ජෙමී ඩෙල් රොසයිරෝ හෙරල් වුවද ඇය වඩා ජනප‍්‍රියව සිටින්නේ ජෙමී හෙරල් නමිනි. 1994 ජූලි 12 වැනිදා ඇය උපත ලැබුවේ ඇමරිකාවේ කැලිෆෝර්නියාහි ග්ලෙන්ඩෝරාහිදීය. එසේ වුවද ඇය පිලිපීන ජාතික තරුණියක වන්නීය. ඇගේ පරපුරේ නිජබිම වන්නේ පිලිපීනයේ සීබූ පළාතය. 2014 මිහිකත රූ රැජිණ වීමට පෙර පිලිපීනයේදී ඇය රූ රැජිණ ජයග‍්‍රහණ ත‍්‍රිත්වයක් පමණ එරටදී ලැබුවාය. 2014 මිහිකත රූ රැජිණවීම නිසා තම රටට මෙන්ම ලෝකයටම ගෞරවයක් ඇතිවන පරිදි කටයුතු කරන බව ඇය පවසයි. ඇයගේ පියා ජීවතුන් අතර නැත. මව, වැඩිමල් සහෝදරිය සහ සහෝදරයකු සමඟ ඇය ජීවත්වෙයි.
වයස අවුරුදු 21 ක් වන ඇය තවමත් උසස් අධ්‍යාපනය හදාරන අතරේ ඇමරිකානු සහ පිලිපීන රංගන ශිල්පිනියක මෙන්ම පිලිපීන රූපවාහිනී චරිතගත ලෙසද කටයුතු කරන්නීය. ඊට අමතරව නර්තන ශිල්පිනියක ලෙසද ඇය එරට ජනප‍්‍රියව සිටින්නීය. ශ්‍රී ලංකාවට පැමිණීමට අවකාශය ලබාදුන් දෙරණට ස්තූතිවන්ත වන ජෙමී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය උදෙසා කටයුතු කිරීමට එය මහඟු අවස්ථාවක් කරගන්නා බවද ප‍්‍රකාශ කළාය.
වයස අවුරුදු 23 කි. මේ වන විට කැලණි සරසවියේ බාහිර අංශයේ උපාධියක් සඳහා අධ්‍යාපන කටයුතු අරඹා ඇති බව ඇය පවසයි. ඒ සියල්ල අතරේ අද ඇය වඩා ප‍්‍රකටව සිටින්නේ නිරුපණ ශිල්පිණියක ලෙසය. ඊට අමතරව වෙළඳ දැන්වීම් නිරූපිකාවක ලෙසද කටයුතු කරන්නීය. අද ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත‍්‍රයට නැතුවම බැරි චරිතයක්ව සිටින විස්නා මෙම දෙරණ ගෝයා රූ රැජිණ තරගයට සහභාගී වූ හැටි පැවසුවේ මෙලෙසිනි.
”ඇත්තටම මගේ හිතේ සිහිනයක් තිබුණා. රූ රැජිණ තරගයකට සහභාගී වීමට. නිරූපණ ශිල්පිණියක වීම ඊට වඩාත් පහසුවක් වුණා. ඇත්තටම මේ ජයග‍්‍රහණය මට විශාල වටිනාකමක් ගෙන දුන්නා. දැන් මගේ අරමුණ මේ සමඟ මිහිකත රූ රැජිණ තරගය සඳහා (2015) ලැබුණු අවස්ථාවෙන් ශ්‍රී ලංකාවට ජයග‍්‍රහණයක් ගෙන දීමටයි.
පවුලේ විස්තර සඳහන් කළොත්?
අම්මා, තාත්තා, අක්කා සහ නැගණිය.
මේ ජයග‍්‍රහණයෙන් පසුව තවත් ලැබුණු අවස්ථා මොනවද?
මීට පෙර සිටම රඟපෑමට අවස්ථා ලැබුණා. නමුත් තවම මම ඒ ගැන හිතුවෙ නැහැ. මුලින්ම මම මගේ රටට ලෝකයට පරිසරය රැකගැනීම සහ ඒ වෙනුවෙන් වූ යමක් කළ යුතුයි. මෙම කිරුළ අරුත්බර වෙන්නේ එවිටයි.
”විස්නා” ඔබ කවුද? මොකක්ද ඒ නාමයෙහි තේරුම?
විශ්වයට නායිකාවක් කීම තමයි එහි තේරුම. මම මා වෙනුවෙන් ජීවත් නොවී, සමාජයට උදව් කරමින් යාළුවන්ට හොඳම යාළුවෙක් වෙමින් නිතරම හිනාවෙලා සිටින කෙනෙක්.
Location:- Hayleys Cafe Pixel
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකාවේ රූ රැජින තෝරන්නට පිලිපීනයෙන් ආ මිහිකත රූ රැජින
හේවාවිතාරණ Thursday, 25 June 2015 02:47 AM
ඔක්කොමටම කලින් පිලිපීනයේ පරිසරය පිරිසිදු කරලා ආවොත් හොඳයි නේද? දහස් ගණන් තරුණියෝ නිදාගන්නේ මහපාරේ අගුපිල් වල ප්‍රසිද්ධ උයන් වල (නි)
මලික් Sunday, 21 June 2015 08:24 AM
ඇත්ත බොහොම සිරියාවන්ත විදේශික කාන්තාවක්. පන්සලකටත් සංචාරයකට ගිහින් හරිම පිළිවෙලකට සුදු ඇඳුමෙන් සැරසිලා. ගෞවරවයෙන් වැඳගෙන ඉන්න ඡායාරූප අපි දැක්කා. (නදී)
අරවින්ද Tuesday, 23 June 2015 05:57 AM
විස්නටනම් විසේ වගේ පෙන්නේ .... (ස)
සුපුන් Wednesday, 17 June 2015 12:44 PM
දෙන්නගෙම ඇති වැඩක් නැහැ මට නම්.අපේ එක්කෙනා තව හොඳයි.පිලිපීන්,තායි ,ජපන්,කොරියන් මුහුණු ඔක්කොම එකයි.කිසිම ලස්සනක් නැහැ මට නම් (නි)
උදාරි Friday, 19 June 2015 03:56 AM
උඩ කෙනාගෙ හිනාව හරිම සිරියාවයි. දත් ටික මුතු කැට වගේ (නදී)
නිමාලි Friday, 19 June 2015 03:57 AM
සුපුන්ට වැඩක් නැති උනාට කාටවත් පාඩු නැහැ. ඉරිසියාවෙන් කමෙන්ට් දාන්න එපා. පැලිලා මැරෙයි. (නදී)
රමේෂ් Monday, 22 June 2015 12:20 AM
රූප රැජිනියෝ උනාට මහා ලොකු ලස්සනක් නෑ. පිලිපින් කෙනාගේ තාත්ත හරි අම්ම හරි විදේශික කෙනෙක්. කව්රුත් ඉරිසියාවට මොකුත් කියල නෑ. තමන්ට හිතෙන දේ තමයි හැමෝම කියල තියෙන්නේ. (නදී)
ලසිත Wednesday, 24 June 2015 12:14 PM
අනේ මන්දා අපේ අය මේ වගේ ලස්සන ගැහැණියක් දිහා බලලා ලස්සන රසවිඳින්න දන්නේ නැහැනේ.අගය කරන්න දන්නෙත් නැහැ.ඊර්ෂ්‍යාවෙන්,කුහකකමින් පිරුණු හිත්, අදහස් දැක්කහම පේනවා හොඳටම. (නි)
සංජීව Friday, 19 June 2015 04:54 AM
නිමාලි කිව්වා හරි. සුපුන් ඊර්ෂ්‍යාවේ පැලෙනවා. මට නම් මිස් අර්ත්ගේ කිසි වැරැද්දක් පෙනෙන්නේ නැහැ. හොඳ සිරියාවයි.අව්‍යාජ හිනාවක් (නි)
රවී Wednesday, 17 June 2015 12:20 AM
බලන්න මේ විදේශික කාන්තාවගේ පින්තූර. කොටට ඇන්දත් විහිළුවක් නොවන විදියට තමන්ගේ මුහුණේ ඉරියව් බොහොම ප්‍රසන්නව ඡායාරූපයට ඉදිරිපත් කරලා. අනෙක් කාන්තාවත් නිරූපිකාවක් නිසා වරදක් නැහැ. ඒකට අර ළඟදි අපේ ටෙලි නිළියක් ඉදිරිපත්කළ ඡායාරූපයේ මුහුණේ ඉරියව්ව! මතක් වෙනකොටත් හිනායනවා. (නි)
කෝලිත Friday, 19 June 2015 07:44 AM
මොකටද අනේ රටේ සල්ලි නාස්ති කරගෙන මේ වගේ විකාර ගෑනු ලංකාවට ගෙන්නන්නේ ..පිස්සු විකාර වෙන වැඩ නෑ වගේනේ .අපි අස පරණ අයගේ විස්තර දැනගන්න. (බ)