ශ්‍රීලංකා පොලිසියේ ප්‍රථම මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී මයිකල් රියෙන්සි චන්ද්‍රලාල් පෙරේරා මහතා ඊයේ (24) මිය ගියේය.
මියයන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය.
1972 වසරේදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූ පෙරේරා මහතා 1998 වසරේදී ජේ්්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලැබුවේය.අනතුරුව 2007 වසරේ සිට නැගෙනහිර දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළ ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගියේ 2008 වසරේදීය.
1998 වසරේදීම පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙසද පත්වීම් ලැබූ පෙරේරා මහතා එම තනතුරේ කටයුතු කරන අතරම ශ්‍රීලංකාවේ ප්‍රථම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසද වසර 9 ක් පුරාවට තම සේවය ලබාදුන්නේය.
දෙස් විදෙස් පාඨමාලා රාශියක් හදාරා දැනුම ලබාගෙන ඇති පෙරේරා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කර ඇති අයෙකි.
පොලිස් ක්‍රියාකාරකම් දැක්වෙන චිත්‍රපට ප්‍රදර්ශන,විවිධ තේමා යටතේ දේශන පැවැත්වීම් ආදී පොලිසිය හා මහජනයා එකිනෙකාට සමීප කරන වැඩපිළිවෙල රැසක් ඔහුගේ සේවා සමයේ ක්‍රියාවට නැංවිනි.
රියෙන්සි චන්ද්‍රලාල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (26) බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ලංකාවේ පළමු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කළුරිය කරයි
සමන්ති Saturday, 26 September 2015 02:23 PM
වැදගත් තැනක මුල්තැන. (අ)