IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලංකාවේ කලාකරුවෙකුට මිලක් නියමවෙන්නේ නැහැ

20160831Menaka-1මේනකා මධුවන්ති කියන්නේ පුංචි තිරයේ රංගනය මෙන්ම නර්තනයෙන්ද දස්කම් පෑ අයෙකි. ඇය මේදිනවල අලුත් වැඩක් සඳහා සූදානම් වනවා. ඒ ජාත්‍යන්තර තරගයක් සඳහායි. ඒ පිළිබඳව සහ ඇගේ කලා දිවිය පිළිබඳ කතාබහ කිරීමට මෙවර 'සාරවිට' තරු කතාබහට ඇයව සම්බන්ධ කර ගනු ලැබුවාය.

 

20160831Menaka-4මේ දිනවල වැඩකටයුතු කොහොමද? ඊට අමතරව තව විශේෂ කාරණාවක් සඳහා සූදානම් වෙනවානේද?

මේ දවස්වල චිත්‍රපට සහ අලුත් ටෙලිනාට්‍යයක් සඳහා පොඩ්ඩක් දායක වුණා. ඒ වගේම  ජාත්‍යන්තර තරගයකට යන්න සූදානම් වෙනවා.

 

සූදානම් වන ජාත්‍යන්තර තරගය ගැන කතා කළොත්?

ඒ පිළිබඳව කිව්වොත්, Miss Latina International ලෙස තමයි හඳුන්වන්නේ. ඒ සඳහා තමයි මම ඇමෙරිකාවට යන්නේ. ඒක පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසයේ.  ඒ සඳහා සූදානම් වෙන්න තියෙනවා. මීට කලින් මම ජාත්‍යන්තර තරගයක් දායක වුණේ නර්තන අංශයෙන්. එහිදී මට ජයග්‍රහණය කරන්න ලැබුණා. මේක බියුටි පැජන්ට් එකක්.

 

මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මේ තරගය කරන Organization එකෙන් මට නර්තන තරගයකට තමයි ආරාධනා කළේ. ඒ අය මට අවුරුදු තුනකට කලින් ඉඳන් තමයි කියන්නේ මේ තරගය සඳහා සහභාගී වෙන්න කියලා. ඉතිං මගේ වැඩත් එක්ක මට ඒ සඳහා දායක වෙන්න ලැබුණේ නැහැ. ඉතිං මම මෙදා පාර මගේ සුදුසුකම් එක්ක ඒ සඳහා අයදුම් කළ නිසා අවස්ථාව ලැබුණා.

 

නර්තන අංශයෙන් ජාත්‍යන්තර ජයගත් ඒ තරගය ගැන සඳහන් කළොත්?

2009 වර්ෂයේදී මැලේසියාවේ පැවැත්වුණු Open Dance Festival සහ Asian Pacific Dance Exclusion කියන තරග දෙකෙන් පළමු ස්ථානය ලබා ගන්න අවස්ථාව හිමි වුණා.

 

නර්තනයෙන් ක්ෂේත්‍රය අවතීර්ණ වූ ඔබ දැන් නර්තනයෙන් ඈත් වෙලාද ඉන්නේ?

එහෙම නැහැ. නර්තනය සඳහා ආරාධනා ලැබෙන හැම මොහොතකම සම්බන්ධ වෙනවා. මගේ නර්තන හැකියාව පෙන්නන්න තරම් නිර්මාණයක් මට ලැබුණේ නැහැ.

 

දායක වන චිත්‍රපට ගැන කිව්වොත්?

චිත්‍රපට 03ක් සඳහා දායක වුණා. තව දෙකක් සඳහා ආරාධනා ලැබිලා තියෙන්නේ. එකක් අර්ජුන් කමලනාත්ගේ චිත්‍රපටයක්. එකක් සුදේශ් වසන්ත පීරිස්ගේ චිත්‍රපටයක් සඳහායි. මේ දවස් ටිකේ ටෙලිනාට්‍යයක් සඳහා දායක වෙලා තියෙනවා. නිරෝෂන් අලහප්පෙරුමගේ %දරණි^ කියලා ටෙලිනාට්‍යයක්. ඉතිං මේ කටයුතුත් එක්ක තමයි ජීවිතය ගෙවෙන්නේ.

 

ඔබ වැඩිපුරම කාලය යොදවන්නේ, පුංචි තිරයටද? සිනමාවටද?  

මම වැඩි අවස්ථාවක් දෙන්නේ පුංචි තිරයටද, රිදී තිරයටද නෙමෙයි. මට ලැබෙන චරිතත් එක්ක. පුංචි තිරයේදී මාව එක චරිතයක් සඳහා කොටුවෙන අවස්ථා ගොඩක් වැඩියි. ඒක නිසා මම ලොකු කාලයක් පුංචි තිරයෙන් ඈත්වෙලා ඉන්නවා. මොකද එකම චරිතයක් තුළින් මිනිස්සු අතරට යන්න මම කැමැත්තක් දැක්වූයේ නැහැ. මම ආස කළෙ වෙනස් චරිතවලින් යන්න. ඒකයි මම කාලයක් ඈත් වෙලා ඉඳලා දැන් නැවතත් කලාවට එකතු වෙන්නේ.

 

ව්‍යාපාරයක් කරගෙන යනවා නේද?

ඔව්, මම පාවහන්, අත්බෑග් සහ ඇඳුම් සම්බන්ධව ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතිං ඒකත් කරගෙන පාඩුවේ ඉන්නවා.

 

කලාවට සම්බන්ධ පුද්ගලයන් වෙනත් ව්‍යාපාර සඳහා යොමුවෙන්නේ කලාව තුළින් යැපෙන්න අමාරු නිසාද?

ඔව් අනිවාර්යයෙන්ම. ඒක අමාරුයි ජීවත් වෙන්නේ. අපි බොලිවුඩ්, හොලිවුඩ් වගේ නෙමෙයි. ලංකාවේ හරි කලාකරුවෙකුට මිලක් නියමවෙන්නේ නැහැ. ඒ කෙනෙක්ව අගේ කරන්නේ නැහැ. බොහෝ දෙනා කරන්නෙ නිර්මාණයට ගැළපෙන කෙනා ගන්න නෙමෙයි. නිර්මාණයට අඩුවෙන් ගාණ අය කරන කෙනා ගන්න තමයි ඒ අය බලන්නේ. නිෂ්පාදකවරුන්ට ඕනේ අඩු වියදමක් කරලා නාට්‍ය එළියට දාන්න. නිර්මාණයට ගැළපෙන කෙනාද, හරි කෙනාද කියල නෙමෙයි ඒ අය බලන්නේ. එහෙම තියෙන කාලෙක හරි අමාරුයි කලාව මගින් දියුණු වෙන්න. මම හිතන්නේ නැහැ ක්ෂේත්‍රයෙන් විතරක් යම් කෙනෙක් දියුණු වෙලා තියෙනවා කියලා. හැමකෙනෙක්ම අමතරව කටයුත්තක නියැළෙනවා.

 

යම්කිසි මිලක් නියම කරන කෙනෙකුට වැඩ ප්‍රමාණයන් වල අඩුවක් තියෙනවාද?

ඔව් තියෙනවා. මිලක් වැඩි කරන්න පුළුවන් කාලයක් එනවනේ. නමුත් ඒ කාලෙදී යම්කිසි මිලක් තියෙනවා. අඩුවට කරන්න බැහැනේ. යම්කිසි ප්‍රමිතියක් අපි පවත්වාගෙන යන්න ඕනේ නිසා.

 

20160831Menaka-5විදේශීය නාට්‍ය සංස්කෘතිය නිසා බොහෝ නිෂ්පාදකවරුන් අඩුවියදම් නිර්මාණද බිහිකරන්නේ?

අනිවාර්යයෙන්ම. අද අප රටේ නළු නිළියන් කොච්චර ඉන්නවාද?. ඒ වුණත් එම නළු නිළියන් නිර්මාණය සඳහා දායක කරගන්නේ බෙදිලා. එතකොට සමහර අයට නිර්මාණයක් ලැබෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒ අතරතුර විදේශීය නාට්‍යවලින් නිර්මාණ බිහිවීමේ අවස්ථාව අඩුවුණා. ඒවගේම නළු නිළියන්ට ලොකු අසරණතාවකට මුහුණ දුන්නා. සමහර අය ඉන්නේ කලාව තම ජීවිතය මෙන්ම වෘත්තීය කරගත්ත අය. මේ පිළිබඳව තීරණය කරන්න ඕනේ ප්‍රේක්ෂකයන්. ඒ අයගේ බලන නිසානේ මේ දේවල් ගෙනත් ගෙනත් දාන්නේ. ඒ වෙලාවට දේශීය නාට්‍යයක් යනවානම් කොච්චර හොඳ දෙයක්ද?. තමන්ගෙ දෙයකට වඩා පිට දේවල් ලොකු වෙන ගතියක් අපි හැමකෙනෙක්ටම තියෙනවානේ. අපේ නළුනිළියක් පාරේ ගියා කියලා අපේ අයට වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඉන්දියාවේ කවුරු හරි එනවා කිව්වොත් සල්ලි වියදම් කරගෙන පාරේ ඉන්න සෙනග බලන්නකෝ. මේකට කවුද වගකියන්න ඕනේ කියලා කාටවත් කියන්න බැහැ.

 

මාධ්‍ය තුළින්ද කලාකරුවන්ගේ වටිනාකම අඩුකරන්නේ?

කෙනෙක්ට ඇඟිල්ලක් දික්කරන්න බැහැනේ. කොටස්වලට බෙදිලා ගිහින් තියෙන්නේ. මාධ්‍යයෙන් වෙන්න පුළුවන්, නිෂ්පාදකයෝ වෙන්නත් පුළුවන්, කලාකරුවෝ වෙන්නත් පුළුවන්. එක එක්කෙනාගේ වැරදි දේවල්වලින් සිද්ධවෙච්ච දේවල්. අපේ රටේ විතරක් නෙමෙයි එහෙම දේවල් වෙන්නේ. මේ දේවල් ඉන්දියාවෙත් වෙනවා, හොලිවුඩ්වලත් වෙනවා. එහෙම වුණා කියලා කලාකරුවාගේ වටිනාකම අඩුවෙන්නේ නැහැනේ.

 

කලාව තුළ දිනෙන් දින නවකයන් ඒම ගැන ඔබ මොකද හිතන්නේ?

නවකයෝ බිහිවුණාම තමයි අලුත් දේවල් එන්නේ. නැත්නම් අපි එකම තැන පල්වෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම නවකයන් බිහිවෙන්න ඕනා. අලුත් අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් බිහිවෙන්න ඕනා. එතකොටයි මේ කර්මාන්තයත් අලුත් වෙන්නේ.

 

නවකයන්ට ප්‍රවීණයන්ගෙන් සහයෝගය ලැබෙනවාද?

ඒක ඕනෑම ක්ෂේත්‍රයක තියෙන දෙයක්. කෙනෙක් එන කොට කැමති නැහැ. මොකද අපි කිසිකෙනෙක් රහත්වෙලා නැහැනෙ. අනිවාර්යයෙන්ම එනකොට කැපිලි කෙටිලි තියෙනවා.

 

ඔබට ආදරය කරන රසිකයන්ට ඔබව නැවත දැක ගන්න පුළුවන් ඉදිරිකටයුතු මොනවාද?

හොඳ නිර්මාණ දෙක තුනක් ලැබිලා තියෙනවා. ආසාවෙන් ඉන්නවා එම නිර්මාණවල වැඩ පටන් ගන්නකන්. හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

 

මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

එහෙම කියලා නැහැ. මට හැමදාම මගේ ගෙදර අය සහ දෙමව්පියන් තමයි මට උදව් කරන්නේ. ඒ අයව මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

20160831Menaka-2 20160831Menaka-3 20160831Menaka-6



අදහස් (0)

ලංකාවේ කලාකරුවෙකුට මිලක් නියමවෙන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 226 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 612 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 122 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 563 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 658 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1100 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site