IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලංකාවෙ කොල්ලෙක් රසාංකුර මෘදුකාංගයක් හදයි

අන්තර්ජාලයේ ඔබ දකින ආහාර වල රසයන් එවලේම ඔබගේ දිව වෙත දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවෙකු ප්‍රමුඛ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.

මෙම උපාංගය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන ඇති නිමේෂ රණසිංහ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධිධාරියෙකි. අනතුරුව මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස ඩයලොග් හා ඉන්ටර්බ්ලොක්ස් ආයතනයන්ගේ සේවය කර ඇති හෙතෙම 2008 වසරේදී සිංගප්පූරුව බලා ගොස් ඇත්තේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමටය. සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු හදාරා ඉලෙක්ට්‍රෝනික හා පරිගණක ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් වන ආචාර්ය උපාධියක් ලබා ඇති ඔහු දැන් එම සරසවියේම පර්යේෂකයෙකු ලෙස සේවය කරමින් සිටී.

අප ආහාර ගැනීමේදී ආහාර ඛේටයේ දියවේ. මෙම දියවීමේදී ආහාර වලට රසයන් ගෙන දෙන රසායනිකද ඛේටයට එක්වේ. අපට රසය දැනෙන්නේ මෙම ඛේටයේ දියවූ රසායනිකයන් හමුවේ දිවෙහි ඇති රසාංකුර නම් රස හදුනාගැනීමේ සමත් සංවේදකයන් උත්තේජනය වීම නිසාය. තිත්ත,ලූණු,ඇඹුල්,පැණි ලෙස ප්‍රධාන රසයන් 4 ක් හදුනාගැනීමේ සමත් රසාංකුර වර්ග 4 ක් මිනිස් දිවෙහි පිහිටා ඇත.

ආචාර්ය නිමේශ රණසිංහ ඇතුලූ ඔහුගේ පර්යේෂකයන් පිරිස කර ඇත්තේ මෙම රසාංකුරයන් කෘතිමව උත්තේජනය කිරීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමයි.මෙහිදී ආහාර ගැනීමකින් තොරවම රස දැනගැනීමේ හැකියාව භාවිතා කරන්නාට ලැබේ.

ආචාර්ය නිමේෂ රණසිංහ පවසන ආකාරයට ආහාරයක zzරසzz දැනගැනීමට මෙම උපාංගය දිවේ තුඩින් මදක් ස්පර්ෂ කිරීම පමණක් සෑහේ.

මෙහි කි්‍රයාකාරීත්වය ගැනද පැහැදිලි කරන ඔහු අර්ධ සන්නායක වලින් නිර්මිත මෙම උපාංගයේ සිදුවන සියුම් උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් මෙසේ දිවෙහි රස සංවේදකයන් උත්තේජනය කරන බව කියයි.මෙම උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් පාලනය කරනු ලබන්නේ පරිගණක වැඩසටහනකිනි.එම වැඩසටහනද ආචාර්ය නිමේෂ රණසිංහ ප්‍රමුඛ පර්යේෂක පිරිසගේ නිර්මාණයකි.

රස දැනවීමට අමතරව ආහාරයක් පිළිඹද සැළකීමේදී සුවදද වැදගත් වන හෙයින් රසත් සුවදදත් දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමටත් සැළසුම් කර ඇතැයි ඔහු කියයි.

උපාංගයේ භාවිතයන් ගැනත් සදහනක් කරන ඔහු දියවැඩියාව ඇති රෝගීන්ට පෙර රස විදි සීනි සහිත ආහාරයක රස විදගැනීමේ හැකියාව මෙයින් ලැඛෙනු ඇති බව පවසයි.තවද විකිරණ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ටද මෙම උපකරණයෙන් ඔවුනට තවදුරටත් සුදුසු නොවන එහෙත් ඔවුන් පෙර රසවිදි ආහාරයන්ගේ රසයවත් දැනගැනීමේ හැකියාව ලැඛෙනු ඇති බව කියයි.

ඒ කෙසේ වුවත් මෙම උපකරණය නිර්මාණය කිරීමේ අරමුණ මිනිසා අතත්‍ය යථාර්ථයට තවදුරටත් ළං කිරීම බව ඔහු පවසයි. දැනටමත් යථාර්ථයට වඩා අතත්‍ය යථාර්ථය ජීවිතයේ කොටසක් කරගෙන සිටින මිනිසා හට මෙවන් උපාංග භාවිතයත් ඉදිරියේදී වැදගත් වනු ඇති බව ඔහුගේ අදහසයි.

ඉදිරියේදී කෙතරම් ලෙව කෑවද ඉවර නොවන සීනි වැඩි යැයි කරදර වීමට සිදුනොවන ඩිජිටල් ‘සීනි බෝලයකුත්‘ නිර්මාණය කිරීමේ අදහසකුත් තමන්ට ඇතැයි ඔහු කියයි.

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම උපකරණය තවදුරටත් වැඩිදියුණු කිරීමට ආචාර්ය නිමේෂ රණසිංහ ඇතුලූ පර්යේෂක පිරිස බලාපොරොත්තුවෙන් සිටී.



අදහස් (0)

ලංකාවෙ කොල්ලෙක් රසාංකුර මෘදුකාංගයක් හදයි

තිවංකා අබේරත්න Tuesday, 26 November 2013 05:00 AM

ශා නියමයි මල්ලි අපෙන් සුබ පැතුම් (අ)

:       0       0

උපාලි Monday, 25 November 2013 11:32 AM

ඇසට ඉලෙක්ට්‍රොනික රූපත්, කනට ශබ්දයත් පමණයි දැනට තිබෙන්නේ. ඔන්න දැන් 'දිවත්' හරි. මේ පුද්ගලයා සුවඳත් ඉලෙක්ට්‍රොනිකව දෙන්න සුදානම් බව කියනවනේ.හැබැයි, අනෙක් දේ සොයාගත් දාට තමයි ලෝකය අනික් පැත්ත පෙරලන්නේ. ස්පර්ශය! ඒකත් ඉලෙක්ට්‍රොනිකව හමු වුණොත් අපේ කාන්තාවන්ට කරදයක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන් වෙයි. අනේ හොඳයි. (නි)

:       0       0

පින්තූ සිරිල් Monday, 25 November 2013 11:34 AM

පාවිච්චි කරලම බලා තමයි අදහසක් දාන්න වෙන්නේ (නි)

:       0       0

වන්නි තිලක් Monday, 25 November 2013 11:34 AM

අනේ! මේ වගේම කෑවේ නැතත් බඩ පිරුනා වගේ දැනෙන එකකුත් හදන්නකෝ. මේ බඩු මිල ඉහළ යන හැටියට ඔය ක්‍රමයට රස බලලා බඩත් පිරුනා කියලා දැනුනම 2500 න් විතර ජීවත්වෙන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

කැළුම් Monday, 25 November 2013 11:50 AM

ලංකාවේ කොල්ලන්ගේ වැඩ ගැන සන්තෝෂයි. එහෙත් ඉදිරියට ඔක්කොම කෘතිම දේවල් වෙයිද කියලා බයයි. (නි)

:       0       0

සමන්ත Monday, 25 November 2013 11:58 AM

නියමයි. ඔබට ජය! (නි)

:       0       0

නන්ද Monday, 25 November 2013 12:00 PM

සුභ පැතුම්! (නි)

:       0       0

සුලෝචන Monday, 25 November 2013 12:04 PM

මෙය මෙවන් දක්ෂයන්ට රජයේ උපකාර අවශ්‍ය මොහොතක් (නි)

:       0       0

බණ්ඩාර Monday, 25 November 2013 12:05 PM

ඔබ අපිට වගේම රටටත් ආඩම්බරයක් (නි)

:       0       0

පල්ලෙවෙල Monday, 25 November 2013 12:05 PM

මේ වගේ දක්ෂයන් අපේ රටට ගෞරවයක්. අපි මොවුන් තවත් දිරි ගන්වන්න ඕනෑ. රජය මීට වඩා මේ අය ගැන බැලුවොත් හොදයි නේද? (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 25 November 2013 12:07 PM

දයාබර සහෝදරයාණනි, ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්! ඔබ අප රටට සහ මිරීගමට මහත් ආඩම්බරයක්. ජය ශ්‍රී! (නි)

:       0       0

චම්පික Monday, 25 November 2013 12:07 PM

ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. ඔබට දළදා සමිදු පිහිටයි (නි)

:       0       0

ෆ්බ්ට් Monday, 25 November 2013 12:17 PM

නියමයිනේ (නි)

:       0       0

අර්ජුන රණවන Monday, 25 November 2013 12:22 PM

ඉතා අගෙයි (නි)

:       0       0

රසික Monday, 25 November 2013 06:52 PM

ඇත්තටම අපේ රටේ කෙනෙකුගේ දක්ෂකමක් වෙනුවෙන් අගය කරමි.(නදී)

:       0       0

සවී Monday, 25 November 2013 12:30 PM

නියම වැඩකාරයෙක්නේ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 25 November 2013 12:33 PM

ලාංකික අප සැමට ගෞරවයක්. ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්. ඉතාලියේ සිට අපේ රට කන "මොළ" වලට වඩා රටේ නම්බුනාමය ආරක්ෂා කරන මේ "මොළය" අපිට ගොඩක් වටිනවා. (නි)

:       0       0

දිමුතු Tuesday, 26 November 2013 04:22 PM

ලංකාවේ අපේ කොල්ලෝ ලොවම ජය ගන්න ඕනේ ඉදිරි පර්යේෂණ සාර්ථක වේවා ( දී)

:       0       0

තුසී Monday, 25 November 2013 12:37 PM

නියමයිනේ (නි)

:       0       0

තිලක් Monday, 25 November 2013 12:38 PM

මම පර්යේෂකයෙකු නොවේ. එහෙත් සුවද නහයට දැනෙන තාක්ෂණික උපකරණයක් අද හෙට වෙළදපොලට එයි යැයි බල බලා හිටියේ ... (නි)

:       0       0

ශානක Monday, 25 November 2013 12:40 PM

නියමයි (නි)

:       0       0

ලාල් Monday, 25 November 2013 12:44 PM

අපේ දක්ෂයෝ ඔක්කොම පිටරටවල (නි)

:       0       0

ජනිත දිසානායක - හෝමාගම Monday, 25 November 2013 12:48 PM

ඔබගේ උත්සාහයට සුබ පතමි.''අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී'' සිහියට නැගේ.ඒ වගේම 3453 ක් මෙම ලිපිය කියවද්දී , වෙන වෙන දේශපාලකයන්ගේ පුවත් වලට අදහස් දක්වන අපේ මිනිසුන් මෙම දිරිය ලංකා පුත්‍රයා වෙනුවෙන් එතරම් දිරි ගැන්වෙන අදහසක් සදහන් නොකිරීම ගැන කණගාටු වෙමි. (නි)

:       0       0

චමින්ද Monday, 25 November 2013 12:49 PM

අපේ රටට ඔබ ලොකු ආඩම්බරක්. ඔබට සුබ අනාගතයක්. මගේ සුබ පැතුම්...! (නි)

:       0       0

චින්තක Monday, 25 November 2013 12:58 PM

මෙන්න ලෝකයක් වටිනා සිංහල කොල්ලෙක්. ලංකාවේ ඉන්න හැම ක්ෂේත්‍රයකම නිර්මාණශීලින් මේ නිමේෂව ආදර්ශයට ගන්න. ඉන්න රට මොකක් වුණත් කමක් නැහැ ලංකාවේ නම තියන්න. ලංකාවේ නව නිර්මාණ දියුණු කරන්න තාම ප්‍රාග් ධනයත්, යටිතල පහසුමත් ප්‍රමාණවත් නැහැ. කවදා හරි ඒ දේවල් ගොඩ නැගෙනතුරු දක්ෂයින්ගේ හැකියාවන් අපතේ නොයන්න ලෝකේ කොහේ හරි ඒවා ක්‍රියාවේ යොදවන්න ඕනෑ. නිමේෂ රණසිංහට සුබ පැතුම්.....! (නි)

:       0       0

තුෂාරි Tuesday, 26 November 2013 08:37 AM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රදාස Monday, 25 November 2013 07:38 PM

ඔබට සුබ පතමි. (නි)

:       0       0

සුලෝචන පෙරේරා Monday, 25 November 2013 01:03 PM

මෙවැනි දක්ෂයන්ට රජය අත හිත දෙන්න ඕනෑ (නි)

:       0       0

අචින්ත්‍යා Monday, 25 November 2013 07:43 PM

නියම කොල්ලෙක්. සතුටුයි හොදේ. ඕක පාවිච්චි කරන විදිහත් කියන්න අපිට (නි)

:       0       0

චින්තක Tuesday, 26 November 2013 05:34 PM

ඔබගේ විශිෂ්ට හැකියාව ඉහළින්ම අගය කරමි. (නි)

:       0       0

අචින්ත්‍යා Monday, 25 November 2013 07:45 PM

සුභ පැතුම් ! (නි)

:       0       0

හේරත් Monday, 25 November 2013 08:00 PM

නියම වැඩක්.සුබ පැතුම්! (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 25 November 2013 01:21 PM

හැමදෙයක්ම මේ විදියට ආවොත් මොනවා වෙයිද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 25 November 2013 01:29 PM

ඔහු ගැන ආඩම්බරයි.එහෙත් මට නම් දිවේ රසත් සමග බඩත් පිරෙන්න ඕනෑ.බැරිද දන්නේ නැහැ මේක එම තත්ත්වයට දියුණු කරන්න? (නි)

:       0       0

තිලින හිමාල් Monday, 25 November 2013 01:29 PM

සුභ පැතුම් නිමේෂ! ඔබ මුළු රටටම ආඩම්බරයක් ! (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 25 November 2013 01:31 PM

සුබ පැතුම්! ලංකාවේ ඉන්න තිබුණු වටිනා මොළයක්. කමක් නැහැ. සුදුස්සාට සුදුසු තැන ලැබෙන හොඳ රටකනේ ඉන්නේ. ඔබ ඉන්න රට දැනුමේ වටිනාකම හඳුනන, සුදුස්සාට සුදුසු තැන ලැබෙන, ජීවත් වෙන්න ඉතාම සුදුසු රටක්. (නි)

:       0       0

රවීන් Monday, 25 November 2013 01:51 PM

මෙහෙම ගියොත් තව අවුරුදු 1000ක් විතර යනකොට මැෂින් අපිව පාලනය කරයි, යටපත් කරයි. (නි)

:       0       0

රසික Monday, 25 November 2013 01:53 PM

හොඳ වැඩක්. ඔබට සුබ පැතුම්. නමුත් මෙමගින් අමාශයේ ආම්ලිකතාවය වැඩිවීමෙන් අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් පවතිනවා නොවේද? (නි)

:       0       0

පුලිත Tuesday, 26 November 2013 06:18 PM

නියම කොල්ලෝ ඔබට ජය! (නදී)

:       0       0

ෂා Monday, 02 December 2013 12:16 PM

නියමයි මරු කොල්ලෙක් ඔයාට ජය වේවා !!!!! (ස)

:       0       0

ජෙරාඩ් Tuesday, 26 November 2013 09:43 AM

නියම කොල්ලෙක් ! ඔබට සුබ පතමි. (නි)

:       0       0

රජින්ද Monday, 25 November 2013 02:20 PM

ඔබට ලාංකික අපගෙන් හදපිරි උණුසුම් සුබ පැතුම්...!!! ඔබ වැනි උගත් බුද්ධිමතුන්ට මෙන්ම සෞන්දර්යවාදීන්ටද ලංකාව හිතකර රටක් නොවේ. එහෙත් අපේ මී මුත්තන්ගේ, දෙමාපියන්ගේ අතීතය ගැබ්ව ඇති නිසා තවමත් මව්බිමට ආදරය කරමි. (නි)

:       0       0

මංජුල Tuesday, 26 November 2013 10:03 AM

නියමයි මල්ලියා. (නදී)

:       0       0

රන්සර Monday, 25 November 2013 02:26 PM

නිමේෂ් සොයුර, සුභ පැතුම් ඔබගේ නව සොයාගැනීමට. ඔබ, රටටත් විශ්ව විද්‍යාලයටත් මහත් ආඩම්බරයක්. ඔබට ඉදිරියටත් තවත් මෙවන් දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! (නි)

:       0       0

ගිමාල් Friday, 29 November 2013 01:11 AM

ලංකාවේ කොල්ලෝ හැමදේටම දක්ෂයි (නි)

:       0       0

රාවන් Monday, 25 November 2013 09:59 PM

දිවට රස, එතකොට බඩට හුළංද ? ඉක්මනින් මෙයට පේටන්ට් එකක් රැගෙන ලංකාවට ජය ගෙනෙන්න! (නි)

:       0       0

රෙමා Monday, 25 November 2013 02:54 PM

ඔබට සුබ පැතුම්! ඔබ ලංකාවේ ඉන්න ඕනෑ කෙනෙක්. ඒත් අපේ රටේ සුදුස්සාට තැන නොලැබෙන නිසා සියලුම දක්ෂයින් පිටරටවල. (නි)

:       0       0

හසිත ඉන්දුජිත් ජයවීර Tuesday, 26 November 2013 10:47 AM

හරිම සතුටුයි.ඔබට උණුසුම් සුභ පැතුම්.ලංකාවට ජය ගෙනෙන්න. (නි)

:       0       0

පීටර් Saturday, 30 November 2013 10:07 PM

මන් හිතන්නේ යාළුවා ඔයත් ගෙර්මන්ය් ඒවි..........(අ)

:       0       0

ජනක කුමාර Sunday, 01 December 2013 05:33 PM

ඔබට මමත් සුබ පතනවා (නදී)

:       0       0

රන්ජිත් Monday, 25 November 2013 03:22 PM

මේක පාවිච්චි කර බලාම අදහසක් දමන්නම්. කොයි කලෙටද මෙය පිටවන්නේ? නැත්නම් ඕක තවමත් අත්හදා බලන එකක්ද? මේක හරිගියොත් ගොඩක් දේවල් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් (නි)

:       0       0

අනුකි කිරිල්ලවල Monday, 25 November 2013 11:35 PM

අතිවිශිෂ්ඨයි. සුබ පැතුමි.(ස)

:       0       0

ආරච්චිල Thursday, 28 November 2013 07:20 PM

නියමයි නිමේෂ අයියා. මීරිගමින් බිහි වූ කොල්ලෙක්. මුළු රටටම ආඩම්බරයක්. ඔයාගේ ඉදිරි පර්යේෂණ තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. (නි)

:       0       0

රොෂාන් Monday, 25 November 2013 04:13 PM

උපාලි, ඒ සොයාගැනීම දැනටමත් කර අවසානයි. ගූගල් එකේ සොයා බලන්න. (නි)

:       0       0

කල්හාර Monday, 25 November 2013 04:14 PM

මටත් අත්හදා බලන්න තිබුනා නම්... (නි)

:       0       0

චන්දන Monday, 25 November 2013 04:14 PM

සුබ පැතුම්! දේශපාලනය කරන දක්ෂයින් හැරුණු විට අනෙක් අය රට හැර යනවා. (නි)

:       0       0

නහොර් අංගොඩ Tuesday, 26 November 2013 02:11 AM

අපේ රටේ කොච්චර දක්ෂයන් බිහිඋනත්, එතුමලන් ගේ සේවය ලබාගන්ට දක්ෂ වෙන්නේ පිටරට ඉන්න මොළකාරයන්.අපේ මේ දේසපාලනය නිසා අපෙ රටට නැතිවෙන දක්ෂයන් ගැන හරිම කණගාටුයි (අ)

:       0       0

ජානක Wednesday, 27 November 2013 09:17 AM

සුපිරියි.(නදී)

:       0       0

චමත් Monday, 25 November 2013 04:24 PM

ෂා! සුපිරි වැඩක්නේ. හැබැයි ඉතින් ඕකෙත් අන්තයට යන්න හොඳ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 918 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 647 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 772 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1329 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 535 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 28 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 159 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site