IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලංකාවේ ලොකුම කුඩු වැටලීම බියගමින්

ශ්‍රී ලංකාවේ ලොකුම හෙරොයින් වැටලීම යැයි සැලකෙන හෙරොයින් කිලෝග්‍රෑම් 85 ක් බියගමදී අල්ලා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයෝ සමත් වුහ.

හයිබ්‍රිඩ් කාරයක්,   ත්‍රී රෝද රියක් සහ  සැකකරුවන් දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.



අදහස් (0)

ලංකාවේ ලොකුම කුඩු වැටලීම බියගමින්

අනුර Thursday, 12 June 2014 02:19 PM

කැලණියේ අයිතිකරු මේ ගැන බැලුවොත් හොඳයි නේද ? (ස)

:       0       0

නිමල් Thursday, 12 June 2014 09:54 PM

ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

අචිනි Thursday, 12 June 2014 02:36 PM

එතකොට අර කන්ටේනර් එකේ තිබුන තොගය නෙමේද ලොකුම තොගය. (නදී)

:       0       0

සම්පත් දකුණු කොරියාව Thursday, 12 June 2014 02:36 PM

පකිස්තාන් කාරයෙක් වැඩේට සම්බන්ද ඇති. තවතවත් සරණාගත විසා වැඩියෙන් දෙන්න ආස්චර්‍ය ඉක්මනටම ලැබෙයි (නදී)

:       0       0

බණ්ඩාර Friday, 13 June 2014 10:37 AM

මටනම් හිතෙන්නේ කොහේ හරි බේකරියක බනිස් හදනවා ඒවගෙන් දැන් දැන් තිරිගු පිටිවලටත් වැඩිය රටේ තියන්නේ මේවනෙ (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 12 June 2014 10:07 PM

අල්ල ගත්තු කිලෝ 140 නෙවෙයිද ලංකාවෙන් අල්ල ගත්තු ලොකුම කුඩු ප්‍රමාණය. (දී)

:       0       0

තිස්ස Thursday, 12 June 2014 10:09 PM

මගේ රට ඉවරයි මම දිවි නසා ගන්නවා (දී)

:       0       0

ජොහාන් Thursday, 12 June 2014 03:30 PM

දොන් සරත්, කුඩු ගෙනාපු දෙන්න කොච්චිකඩේලු එතකොට කාගෙන්ද ප්‍රස්න කරන්න ඕනා. කඩේ ගියාට කමක් නැහැ නමුත් ඇඳුම් නැතුව යන්න හොද නැහැ (නදී)

:       0       0

සරත් බංඩාර Thursday, 12 June 2014 03:37 PM

දේශපාලඥයෙක් සම්බන්ධ නම් මැතිවරණයට වියදමට සල්ලි හොයන්න වෙන්න ඕනේ. (නදී)

:       0       0

සුනේත්‍රා Thursday, 12 June 2014 08:46 AM

මේක දැන් පාන් පිටි නොවෙන්ඩ බේරා ගන්න එක තමා වැඩේ (දී)

:       0       0

රසල් සේනාධීර Thursday, 12 June 2014 08:56 AM

සෙල්ලන් හෙරොයින් වෙයිද ?(දී)

:       0       0

ඇල්බට් Thursday, 12 June 2014 09:05 AM

කන්ටේනර් එකකටත් වඩා ලොකුද ආයිබෝන් !(දී)

:       0       0

සෝමපාල Thursday, 12 June 2014 09:06 AM

හෙට kg 8.5(දී)

:       0       0

පද්මිනී Thursday, 12 June 2014 04:12 PM

කිරි බොන්ට බැරි නිසා ඉපදුනු ගමන් එකාගේ ඉඳල කුඩු බොන්න පුරුදු කරන්නද හදන්නේ? අද පෝය දා මෙහෙම කරපු අයව අවීචි මහා නරකාදියට ඇදගෙන යන්ට ඕනා! (නදී)

:       0       0

තිලක් Thursday, 12 June 2014 09:11 AM

අනේ....! නිදහස් කරන්න කියලා ලියුම් නම් දෙන්න එපා. (දී)

:       0       0

දයා අලහකෝන් Thursday, 12 June 2014 09:15 AM

එතකොට අර කෙන්ටෙනර් කුඩාද? (දී)

:       0       0

ජිත් Thursday, 12 June 2014 09:20 AM

දන්සලක් දෙන්න ගෙනියනවා වෙන්න ඇති .... (දී)

:       0       0

නාමල් Thursday, 12 June 2014 11:15 PM

අනේ බියගම කොල්ලෝ ටික (දී)

:       0       0

පිටිගල Thursday, 12 June 2014 04:34 PM

වැටලීම් වලින් මොනවා වුණත් සමාජයට සංසරණය වෙන එක නම් එහෙමමයි. (නි)

:       0       0

ගිම්හාන් Thursday, 12 June 2014 09:27 AM

නියම වැඩක් (දී)

:       0       0

ප්‍රනාදු Thursday, 12 June 2014 09:26 AM

බොහම හොඳයි. රටවැසියා දැනන්ගන්ඩ කැමති මීට පෙර ඇල්ලු කුඩු කොන්ටෙනරට මොකද උනේ. ඒවා ගෙනාපු මිනිස්සු කවුද. දැන් වැරදි කාරයෙක් ඉන්නවද? දුන්නු දඬුවම මොකක්ද කියල.? (දී)

:       0       0

නලින් Thursday, 12 June 2014 09:28 AM

සතුටු හිතෙන පුවතක් නමුත් ඕකට සම්බන්ද උන නිලදාරීන්ගේ ජිවිත දෙවියන්ට බාරයි. රටේ පාලකයන්ට ඔය වගේ දෙයකට හිත යොමු වෙන එකත් දරු පවුල් කීයකට සහනය ලැබෙන වැඩක්ද ? (දී)

:       0       0

තරංගා Thursday, 12 June 2014 09:33 AM

රටේ අයවැය හිගය පියවන්න පුළුවන් නේද මේ පොසොන් පෝය දවසේ දුක් විදින අම්මල දරුවෝ කිදෙනුකුට සෙනසිම ලැබෙන්න ඇද්ද මේක අහල ?(දී)

:       0       0

ඉසුරන්දි Thursday, 12 June 2014 09:33 AM

අම්මෝ ලංකාවම උකසට තිබ්බත් මේ කුඩුවල මිල සමාන කරන්න බැහැ (දී)

:       0       0

සිරිසේන Thursday, 12 June 2014 09:34 AM

එතකොට අර අග...........කුඩු 300 ට මොකද උනේ (දී)

:       0       0

කුමුදිනි වත්සලා Thursday, 12 June 2014 04:41 PM

මේ අයියයි මල්ලියි මේ පාර නම් අහුවුණා... (නි)

:       0       0

භානු Thursday, 12 June 2014 09:36 AM

දැනටම වැටලීම කල උදවියට මාරු වීම් ලිපි ටයිප් වෙමින් පවතිනවා ඇති. (දී)

:       0       0

පියල් Thursday, 12 June 2014 04:47 PM

අර ප්‍රභාකරන් නැතිවෙලා ඊළඟ විනාඩියේ සිට ත්‍රස්තවාදය නැති වුණා වගේ මේ වසංගතය නැති කරන්න විදියක් නැද්ද? (නි)

:       0       0

නාලක Thursday, 12 June 2014 09:37 AM

අද පොසොන් දවසේ කුඩු ගහන අයට කුඩු දන්සලක් දෙන්න ගිහින් තියෙන්නේ... අනේ අපරාදේ ඇල්ලුවේ.... (දී)

:       0       0

රවී Thursday, 12 June 2014 04:47 PM

මේවායේ ප්‍රමාණය වෙනස් වෙන එකක් නැහැ නේද? (නි)

:       0       0

රොෂාන් Thursday, 12 June 2014 09:38 AM

හෙට අනිද්දාට ලොකු ලොක්කන්ගේ නියමයෙන් කුඩු ටික සහ කුඩුකාරයෝ ටික නිදහස. අල්ලපු එස් ටී එෆ් මහත්තුරුන්ට හොද මාරු වීම්. ශ්‍රී ලංකාව කුඩු රාජ්‍යයක් වූ වගයි...

:       0       0

රවී Thursday, 12 June 2014 04:53 PM

අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තුතියි! (නි)

:       0       0

අජන්ත Thursday, 12 June 2014 04:56 PM

හරිම සතුටුදායක පුවතක් (නි)

:       0       0

නුවන් Friday, 13 June 2014 02:41 PM

කුඩු නැතිකරන්න හිතන්න එපා (දී)

:       0       0

වජිර Friday, 13 June 2014 02:41 PM

අනේ මගේ ලංකා මාතා (දී)

:       0       0

නුවනි Friday, 13 June 2014 02:40 PM

කොටි නැතිකරත් කුඩු නම් නැති කරන්න අමාරුයි (දී)

:       0       0

පහන්දි Thursday, 12 June 2014 09:48 AM

අල්ලගත්තු පොලිස් නිලදාරීන් මාරු කර දායිද? (දී)

:       0       0

ලක්ෂපාන Thursday, 12 June 2014 09:57 AM

අර කන්ටේනර් එකේ තිබ්බ ලොට් එක දැන් ඔන්න සිල්ලරට ක්‍රමයට විකුනනවා වගේ.. එයාලම අල්ලනවා එයාලම විකුනනවා.ඇල්ලුවා ඇල්ලුවා කියනවා ඒ අස්සෙම සෙල් සෙල් කියලත් කියනවා. අහිංසක මිනිස්සුන්ව රවට්ටලා මේ වගේ මත් ද්‍රව්‍ය විකුණන් සැප ජීවිත් ගෙවන ඉහල පෙලේ උදවියට නීතියෙන් බේරිලා හිටියත් කවදාවත් තමන්ගේ හර්ද ශාක්ෂියට බොරුකරන්න බැ. මිනිස්සුන්ට ගින්දර දීල හොයන සතයක් ගානේ විඳවන්න වෙනවාමයි.(දී)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Thursday, 12 June 2014 09:57 AM

බයවෙන්න එපා,නඩු වැටෙන්නේ නැහැ.මුලු ලෝකෙම ඒක දන්නවා(දී)

:       0       0

ටෙරාන් Thursday, 12 June 2014 05:15 PM

මේ සියලුම පාර්සල් වල ඇත්තේ කුඩුද? (නි)

:       0       0

ප්‍රශාද් Thursday, 12 June 2014 09:58 AM

හොඳ වැඩක්.(දී)

:       0       0

අක්රම් Thursday, 12 June 2014 05:18 PM

කුඩු ඇල්ලූ එක නම් ඉතාම හොඳයි. නමුත් මේ නඩුවේ තීන්දුවට මොනවා වේදැයි සැකයි (නි)

:       0       0

නාරද Thursday, 12 June 2014 10:00 AM

ඕක මොක්කක්ද කුඩු කන්ටේනර් එකක් අල්ලලත් සද්ද නැතුව බේරිලා ගියේ, පව් එස්.ටි.එෆ්. කට්ටියට මාරුවීම් ලලැබෙයි ලගදීම (දී)

:       0       0

ගයන් Thursday, 12 June 2014 10:01 AM

අය් අර කිලෝ 280ක් ඇල්ලුවේ කන්ටේනර් එකකින්. (දී)

:       0       0

රොශාන් Thursday, 12 June 2014 10:01 AM

මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්....(දී)

:       0       0

මධු Thursday, 12 June 2014 10:03 AM

ඔය අහු වෙච්ච කුඩු වලට මොකද කරන්නේ පොලිසිය (දිල්)

:       0       0

ජගත් ලියනගේ Thursday, 12 June 2014 10:12 AM

අල්ල ගත්ත කුඩු කිලෝ 85, පාන් පිටි වලට පරිවර්තනය වෙයි ද දන්නේ නැහැ? එහෙම උනොත් ඔක්කොම ඉවරයි (දිල්)

:       0       0

සිරිමෙවන් Friday, 13 June 2014 01:35 AM

හෙට අනිද්දා වන විට ලංකාවේ නීතිය අකුරට වෙයි. ඒ වගේම පරිප්පු මිලද පහළට,සැමන් මිල පහළට, බේත් මිල පහළට ගිහින් උඩ ගිය සියලු මිල ගණන් පහළට යයි. රටටම බලපාන මැතිවරණ මදනල ලතාවට හමාගෙන එන්න පටන් අරගෙන වගෙයි (නි)

:       0       0

දර්මේ Thursday, 12 June 2014 10:14 AM

ඕක රාජසන්තක කරන්ඩ දුමින්ද ඇමතිතුමාට හරි මර්වින් සිල්වා ඇමතිතුමාට හරි දුන්නනම් වැඩක් වෙයි නේද (දී)

:       0       0

සෙනාලි Friday, 13 June 2014 01:45 AM

බොහොම වටිනා මෙහෙයුමක්. මේවා රට තුළට ගියා නම්....? (නි)

:       0       0

ඉෆ්හාම් Thursday, 12 June 2014 10:16 AM

මේවා ඇල්ලුවාට පස්සේ පුන්නක්කු කියලා නිදහස් වෙයි..මීට කලින් 250kg ගෙනාවා නේද? එකට මොකද උනේ?(දී)

:       0       0

සේන Thursday, 12 June 2014 10:20 AM

ගෝනි ගණන් කුඩු අල්ලනවා නමුත් වැරදී කාරයින්ට දීපු දඩුවම් ගෙන කිසිම තොරතුරක් නැහැනේ. කොහොම වෙතත් කුඩු අල්ලපු නිලදාරින්ට දෙවිපිහිටයි .(දී)

:       0       0

අජිත් Thursday, 12 June 2014 10:31 AM

අනේද කියන්නේ අපේ ඇමති තුමෝ.....(දී)

:       0       0

සෙනරත් Thursday, 12 June 2014 10:31 AM

අයිති කාරයා කවුද කියල හරියටම ඔප්පු කරගන්න අමාරු වෙයි වත්ද? (දී)

:       0       0

සංජය Thursday, 12 June 2014 10:33 AM

කිලෝ 85 ග්‍රෑම් කීයක් වෙලා නවතීද දන්නෙ නැහැ (දී)

:       0       0

ජෙරාඩ් Thursday, 12 June 2014 10:36 AM

ඒකටත් දේශපාලකයෝ ලියුම් දීලද? එහෙනම් හෙරොයින් වලට වෙච්ච දෙයක් නැති වෙයි. STF එක අතදාපු නිසා ටිකක් අමාරුයි. (දී)

:       0       0

හසී Thursday, 12 June 2014 10:36 AM

මීට වඩා කොච්චර ලොකු ඒවා හංගලා තියෙනවාද ? (දී)

:       0       0

මිලානො ජයන්ත Thursday, 12 June 2014 10:35 AM

අපේ රටේ තරුනපරපුර විනාසකරන්න තිබෙන හොදම ආයුදය.මෙය පිටුපස ඉහලමපෙලෙ අයෙක් සිටිනවා නොඅනුමානයි .ඊටත්වඩා ඉහලම බලපෑමකට මෙය යටගැහුවොත් පුදුමයක් නොවනු ඇත (දී) .

:       0       0

ශාලිත Thursday, 12 June 2014 10:39 AM

මේ තරම් රටට කුඩු එන්නේ කොහොමද කියලා දන්නෝ දනිති. (දී)

:       0       0

පාලිත Thursday, 12 June 2014 10:45 AM

මේක පලවෙනි වතාව නෙමෙයි වෙන්න ඇතිනේ (දී)

:       0       0

කමල් Thursday, 12 June 2014 10:46 AM

ලංකාවේ කුඩු තියෙන්නේ දෙන බිත්තර වී වගේනේ. කිලෝ 85 කට දෙන්නද? ජනාදිපතිතුමා මෙදිහත් උනොත් නරකද දැනවත්. (දී)

:       0       0

චන්ද්‍රා Friday, 13 June 2014 04:47 AM

මෙහෙම ගියොත් කවුරු වුණත් අනාගතයේදී දරුණු මානසික රෝගීන් වේවි. දැනට ලෝකයේ සොයාගෙන ඇති මානසික රෝග 1500 න් හරි අඩකටම දායක වෙලා තියෙන්නේ මේ කුඩු වසංගතය. (නි)

:       0       0

නිමල් ලලිත් Thursday, 12 June 2014 10:53 AM

මෙගොල්ලන්වත් බෙර ගැනීමට දේසපාලන කෙරුමෙක් ඉදිරිපත්වෙවිද? (දී)

:       0       0

මිරිහාන Thursday, 12 June 2014 10:54 AM

රුපියල් ශත වලට ජාතිය පාවා දෙන්න එපා (දී)

:       0       0

සුනිල් Thursday, 12 June 2014 10:56 AM

මෙහෙ ඉතින් වෙන්නෙම ලෝකෙම ලොකුම දේවල්නේ. එත් හොඳ දේවල් නම් නොවේ. (දී)

:       0       0

සමීර Thursday, 12 June 2014 10:58 AM

හරි කමක් නැහැ මේ 85 ට කලින් 280 මොකද උනේ.එකට උන දේම තමයි ඔය 85ත් වෙන්නේ.(දී)

:       0       0

නුවන් Thursday, 12 June 2014 11:02 AM

රටේ ලොකු ලොකු සංවර්දනය,ලොකු වරායන්,ලොකු ගුවන්තොටුපොළවල්,ලොකු කුඩු තොග! ආසියාවේ ආශ්චර්ය කියන්නේ මේකට තමා.හැමදේම ලොකුවට කරනවා. (දී)

:       0       0

එදිරිසූරිය Tuesday, 17 June 2014 12:40 AM

අපේ රට ගැන දුකයි (නි)

:       0       0

සීත් Thursday, 12 June 2014 11:11 AM

කරන්න තියෙන හොඳම වැඩේ මේවා ගෙන්වන අයට එයාලගේ දූ දරුවන්ට, නෑදෑයන්ට මේවා බලෙන්ම පුරුදු කරන එකයි මුළු සන්හරේම ඉවරයක් කරන්න.(දී)

:       0       0

පද්මලාල් Thursday, 12 June 2014 06:35 PM

අනේ අපේ සිරි ලංකාව! (නි)

:       0       0

රනේ Thursday, 12 June 2014 11:16 AM

මුද්‍රණ දෝෂයක් වත් ද ?(දී)

:       0       0

අහිංසා Thursday, 12 June 2014 11:16 AM

අර දුටුගැමුණු රජතුමාගේ මි මුණුපුරා...ආයුර්වේද බෙහෙත් සාදන්න හිමාලය කන්දෙන් ගෙන්වාපු වටිනා බෙහෙතක් ...මේ මෝඩ පොලිස්කාරයෝ වැරදිලා අල්ලලා. වැරැද්ද වැරැද්දමයි..නිතිය කාටත් පොදුයි ...පොලිසියේ කස්ටියම දුටුගැමුණු මි මුනුපුරාගෙන් වැඳලා සමාව ගත යුතුයි ...ඊට පස්සේ ඔක්කොටම ට්‍රාන්ස්ෆර් දෙන්න ඕන තංගල්ලට.(දී)

:       0       0

ෆයි Thursday, 12 June 2014 11:25 AM

ඔය අල්ලන කුඩුවලට මොකද වෙන්නේ ඕවා අයෙත් සල්ලි වෙලා න. .............ට යනවා ඇති (දී)

:       0       0

පද්මා Thursday, 12 June 2014 11:24 AM

ඇල්ලුවාට විතරක් මදිනේ දඬුවම මොකක්ද?

:       0       0

මිලානො ජයන්ත Thursday, 12 June 2014 11:25 AM

මෙවනි පුවත් අසෙනකොට අස්,කන් පීනාගොස් ප්‍රීතිමත්ව කටින් ඔල්වරසන්දෙනව.නමුත් මෙය අහලා හදවත සමච්චල් කරනව. මක්නිසාද? නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියා එයා දන්නනිසා.(දී)

:       0       0

නුවන් Friday, 13 June 2014 06:52 AM

මේක තමයි ආශ්චර්යය! (නි)

:       0       0

දොන් සරත් Thursday, 12 June 2014 11:28 AM

බියගම කියන්නේ රනිල්ගේ මහතාගේ ආසනයි. එයා අනිත් අයගේ දිහා බලන විදියට බැලුවොත්, මේ හෙරෝඉන් කන්දරාව එයාගේ චක්ගොලයෙක්ගේ වෙන්න පුළුවන්. සමහරවිට මෙයාගේ චන්දෙට වියදන් කරන්න ගෙනාපු ඒවාද දන්නේ නැ. රනිල් මහතාගෙන් මේ ගැන ප්‍රශ්න කලොත් හොදැයි (දී). \

:       0       0

චන්ද්‍රා Thursday, 12 June 2014 11:39 AM

තම වැඩේ ඉවරයක් නැත්තෙය් ඒ ගොල්ලෝ ගේනවා මේ ගොල්ලෝ බෙදනවවත්ද?(දී)

:       0       0

විමල් Thursday, 12 June 2014 11:42 AM

දැන් ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ?(දී)

:       0       0

නන්දනී Thursday, 12 June 2014 11:42 AM

ලොකු ලොකු වැඩ මේවා (දී)

:       0       0

රුවන් Thursday, 12 June 2014 11:41 AM

මත්දව්ව්‍ය ,මත්වතුර, ලංකාවෙන් හා ලෝකයෙන්ම තුරන්කරන්න තියනවනම් මේ ලෝකය කොපමණ සුන්දර වේවිද. හොරකම්,මැරකම්,ස්ත්‍රීදුෂණ නැති අනාගතයක් පතමි.පොලිස් නිලදාරීන් කොන්දපනඇතිව වැඩකරනවානම් නීතිවිරෝදී සියලුමදේ නවත්වන්න පුළුවන්.පොලිස්සියම අපරාදකාරයන් දහදෙනෙකුට උදව් කරලා එක්කෙනෙක්ව අල්ලනවා. (දී)

:       0       0

නාමල් Thursday, 12 June 2014 07:14 PM

අපේ ළමයින්ට රටක් නැති වෙන එක නම් සහතිකයි. කොහොමත් ඹ්වා ඒ අයට නැතත් ඔවුන්ගේ ළමයින්ගේ ළමයින්ට හරි පල දෙනවා ස්වභාවධර්මය අනුව....... (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 12 June 2014 11:47 AM

හොඳට වැඩේ කරලා තියෙනවා (දී)

:       0       0

දිල්රුක්ශාන් Thursday, 12 June 2014 11:46 AM

කව්රු මොනවා ලිව්වත් මේ වැටලීම කරපු පිරිසට මම සුභ පතනවා (දී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 12 June 2014 11:50 AM

අනේ දොන් සරත්. ඔයා මේකටත් සුදුහුණු ගානවද ? ඕගොල්ලෝ මොන වගේ මිනිස්සුද කියල හිතා ගන්නවත් බැහැ. (දී)

:       0       0

ජෙහාන් Thursday, 12 June 2014 11:51 AM

රුවන්ගේ කතාව හරියටම හරි (දී)

:       0       0

රුවන් Thursday, 12 June 2014 11:50 AM

දැන්ඉතින්රටේ දවස් කිහිපයකට පමණ කුඩු හිඟයක් තියේවි.පොඩි කුඩු මුදලාලිලා තියන බඩුටික හංගල කුඩුහිගයක් මවාපාලා රුපියල1000 පැකට් එක 2000කට දේවි.(දී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 12 June 2014 11:58 AM

රුවන් පොලිසියට බනින්න එපා. පොලිසියේ මහත්තුරුත් තමුන්ගේ රැකියාව රැක ගන්න ඕනෙනේ. එගොල්ලන්ටත් දරු පවුල් තියනවනේ රකින්න (දී)

:       0       0

චන්දන Thursday, 12 June 2014 12:00 PM

රුවන් ලංකාවේ කෙනෙක් නෙමෙයි වගෙයි. අපේ ඇති උතුම් දේශපාලන උතුමන්ලාට තියන බලය ගැන රුවන් දන්නේ නැද්ද?(දී)

:       0       0

ගිහාන් Thursday, 12 June 2014 12:04 PM

වැටලීම කල අයගේ මාරුවීම් ලිපි දැනටමත් තැපෑලේ වෙන්න ඇති. (දී)

:       0       0

ඩිංගිරි මැණික Thursday, 12 June 2014 12:06 PM

මේවා වරායෙන් හෝ ගුවන් තොටුපලින් ආවේ කොහොමද කියන එකයි ප්‍රදානම ප්‍රශ්නය. තියන ආරක්ෂක උපක්‍රම විදිහටනම් කුඩු ගෙන්නන්න පුලුවන්ද? කොච්චර ආරක්ෂක පද්දති තියනවද? (දී)

:       0       0

චම්පික Thursday, 12 June 2014 12:10 PM

ඔය අහුවුනේ සොක්කන් ටික වෙන්න ඇති. අදාළ ලොක්ක මෙලහකට සිල් ඇත්තන්ට යි හාමුදුරුවන්ටයි බණ දේශනා කරන්න පෝය දවසේ පන්සල් ගිහින් ඇති. (දී)

:       0       0

සාලිය Thursday, 12 June 2014 12:15 PM

කව්රු කොහොම මොන දේ කිව්වත් මේ දේවල් රටක . පරිහානියක මුල් තැන . තරුණ පරපුරේ අවසානය (දී)

:       0       0

චමල් Thursday, 12 June 2014 12:30 PM

ලංකාදීප දැන් එඩිතරව පල කරන එක ගැන සතුටු වෙනවා. මාද්‍ය සදාචාරය යනු එඩිතරව පක්ෂග්‍රහී නොවී පුවත් පල කිරීමයි . ස්තුතියි (නදී)

:       0       0

බොනිෆස් Thursday, 12 June 2014 12:32 PM

මෙන්න ආසියාවේ අශ්චරය. රට පෙරට අපි පස්සට. (නදී)

:       0       0

නුවන් Friday, 13 June 2014 07:34 PM

ඕක ඇල්ලුව කියල වැඩක් නැහැ .තව දවස් 2ක 3කින් මිනිස්සුත් එළියේ .බඩුත් එළියේ..ඕව ඉතින් පොඩි මිනිස්සු කරන වැඩ නෙවෙයිනෙ..පිටිපස්සේ ලොක්කොත් ඉන්නවා ඇතිනේ. (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 12 June 2014 12:42 PM

කතා දෙකක් නෑ, මේක පස්සේ අර තුන් දෙනාගෙන් කව්රු හරි ඇති. (නදී)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Thursday, 12 June 2014 12:42 PM

කැලණිය කියන්නේ බුදුන් පය තැබූ බිමක් කියා බොහෝ දෙනෙක් කියනවා. කැලණිය පුජා බිමක් හැටියටත් කාලයක් තිස්සේ පැවතුන බිමක්. එ්ත් දැන් කන කොකා හඬලා පුද බිම කුඩු බිමක් වෙලා. මැරයන් රජ කරන කප්පන් කරුවන් රජ කරනා බිමක් වෙලා. දෙවියන්ටවත් මෙය නොපෙනේද ? (නදී)

:       0       0

ප්‍රභාත් Friday, 13 June 2014 08:54 AM

ආසියාවේ ආශ්චර්යය!! (නි)

:       0       0

ක්‍රිෂාන්ත සයිප්‍රස් Thursday, 12 June 2014 01:25 PM

ලොකු එක්කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා වැඩේ කරොත් හොඳයි නේද ? (නදී)

:       0       0

කුරුවිට Thursday, 12 June 2014 08:39 PM

දොන් සරත් ගේ කතාව හරියට හරි (දී)

:       0       0

පුෂ්පසිරි පැරිස් Thursday, 12 June 2014 01:39 PM

කුඩු ගසපු කෙනා තමා එකේ වින්දනය දන්නේ . මමත් පමණට කුඩු ගන්න නිසා එහි වටිනා කම දනිමි . එනිසා කුඩු වලට අපහාස නොකරන්න .(දී)

:       0       0

දුලාන් Thursday, 12 June 2014 01:48 PM

මේ අය ලංකාවම කුඩු කරනවා (නදී)

:       0       0

නජිත් Thursday, 12 June 2014 01:56 PM

මේ කුඩු ලංකාවට එන්න කලින් නතර කරන්න බැරිද (දී)

:       0       0

නුවන් Thursday, 12 June 2014 02:01 PM

දොන් සරත්,වේල් තුනම කන්නේ පුන්නක්කු නෙමේ නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1349 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 833 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1893 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 483 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2784 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site