IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලංකාවේ රිලවුන්ට චීනය පොරකයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් ගැනීමට බොහොම කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

අවාසනාවකට මේ කටයුත්තට ඉඩ නොදෙන බවද  ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.

රිලව් ලක්ෂයක් චීනයට යවන්න අපි මුලින් ලෑස්ති වුණා. අපි මීට සති දෙකකට පෙර චීනයට ගියා. ඒ අය බලාපොරොත්තුවෙන් ඉන්නවා  අපේ රිලව් ගන්න. ඒ රට කැමැත්තෙන් බාරගන්න ඉන්නවා. චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන විසිදාහක් පමණ තියෙනවා. නමුත් අවාසනාවකට මේකට ඉඩ දෙන්නේ නැහැ. දැන් අධිකරණ ක්‍රියාවලියකට ගිහිල්ලා තියෙනවා. පරිසර සංවිධාන කීපයක් ඉදිරිපත් වුණා. දැන් වෙන විකල්ප මාර්ග වලට යන්න වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයත්  වනජීවී අමාත්‍යාංශයත් එකතු වෙලා මේ ප්‍රශ්නයට විසඳමක් ලබාදෙන්න කියලා ඉල්ලනවා. අහිංසක මිනිස්සු වගා කරන දේවල් මේ සතුන් එක දවසෙන් විනාශ කරලා යනවා. තුවක්කු දීපු අයට පතුරම් නැහැ කියලත් ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ ගිනි අවි දෙන්න වේවි. පොල් ගෙඩි මිලියන පන්සීයක් විතර වාර්ෂිකව විනාශ වෙනවා



අදහස් (18)

ලංකාවේ රිලවුන්ට චීනය පොරකයි

pakeer Tuesday, 09 January 2024 04:31 PM

හිනා යනවා ඕයි .මේවට එක රිලවෙක් ගෙන් ඔයාට දෙන්නම් රුපියල් 1000 ක්

:       0       0

fairoos Tuesday, 09 January 2024 04:53 PM

මුන් නම් තියන සම්පත් ඔක්කොම විකුණාගෙන කන්නයි යන්නේ

:       1       0

Chandana Fernando Tuesday, 09 January 2024 05:34 PM

මෙයාට රිලා පිස්සුවක් හැදිල

:       1       0

Prabha Tuesday, 09 January 2024 06:20 PM

මේ මනුස්සයාට වෙන වැඩක් නැද්ද .රිලව් එක්ක පුදුම කෝන්තරයක්නේ තියෙන්නේ

:       1       0

චින්තක Tuesday, 09 January 2024 06:23 PM

රිලා ගහනය තරමක් වැඩිවෙලා කියලා මේ දිනවල එහාට මෙහාට පනින රිලවුන් ගෙන් පේනවා උන් ටික චීනෙට දෙන්න ගියොත් පරිසර සංවිධාන විරුද්ධ වෙන එකක් නැහැ උන් සමග අසරණ ගොවීන්ට හානි කරන රිලව් ටිකකුත් යවන්න පුළුවන් නම් හොදයි

:       1       5

රිලවා Tuesday, 09 January 2024 07:33 PM

මොලේ අමාරුකාර ගංජා කාරයෙක්. යකෝ,අපිට කෙලිනකම් මුට නින්ද යන්නේ නැහැල්ලු. ඔහොම යමන් ... තව සුමාන කියාද ?

:       1       3

Rata Perata Tuesday, 09 January 2024 07:38 PM

ඉතින් උඹ පලයන්කෝ .පුළුවන් නම් අනික් රිලව් 225 ත් අරගෙන යන්න

:       0       2

Nisha Tuesday, 09 January 2024 08:17 PM

පාලිම්නට් එකේ රිලව් ටික යවන්න බැරිද ?ඕනනම් ඔයත් යන්න

:       0       2

p Abeygunasekara Tuesday, 09 January 2024 10:04 PM

අපිටත් ලොකුම කරදරයක් තමා රිලවුන්ගෙන් තියෙන්නේ .පුදුම විදියට හානි කරනවා කිසිම දෙයක් වගා කරන්න බැහැ .චීනයට යවන එකනම් හොඳයි ඉස්සරහට මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙයි

:       0       1

Lalla Tuesday, 09 January 2024 10:58 PM

මුලින්ම 225 පටවමු. රටට ගොඩ යනව ෂුවර්....

:       1       2

chandima Tuesday, 09 January 2024 11:04 PM

ඇමතිලා මන්ත්‍රීලා කී දෙනෙක් අලුතින් පත් කරන්න වෙයිද මන්දා ?

:       1       2

Bamunuarachchi Wednesday, 10 January 2024 03:36 AM

ඇමතිතුමෝ කියන්න රිලවුන් වගේම තව ජාතියක් ඉන්නවා ජෙප්පෝ කියලා උන්ව නම් බුරුතු ගණන් එවන්න පුළුවන්.හැබැයි සත්තු වත්තේ තියාගන්න නොවෙයි.

:       5       4

Saththaya Wednesday, 10 January 2024 06:56 AM

අනේ 225 ම ගත්තානම් හරියට හරි , අපි ගොඩ .

:       0       5

Lal Wednesday, 10 January 2024 07:51 AM

දේවානි නැවත වැඩ පටන් ගෙනද ?

:       1       3

මෙයාට තියෙන ඉල්ලුම ගැන වෙන්නැති කියන්නේ... Wednesday, 10 January 2024 08:23 AM

මෙයාට තියෙන ඉල්ලුම ගැන වෙන්නැති කියන්නේ...වදුරු කතා තමා

:       1       3

Amal Wednesday, 10 January 2024 09:54 AM

ඇමති තුමෝ, බැරිද පාර්ලිමේන්තුවේ ඉන්න රිලව් ටික චීනෙට පටවන්න? ඔබතුමා එක්ක වුනත්, අපේ කිසි අකමැත්තක් නැහැ. අපේ පුර්ණ සහයෝගය දෙනවා, අම්මපා ස්ථීරයි.

:       1       7

සල්ලි Wednesday, 10 January 2024 11:34 AM

ඔයිට වඩා හානියක් උබලාගෙ සෙට් එක කරනවා බන්.

:       0       7

පැරකුම් Wednesday, 10 January 2024 12:14 PM

ලෝකයේ වෙනත් දියුණු රටවල වන සත්ව ගහණය පාලනය කිරීමට විවිධ උපත් පාලන ක්‍රම සාර්ථක අන්දමින් භාවිතාකරන නමුත් අපේ රටේ ඒවා දන්න අය නැත. නිළධාරීන් රට සංචාර කර සැප ගත්තත් රටට වැඩක් නැත. රට ගොඩ ගන්න දේව දූතයෙක් පහලවන තෙක් බලා ඉමු.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 869 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1977 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 644 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 354 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 924 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1521 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site