IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


‘ලංකාව නිවැරදි නෑ’

මාස ගණනාවක් පුරා අපේ රටම කැළඹූ ජිනීවා කළබැගෑණිය ඊයේ අවසන් වුනේ අපේක්ෂිත හා අනපේක්ෂිත බලාපොරොත්තු කාතුළත් තවත් සංකීරණ කරමිනි.

යෝජනාව ඉදිරිපත් කළ මහ බලවතුන්ගේ මෙන්ම ඊට පක්ෂවන්නට වළි කෑ දේශීය මෙන් ම විදේශීය  බලවේග වලත් බලාපොරොත්තු කිසියම් ආකාරයකින් උදාසීන කරමින් මේ මහා කළැබැගෑණිය අවසන් වූ අයුරු බොහෝදෙනාගේ විමතියට මෙන් ම සතුටටත් - අසතුටටත් පත්ව ගිය අයුරු ජිනීවා වල සිටම අපට දැක ගැණීමට  අවස්ථාව ලැබිණි.

මෙය සාකල්යයෙන්ම කන්දක් විළිලන්නට විළි රුදා ඇතිකොට කෙන්දක් වැදූසෙයක් ලෙස ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට අදාළවන පරිදි සම්පිණ්ඩනයක යෙදිය හැකිය.

යෝජනාවේ නිර්මාතෘවරුන් ඡන්ද 23 ක් ගන්නාවිට විපක්ෂව ඡන්ද 12 ක් හා පක්ෂ විපක්ෂ නොවන ඡන්ද 12 ක් ලැබීමෙන් එය මැනවින්ම පැහැදිළිය.

සදාචාරාත්මකව බලන කල්හි මෙම ප්‍රසාංගික පරිසරය තුළ දිනූ කෙනෙක් නැතිවා සේය. මතුපිටින් පෙනෙනදේට වඩා  සත්‍යය නීරසය.

ඒඅනුව පැරදුණු කෙනෙක් ද නැතිවා සේය.

මෙබඳු අනපේක්ෂිත තත්ත්වයකින් වුවද අමෙරිකාව හා යුරෝපා රටවල බලාපොරොත්තුව පරිදි මෙම යෝජනාව මෙසේ ඉදිරිපත් කිරීම ජයග්‍රහණය කෙසේ වෙතත් ඔවුන්ගේ දීර්ඝ කාලීනව තිබූ අභිලාශය මුදුන් පමුණුවා ගැනීමක් වීය.

එසේ වුවද ඉන් ඔවුන් කරන්නට බලාපොරොත්තුවන දේ සිදු කිරීම එතරම් පහසු නොවන බව ඡන්ද විමසීමේ දී අනෙකුත් රටවල් දැක්වූ මිශ්‍රවූ ආකල්ප තුළ ඔවුන්ට පැහැදිළි වන්නට ඇත.

යෝජනාවට එකඟ වූ ඇතැම් රටවල්  පළ කළ අදහස් වලින් පෙණුනේ, ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති නූතන සංවර්ධන  ක්‍රියාදාමය අගය කරන බවත්, උගත් පාඩම් 

සහ ප්‍රතිසන්ධාන කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීම වඩාත් උනන්දුවෙන් කළ යුතු බවත්ය. ඉන් ග්‍රම්‍ය වූයේ ඇතැම් රටවල , විශේෂයෙන් ලතින් ඇමෙරිකා රටවල ඔවුන්ගේ ප්‍රතිපත්තිමය විරෝධතා කල්පයක් අප රට පිළිබඳව නොමැති අතර කිසියම් බලපෑම් කිරීමක් තුළ දක්වන ප්‍රති ක්‍රියාවක් දැයි සාංකා පහළ කරණ ස්වභාවයකි.

යෝජනාවට  ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල සිය මැදහත් බව දක්වන්නට  ගත් උත්සාහය මෙන්ම, ‘උනුත් අපට මුනුත් අපට ඕනැ’ වැනි ආකල්පයක් ප්‍රදර්ශනය  කිරීමක් බඳු වීය.එහෙත් එය අපේ රට පැත්තෙන් ගත් කළ කිසියම් වාසි සහගත තත්ත්වයක් සේ ගැනිය හැකිය. 

එසේ වැළකෙමින් ඔවුන් දැක්වූ අදහස් වලින් මැනවින් පැහදිළිවූයේ එබඳු ස්වභාවයකි.සංහිඳියාව,අතුරුදහන්වීම්, උගත්පාඩම් නිර්දේශ,යහපාලනය වැනි බොහෝ විවෙචන පළවී ඇති අංශ පිළිබඳ රජය දැඩිසේ අවධානය යොමු කළ යුතු බවට ඔවුන් අනතුරු ඇඟ වුවද  සංවර්ධන ක්‍රියාවලියේ බොහෝ අංඟ ඔවුන්ගේ ද පැසසුමට ලක්වීය.එබඳු අංශ  සම්බන්ධව  රජය බොහෝ දුර ගමනක් සුභවාදීව ගමන් කරන බවට ජාත්‍යන්තරය වඩාත් දැනුවත් කළ යුතු බවටත් ඔවුහු අවධාරණය කළහ.

රටවල් 12 ක් ම එසේ කිරීමෙන්, ඔවුන් පෙන්වන්නට උත්සාහ කළ  බරපතළ තත්ත්වය  මෙන්ම හුඹස් බිය ද  දුරු කරවා ලීය.

 එය යෝජනාවේ නිර්මාතෘවරුන් උදාසීන කරවන්නට පමණක් නොව, ඩයස් පෝරාව ඇතුළු  දේශීය හා විදෙශීය  උදන් අනන්නට විචි කිච්චාවෙන් සිටි බොහෝ කොටසකගේ මුහුණු රත්වූ බවත්  ඇඹුල් වූ බවත් හොඳටම පෙණින.  සමහරු එම විපිළිසර මුහුණින් ම ශාලාවෙන් නැගිට ගියහ. 

ඩයස් පෝරාව මෙවර මානව හිමිකම් සමුළුව වෙනුවෙන් ස්විස් ෆ්රෑන්ක් බිලියනයකටත් වඩා (රුපියල් බිලියන 147ක්) වියදම් කළ බවට තතු දත් ආරංචි  හෙළි කරයි.එහෙත් ඔවුන් ගත් බොහෝ උත්සාහයන් මෙන්ම කාලයද ශ්‍රමයද අපතේ ගියා යැයි ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්ට තිබිණ.

මෙම මෙම ප්‍රතිපඵය  තුළ ඔවුන් ලද මානසික ව්‍යාකුලතාවයද, කම්පනයද එම මොහොතේ බලවත් ලෙසටම ප්‍රකට වීය.

ඉන්දියාව මෙවර  දැක්වූ ආකල්පය ඔවුන්ගේ පරණ පව් ගෙවා දැමීමක් මෙන්, අපට සුභවාදී ලෙස  අගය කළ යුතුය.එය බොහෝ දෙන නොපැතූ තත්ත්වයකි.එසේ කරමින් ඔවුන් කළ විවේචන මෙන්ම  අගය කිරීම් හා හිතවාදීව කළ උනන්දුකිරීම් ඇතුළත් හරබර දේශනයද  අසල්වැසි ඥාතියා වෙනුවෙන් මොනයම් බලපෑම් හමුවේ වුවද, කිසියම් ආකාර සානුකම්පිතවූ පරිනත  එකක්වීය.

 දකුණු අප්‍රිකාව හා ජපානය ද එබඳු ආකලපයක් දරන බව පෙනිණි.  

ඇල්ජීරියාව, චීනය, කොංගෝ, කියුබාව, කෙන්නියා, මාලදිවයින, පාකිස්තානය, රුසියාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වෙනිසුවේලාව හා වියට්නාමය යෝජනාවට එරෙහිව  අපේ රටට පක්ෂව ඡන්දය දීමෙන් කළ ඉමහත් මිත්‍රශීලී බව සදා කෘතවේදීව අගය කළ යුතුය.

මෙහිදී චීනය හා රුසියාව මහ බලවතුන් සේ  අපට දැක්වූ අනභවනීය සහාය මෙන්ම පකිස්ථානය, වෙනිසුවේලාව, බෙලෝරුසියාව හා කියුබාව කළ දේශන ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙන්වූ සැබෑම මිත්‍රත්වය ප්‍රකට කිරීමක්ම විය.  

මෙම ප්‍රශ්නයන්  හමුවේ ශ්‍රී ලංකාව සියළු ආකාරයෙන් ම නිවැරදි නොවන බව  බොහෝ අයගේ කතාවලින් කියැවුණු බව අප අමතක නොකළ යුතුවාක් මෙන්ම එය රජයේ  ගැඹුරු අවධානයට  ලක් විය යුතු බවද පැහැදිළිය.

මේ පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය නිතැතින් ම පහව ගොස් නැති ආකාරයද ප්‍රකටය. අඩුපාඩු  නිවැරදි කොට සුභවාදී අනාගත දුරගමනක් යන්නට බොහෝ පාඩම් රජයට මෙයින් උගත හැකිය.

අවසන් සටනට මැති ඇමැතිවරුන් හෝ වෙනදා පරිදි  වගකිවයුතු නිලධාරීන් මෙහි නොසිටීමෙන් මෙන්ම, ජනපති තුමන්  අවසන් ඡන්ද වේදිකාවල  ප්‍රකාශ කළ අදහස් වලින් ද, බොහෝ අය මෙන්ම රජයද මෙම යෝජනාවේ ප්‍රතිඵය කළින් දැන සිටි බව පැහැදිළිය. 

දීර්ඝ කාලීන පෙර සූදානම් වීම් මදිවීම,සාමූහික ප්‍රයත්නයෙහිඅඩුපාඩු හා තම තමන් තනිව ලකුණු දමා ගැනීමට ගත් උත්සාහයන් වැනි සාධක මෙවර ද අපේ පාර්ශ්වයන් හි දුර්වලතා ලෙස ප්‍රකටව පෙණුන අතර, එසේ නොවන්නට මෙහි ප්‍රතිඵලය තරමක් හෝ තවත් රටට සුභවාදීව වෙනස් කරගන්නට ඉඩ තිබුණු බවද සපුරා පැහැදිළිය. 

සියලු කාරනා මැනවින් කළමනා කරමින් ගැඹුරින් අධ්‍යයනයක යෙදෙනවිට, එම විරුද්ධවාදී පාර්ශ්වයන් අපෙක්ෂා කළ සියළු අරමුණු  ඉටු කර ගැණීමට මෙම ප්‍රතිඵලය අවකාශ ලබා නොදෙන්නේ නමුදු, එල් .ටී.ටී.ඊ.  ඩයස් පෝරාව ප්‍රමුඛ එම බලවේගයන්ට අපේ රටට  අනවශ්‍ය බලපෑමක් කරන්නට  යම් ආකාර  නීතිමය වලංගුතාවයක් හා අවසරයක් මේ මගින් ලබා දී ඇති බවද ඉඳුරාම  පැහැදිළිය.

යුරෝපා සංගමය මගින් ආසියාතික කලාපයේ රටවලට ළඟදී ප්‍රදානය කරන්නට අපේක්ෂා කරණ රැකියා වරප්‍රසාද වලින්  ශ්‍රී ලංකාව  කපා හැරීමට ප්‍රයත්න දැරීමක් පිළිබඳ ඇති නිල නොවන වාර්තාව, මෙම මානව හිමිකම් සැසිවාරය ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රතිඵලයේ  පළමු වෙඩි හඬ දැයි කල්පනා කිරීමට අනාගතය  අපට  අවකාශ සළසනු ඇත.

(ආචාර්ය තවලම ධම්මික නාහිමි ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය)



අදහස් (0)

‘ලංකාව නිවැරදි නෑ’

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 448 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 267 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 798 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 224 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 406 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 574 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1628 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site