IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලංකාව කප් ගහයි

ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස  ශ්‍රී ලංකාව පත්වී ඇතැයි ඇමෙරිකාවේ ෆොක්ස් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටී.

ඇමෙරිකාවේ සංචාරක සමාගම් කිහිපයක සංචාරක වාර්තා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට තේරී තිබේ. එහිදී ලොව සංචාරයට සුදුසු ගමනාන්ත නම් කර ඇති අතර එහි ඉදිරියෙන්ම පසුවන්නේ ශ්‍රී ලංකාව බව ද ෆොකස් නිව්ස් වාර්තා පවසයි.

යුනෙස්කෝ ලෝක උරුමය ලෙස නම් කළ ශ්‍රී දළදා මාලිගය, සුන්දරත්වයෙන් යුතු වෙරළ තීරය, දියඇළි, තේ වගාව ඇතුළු තුරුලතා හා වනෝද්‍යානයන් ගෙන් පිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙලෙස ලොව හොඳම සංචාරක ගමනාන්තයක් හිමි රටක් ලෙස නම් කිරිමට හේතුවී ඇත.

මේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටද තෙවැනි තැන ජපානයට හිමිවී ඇත.

ස්විට්ස්ර්ලන්තය, ග‍්‍රීන්ලන්තය, ඇමෙරිකාවේ ඔහියෝ, චීනය, ජෝර්ජියාව, මොන්ටිනීග්‍රෝ සහ නිකරගුවා යන රාජ්‍යයන් හොඳම සංචාරක ගමනාන්තය හිමි රටවල් දහය අතුරට තේරී පත් වී සිටිති.

01 04 Beach estate4 Sinharaja-rainforest-1442247490 Sri-Lanka-Tours-Sigiriya06 St z_jun-p08-The-oldest005 Zahntempel_Kandy



අදහස් (0)

ලංකාව කප් ගහයි

සුබා Sunday, 17 January 2016 05:39 PM

සොබාදහමින් ලැබී තියෙන දේවල් වලින් උපරිම ලෙස ප්‍රයෝජන ගන්න තවත් උත්සාහ කළොත් රටට හොඳ කලක් යයි. වැලි විතරක් තිබෙන රටවල් සංචාරක පුරවර වෙලා තිබෙන හැටි දන්නවා නේද? (නි)

:       0       0

චුල Sunday, 17 January 2016 05:47 PM

මේ ලබාගත් කප් එක දිගටම රැකගැනීම අමතක කළයුතු නොවේ. එහෙත් සංචාරකයන්ට ලංකාවේ ස්වභාව ධර්මය හැර අනෙක් විනෝදවීමේ ක්‍රම සහ පහසුකම් ඉතාමත් අල්පයි. සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්නේ ඔවුන්ට අවශ්‍ය දේවල් අපට දෙන්න හැකිනම් පමණි. (නි)

:       0       0

ඇන්ටන් Sunday, 17 January 2016 07:18 PM

මගේ රට ගැන ආඩම්බරයි..... (නි)

:       0       0

කුමාර් Sunday, 17 January 2016 10:16 PM

මහින්ද මැතිතුමාගේ උත්සාහයයි මේ (නි)

:       0       0

ශානක Sunday, 17 January 2016 11:15 PM

කොච්චර ලස්සන රටක්ද දේශපාළුවෝ එකතුවෙලා නැතිකරන්නේ? (නි)

:       0       0

විමලරත්න Monday, 18 January 2016 12:01 AM

මගේ ලස්සන ශ්‍රී ලංකා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 18 January 2016 12:07 AM

දෙනියාය පැත්තෙන් සිංහරාජයටත් යන්න එන්න අපේ රටේ සුන්දරත්වය විඳින්න. අපි සැවොම වාසනාවන්ත මිනිසුන් වෙමු. හදවතින්ම ශ්‍රී ලංකා! (නි)

:       0       0

කැනඩා දිසා Monday, 18 January 2016 12:24 AM

මා ඉපදුන රට රත්නදීප ශ්‍රී ලංකාවයි. ආඩම්බරයි අම්මේ... දුර ඈත රටක සිටිනා මා මියයනවිට ඔබ තුරුලට පැමිණ මිය යමියි යනු මගේ ප්‍රාර්ථනයයි. එය එසේ නොවුණහොත් ඔබ සිටිනා දිශාවට හිස හරවා මා මියයන්නෙමි (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Monday, 18 January 2016 12:26 AM

මා ඉපදුන සුන්දර ලංකා මාතාවට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටාරක්ෂාව ලැබේවා....! (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Monday, 18 January 2016 12:37 AM

කැනඩා-දිසා, ඔබේ පැතුම එසේම ඉටුවේවායි ප්‍රාර්ථනා කරන අතර එය කියවද්දී මගේ දෑසට කඳුලක්ද නැගුණි...! (නි)

:       0       0

නෙළුම් Monday, 18 January 2016 01:03 AM

විවාහයෙන් පසු දුරුරටක පදිංචියට යාමට රාත්‍රී ගුවන් යානයට ගොඩවී පහළ බැලුවිට ලක් පොළව මත විදුලි ආලෝක තරු කැට වගේ පෙනුනා. මගේ හුස්ම මොහොතකට නැවතුනා. අනේ අපි නම් මවුරටින් වෙන් වුණේ මෙහි පළ කළනොහැකි පුද්ගලික කාරණා නිසා මිසක් හීනෙකින්වත් මවුරට දාලා යන්න උවමනාවක් තිබුන නිසා නොවෙයි. (නි)

:       0       0

රජි Monday, 18 January 2016 07:08 AM

තව දෙදහස් පන්සීය වසරක් ඔබ මත මියැදි පන ලැබුවත් ඔබ සතු මහා ගුණ සමුදා වටහා නොගනිමු පහදා............ (ම)

:       0       0

අජිත් Monday, 18 January 2016 02:14 AM

මගේ රට ගැන ඇත්තටම ආඩම්බරයි (නි)

:       0       0

ජස්මින් Monday, 18 January 2016 07:36 AM

ආඩම්බරයි මුළු ශ්‍රී ලංකාවටම ජයවේවා (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 03:48 AM

සුබා, ඔබ හරි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 03:44 AM

චුල, ඔබ හරි. සංචාරකයෝ ලංකාවට එන්නේ සිල් ගන්න නෙමෙයිනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 03:55 AM

අපි සමඟ රැකියාව කරන "ලෙබනන් ජාතිකයෙක්" නිවාඩුව ගතකරන්න ලෝකයේ රටවල් වලට සංචාරය කරන්න යනවා. ගිය සියලුම රටවල් අතරින්,ඔහු වැඩියෙන්ම කැමති සොබා සෞන්දර්ය තිබෙන්නේ ශ්‍රී ලංකාවෙලු. මම මොනතරම් ආඩම්බර වුණාද ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 03:51 AM

ගුවන් යානය පහත් කරද්දී පොල් ගස් ටික දකිනකොට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. (නි)

:       0       0

රඛිත් Monday, 18 January 2016 04:05 AM

ගමනාන්තය යනු ගමනක අවසාන අවස්ථාවයි. එසේ නැතහොත් අන්තිමට යා යුතු ස්ථානයයි. සංචාරයට සුදුසු හොඳම රටවල් අතරින් ප්‍රථම ස්ථානය වශයෙන් නිවැරදි විය යුතුය. (බ)

:       0       0

නිරාන් Sunday, 17 January 2016 12:52 PM

මා ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙමි. මගේ රටට දළඳා සමිදු පිහිටයි.(කෞ)

:       0       0

විජේසුන්දර Monday, 18 January 2016 04:09 AM

ලෝකෙන්ම උතුම් රට ශ්‍රී ලංකා! (නි)

:       0       0

රකිත් Monday, 18 January 2016 04:21 AM

ඇත්ත කතා කරමු. කොපමණ සුන්දර රටක් වුනත් රට අතහැරලා විදේශගත වෙන්න කී දෙනෙක් උත්සාහ කරනවද? ඒ රටේ වරදක් නිසා නොව රට කරවන අයගේ වැරදි නිසා (නි)

:       0       0

සකුණි Sunday, 17 January 2016 01:21 PM

ඇත්තටම අපේ රට කොච්චර ලස්සනද, අපි සියලුදෙනා මේ ලස්සන ආරක්ෂා කර ගනිමු. (කෞ)

:       0       0

චානක Monday, 18 January 2016 04:24 AM

ආඩම්බරයි. පළමු තැන රැකගන්න කටයුතු කරන්න. (නි)

:       0       0

ඡන්න Sunday, 17 January 2016 01:54 PM

ආයුබෝවන් ශ්‍රී ලංකා මාතා....(බ)

:       0       0

උදාරත් Monday, 18 January 2016 08:46 AM

මගේ රටට දළඳා සමිදු පිහිටයි. (ම)

:       0       0

අරුණ -කටාර් Monday, 18 January 2016 05:21 AM

1977 ට පෙර තිබුණු අපේ කමත් තිබුනානම් කොතරම් අගේද ? (බ)

:       0       0

උපාලි Sunday, 17 January 2016 02:04 PM

රටනම් ලස්සනයි එ්ත් එහි වෙසෙන ගොඩක් මිනිසුන් විශේෂයෙන් දේශපාලකයන් ගොඩක් අවලස්සනයි.ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත (බ)

:       0       0

අමල් Monday, 18 January 2016 05:24 AM

කැනඩා-දිසා, මගේ පැතුමත් ඔයාගේ පැතුමත් එකයි. එය කියවද්දී මගේ දෑසට කඳුලක්ද නැගුණි...! මගේ රටට දළදා හිමි සරණයි (බ)

:       0       0

ඉන්දික Sunday, 17 January 2016 02:11 PM

මගේ රටට දළඳා හිමි සරණයි ! (බ)

:       0       0

චමල් Monday, 18 January 2016 05:32 AM

අපිට මේ ඉතුරු වෙලා තියෙන සුන්දරත්වය විනාශ කරන්න එපා (ම)

:       0       0

ඉනෝකා Sunday, 17 January 2016 02:28 PM

අප ඉපදුන පින්වන්ත භූමියේ චමත්කාරය...! ලෝකෙන් උතුම් රට ලංකාවයි..... සිරි ලංකාවයි (නි)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Sunday, 17 January 2016 02:59 PM

මගේ රට මෙන් සුන්දර රටක් තවත් නැහැ. ඒත් ඇතැම් මිනිසුන් ගන්න දෙයක් නැහැ... (නි)

:       0       0

ඩිලාන් Sunday, 17 January 2016 03:22 PM

කලකට පෙර මෙහි පැමිණි කවියෙකුත් ලියාතිබුනා “සෑම දෙයක්ම ඇස පිනවනවා. නමුත් මෙහි වාසය කරන්නන් නපුරු අය“ කියා. (නි)

:       0       0

දේවික Sunday, 17 January 2016 03:36 PM

ලංකාව හොඳයි. නමුත් කුහක මිනිසුන්ගෙන් පිරිච්ව රටක්. හැමෝම එක හා සමානව හිතන්න කරන්න පුරුදුවෙනවා නම් කොච්චර වටිනවාද? (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 17 January 2016 03:56 PM

මා ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බර වෙමි. මගේ රටට දළඳා සමිඳු පිහිටයි! (නි)

:       0       0

සිල්වා Sunday, 17 January 2016 03:52 PM

පරිසරය රැකගෙන වනාන්තර රැකගෙන රට ඉදිරියට අරගෙන යන ගමනේ විල්පත්තුව සිංහරාජ වනාතර ගැන රජයට අවධානය යොමුකරන්න වෙනවා, මතු පරපුර වෙනුවෙන්. (නි)

:       0       0

චිත්‍රා Sunday, 17 January 2016 04:04 PM

උපාලිගේ කීම අනුමත කරන ගමන් තව එකතු කළයුතුයි. මිනිසුන් අතර 10%ක් නරක ගොඩට වැටෙනවා (නි)

:       0       0

මහින්ද සෞදි Sunday, 17 January 2016 04:05 PM

උපාලි, ඔබගේ අදහස මාද එකහෙළාම පිළිගන්නවා. (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 17 January 2016 04:47 PM

මෙච්චර ලස්සන රටක් තිබිලත්, හිම කුණාටු, භූමිකම්පා නැතුවත්, දියුණු වෙන්න බැරි එක ගැනයි කණගාටු. සංචාරක ප්‍රවර්ධනය කිසි පිළිවෙලක් නැහැ. පිටරට ටීවී වල නිතර පෙන්වන්න මේ පින්තූර ටිකවත් දාගන්න වැඩපිළිවෙලක් නැද්ද? හෝටල් ගාස්තු ඇමෙරිකාවටත් වඩා වැඩි නිසයි සංචාරකයෝ අඩුවෙන් එන්නේ. (නි)

:       0       0

ශාන්ත - කටාර් Sunday, 17 January 2016 04:53 PM

දිනේවා ලංකා මාතා! මෙහෙ ඉන්න අයගේ කටවල් වැහුණා පින්තූර ටික පෙන්නුවට පස්සේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 72 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 120 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1774 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2657 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2018 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 523 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36865 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24331 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 572 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site