IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලංකාවේ මිනිස් ඝාතන ගැන ඇමරිකාවෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ ආණ්ඩුවේ නියෝජිතයින් නොමනා ලෙස හා නීති විරෝධී ලෙස මිනිස් ඝාතන සිදුකර ඇතැයි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2014 වසරට අදාළව නිකුත් කරන ලද නව මානව හිමිකම් පිළිබඳ වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙම වාර්තාව අද (26) එරට කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු‍වේ නිල වෙබ් අඩවිය කියයි.

මෙම සිදුවීම් වලට අදාළ පැමිණිලිකරුවන්ද ඝාතනයට ලක්ව ඇති හෙයින් හා පවුලේ සාමාජිකයින්ද ඒ පිළිබඳ පැමිණිලි කරනු ලැබුවහොත් සිදුවිය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් බියෙන් පසුවන බැවින් පසුගිය කාලයේ සිදුවූ එම ඝාතන සම්බන්ධයෙන් විශ්වාසවන්ත සංඛ්‍යාලේඛන සොයාගැනීම අසීරු බවද එම වාර්තාවේ iඳykය.

සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවේදී ඝාතනය කිරීම් සිදුවීම ප්‍රශ්නයක්ව පැවති බවත්, 2012 ආරම්භයේ සිට ඉකුත් වසර අවසානය දක්වා පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ පිරිස 68 ක් බව රජයේ නිලධාරියකු පෙන්වාදුන් බවත් වාර්තාවේ දැක්වෙයි. එසේම 2013 ජූලි මස සිට වාර්තාවූ සිදුවීම් 11ක පුද්ගල ඝාතන 12 ක් සිදුව ඇති බව ඉකුත් ඔක්තෝම්බර් මස මාධ්‍ය වාර්තාවක දැක්වුණු බවද එහි සඳහන්ය.

 



අදහස් (0)

ලංකාවේ මිනිස් ඝාතන ගැන ඇමරිකාවෙන් වාර්තාවක්

වයිකෝ Friday, 26 June 2015 08:53 PM

ශ්‍රී ලංකාවේ වෙන මිනීමැරුම් ගැන පාලකයින් නිශ්ෂබ්දයි. (නදී)

:       0       0

ද සිල්වා Friday, 26 June 2015 09:53 PM

ඇමෙරිකන් කාරයා කියන සියලු දේ අධිරාජ්‍යවධි කුමන්ත්‍රණ කියා බැහැර කල නොහැක. පසුගිය පාලන කාලයේ ප්‍රාදේශීය දේශපාලකයන් ප්‍රසිධියේ මිනීමැරුවා, වෙනත් අපරාධ කලා , අන්න ප්‍රසිද්ධියේ මිනීමරලා, ස්ත්‍රී දුෂණ කරලා හිරේට නියම උන තංගල්ල හිටපු ප්‍රාදේශීය සභා සභාපතිට ඇප ඉල්ලනවා (නදී)

:       0       0

චන්දා Saturday, 27 June 2015 09:16 AM

පසුගිය කාලයේ ඇතැම් අපරාධ කරුවන් ආයුධ පෙන්වන්න කියමින් පොලිසිය විසින් නීතියේ හිඩැසට මුවාවී මරා දාන අවස්ථා එක පෙලට කෙරුනා.(නදී)

:       0       0

මැක්සි Saturday, 27 June 2015 01:50 AM

කෝ මේ තිලක්-ඩුබායි(නදී)

:       0       0

සෙලන්සියුස් Saturday, 27 June 2015 01:53 AM

විජයබාහු, ඔයා ලංකාවේ නෙමේ ද ඉන්නේ ? ඔයා ඕනේ තරම් කොටින්ට දඬුවම් දෙන්නේ. තව කොටි ගණනාවක් සටනේදීම මරල දැම්මේ. සමහර කොටි නායකයින්ට ඇමතිකම්, පක්ෂ උප ලේකම් කම් දීල තියෙන්නෙත් අපිම නේ. ඔයා කියන්නේ කොටින්ට නඩු දාන එකත් ඇමරිකාවට කරන්න කියල ද ? (නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 27 June 2015 01:54 AM

අනේ කිසිම අපරාදයක් නොකරන උපාසක මහත් හොරු ශ්‍රී ලංකාවේ වග තුග සොයන හැටි. මෙයට ප්‍රදාන හේතුව මේ රටේ පවතින දේසපාලන බල පොරය. සතුන්ගේ නමින් එය හැදින්වීම එම සතුන්ට කරන අවමානයක්.(නදී)

:       0       0

සියාම් Saturday, 27 June 2015 01:58 AM

මේවා කියනකොට ඇමරිකාව නරකයි. හැබයි ඇමරිකාවේ ම වෙන වාර්තාවලින් කොටස් අරගෙන සමහරු ලංකාව අනතුරේ කියනකොට ඇමරිකාව හොඳයි. කොටි ජාලයට ගුවන්යානා නාශක මිසයිල ගන්න එක ඇමරිකාවේ FBI එකෙන් පරීක්ෂා කරලා ඒ කොටින්ට දඬුවම් දෙනකොට ඇමරිකාව හොඳයි (අ)

:       0       0

මහාරච්චි Saturday, 27 June 2015 02:24 AM

කව්රුත් අද සිට අපේ රට ලෝකේ දියුණු රටක් කරගන්නට සිතිය යුතුම්ය. පැරණි නායකයොත් නැවටත් සිත බලමින් කටුතු කර රට ඉස්සරහට ගෙන ගියොත් මහින්ද හෝ සිරිසේන හෝ රනිල් හෝ කවුරු වුණත් රට ඉස්සරහට ගෙන ගියොත් අපේ දරුවෝ පසුකලෙක හැමෝම වීරයන් කරනු ඇත. (අ)

:       0       0

මහානාම - කඳාන Saturday, 27 June 2015 02:42 AM

වින්සන්ට් මහතාට විජයබාහු මහතා ලබා දී ඇති පිළිතුර ප්‍රමාණවත් යයි මා හිතනවා , කොහොම නමුත් මගේ නමින් ඇමතීම ගැන තුති , මා යමක් ලියන්නම් ඔබතුමාට , මතකද 1987-89 කාලයේදී ( මෙතන ලියන ගොඩක් උදවිය දන්නේ නැහැ , හෝ මතක නැහැ ) , එවකට හිටි ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත් මුදලි මහතා ගෙනාව පනතක් " වගකීමෙන් අරාක්ෂා වීමේ පනත " කියලා , ඇයි මේක ගෙනාවේ මොන වගකීමෙන් ආරක්ෂා වෙන්නද ? එවකට හිසරදයක් වූ ආණ්ඩු වීරෝධී පිරිස් මර්ධනය කිරීමේ දී යාමේ දී මරණයක් , වරදක් ආරක්ෂක හමුදා අතින් සිදු වුවහොත් එහි වගකීමෙන් ඔවුන් මුදහාරින ලෙස . මතකද ඔබතුමාට ? ඒ එවක රජයට හිසරදයක් වූ ආණ්ඩු වීරෝධී සිංහල පිරිස් මර්ධනය කිරීමට , අද ආණ්ඩු වීරෝධී හිසරදයක් නොවේ, රාජ්‍ය වීරෝධී පිළිකාවක් මර්දනය කිරීමයි සිදුවුවේ . ඉතින් මේ ගැන තව දුරටත් කිරීම ඔබතුමාගේ බුද්දියට කරන අගෞරවයක් , මට තේරෙන්නේ නැහැ ඇයි ඔබතුමා සරසවි අධ්‍යපනයක් මෙහි පටලවා ගත්තේ ඇයි කියලා . ඔබතුමා ගේ ප්‍රතිචාර අනුව මතුවට සුහදව ලියමි .

:       0       0

මහානාම- කඳාන Saturday, 27 June 2015 02:44 AM

තවමත් අපේ රණ විරුවන් බේරා ගැනීමට අන්තිම අවස්ථාව තියෙනවා , එජාප , ශ්‍රී ලනිප කවුරු දින්නත් කමක් නැහැ , , දැන්වත් පක්ෂ, පාට අතහැරලා පෙරට එන්න , (අ)

:       0       0

මහානාම - කඳාන Friday, 26 June 2015 12:12 PM

දැන් සතුටු ඇතිනේ අපේ ලක්ෂ 50හේ කට්ටියට. ඒකට කමක් නැහැ. කරුණාකර අපේ රණවිරුවන් බේරාගන්න උදවු වෙන්න පක්ෂ පාට අමතක කරලා (නි)

:       0       0

දහම් Friday, 26 June 2015 12:15 PM

ඇමෙරිකාව තමයි මේ ලෝකෙටම තිබෙන පිළිකාව. හැම රටකටම රිංගලා මොනතරම් අහිංසක මිනිසුන්ව, ගැහැණුන්ව, ළමයින්ව මරනවද ත්‍රස්ත මර්දනය කිය කියා. කෝ ඒ ගැන මානව හිමිකම් නඩු? යුධ අපරාධ නඩු? (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 26 June 2015 12:31 PM

අපි ඇමරිකාවේ බලපෑම් වලට සාර්ථකව මුහුණදිය යුතුයි නේද? (නි)

:       0       0

ප්‍රකාශ් Saturday, 27 June 2015 03:50 AM

සමහරු හිතාගෙන ඉන්නේ ඇමෙරිකාව කියන්නේ අපිට හරි හිතවත් කියලයි.එයාලගේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන අයව තමයි එයාල පත්කරගෙන තියෙන්නේ.පොදු අපේක්ෂකයා වටා එකතු වුනේ ඒ අය තමයි.දැන් ඒ පිරිස යොදා ගෙන ඇමෙරිකාව වැඩ ටික කර ගන්න වා.අපේ රටට මානව හිමිකම් කියා දෙන්න ඉස්සෙල්ල ඒ අය අනෙක් ජාතීන්ට කල හානිය සොයන්න.අපි පරාජය කලේ කෘරතම ත්‍රස්ත කල්ලිය.එ්කට ඔවුන් අකමැතියි.නිවට ද්‍රෝහීන්ට මේවා නොතේරුනාට බුද්ධිමත් ජනතාව නම් හොඳින් දන්නවා.(අ)

:       0       0

ප්‍රශීන් Friday, 26 June 2015 12:35 PM

ඇමරිකාවේ පාරවල් වල මරාගන්න ඒවා ගැන අපි වාර්තාවක් යවමුද එහෙට? (නි)

:       0       0

සරත් Friday, 26 June 2015 12:40 PM

ඇමෙරිකාවේ ඉතින් කළු ජාතිකයෝ මරන්නේ පොලිසිය අල්ලගන්න කලින්නේ. කීයක් මැරුවද මේ මාස ටිකට? ඒවා ඉතින් අතපසුවීම් මගෙ හිතේ (නි)

:       0       0

සකපොනා Saturday, 27 June 2015 04:15 AM

පසුගිය කාලයේ ඇතැම් අපරාධ කරුවන් ආයුධ පෙන්වන්න කියමින් පොලිසිය විසින් නීතියේ හිඩැසට මුවාවී මරාදාන අවස්ථා එක පෙලට කෙරුනා, රටේ සියලු පාර්ශව ඒවාට උඩගෙඩි දුන්නා අගයමින්, නිතිය යුක්තිය වලපල්ලටම ගියා එයින්ම. නඩු යනවා කියන්නේ වැඩක් නැතිවා මෙන්ම දේශපාලන හයිකාරයන් එන්තරවාසි ගොනු කරමින් අමුතු සෙල්ලම් පොරපිටියක් බවට අධිකරණ ක්‍රියාවලිය ලඝු කොට හෑල්ලුවට පත්කරා. (අ)

:       0       0

සුදේශ් Friday, 26 June 2015 12:47 PM

එතකොට ඇමෙරිකාවේ පොලිසියෙන් කළු මිනිස්සු මරන එක? (නි)

:       0       0

රත්නායක Friday, 26 June 2015 12:52 PM

අහිංසක ජනතාව මරාදැමීම පමණක් නොවේ,කාටත් එක සමාන නොවන නීතියෙනුත් දඬුවම් ලබන්නේ සාමාන්‍ය ජනතාව සහ අහිංසකයෝ.ඇමරිකාව මැදිහත්වීමෙන් හෝ ජනතාවටත් රටටත් සෙතක් වේ නම් අපි සහයෝගය දියයුත්තේ ඇමරිකාවටයි. (නි)

:       0       0

මහනාම Saturday, 27 June 2015 11:05 AM

ගුණපාල මහතා. ඇමෙරිකාව නොවේ ප්‍රංශය ජිනීවා වලයි ගැටලුව . මේ කරන්නේ වෙන මොකුත් නොවේ අපේ රණවිරුවෝ ටික දන්ගෙඩියට වැඩක් වන්න පාර හදනවා. මතකද පකිස්තනෙට බෝම්බ දාල අහිංසක මිනිසුන් මරුන අහංකාර හිලරි ක්ලින්ටන් නිකන් සොරි කිව්වා නැහැ. (අ)

:       0       0

අමීර් Friday, 26 June 2015 01:10 PM

රත්නායක වගේ අය ඉතිහාසයේත් රට ජාතිය පාවාදුන්නා (නි)

:       0       0

නාමල් Friday, 26 June 2015 01:26 PM

තමන් සහයෝගය දුන්න දේශපාලඥයාගේ වැරදි හෙළිකරන තරහට මෙතන ඇමරිකාව සුදුද කලුද කියල දන්නෙ නැති මිනිස්සු ඇමරිකාවට බනිනවා.මම අවුරුදු ගානක් ජීවත්වෙන ප්‍රජාතන්ත්‍රවාදීම රට. පොලිස්කාරයෙක් මිනිහෙකුට පාරක් ගැහුවොත් ඇති ගෙදර යවන්න.අනික ඇමරිකාව කිවුවත් කවුරු කිවුවත් මැරුනෙ අපේ රටේ මිනිස්සු. මෙතැනදී අපි ඇමරිකාවේත් සහය අරගෙන පහුගිය මිනීමැරුම් වලට යුත්තිය ඉෂ්ඨ කරන්න ඕනෑ (නි)

:       0       0

සමන් Friday, 26 June 2015 01:30 PM

සුදේශ් ,සරත්,6 ඇමරිකාව කියල හිතාගෙන ඉන්නෙ 1960 ගණන් වල ඇමරිකාව වෙන්න ඇති. ඇමරිකාවෙ ජනාධිපතිත් කලු ජාතිකයෙක්. ඇමරිකාවේ පොලීසිය මිනිහෙක්ව මරන්නේ සැබෑවටම ඒ පුද්ගලයාගෙන් පොලිස් නිලධාරීන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වුණොත් විතරයි. (නි)

:       0       0

මහානාම - කඳාන Saturday, 27 June 2015 04:55 AM

ප්‍රකාශ ඔබතුමා 100% හරි , නමුත් අර ලක්ෂ 50 කට්ටියට ඕක තේරෙන්නෙන් නැහැ, තේරෙන උදවිය නැසූ කන් ඇතිව ඉන්නවා , ඒ උදවිය මට බනිනවා මම ජාතිවාදියා කියලා . (අ)

:       0       0

ප්‍රකාශ් Saturday, 27 June 2015 11:27 AM

මහානාම අපි කොතෙක් කීවාට මේ මන්ධ බුද්ධිකයන්ට තවම තේරුම් ගන්න බැරි ඇයි ඇමෙරිකාව යන්නේ කොතනටද කියා.එකම හේතුව මොවුන්ගේ අතීතයේ සිටම එන පුරුද්ද තමයි රට පාවා දී දොළ පිදේනි ලබා ගැනීම.නමුත් බුද්ධිමත් ජනතාව නිතරම රට ගැන හිතනවා.කෘතවේදීත්වය තියෙනවා. (අ)

:       0       0

ශ්‍රියානි Friday, 26 June 2015 01:32 PM

මමත් නිව්යෝක් වලට ගිහින් තියෙනවා. එහේ පත්තර වලින්, ටීවී වලින් ආණ්ඩු විවේචනය කරන විදිහට මෙහේ හිටපු සමහරු වගේ අය හිටියා නම් යවන්න සුදුවෑන් මදිවෙයි.කරන්න ඕනෑ මේ ඝාතන ගැන පරීක්ෂණ පවත්වලා වගකිවයුත්තන්ට දඩුවම් දෙන එක.මොකද මේ ඝාතනය වෙලා තියෙන්නේ ශ්‍රී ලාංකික පුරවැසියො... (නි)

:       0       0

සුදත් Friday, 26 June 2015 01:34 PM

කලු ජාතිකයින් 13% වත් නැති ඇමරිකාවේ කලු ජාතිකයෙක් ජනාධිපති වුණා. ඒ මිනිස්සු සුදුසු නායකයා තෝරගන්න ජාතිවාදය අමතක කළා. ලංකාවෙ ඔක්කොටම ඉස්සෙල්ලා අදින්නෙ ජාතිවාදය (නි)

:       0       0

රත්නායක දයාරත්න Saturday, 27 June 2015 05:01 AM

ලංකාවෙ සිටින උගත් ඒත් බුද්ධියක් නොමැති ගෝත්‍රිකයින් වැනි පිරිස තමන් හරි අන් අය වැරදියි කියා අනෙකාට ඇගිල්ල දිගු කරනවා. සත්‍යා මිනිස් ඝාතන සිදුවූවා. අමෙරිකාවට සම්පූර්නයෙන්ම සහයෝගය දෙනවා.(නදී)

:       0       0

චතු Saturday, 27 June 2015 11:30 AM

මම මේ ලගදි වැඩසහනක් දැක්ක වැරදි වැඩවලට අහුවෙන ඇමරිකාවේ පදිංචි මේක්සිකන් ජතිකයව අල්ල ආපහු මැක්සිකෝව ට ගිහිල්ල දානවා . ඒ ගොඩක් අය ඉපදුන දවසේ ඉදල තියෙන්නේ ඇමරිකාවේ . නෑදෑයෝ ඔක්ක ඇමරිකාවේ . අපේ රටේ කලානම් කියයි මානව අයිති වාසිකම් කඩනවා කියල . (අ)

:       0       0

විජයබාහු Friday, 26 June 2015 01:39 PM

සමන් ජනාධිපති වෙනස් වුණා කියල ඇමරිකාව වෙනස් වෙන්නේ නැ. (බ)

:       0       0

සංජීව-ඇමරිකාව Friday, 26 June 2015 01:43 PM

සුදත්, ඇමරිකාව සහ ජාතිවාදය ගැන දැනගන්න පොඩ්ඩක් මෙහෙ එමුද? ඔබාමා සුළු ජාතිකයෙක් වුණත් ඒ රටේ කළු මිනිසුන්ට වෙනම කෑල්ලක් ඉල්ලුවේ නැහැ.රටේ ජාතික ප්‍රතිපත්තියට ගරුකරලා සුදු බහුතරය බව හොඳින් දැන රටේ අවශ්‍යතාවයට කටයුතු කරනවා. අපේ සමහර පක්ෂවල අය ඉල්ලන්නේ වෙනම කලාප.ඔබ වගේ අය ජාතිවාදය සහ ජාත්‍යාලය ගැන පළමුව අධ්‍යනය කරන්න. ඔබ බොරු නමකින් අදහස් දමන බවක් පෙනේ. (නි)

:       0       0

සේන Saturday, 27 June 2015 05:23 AM

මම හිතන්නේ මේ කතාකරන්නේ හංගපු අවි හොයන්න යාම ගැන. හංගපු අවි හොයන්න යන එක නවත්තන්න පුළුවන් එකම විදිහ ඒ අය දුක්විඳගෙන අල්ලන අපරාද කාරයින්ට උසාවියෙන් නියම දඩුවම් ලැබෙනවා කියන විස්වාසය ඒ අය තුල ඇතිකිරීම. (ස)

:       0       0

විජයබාහු Friday, 26 June 2015 01:58 PM

ඇමරිකාවට අපි ගැන තියෙන අමාරුව මොකක්ද?(හේ)

:       0       0

සිල්වා Friday, 26 June 2015 01:57 PM

අනේ මගේ කට! ඇමරිකාව කියන්නේ සිල්ගත්ත රටක් වෙන්න ඇති (නි)

:       0       0

විජයබාහු Friday, 26 June 2015 01:58 PM

රත්නායක, සමහර අහිංසක ජනතාව අවිආයුධත් අතේ තියාගෙනනේ ඉන්නේ, නේද? (නි)

:       0       0

සනත් Friday, 26 June 2015 02:00 PM

රත්නායක වගේ කට්ටියක් ලිබියාවෙත් හිටියා (නි)

:       0       0

ගුණපාල Saturday, 27 June 2015 05:49 AM

මහානාම වැනි අයට තවම තේරිලා නෑ මේ වාර්තාව මොකක් ගැනද කියල මේක රණවිරුවන් ගැන ප්‍රසිද්ධ කල වාර්තාවක් නොවේ .(නදී)

:       0       0

මහානාම - කඳාන Sunday, 28 June 2015 04:18 AM

මේ සංවාදයේ හරවත් බව රැකගෙන ඉදිරියට යාමට නම් අපහාස හා උපහාස නැතිව තම මතය ඉදිරිපත් කළ හැකි නම් හොඳයි නේද ? (බ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Friday, 26 June 2015 02:24 PM

ඇමරිකන්කාරයෝ ලෝකය පුරා කළ ජනසංහාරයට කවදා හෝ වන්දි ගෙවිය යුතුයි (නි)

:       0       0

විහඟ Saturday, 27 June 2015 05:59 AM

මහ ලොකුවට අනික් රටවල් වල මිනී මරන ඒව ගැන කතා කලාට අමෙරිකාවෙ දවසකට මිනී මැරීම් කීයක් වෙනවද කියල එකෙක්වත් කතා කරන්නෙ නෑ. අඩුම ගානෙ අමෙරිකාවවත්. මේව රට හදන්න නෙමෙයි අපේ රටවල් වලට එබිල අපිව පාලනය කරන්න ගහන තුරුම්පු. ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගෙ අපෙ උන් ඒවට කෙල ගන්නවා (නදී)

:       0       0

අබේරත්න-ටෝකියෝ Friday, 26 June 2015 02:27 PM

රත්නායක මොනවා කියවනවද? (නි)

:       0       0

වින්සන්ට් Friday, 26 June 2015 02:29 PM

මහානාම-කඳාන, අපි මොන සරසවියේ ඉගෙනීම ලැබුවත්, වැස්සටවත් පාසල් නොගියත් වියයුත්තේ සැබෑ මිනිසුන් වීම නොවේද? පල්ලියෙන් කළත් පන්සලෙන් කළත් වරද වරදම වියයුතුය. නිදහසට කරුණු පැත්තකය. පසුගිය සමයේ අත්අඩංගුවට පත්වුවන්ට අත්වූ ඉරණම ඇත්තෙන්ම මිනිස්කමට කළ නින්දාවකි. එවැනි නීතියක් හෝ පාලනයක් රටක පැවතිය යුතු නැත. ජාත්‍යන්තරව හොඳ නමක් ලැබිය යුතු මොහොතක සිදුවුණේ මිනිස් ඝාතනයකි.එය කිසිදු රටක සිදුනොවිය යුතුය.ලැබෙන වාසියකට හෝ ලැබුන වාසියකට මිනිස් ඝාතන අනුමත කිරීම සැබෑ මිනිසකු අතින් සිදුනොවිය යුතුය.(නි)

:       0       0

විජයබාහු Friday, 26 June 2015 02:46 PM

වින්සන්ට්, බස් රථවලට තැබූ බෝම්බ දුම්රියට තැබූ බෝම්බ, ගම්වලට වැදී අහිංසක මිනිස්සු කපා කොටා මරා දැමුවන්ට දෙන දඬුවම මොකද්ද? එසේ කරන අයට දෙන දඬුවම මොකද්ද? එම වරද කර මොකුත් නොකළා සේ ඉන්නකොට අහිංසකයන් කියා කියන්නද කියන්නේ? ඔබගේත් පවුල පිටින් බස් බෝම්බයකදී විනාශවුණා නම් ඔයා අද ඔහොම කතා කරන්නේ නැහැ. (නි)

:       0       0

පරාක්‍රම -ඇඩිලේඩ් Friday, 26 June 2015 02:51 PM

ඇමරිකාව කිව්ව ගමන්ම සමහරුන්ට ගැරඬියි ලාම්පුතෙලුයි වගේ මිසක් ඇත්ත නැත්ත , හරිද වැරදිද , සුදුද කළුදවත් තෝරාබේරා ගන්නට නොහැකිව හිත ඇතුළේ ඉන්න සර්පයාව එළියට දමන බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

දසුන් Friday, 26 June 2015 03:29 PM

ඇමරිකාවට අපේ රටේ සිද්ධ වෙන දේවල් ගැන වාර්තාවක් ඉල්ලීමට අයිතියක් නැත.(හේ)

:       0       0

දසුන් විහඟ Friday, 26 June 2015 03:50 PM

මගේ අදහසෙන් කාටත් මන් පහර ගැහුවේ නෑ. (බ)

:       0       0

නාමල් Friday, 26 June 2015 03:52 PM

සංජීව ඇමරිකාවෙයි කියල කිව්වට ඇමරිකා ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ වගේ... ඔබාමා ඇමරිකානුවන්ට තවත් එක් 'ඇමරිකානුවෙක්' මිසක් "කල්ලෙක්" නෙමේ... ඇමරිකාවේ සුදු ජනතාව ඔලුගෙඩි ගනනින් වැඩි වුනත් සමාජයේ කිසිම විටක වැඩි වරප්‍රසාද ලාබීන් විදිහට සැලකෙන්නෙක් නෑ...ඒනිසා ඔහුට හෝ වෙනත් කිසිම කල්ලෙකුට මාටින් ලූතර් කින් ගෙන් පස්සේ කල්ලන්ට ඔලුව නමාගෙන ඉන්න අවශ්‍ය නෑ.. ඒ නිසා කවුරුත් කලු මිනිස්සුන්ට වෙනම කලාප ඉල්ලන්න යන්නේ නෑ..ඇමරිකාවේ ශරීර කූඩුව තියාගෙන හිටියට මදි, තමන් ඉන්නා රටේ දේශපාලනික ස්ථාවරය ගැන අධ්‍යනය කරල ඉන්න..(බ)

:       0       0

මහනාම - කඳාන Friday, 26 June 2015 04:33 PM

වින්සන්ට් මහතානනි, මා ඇමතුවාට තුති. හෙට ප්‍රතිචාර දක්වන්නම් (නදී)

:       0       0

මහනාම - කඳාන Friday, 26 June 2015 05:10 PM

වින්සන්ට් මහතාට විජයබාහු මහතා ලබා දී ඇති පිළිතුර ප්‍රමාණවත් යයි මා හිතනවා. කොහොම නමුත් මගේ නමින් ඇමතීම ගැන තුති. මා යමක් ලියන්නම් ඔබතුමාට, මතකද 1987-89 කාලයේදී ( මෙතන ලියන ගොඩක් උදවිය දන්නේ නැහැ , හෝ මතක නැහැ ) එවකට හිටි ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත් මුදලි මහතා ගෙනාව පනතක් " වගකීමෙන් අරාක්ෂා වීමේ පනත " කියලා , ඇයි මේක ගෙනාවේ මොන වගකීමෙන් ආරක්ෂා වෙන්නද ? එවකට හිසරදයක් වූ ආණ්ඩු වීරෝධී පිරිස් මර්ධනය කිරීමේ දී මරණයක්, වරදක් ආරක්ෂක හමුදා අතින් සිදු වුවහොත් එහි වගකීමෙන් ඔවුන් මුදහාරින ලෙස . මතකද ඔබතුමාට ? ඒ එවක රජයට හිසරදයක් වූ ආණ්ඩු වීරෝධී සිංහල පිරිස් මර්ධනය කිරීමට. අද ආණ්ඩු වීරෝධී හිසරදයක් නොවේ, රාජ්‍ය වීරෝධී පිළිකාවක් මර්දනය කිරීමයි සිදුවුවේ. ඉතින් මේ ගැන තව දුරටත් කිරීම ඔබතුමාගේ බුද්දියට කරන අගෞරවයක්. මට තේරෙන්නේ නැහැ ඇයි ඔබතුමා සරසවි අද්යාපනයක් මෙහි පටලවා ගත්තේ ඇයි කියලා. ඔබතුමා ගේ ප්‍රතිචාර අනුව මතුවට සුහදව ලියමි (නදී)

:       0       0

මහනාම - කඳාන Friday, 26 June 2015 05:15 PM

සමහර අදහස් දැක්කම ප්‍රතිචාර දාන්න ලැජ්ජයි. ලැජ්ජනට වඩා දුකයි. මේවා ගැන කතා කරන්න ගියොත් අර ලක්ෂ 50 හේ කට්ටිය මට ජාතිවාදය වපුරන්න හදනවා කියාවි (නදී)

:       0       0

පාලිත පෙරේරා Friday, 26 June 2015 05:19 PM

සංජීව ගේ අදහස හරි (නදී)

:       0       0

සංජීව-ඇමරිකාව Saturday, 27 June 2015 03:05 PM

නාමල් -නොදන්නා දේවල් කතා නොකර හිටියනම් ගොඩක් හොඳයි අනුන්ටට උගන්වන්න පෙර යමක් ඉගෙන ගන්න..ඉන්න රට ගැන මේ කොහෙවත් ඉන්න ඔහේ කියල දෙන්න මට? අනේ පව්.ඔබ නොදන්නා දේවල් මේ ලෝකේ ගොඩක් තියෙනව. ඉස්සෙල්ල ඒවා ඉගෙන ගෙන් අනුන්ට උගන්වන්න ලේස්ති වෙන්න. පෞද්ගලිකව හුමු වේනම් නොදන්න ගොඩක් දේවල් ගැන කියල දෙන්න පුළුවන්. (බ)

:       0       0

රූපවතී Friday, 26 June 2015 06:41 PM

නාමල් කියපු ටිකමයි මාත් කියන්නේ ..? ඇමරිකාවෙන් හරි කමක් නැහැ මැදිහත් වෙලා ..මේ ලංකාවේ නවත්වන්න බැරි මිනීමරු රැල්ලයි, කුඩු කාරයෝ ටිකයි. ඉස්ත්‍රී දුෂකයෝයි, විදුලි පුටුවේ තියල හරි මේවා නවත්වන්න ඕනේ ..මේවා දැකල බලල අද පුවත් පතෙන් ඒ මරුන කෙනෙක් ගැන හදවතින් දුක් වෙන පුද්ගලයාත් හෙට මිනිහෙකුව මරනවා ..?ඒවා නැතිවෙන්න ඕනේ හැමට එක හා සමානව ජීවත් වීමේ අයිතියක් තියෙන පසු බිමක් ඒ රටේ නැති නම්...ඒක ඒ ජීවත්වෙන මිනිසුන්ගේ පෙර පවක්.. බල ධාරීන් රටේ ඉහලින් වැජබෙනවා මහජන මුදලින් ආරක්ෂකයෝ පිරිවරාගෙන? ඒවාට වැය වෙන්නේ මහජන මුදල්. ඒත් රටේ මිනිසුන් බල්ලෝ බළල්ලු වගේ අහු උණු තැන කපල කොටලා මරනවා ..?මිනිසුනේ ඇමරිකාව හරි අගහරු ලෝකෙන් හරි කමක් නැහැ අපිට ඕනේ 1940 ස් 1950 ගණන් වල රටේ තිබුණු සංස්කෘතිය හැදියාව, අනෝන්‍ය සුහදත්වය පිළිගැනීම වැඩිහිටි ගරුත්වය .?අපේ සිරිත් විරිත්? අද ලංකාව සෝමාලියාවක් හා සමානයි ..මේ විදියට තව අවරුදු දෙකක් තිබුනොත්, නැවත ගොඩ ගන්නට බැරිම තරමින් රට විනාශ ම වෙලා යනවා සෑම අතින්ම කිසිවෙකු ඒ ගැන නොහිතන එකයි පුදුමේ. (නදී)

:       0       0

සංජීව- ඇමරිකාව. Saturday, 27 June 2015 03:13 PM

නාමල්-පොතක් කියවල මාර්ටින් ලුතර් කින් ගැන හා ඇමරිකානු ව්‍යවස්ථාව ගැන දැනගත් පමණින් ඇමරිකාව ගැන සියල්ල දත් කෙනෙකු ලෙස කතා කරයි.ලංකාවේ ඉන්න බොහෝ අය ඇමරිකාව ගැන කතා කරන්නේ ඇමරිකන් කාරයටත් වඩා දන්නවා කියල හිතාගෙන.පොතේ දැනුම හා ටී වී එකක් ළඟ ඉඳගෙන අපි තමා සියල්ල දත් කියල ලංකාවේ පොතේ දැනුම පමණක් ඇති උගත්තු හිතන්නේ. .ප්‍රයෝගික දැනීමක් නෑ. මෙහෙ වෙන්නේ මොනාද, ව්‍යවස්ථාවේ තිබෙන සියලුම දේවල් ඉටුවෙනවද කියන එක දන්නේ මෙහෙ ඉන්න අය.පොතේ දැනුම තිබුනට බුද්ධිමතෙක් වෙන්නේ නෑ.ශරීර කුඩුවේ සිරස කියල එක තියෙනවද ඔබට? එය පාවිච්චි කරන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 820 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1453 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 410 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 918 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2239 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 345 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35645 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site