විස්වාස කරන්න පුළුවන් කතාවක්ද ලංකාව අනික් රටවල් සමඟ සසඳලා බලනවිට භුමි ප්‍රමාණයෙන් මෙන්ම සංවර්ධන කාර්යන් වලින්ද ඉතා පහළ මට්ටමක තිබෙන රටක්. (ම)

:       0       0

අමල් Monday, 25 April 2016 04:19 PM

අපි කුණු වලින් හරි වාර්තාවක් තියමු. (ර)

:       0       0

මදුසංක Monday, 25 April 2016 04:19 PM

මදි මදි පලවෙනි තැනට එන්න ඕන. (ර)

:       0       0

අමල් Monday, 25 April 2016 08:20 AM

පස්වැනි තැනින් නම් අපි සැහීමකට පත් විය යුතු නැහැ. සැමවිටම පළමු වැනි තැන ගැනීමට උත්සහ කල යුතුයි.(අ)

:       0       0

වින්සන්ට් Monday, 25 April 2016 08:33 AM

පළමුව දේශපාලන කුණු ගොඩ ඉවත් කරගැනීමට හැකි වන්නේනම් රටේ කුණු ප්‍රශ්නය විසඳා ගැනීම අපහසුවන්නේ නැත. (ර)

:       0       0

පුෂ්පා Monday, 25 April 2016 09:49 AM

වින්සන්ට් ඔයා හරි.... ඒකම තමයි හරි උත්තරේ.. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 181 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1042 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 282 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 168 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 371 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 953 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site