(අංජුල මහික වීරරත්න)
කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟා සිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ දිනවල කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකාව යළි ප්‍රමුඛ කෘෂි අපනයනකරුවෙක් කරනවා
Deepthi Tuesday, 20 February 2024 11:45 PM
තමුන්නැහේ මෙච්චර කලක් කෘෂිකර්මයට කරපු හැටි අපි දැකලා නැතිවයැ...!
chandima Wednesday, 21 February 2024 05:53 AM
අපනයන වැඩක්නේ? එහෙනම් ආණ්ඩුව පෙරළන්න කළින් ලෝකය වටේ තව රවුම් කිහිපයක් යන්න පුළුවන් නේද?
Perera Wednesday, 21 February 2024 06:32 AM
ඔක්කොම අනාගතේ කරන දේවල් ගැන තමයි කියන්නේ. දැනට කරපු ඵලකට ඇති එක දෙයක්වත් නෑ...
Pradeep Kumara Wednesday, 21 February 2024 08:36 AM
කෘෂි බෝග අපනයනය කරන්න කලින් දේශීය පරිභෝජනයට අවශ්‍ය ටිකවත් නිපදවා ගමු මුලින්ම. අල, ළුෑණු, හාල් වගේ අපේ රටේ පහසුවෙන් වගා කරන්න පුළුවන් දේවලුත් තවම ආනයනය කරනවා නම් ඒ රටේ ආර්ථිකය සහ පාලකයින්ගේ තත්වය මොනවට පැහැදිලියි. මහින්දානන්ද අලුත්ගමගේ වහසිබස් දෙඩෙව්වා තමන් කෘෂිකර්ම ඇමැති වෙලා ඉන්නතුරු හාල් ආනයනය කරන්නේ නෑ කියලා, නමුත් අන්තිමට වුනේ මොකක්ද? කිසිම ලැජ්ජාවක්, හිරිකිතයක් නැතුව තවමත් ඉන්නවා. ඉතිං අපි විසිල් විතරක් ගහලා නිකං ඉන්නේ නැතුව බල්ටිත් ගහමු.
බී අමරසිංහ Wednesday, 21 February 2024 12:33 PM
සභාවේ සිනා!
පිටරටවැසියා Wednesday, 21 February 2024 02:56 PM
හරි, අපි මත්තලින් පටන් ගමු..