IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලංකාව තුළ දූෂණ තවමත් ක්‍රියාත්මකයි

(විමුක්ති එස් රුද්‍රිගු)

දූෂණයට එරෙහි වීමට වසර 50 කට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාව උත්සාහ කළත් ශ්‍රී ලංකාව තුළ දූෂණ ක්‍රියා තවමත් සිදුවන බව පසුගිය 30 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවේ දැක්වේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය 1975 වසරේදී ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ අවංකභාවය නිරීක්ෂණය කිරීම සඳහා නීතිමය රාමුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට හඳුනාගෙන තිබූ බවට සාක්ෂි සපයන බව එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එම කාලයේදී ලබා ගත් තොරතුරු මත මෙරටට තාක්ෂණික සහාය ලබා දීම සඳහා මෙම වාර්තාව සකස් වී තිබේ.රාජ්‍ය පාලනයේදී මතුවන අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 16 ක්ද මෙම වාර්තාවට ඇතුළත් වී තිබේ.මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ දූෂණය කෙතරම් ඔඩුදුවා ඇත්දැයි යන්න පිළිබඳවත් ඒ සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවේ ගෙන ඇති ක්‍රියාමාර්ගත් අනාගතයේදී ගත යුතු ක්‍රියා මාර්ගත් පිළිබඳව මෙම වාර්තාවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක කිලෝ මීටරයක් ඉදිකිරීම සඳහා ලෝකයේ අනෙක් රටවල සාමාන්‍යයෙන් වැය වෙන මුදලට වඩා තුන් ගුණයක් වැය වෙන බව එම වාර්තාවේ සඳහන් වී තිබේ.එසේම රජය සතු ව්‍යවසායන්හීද දුෂණ ක්‍රියා සම්බන්ධ ගැටලු රැසක් මතු වී තිබෙන බව එම වාර්තාවේ සඳහන් වී තිබේ.පාලනය සහ දූෂණ ක්‍රියා සම්බන්ධ ගැටළු ජාතික සහ සමාජ යහපැවැත්ම අඩාල කර ඇති බවත් රජයේ ඉහළ නිලධාරීන් දූෂණ ක්‍රියා සිදු කරමින් විනාශකාරී ලෙස හැසිරුණත් ඔවුන්ට දඬුවම් නොලැබෙන බව මෑත කාලයේදී සාක්ෂි ලැබී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.

අල්ලස් හෝ දුෂණ විමර්ශන චෝදනා විමර්ශනය කිරීම සඳහා පිහිටුවන  ලබන කොමිසමට අධ්‍යක්ෂක ජනරාල් වරයෙකු සහ කොමසාරිස්වරුන් පත් කිරීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමට සහයවීමට දූෂණ විරෝධී විශේෂඥයින්ගෙන් සමන්විත ස්වාධීන උපදේශන කමිටුවක් ලබන නොවැම්බර් මස වන විට පත් කළ යුතු බව එම වාර්තාවේ ඇතුලත් වන එක් නිර්දේශයකි.දූෂණ විරෝධී පනතට අදාලව නම් කරන ලද වෙබ් අඩවියක ජනාධිපති, අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමතිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වත්කම් ලබන වසරේ ජූලි මස වන විට ප්‍රකාශයට පත් කිරීම තවත් එක් නිර්දේශයකි.එසේම ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා නීති ලබන වසරේ දෙසැම්බර් මස වන විට හඳුන්වා දිය යුතු බවද වාර්තාව මගින් නිර්දේශ කර ඇත. පාර්ලිමේන්තුවේ පෙර අනුමැතිය නොමැතිව අමාත්‍යවරුන් බදු සංශෝධන සිදු කිරීම වෙනස් කිරීම සඳහා නව බදු නීති හඳුන්වා දිය යුතු බවත් එමගින් අමාත්‍යවරුන්ගේ තීරණ හේතුවෙන් රජයට අදායම අහිමි වීමක් සිදු නොවන බවට වග බලාගත යුතු බවත් එම වාර්තාවේ ඇතුලත් තවත් එක් නිර්දේශයකි.

ශ්‍රී ලංකා රජය අයවැයෙන් වෙන්කර ඇති වියදම් සීමා ඉක්මවීමත් අයවැයෙන් ඇස්තමේන්තු කර ඇති ආදායම රජයට එකතුකරගත නොහැකි වීමත් මූල්‍ය පාලනයේ ප්‍රධාන දුර්වලතාවයක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එම වාර්තාව පෙන්වා දී තිබේ.රජයේ විධායක අංශයට අයවැය සීමා ඉක්මවමින් වියදම් කිරීමට හැකියාව ලැබෙන විට රටේ දුෂණ ඇතිවීමේ අවදානමක් මතු වන බවද එම වාර්තාවේ දැක්වේ.රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය පාලනයේ තිබෙන දුර්වලතාවයක් ලෙස බලධාරීන් මේ වනවිට හඳුනාගෙන තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

දේශීය ආදායම් සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු තුළ නිලධාරීන් 2000 වැඩි පිරිසක් සේවය කළත් පසුගිය වසර කිහිපය තුල දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ කිසිඳු නිලධාරියෙකුට විරුද්ධව දූෂණ චෝදනාවක් ගොනු වී නොමැති නමුත් එම දෙපාර්තමේන්තු තුළ දූෂණ ක්‍රියා සිදුවන බව ඇතැම්  නිලධාරීන් පිළිගෙන තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.

දූෂණ ක්‍රියා සම්බන්ධව 2019 වසරේ සිදුකළ අධ්‍යනයකදී එම අධ්‍යනයට සහභාගී කරවාගත් නියැඳියෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසකට දූෂණය පිළිබඳ සෘජු අත්දැකීම් තිබූ බව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.එසේම රජයේ නිලධාරීන් බඳවා ගැනීමේදී සහ රජයේ කොන්ත්‍රාත්තු පිරිනැමීමේදී දූෂණ ක්‍රියා බහුලව සිදුවන බව ඉන් ඉන් සියයට 85 කට වැඩි පිරිසක් ප්‍රකාශ කළ බව එම වාර්තාව පෙන්වා දෙයි.එම පිරිසෙන් සියයට 36 ක් රජයේ නිලධාරියෙකු දූෂණ ක්‍රියාවකට සම්බන්ධ වන අයුරු දැක ඇති බවත් තවත් සියයට 35 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වන අයුරු දැක ඇති බවත් එම අධ්‍යනයයේදී හෙළි වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.



අදහස් (5)

ලංකාව තුළ දූෂණ තවමත් ක්‍රියාත්මකයි

ravin Tuesday, 03 October 2023 12:05 PM

එක්කෙනෙක් ලක්ෂ 26 කට පොලුතියන්න හදලා .තව එකෙක් ලක්ෂ 26 ගෙවලා .නරකද දෙදෙනාගේම වත්කම් බැරකම් බැලුවොත් ?ඉක්මන් හා දැඩි දඬුවම් මිස විකල්පයක් නැත

:       0       0

කිරිපුතා Tuesday, 03 October 2023 01:06 PM

අතට අහුවෙන එක හොරකම් කරනවා උගත් නූගත් බේදයක් නෑ. හොඳ මහත්වරුන් ඉන්නේ අතලොස්සයි.

:       0       0

fairoos Tuesday, 03 October 2023 01:42 PM

රනිල් රාජපක්ෂ ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ

:       0       0

සල්ලි Tuesday, 03 October 2023 05:19 PM

ඔය තියෙන්නේ කොරපු හරිය. පල් හොරු අතින් පාලනය වෙමු අපි. සුදු ඇදුම් කලු ඇදුම් ඇදන් ආවට ඔක්කොම හොරු ...

:       0       0

Bunny Preena Wednesday, 04 October 2023 09:27 AM

බලාගෙන ගියහම මුළු ලංකාවම හොර ගුහාවකි ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1519 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2025 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1518 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8590 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2474 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10519 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40125 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site