IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘ලංකාව නටන්නේ ඇමරිකාවේ ඉන්දියාවේ පදයට‘

ඉන්දියාවේ හා ඇමරිකාවේ රූකඩයක් වන ශ්‍රී ලංකාව ඒ රටවල පදයට නටන බවත් වැඩිකල් යන්නට පෙර මිනිසුන් ගමේ සිටම වීදි බසිනු ඇති බවත් බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ගාල්ලේ දී පැවසූහ.

බෞද්ධයන් හා අන්‍යාගමිකයන් අතර සහජීවනය ඇතිවීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් අන්‍යාගමික මූලධර්මවාදී කණ්ඩායම්වලට එරෙහිව සියලු දෙනා එකතු විය යුතු බවත් ඒ හිමියෝ කීහ.

ganansara_81



අදහස් (0)

‘ලංකාව නටන්නේ ඇමරිකාවේ ඉන්දියාවේ පදයට‘

විජේසිංහ Monday, 01 August 2016 03:34 PM

හාමුදුරුවනේ මම කිතුණුවෙක් වුනත් අපේ රටේ හිටපු උගත් හිමිවරුන් වන වල්පොල රාහුල, පිටකෝට්ටේ සෝමානන්ද, මඩිහේ ලොකුහමුදුරුවෝ, වගේ හිමිවරුන්ගේ දේශනා අහල තියනවා.මගේ ජීවිතයේදී කියවපු හොඳම පොත්වලින් එකක් තමා වල්පොල රාහුල හිමියන්ගේ "බුදුන් වදාළ ධර්මය ". උන්වහන්සේලා තුලින් දුටු බුදුහිමියන්ගේ සිත් සනහාලන ගුණය ඔබවහන්සේ ළඟ දැකගන්න නැත්තේ ඇයි? (බ)

:       0       1

ලෙස්ලි Tuesday, 02 August 2016 04:40 AM

ඔබ වහන්සේ නටන්නේ කාගේ පදේටද?(හේ)

:       0       0

අනුරාධ Tuesday, 02 August 2016 05:02 AM

බුද්ධාගම නැති කරගන්නේ අපේම සමහරක් බෞද්ධ මිනිස්සුම තමයි. (ම)

:       0       0

රකිත් Tuesday, 02 August 2016 05:23 AM

භික්ෂුන් වහන්සේලා සටන් කළ යුත්තේ සෑම ශ්‍රී ලාංකිකයකුගේම අයිතිය සඳහා මිස සිංහලයේ අයිතිය විතරක් තකා නොව. එක ජාතියක අයිතිය විතරක් සඳහා සටන් කළ යුතු යැයි බුද්ධ දේශනාවේ සඳහන් වී නැත. එක්කෝ බුදු දහම හරියට අවබෝධ කර ගත යුතුය. නැත්නම්, බුදු දහමට අගෞරව නොකර වෙන අතක් බලා ගත යුතුය. (බ)

:       0       0

චතුරි Monday, 01 August 2016 04:39 PM

නිම්මි. ඔයාට. වයි ෆයි වැඩක් නැතිද. . තව බත් ටිකක් බෙදන්නද . ඒවාට කැමැනියි නේ .(රේ)

:       0       0

සම්පත් Monday, 01 August 2016 04:51 PM

ඔයා නටන්නෙ නොර්වේ පදයට.....(රේ)

:       0       0

ගුනේ Monday, 01 August 2016 05:05 PM

ඔව් හාමුදුරුවනේ ඒක හේතුවක් උඩ ඔබ වහන්සේලා අපට ඕනේ, ඒ අන්‍ය ආගමික අන්තවාදීන්ගේ විකාර ඉදිරියේ අභිතව හඩ නගන්නෝ දුර්ලභ නිසා , එහෙත් සමස්ත ජාතියටම සුවසේ නටන්න පරගැති චින්තනයෙන් ජාතිය මුදවන අලුත් පදයක් වයන්නකෝ. .(රේ)

:       0       0

රකිත් Tuesday, 02 August 2016 05:37 AM

සෙනරත්, රටේ ජනගහනයෙන් 70% පමණ බෞද්ධ යැයි කියා ගන්නා ජනතාවක් ඉන්න රටේ මේ සියලු දෙනාම නියම බුදු දහමට අනුව ජිවත් වුණා නම් අමුතුවෙන් රටක් ගොඩ නැගීමට අවශ්‍ය නැත. රට ඉබේම ගොඩය. (හේ)

:       0       0

බමුණු ආරච්චි Monday, 01 August 2016 12:38 PM

එක ඉතින් අපි දන්නා දෙයක්යෑ? ඒ කාලේ ඉඳන්ම මේගොල්ලෝ ඇමරිකාවට කත්ඇද්දා. අනික් කට්ටිය මේ මෑතක ඉඳලා ඉන්දියාවට කත්අදිනවා. (නි)

:       0       0

සෙනරත් Monday, 01 August 2016 05:48 PM

විජේසිංහ, මට තේරෙන විදියට නම් වල්පොල රාහුල හාමුදුරුවෝ වැඩසිටි කාලයේ තිබුණු දේශපාලන වාතාවරණයට වඩා අමුතු දේශපාලනයක් අද පවතින බැවින් ආගම පවත්වාගෙන යාම සඳහා රටක් අවශ්‍ය බැවින් රට බේරාගැනීමේ සටනකට මුහුණ දීමට සංඝයා වහන්සේලාටද මැදිහත් වීමට සිදුව ඇති බවයි. .(රේ)

:       0       0

තිලක් Monday, 01 August 2016 12:53 PM

ඔබතුමාලා නටන්නේ කාගේ පදයටද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 01 August 2016 12:53 PM

යළිත් වරක් පටන්ගත්තේ මොකද දන්නෙ නැහැ. අනික ඉස්සර මේ විදියේ සාමකාමී දේවල් නොකීවේ මොකද? (නි)

:       0       0

රොෂාන් Monday, 01 August 2016 01:03 PM

ඉතින් බුද්ධාගම අවෙත් ඉන්දියාවෙන්නේ. දේවාල සංකල්පය ලංකාවට ආවෙත් හින්දු ආගමට පින්සිද්ධ වෙන්න ඉන්දියාවෙන්නේ. පාරේ දුවන ත්‍රී වීලර් එක ආවෙත් ඉන්දියාවෙන්නේ. මහපාරේ රේස් එකට යන ලංගම හා ප්‍රයිවට් ටාටා බස් ටික ඉන්දියාවෙනේ. ඉන්දියාව, තමන්ගේ ලොකු අයියා විදිහට සැළකුවෙත් ඔය කියන සිංහලයෝමනේ. අමුතුවෙන් ඉන්දියානු පදයට නටන්න දෙයක් නැහැ. සමහරක් එදා ඉඳලම නැටුවේ ඉන්දියානු පදයටම තමයි. ඕක තමයි අද අපිට ඔහොම වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අසෝක Monday, 01 August 2016 07:16 PM

|විජේසිංහ මහතාණෙනි, ඔබතුමා ඒ පොත් කියවීම ගැන අවන්කවම ස්තුතියි. ඔබ හොඳ අයෙක් වුනාට හැමෝම ඒ වගේ නෑ. සෙනරත්ගේ කටේ රත්තරන් දමන්න වටිනවා. බණ කියන්න හාමුදුරුවෝ ඕන තරම් ඉන්නවා. ඥානසාර හාමුදුරුවෝ ඇතුළු කණ්ඩායම නොහිටින්න අදත් මේ රට සිංහල බොදුවන්ට අහිමි වෙලා .(රේ)

:       0       0

විජේසිංහ Monday, 01 August 2016 07:59 PM

සෙනරත්, මේ පවතින ආර්ථික දේශපාලනික හා අාධ්‍යාත්මික දිරාපත්වීම ආරම්භයේදීම හඳුනාගත් හිමිනමක් තමා රාහුල හිමියෝ කියන්නේ. උන්වහන්සේ එදා දැනසිටියා දේශපාලනය විසින් පන්සල ආක්‍රමණය කරන බව. වෙනත් ආගමික ආයතන වලට වඩා පන්සල පවතින්නේ අනතුරක බව දැනසිටි නිසා තමා උන්වහන්සේ ලියන්න පටන්ගත්තේ. දේශපාලනය යම් අවස්ථාවලදී උන්වහන්සේවත් යොදාගන්න උත්සහ කළත් උන්වහන්සේ කිසිදිනක ඒ උගුලේ වැටුනේ නැහැ. මා සිතන පරිදි අද ලාංකීය බොදු ජනතාවට අවශ්‍ය වන්නේ නිවැරදි බුදු දහමයි. බුදුදහමෙහි ඉගැන්වෙන නිරවුල් මනස පවත්වා ගැනීම වැදගත්. එවිට කිසිවෙකුට කිසිවෙකුත් රවටන්න බැහැ. (නි)

:       0       0

ලක්සිරි Monday, 01 August 2016 08:00 PM

අනේ විජේසිංහ, මෙතන නොදන්නා බුද්ධාගම ගැන කතාකරන්න එපා. (නි)

:       0       0

රන්ජිත් Monday, 01 August 2016 08:45 PM

කවුරු මොනවා කිවුවත් මම මේ හාමුදුරුවෝ කියනදේට එකඟයි (නි)

:       0       0

සමන් Monday, 01 August 2016 01:16 PM

මේ නටන්නේ, කියවන්නේ කාගේ හයිය අරගෙනද කියලා අපි දන්නවා (නි)

:       0       0

බමුණුසිංහ Monday, 01 August 2016 10:47 PM

අනේ හාමුදුරුවනේ මේ මැට්ටන්ට මේක දැනේනේ රට අපට නැතිවෙලා දවසට 5 සැරයක් පල්ලියට වරෙල්ල කියල අනික් අය කහගනකොට. (අ)

:       0       0

බමුණුසිංහ Monday, 01 August 2016 10:53 PM

සෙනරත් මහතා මට ඔය ටික මගේ පියා මට කියලදුන්නේ මට වයස 8 දී එකියන්නේ 1954 දී. අපට සහ අපේ ළමයින්ට මෙරටේ බුද්ද සාසනය රක දී තිබෙන්නේ මෙවැනි හැමදුරුවරු නිසයි. නැතිනම් මෙරටත් ක්‍රිස්තියානි වෙලා බොහොම කල්. ඔයටික තේරුම් ගන්න බැරි මිනිස්සුත් අපි අතර බොහොම ඉන්නවා (අ)

:       0       0

පුෂ්පකුමාර Monday, 01 August 2016 01:29 PM

ඉන්දියානුවෝ අපේරටේ වගේ නෙමෙයි හරක්ට, පුජනීයත්වයෙන් සලකනවා..(රේ)

:       0       0

උදය රත්නායක Tuesday, 02 August 2016 12:27 AM

විජේසිංහ මහතාණනි ඔබ මිගෙට්ටු වත්තේ ගුණානන්ද හාමුදුරුවෝ, වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ගෙන අහල නැද්ද? කාලයේ අවශ්‍යතාවය අනුව හාමුදුරුවරු අභීතව නැගී සිටිනවා. (අ)

:       0       0

නිම්මි Wednesday, 03 August 2016 03:11 PM

අනේ වින්සන්ට් ඔයාලට පිට රටක ඉන්න අය ලොකු වුනාට අපිට ලොකු නැහැ. අපිට අපේ රට වටිනවා. මට දුක පිට රටක ඉදන් අපේ රට බේරා ගත්ත නායකට චතුරි හැමදාම අපහාස කතා දාන එකයි. එයා ඉන්නේ පිට රටක. අපි මේ රටේ දුක් වින්ද අය. ඒ දුකෙන් අපිව බේරා ගත්තේ එතුමා. මොන වැරදි කළත් එතුමාට බනින අය වැරදි (බ)

:       0       0

රොකී Monday, 01 August 2016 01:46 PM

ඔබ නටන්නේ කාගේ පදයටද ? මට පෙනෙන්නේ දේවදත්තයාගේ පදයට වගෙයි!.(රේ)

:       0       0

වින්සන්ට් Monday, 01 August 2016 01:56 PM

නොර්වේ සමහර සංවිධානවල රූකඩයක් වී ඒ පදයටත් නටපු අය ගැනත් පවසන්නේ නම් මැනවි. (බ)

:       0       0

සුසන්ත Monday, 01 August 2016 02:05 PM

අනේ හාමුදුරුවනේ අපිටත් එ්ක පේනවා. (හේ)

:       0       0

නලින් යහම්පත් Monday, 01 August 2016 02:09 PM

මේ කට්ටියත් නටන්නේ නොදෙනුවත්ව හෝ දැනුවත්ව අයුරින් ඇමරිකාවට සහ ඉන්දියාවට (හේ)

:       0       0

රෝහණ Tuesday, 02 August 2016 02:13 AM

මේ කෑ ගහන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

අසාද් Tuesday, 02 August 2016 07:44 AM

ඉස්සරනම් කිව්වේ නැහැ සහජීවනයක් ගැන.කවුරු කගේ පදේටද නටන්නේ කියලා බහුතර ජනතාව දන්නවා.(හේ)

:       0       0

නිම්මි Tuesday, 02 August 2016 03:32 PM

හා හා බෙදන්න චතුරි. අපිටනම් බත් කන එක ආඩම්බරයක් . ඔයා කන්නේ තනකොලද? අන්න කැලණිය පැත්තේ එල්ලලා තිබුන ඔයාලගේ කට්ටිය කාපුවා. අනිත් එක වෙන රටවල් වලට අඅනුන්ගේ ඉඳුල් කන අයට බත් හොද නැ තමයි. අනේ අපේ රටට ආපහු එන්න. පවුල් 100 කන්න දෙන්න පුලවන් කෙනෙක් මම. (අ)

:       0       0

නිමල් ලලිත Tuesday, 02 August 2016 02:34 AM

බමුණුසිංහ මහතා, එසේ නම් අපි දෙදෙනාම එකම වයසේ. ඔබේ අදහස් වලට පින්! සිංහලයේ අයිතිය වෙනුවෙන්, බොදු අයිතිය වෙනුවෙන් පිරිත් නුල් අමතක කර සටන් කළ භික්ෂුන් වහන්සේලා නොසිටියා නම් අද මේ රට අසිංහල. (නි)

:       0       0

සලීත් Monday, 01 August 2016 02:19 PM

මෙයා අායේ ඇවිල්ලාද (බ)

:       0       0

රාධා Monday, 01 August 2016 02:22 PM

මේ බෙර පදය කාටද? (බ)

:       0       0

නිම්මි Monday, 01 August 2016 02:24 PM

ඕව වැඩක් නැ හාමුදුරුවනේ දැන් අපේ ජාතියට. දැන් එයාලට ඕනේ වයිෆයි විතරෛ. දැන් ඔය හම්බවෙලා තියෙන්නේ හැමෝටම පරිප්පු. (බ)

:       0       0

නවරත්න බණ්ඩාර Monday, 01 August 2016 02:25 PM

අපේ රට කව්රුත් කියන විදියට යනවා කියන්නෙ කොහොම ? අනේ හාමුදුරුවනේ නොදන්නා දේවල් කියන කොට දෙවතාවක් හිතුවොත් හොඳයි නේද ..(බ)

:       0       0

ඇන්ජලෝ Tuesday, 02 August 2016 02:44 AM

බුද්ධාගම නැතිවෙන්නේ අන් ආගම් නිසා නොවේ. එය තේරුම් ගැනීමට බුද්ධිමත් ජනතාවක් නොමැතිකම නිසයි. සංඝයා බුදුදහම රැකීම වෙනුවට දේශපාලකයන් රැකීමට යාම, දුෂ්ශීල මහනුන්, කුල බේදය සඟ සබාව තුළ තිබීම, කිසිත් නොදන්නා කුල දරුවන් මහණ කිරීම වැනි දේවලින් මෙය සිදුවෙනවා. ලංකාවේ බෞද්ධ සමාජය තුළ තරම් ඊර්ෂ්‍යාකාරයෝ වෙන කොහෙවත් නැහැ. ඉංග්‍රීසින් අාවේ නැත්නම් තවමත් පහත් කුල වල අය වැඩවසම් යුගයේ රැකියාව තමයි කරන්නේ (නි)

:       0       0

කමනි Tuesday, 02 August 2016 07:57 AM

එතොකොට හාමදුරුවනේ අපේ රට යැපෙන්නේ කාගේ මුදලින්ද? (ම)

:       0       0

ලසන්ත Monday, 01 August 2016 02:36 PM

කවුද මේ කියන කතා අහන්නේ.(හේ)

:       0       0

වර්ණකුලසූරිය Monday, 01 August 2016 02:46 PM

ඔබ හරි, (හේ)

:       0       0

නිමල් ලාලිත Tuesday, 02 August 2016 03:21 AM

ඇන්ජෙලෝ ඔබ කියන විදිහට ලංකාවේ බෞද්ධ සමාජය තුළ ඉරිසියාකාරයෝ වැඩියෙන්ම සිටියා නම් අද මේ සිංහල රටේ එකම අන්‍යාගමිකයන් හෝ අසිංහලයෙක් නැහැ එදා සිටි . සිංහලයාගේ ,සිංහල බෞද්ධයාගේ මනුස්සකම සිංහලයාගේ විනාශයට හිටියා. (බ)

:       0       0

චන්ද්‍රා Tuesday, 02 August 2016 03:32 AM

ඔබ වහන්සේ නටන්නේ කාගේ පදයකට කියා පළමුවෙන් ජනතාවට කිව්තොත් නේද හොද අපේ හාමුදුරුවනේ. (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 02 August 2016 07:50 PM

නිම්මි, වෙන රටවල ඉඳුල් කන අය වශයෙන් ඔබ හඳුන්වන්නේ කාවද? මහජන දේපළ වංචාකර නම්බුකාරකමට රජ භොජුන් වළඳිනවාට වඩා කිසිවෙක් වෙනරටක ඉඳුල් කෑම නම්බුකාර බව මගේ අදහසයි. ඔබේ වත්කමේ හැකියාව චතුරිට හෝ අන් කිසිවෙකුටත් වැදගත් නොවන්නට පුළුවන්. කවරකුගේ හෝ දුප්පත්කමට ගරුකිරීම වැදගත්කොට අපි සළකමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 108 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 170 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 352 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 369 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 533 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 567 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39125 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25583 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site