IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලංකාවේ තේ පාඩුව කෝටි 51000ක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සහ අපනයනය පහළ වැටීම හේතුවෙන් පසුගිය වසර දහයේදී රුපියල් කෝටි 51150ක පාඩුවක් සිදුවී ඇතැයි තේ  වෙළඳපොළ කරුණු අධ්‍යයනයේදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

මෙරට ඉතිහාසයේ වැඩිම තේ නිෂ්පාදනය 2013 වර්ෂයේදී වාර්තා වූ බවත් එය මෙට්‍රික් ටොන් 34000ක් බවත්  ඔහු කීවේය.

එසේම තේ නිෂ්පාදනය  2015 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 328800 කින්ද 2020 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 278489කින්ද 2023 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 256039 කින්ද  පහළ ගිය බව පවසන මහාචාර්යවරයා මීට සමගාමීව තේ අපනයනයද පහළ  ගිය බව ප්‍රකාශ කළේය.

අපේ අපනයනය 2013 වර්ෂයේදී මේට්‍රික් ටොන්  319700 කින්ද  2015 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 306900කින්ද   2020 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 265569කින්ද  2023 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 241912 කින්ද  පහළ  ගිය බව  අතුකෝරල  මහතා කීවේය.

තේ නිෂ්පාදනය සහ අපනයනය පහළ යෑම නිසා සිදුවූ පාඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලින් සියයට 75 කට සමාන බව හෙතෙම සඳහන් කළේය.

තේ අපනයනය සියයට 24කින් පහළ ගොස් ඇතැයිද ඔහු පැවසුවේය.



අදහස් (8)

ලංකාවේ තේ පාඩුව කෝටි 51000ක්

ගැමියා Saturday, 01 June 2024 03:33 PM

මේ මහාචාර්යවරයා කිසිම දෙයක හොඳ පැත්තක් දකින කෙනෙක් නොවේ...

:       41       7

Jinasena Saturday, 01 June 2024 04:01 PM

ඒක නිසා වෙන්න ඇති ක්‍රමක්‍රමයෙන් අමුදලු සඳහා ගෙවන මුදල මාසයෙන් මාසෙට බහින්නේ. එහෙම වුනොත් තවත් පාඩු වෙන්න පුළුවන් ඉතින් අපිට ජනවාරියේ කිලෝවක් සඳහා රුපියල් 220/= ප්‍රවාහන වියදම් 5/= අඩුකලාම 215/= පෙබරවාරි 215/= ප්‍රවාහන රුපියල් 5/= අඩුකර 210/= මාර්තු 205/= ප්‍රවාහන අඩුකර 200/= අප්‍රේල් රුපියල් 200/= ප්‍රවාහන අඩුකර 195/= යි නමුත් කම්කරු වැටුප් 1700/= කළ නිසා එම ගාස්තු අනුව දළුකඩන ගාස්තුව වැඩිකරන්න... ඕනෑ. ඉතින් අපි කොහොමද ජීවත්වෙන්න කියලා කියන්න අපිට සමුර්ධි නැහැ. අස්වැසුම නැහැ වැඩිහිටි දීමනා නැහැ. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට කාලයක් දුන්නු පොලියත් නැහැ.. දරුවන්ට රැකියා නැහැ ඕක තමයි රටේ සත්‍යම තත්වය...

:       1       16

ෂෙල්ටන් පතිරන Saturday, 01 June 2024 04:15 PM

මහබැංකු වාර්තාව ගත්තා... වගු දෙකතුනක් සසඳලා ප්‍රකාශයක් කෙරුවා. මටත් මහාචාර්ය වෙන්න පුළුවන් මෙහෙම... හා බැරිද?

:       29       9

Ariyathilaka Saturday, 01 June 2024 05:02 PM

කැළණිවැලි තේ වතු සමාගමට අයත් සියළුම තේ වතු වල නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ තේ වෙන්දේසිය සදහා රැගෙන යාමට ඉඩ ලබා නොදෙන ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ක්‍රියා කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ, අයුතු අවහිරය සහ සිරකර තබා ගැනීම යටතේ 330 ,331 වගන්ති ප්‍රකාරව සහ සාපරාධී බලහත්කාරය සහ අඩම්තේට්ටම් කිරීම යටතේ 340, 341,342 වගන්ති ප්‍රකාරව කරන වරැදි බව පැහැදිලියි. රජයේ අමාත්‍යවරයෙක්ව සිටිමින් රාජ්‍ය විරෝධීව හැසීරීම ප්‍රශ්න කළ යුතුයි. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අයුතු අවහිරය සහ සිරකර තබා ගැනීම, ද සාපරාධී බලහත්කාරය සහ අඩම්තේට්ටම් කිරීම ද වූ නීති උල්ලංඝනය කරන බවට තර්ජනය කරන මෙවැනි අමාත්‍යවරයන් ආණ්ඩුවක සිටීම, ලංකා රාජ්‍යට කරන බවත් ද්‍රෝහිකමකි. මොවුන් තමන් නියෝජනය කරන ඡන්ද දායකයින්ව රජයට විරුද්ධව කැරැළි ගැසීමට පොළොඹවන්නේ නොවේද? මේ සම්බන්ධව ආණ්ඩු පක්ෂය ජනතාවට පිළිතුරු දීමට බැඳී ඇත. රටේ ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන ගමන් පාර්ලිමේන්තු වරප්‍රසාද සහිත, මෙවැනි ආමාත්‍යවරු ආණ්ඩුවේ තබාගෙන රට පාලනය කිරීම රටේ ජනතාවට...

:       1       46

සුරනිමලSunday, 02 June 2024 06:06 AM

කිසිම දැනුමක් තේරුමක් නැතුව මෝඩකමට කියනදේ කියලා නිකා ඉන්න හොද නැහැ .උපරිමයෙන් දඩුවම් කරන්න ඕන .ඇත්තටම මොන දේශපාලුවො වුනත් පාර්ලිමේන්තුවට වේවා පලා බබාලට වේවි ගමේ සබේට වේවා මැතිවරණය අවසන් වෙලා තේරුනු ඔක්කොටම දිවුරුම් දෙන්න පෙර විධිමත් පුහුණුවක් දීමට කටයුතු කර අන්තිමට පැවැත්වෙන පරීක්ෂණයක් සමත්වෙන්න අවශ්‍ය ආකාරයට නීති රීති සැකසීම කරන්න ඕන. ඊළඟට ප්‍රධානමදේ ඔවුන්ට චර්‍යාධර්ම පද්ධතියක් සෑදීමට කටයුතු කර එය නොසලකා කටයුතු කරන කෙනෙකුට තනතුර අහෝසි වීමට හැකි ආකාරයට කටයුතු කරන්න ඕන. ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරු තිදෙනෙකුට නොඅඩු විනිශ්චය සභාවක් පත්කිරීම කල යුතුය. ඒ බව තමන්ගෙ මැතිවරණ ප්‍රකාශයේ වගන්ති ඇතුලත් කරන කුමන හෝ පක්ෂයක /සංධානයක නායකයෙකුට පමණක් පමණක් රටේ සංවර්ධනය කරන්න පුළුවන් වේවි

:       0       1

Ariyathilaka Saturday, 01 June 2024 05:03 PM

රටේ ජනතාවට කරන මහත්ම නිගාවකි. රටේ ජන්තාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමකි...

:       5       13

Lalla Saturday, 01 June 2024 10:44 PM

ඔහොම තියෙන තත්ත්වය නොදැනද සජිත් ප්‍රේමදාස තේ වතු කම්කරුවන්ට බෙදල දෙන්න කතා කරන්නේ ඡන්ද බලාගෙන කරන නීච යෝජනා....

:       0       3

galaha Sunday, 02 June 2024 06:17 AM

මේ මහාචාර්ය උන්නැහේ කඩේ යන්නේ සජබෙට කියල කවුරුත් දන්නවා . බොරු පල්බොරු හා සංඛ්‍යාන බොරු කියල බොරු වර්ග 3 ක් තියෙනවනේ . ඉතින් මෙයාගේ කතා අයත් වන්නේ ඔය තියන අන්තිම බොරු වර්ගයට නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ . පවු මිනිහ ඉලනාග චන්දෙන් පස්සේ ලොකු තනතුරක් බලාපොරොත්තුවෙන් නේ මේ හැටි කඩේ යන්නේ .

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 85 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1935 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2251 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2944 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site