IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලංකාවේ ලොකුම පොහොසතා

ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා (45) බව ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සගරාව හෙළි කර තිබේ. වාසනාව නිසා නොව ඔහු පොහොසතෙකු වූයේ දක්ෂතාවය නිසා බව සාර්ථකත්වයේ රහස් හෙළි කරමින් ඔහු ෆෝබ්ස් සගරාවට පවසා ඇත.

1999 දී මාර්ගෝපදේශකයෙකු සමග එක්වී 20 අවුරුදු සැලැස්මක් සකස් කර ඇත. ඒ අනුව 2019 වසරේදී ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරික අංශ 12 ක ප‍්‍රමුඛයා වීම ඔහුගේ අරමුණ විය. මේ වන විට ඔහු සංචාරක, බැංකු, ඇගළුම් ආදී අංශ 9 ක ප‍්‍රමුඛයා ලෙස කටයුතු කරයි.

ජෝන් කීල්ස්  සමාගමේ සෝහිලි කැප්ටන්(80) සහ රුසි කැප්ටන් (48) ,ස්ටැන්සන්  සමුහ ව්‍යාපාරයේ  හැරී ජයවර්ධන (71), කාසන් කම්බබැච්, සිලෝන් බෙවරේජ්ස් ඇතුළු සමාගම් කිහිපයක හිමිකරු ලෙස  හැරී සෙල්වනාදන් (64) හා මනෝ සෙල්වනාදන් (66) සොහොයුරෝද, ධනවත්තු ලෙස ෆෝබ්ස්  ඒෂියා සඟරාව හදුන්වයි.

ධම්මික පෙරේරාගේ  ලයිස්තුගත ව්‍යාපාර වටිනාකට ඇමෙරිකා ඩොලර් කෝටි 55 කි.(රුපියල් කෝටි 7260 ) සෝහිලි කැප්ටන් හා රුසී කැප්ටන් ගේ කොටස් වෙළද පොළෙහි වටිනාකම ඇමෙරිකා ඩොලර්  කෝටී 18.5 (රුපියල් කෝටි 2442) කි.

 

ධම්මික පෙරේරා

හැරී සෙල්වනාදන් සහ මනෝ සෙල්වනාදන් සොහොයුරෝ

සෝහිලි කැප්ටන් සහ රුසී කැප්ටන් ( පුතා සහ පියා)

හැරී ජයවර්ධන



අදහස් (0)

ලංකාවේ ලොකුම පොහොසතා

ශානි Wednesday, 04 December 2013 05:30 PM

ඔබ සිංහල බෞද්ධ වීම අපව දිරිමත් කරනවා..... (නි)

:       1       4

ප්‍රියන්ති Thursday, 05 December 2013 12:08 PM

ගොඩක් සන්තෝෂයි. මමත් පයාගල. (ස)

:       0       0

ක්‍රිශාන් දර්ශන Friday, 06 December 2013 10:45 PM

සුභ පැතුම් ධම්මික මහත්තයො.දීර්ඝායුෂ !!!(නදී)

:       0       1

ප්‍රසන් Wednesday, 04 December 2013 01:01 PM

සන්තෝෂයි, ජය වේවා !!!!! (ස)

:       0       0

ෂාපා රොක්ෂි Sunday, 08 December 2013 09:57 AM

මෙයා පොහොසත් වුණේ කොටස් වෙලද පොළ නිසා බව ප්‍රසිද්ධ කාරණයක්නේ.(නදී)

:       0       0

සංජීව Wednesday, 04 December 2013 05:57 PM

ඔබ සිංහලයෙක් නිසා අපිට ගොඩක් ආඩම්බරයි. (නි)

:       0       0

රකිත් Thursday, 05 December 2013 06:18 AM

ප්‍රථමයෙන් මෙතුමාට සුබ පතමි. අපේ කෙනෙක් දියුණු වෙනවාට මා කවදත් කැමතිය. එතුමා බදු මුදල් නොගෙව්වත් මට නම් ප්‍රශ්නයක් නැත. මන්ද, විදේශිකයකුට බදු සහන දිය හැකිනම් අපේ ව්‍යාපාරිකයා ගෙවිය යුත්තේ ඇයි දැයි යන පැනය මා තුළ ඇති නිසාය. නමුත්, බුදු දහම ගැන නිසි අවබෝධයක් නොමැතිව මෙතන අදහස් දමන සමහර අය ගැන මම කණගාටු වෙමි. සූදුව ක්‍රීඩා නොකර, සූදු පොළවල් දැමීම බුදු දහමට පටහැනි නොවේ යන මතයක් ගොඩනැගීමට සමහරු උත්සාහ කරති. (නි)

:       0       0

රංජිත් මහදුර Thursday, 05 December 2013 12:50 PM

ඊර්ශිෂා කරන්න එපා. මොන ආගම උනත් මෙතුමා ලංකාවේ කෙනෙක් ඒක නිසා අපි එයාට සුබ පතන්න ඕනේ. එයාට ආරක්ෂාව ලබා දෙන්න. නැති නම් දන්නවනේ අපේ රටේ ඉන්න අය. (ස)

:       0       1

ප්‍රදීප් Wednesday, 04 December 2013 01:20 PM

සංතෝසයි මමත් පයාගල.(නදී)

:       0       1

රුවන් ගමරාලගේ Wednesday, 04 December 2013 01:21 PM

සතුටුයි. පුලුවන්නම් නැගිටින්න උත්සහ කරන. අලුත් පරම්පරාවට උදව් කරනවා නම් තවත් සතු ටු වෙන්න පුළුවන්. එත් ඉතින් හුගක් ලොකු සල්ලි තියන මහත්වරු පොඩ්ඩන්ට උදව් කරනවා අඩුයි. (නදී)

:       0       0

උපාලි Wednesday, 04 December 2013 01:24 PM

සැබෑ දක්ෂයෙක්. දයා කියනව වගේ ස්විස් බැංකුවල සල්ලි දාන හොර පොහොසත්තු නිසැකවම ඇති. නමුත් මේ ඉන්නේ රටට ලොකු සේවයක් කරන, විශාල සේවක සමුහයකට ජීවිකාව සලසා දී ඇති සැබෑ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ව්‍යාපාර තව තවත් දියුණු වී ඔහුටත් රටටත් යහපතක්ම සැලසේවා!.(නදී

:       0       0

චරිත හර්ෂන Wednesday, 04 December 2013 01:24 PM

දුවෙක් නැද්ද දන්නේ නැහැ අවුරුදු 18ක 20ක විතර.(නදී)

:       0       1

නාමෙල් Wednesday, 04 December 2013 01:27 PM

එතකොට ජනාධිපති තුමා. අයවැයෙන් අවුරුද්දට රුපියල් කෝටි 850ක් ද කොහොද වියදම විතරක් දාලා තියෙන්නෙ?.(නදී

:       0       0

වෙදමහත්තයා Wednesday, 04 December 2013 01:28 PM

අපේ මර්වින් සිල්වා ඇමති වරයා තව අවුරුදු දෙකකින් මෙම සියල්ලන් අබිබවා පලවෙනි ස්ථානයට එනවා . ඔහුගේ හැකියාවන් අනුව ඔහුගේ වෙළදාම අනුව ඔහුගේ පුතා දෙවෙනි තැන ගන්නට බැරි නැහැ. (නදී)

:       0       0

අබ්දුල් Wednesday, 04 December 2013 01:30 PM

කෙනෙක් ලෝකේ සිටින ලොකුම දනවතා වුනත් ඔහු මිය ගිය පසු ගිනියන්නේ කුමක්ද? නමුත් කෙනෙක් සාමාන්‍ය විදියට ඉදලා අනිත් අයටත් උදව් කළා නම් ඔහුට ගෙනියන්න බොහෝ දේ ඇත.(නදී)

:       0       0

ෆ්‍රෑන්ක් Friday, 06 December 2013 07:30 AM

කාගේද සල්ලි ...? (නි)

:       1       0

මාටින් Wednesday, 04 December 2013 01:32 PM

පෙරේරා කියන්නේ බෞද්ධයෙක් නෙවෙයිනේ. අනික මෙයා ගේ ප්‍රධාන ආධායම කැසිනෝ. බෞද්ධ දහමට සම්පුර්ණයෙන්ම පටහැනියි (නදී)

:       1       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 04 December 2013 01:33 PM

අශ්ව රේස් බුකි, මධයසාර නිපැයුම හෝ විකිනීම, පොලී ව්‍යාපාරයන් සහ කැසිනෝ සමාජයට අහිතකර ව්‍යාපාරවලින් තොරව යහපත් ව්‍යාපාරවලින් මෙම දැවැන්ත ව්‍යාපාරිකයින් දියුණුවට පත්ව සාර්ථක ධනවත් ව්‍යාපාරිකයින්වී ඇති නම් අපිද ශ්‍රී ලාංකිකයන් වශයෙන් මහත් ආඩම්බර වෙමු. තව තවත් තම ව්‍යාපාරවලින් දියුණු වේවායි අපිත් පතමු. (නදී)

:       0       0

රුචිර Friday, 06 December 2013 07:32 AM

අපට ආඩම්බරයක්! (නි)

:       0       0

අකිල සේනාරත්න Wednesday, 04 December 2013 01:36 PM

මීට වඩා සල්ලි තියෙන ඇමතිලා ඇති ඕනා තරම්.(නදී)

:       0       0

නුගොගොඩ Wednesday, 04 December 2013 01:42 PM

ලෝකෙන්ම එක වුනොත්? (නදී)

:       0       0

චානක. Wednesday, 04 December 2013 01:44 PM

යනකොට මේ ටිකත් අරගෙන යන්න පුලුවන්නම් මරු. (ස)

:       0       0

තබුක් සිල්වා Wednesday, 04 December 2013 01:46 PM

එතකොට මම හිතපු කෙනා වැරදිද? (ස)

:       0       0

ලොකු Wednesday, 04 December 2013 01:47 PM

ධම්මික ඔබ සැබෑ දක්ෂයෙක්. මට නම් ඔබ ගැන ආඩම්බරයි. ජය වේවා !!!!! (ස)

:       0       0

අචිනි Wednesday, 04 December 2013 06:40 PM

අපේ පුත්තු ගැන අමතක වෙලාද මේ ගණන් හදන අයට ?.(නදී)

:       0       0

රසීන් Sunday, 08 December 2013 05:51 PM

අපෙනුත් සුභ පැතුම්! (නි)

:       0       0

අශෝක Wednesday, 04 December 2013 06:47 PM

නුඹලාට සුභ පතමි. මුදලට වඩා හදවතින්ද ඔබලාට පොහොසත්කමේ මුල්තැන ලබා ගැනීමට හැකිවේවා! (නි)

:       0       0

ඉන්දික Saturday, 07 December 2013 01:19 AM

මට නම් හරිම සතුටයි. ඔබට ජයෙන් ජය! (නදී)

:       0       0

හේරත් Wednesday, 04 December 2013 06:48 PM

තව උඩට එන්න.අපේ සුබ පැතුම්...! (නි)

:       0       0

නිශ්ශංක Friday, 06 December 2013 08:03 AM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

මතින් Wednesday, 04 December 2013 01:57 PM

එතකොට ලංකාවේ තියෙන ලොකුම කැසිනෝ තුන මෙයාගේ නෙවෙයිද??? (ස)

:       0       0

අශෝක Wednesday, 04 December 2013 06:49 PM

අයියෝ පහන් , ඕකත් වැඩක්ද? (නි)

:       0       0

චින්තා Saturday, 07 December 2013 03:28 PM

මෙහි ප්‍රතිචාර දක්ක්වන බොහෝ අය ඔහුගේ ගමන තේරුම්ගෙන නැහැ.බෞද්ධයකු වෙන්නේ අම්මා හෝ තාත්ත බෞද්ධ උන නිසා නෙමේ.මම නම් කිසිම දවසක සූදු ව්‍යාපාර බෞද්ධයකුට කැප බව අසා නැත. ලංකාවේ ලොකුම කැසිනෝ අයත් වන්නේ ඔහුටයි. ඔහුගේ තාප විදුලි බලාගාර වලින් අසීමිත ලාභ උපයනවා . කියන්න පුලුවන්ද හේතු ඔහු ගැන ආඩම්බර වෙන අයට.

:       0       0

කලන Thursday, 05 December 2013 02:03 PM

දම්මික පෙරේරා මගේ උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

ගමගේ Wednesday, 04 December 2013 06:57 PM

අපේ අයට කල්යනවනේ යමක් තේරෙන්න (නි)

:       0       0

ලියනගෙ Wednesday, 04 December 2013 02:04 PM

අබ්දුල්, ඉරිසියා කරන්න එපා. මේ මනුස්සයා නිසා රටේ මිනිස්සු කීයකට රස්සා ලැබිල තියෙනවද? ඒ ගොල්ලන්ගෙ දරු පවුල් ජීවත් වෙනවද? ඒ පිනම ඇති. (ස)

:       0       0

උපාලි රන්ජිත් Wednesday, 04 December 2013 06:58 PM

ඉතාමත් කල්පනාවෙන් .... (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 04 December 2013 02:04 PM

මෙයාලත් පොහොසත් නමුත් ඇත්තම අය වෙනමම ඉන්නවා කියන්න බයයි ඔයාල හිතාගන්නකෝ .(නදී)

:       0       0

අමල් Thursday, 05 December 2013 09:08 PM

සුභ පැතුම් ඔබට...(නදී)

:       0       0

ජනිත් - කළුතර Friday, 06 December 2013 08:16 AM

කළුතර අපේ කොල්ලෙක් - අපිට ආඩම්බරයි නේද? (නදී)

:       0       0

අජිත් Wednesday, 04 December 2013 07:03 PM

සුභ පැතුම්! (නි)

:       0       0

වීරසිංහ Wednesday, 04 December 2013 07:04 PM

සතුටුයි (නි)

:       0       0

තරිදු Wednesday, 04 December 2013 07:05 PM

හරිම සතුටුයි (නි)

:       0       0

සුජී Tuesday, 10 December 2013 09:26 AM

සාධාරණව ඉපයූ සල්ලි නම් ගොඩක් වටිනවා. (ස)

:       2       1

ලංකා Wednesday, 04 December 2013 02:07 PM

ඔහුගේ ධනය සාධාරනව උපයා ගත්තා නම් ඔබට සුභ පතමි. නමුත් ලොකුම පොහොසතා වීමට නම් දක්ෂකම හා උපදේශනයක් පමණක් නොසෑහෙන බව මගේ මතයයි.(නදී)

:       0       0

දිමාල් Wednesday, 04 December 2013 07:07 PM

දක්ෂයන්ට අත දෙන , හොඳ මහත්මයෙක්. මමත් ඔහුගේ ආයතනයක රැකියාව කළ අයෙක් විදියට ,අවංක සේවකයන්ට සාධාරනය ඉටු කරන ,දක්ෂ ව්‍යාපාරිකයෙක්. ධම්මික මහතාණෙනි, ඔබට ජය ! (නි)

:       0       0

අනිල් Thursday, 05 December 2013 09:33 PM

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් . බුදු හාමුදුරුවෝ දේශනා කළා පස් වැදෑරුම් නීති විරෝධී අාදායම් මාර්ග පහක්. එකක් තමයි සුදුව. (නි)

:       0       106

නිමල් නවරත්න Saturday, 07 December 2013 05:30 PM

අපන් සුබපැතුම් සහ ගොඩක් ආඩම්බරයි..(ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 04 December 2013 02:11 PM

සතුටුයි. සුභ පැතුම් !!!!! (ස)

:       0       0

ක්‍රිස්න Wednesday, 04 December 2013 07:21 PM

ඔහොම අය කලිනුත් හිටියා. පිටරට ආයෝජනය කරලා මේ අය වැටුනාම ලංකාවේ බැංකු වල දාපු මුදල්වත් අහිංසක මිනිසුන්ට ලැබුනේ නැ. මම මේ හිතනේ අහවලේ බැංකුවේ තියෙන අමාරුවෙන් හොයපු මුදල් ටික ආණ්ඩුවේ බැංකුවකට දාමුද කියලා (අ)

:       0       0

ලක්විදු Tuesday, 10 December 2013 10:30 PM

ඉතින් කොහොමද දෙයියනේ කියලා හිතේ නිස්කලන්කෙ නිදාගන්නේ? (නි)

:       0       0

සමරනායක Wednesday, 04 December 2013 02:14 PM

සිංහල බෞද්ධවීම මේකට අදාල වෙන්නෙ කොහොමද? සූදුව කියන්නෙ බුදු දහම විසින් ප්‍රතික්ෂේප කල ව්‍යාපාරයක්. (ස)

:       0       0

රශ්මි Tuesday, 10 December 2013 10:32 PM

ඒක හරියට මොනවද මුදලාලිගේ වෙසක් දන්සල වගේ ....!(ස)

:       0       0

ලක්විදු Tuesday, 10 December 2013 10:34 PM

අනේ මන්ද...පාතේලේ ලොක්කොත් එයාගේ ගෝලයන්ට හොදට සැලකුවලු! (ස)

:       0       0

නියා Wednesday, 04 December 2013 02:16 PM

ඔබ වැනි පුතෙක් හැදු මවට පියාටත් ආඩම්බරයි. ඇත්තටම අපිටත් ආඩම්බරයක්. ඔබ බෞද්ධයෙක් වීම ගැන. ඔබට ජය වේවා. තෙරුවන් සරණයි !!!! (ස)

:       0       0

ජගත් Wednesday, 04 December 2013 02:17 PM

කැසිනෝ නිසානේ මෙයාට හරි ගියේ. අපිත් කැසිනෝ දැම්මා නම් හරි.(නදී)

:       0       0

සිසිර Wednesday, 04 December 2013 02:22 PM

මෙතන සතුටු විය යුත්තක් නොමැත. දනවාදය විසින් අතලොස්සක් කෝටි පතියන් කරද්දී, බහුතරය දුප්පත් වී ඇත. දක්ෂතාවය වැනි වචන නව ලිබෙරල් වාදයේ වචන. ඔලුව කල්පනා වෙන් මේවා දිහා බලන්න.(නදී)

:       0       0

මධූ Wednesday, 04 December 2013 02:25 PM

අර ගොල්ලන්ට ඉරිසියා ඇති මොනවා කිව්වත් කරත් සිංහල බෞද්ධයකු පළවැනි තැන ලැබීම. කියන්නේ නම් කොහොමද?  අරාබිය නැත්නම් යන එන මන් නැහැ වගේ. අනික මේ තුමාගේ ආයතන 2 මුදල් පුන්‍ය කටුතු සදහා යොදවනවා . සැබෑ බෞද්ධයෙක්. තව තව ලැබේවා ! (නදී)

:       0       0

නිමල් කරුණාරත්න Wednesday, 04 December 2013 07:46 PM

ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා මහතා බව දැන් මුළු ලෝකයම දන්නවා ඇති. මමත් සිංහල බෞද්ධයක් වශයෙන් ආඩමිබර වෙමි. මෙතුමාට ධනය අතින් ඉදිරියට යාමට මුලික අඩිතාලම වැටුනේ ජැක්පොට් ව්‍යපාරවලින් බව මම ප්‍රයෝගිකව දුටුවා 1990 ගණන්වල දී. හේතුව මෙතුමාට ජැක්පොට් ව්‍යපාරයට මග හැදුනේ මම දැන් විස්තර කරන පුද්ගලයා නිසා බව මා දුටුවා. මේ කියන පුද්ගලයා එවකට ලංකාවේ හිටපු ලොකුම ජැක්පොට් මැෂින් නිපදවන්නා, ‍දැනට ගාල්ලේ ( ඔහුගේ ගම ) එක්තරා ගමක දුකසේ ජීවිතය ගතකරනවා. නම මෙහි සදහන් කරන එක හොද නැත. ඔහු මා දන්නා පරිදි කීප වරක්ම මෙතුමා හමුවන්න ගියත් යහපත් උදව්වක් තවම ලැබුනේ නැත. (නදී)

:       0       0

සුනිල් විමලසුරිය Wednesday, 04 December 2013 02:31 PM

අබ්දුල් මලයන්ඩි නියම කතාව.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 04 December 2013 08:02 PM

මාටින් ,මමත් පෙරේරා කෙනෙක්. ඒ වුනාට අපේ පරම්පරාවම හොද බෞද්ධ. (අ)

:       0       0

සංසක Wednesday, 04 December 2013 02:33 PM

ඔබ අපිට ආඩම්බරයෙකි ...(නදී)

:       0       0

හර්ෂ Wednesday, 04 December 2013 02:33 PM

අදනේ දැනගත්තේ සතුටුයි ඔබ අපට ආඩම්බරයක් ජය වේවා .(නදී)

:       0       0

සජිත් Wednesday, 04 December 2013 08:24 PM

ඔය මාර්ගෝපදේශකයා මුසල්මානුවෙක් (අ)

:       0       0

නිශාර්ඩ් Thursday, 05 December 2013 03:03 PM

ධම්මික මහත්තයට සුබ පැතුම්. (ස)

:       0       0

චන්දිම Wednesday, 21 October 2015 04:18 AM

ක්‍රිකට් ක්‍රීඩකයන් මේ ලිස්ට් එකේ නැද්ද ????? (ම)

:       0       0

අනූ Thursday, 05 December 2013 08:45 AM

මෙයා අර හිටපු බී.ඕ.අයි සභාපති නේද? රතුපස්වල කර්මාන්ත ශාලාවත් මෙයාගේ නේද (නදී)

:       0       0

ප්‍රසාද් ජානක Wednesday, 04 December 2013 08:33 PM

ඔබට ශක්තිය ලැබේවා ඇත්තටම ආඩම්බරයි (අ)

:       0       0

ජනක ධර්මස්රි;Paris Wednesday, 04 December 2013 08:35 PM

ඔබට තවතව ශක තිය ලැබේවා (අ)

:       0       0

මහේන්ද්‍ර බණ්ඩාර Monday, 09 December 2013 01:24 PM

ජය වේවා..... (ස)

:       0       0

මොහාන් Wednesday, 04 December 2013 02:39 PM

චරිත හර්ෂණ ,,,,, දුවෙක් හිටියත් ඔය වගේ නිකමෙකුට දෙන එකක් නැහැ. (ස)

:       0       0

පාරා Wednesday, 04 December 2013 08:45 PM

දම්මික පොහොසත් වෙන්න අඩිතාලම දාන්න පාර පෙන්නුවේ, රත්නායක කියල කෙනෙක්, පිට කොටුවේ පලවෙනි හරස් පාරේ ඉසුරුගිරි හෝටලයේදී. (අ)

:       0       0

රණසිංහ Wednesday, 04 December 2013 02:41 PM

අර විදේශීය දෙන්න ඇත්තටම ලංකාවේ දෙන්නෙක්ද ?.(නදී)

:       0       0

අප්පුහාමි Wednesday, 04 December 2013 08:53 PM

රතුපස්වල ෆැක්ටරියේ කොටස් කාරයෙක් කියලා ලියලා නැද්ද?හරිම මානුෂිකයි නේද? (අ)

:       0       0

සල්වත්ර Wednesday, 04 December 2013 08:56 PM

දම්මික මහත්මයා සිංහලයෙක්වීම ලොකු සතුටක්.ආඩම්බරයක්. ඔබ තවත් දිව්නු වීවා (අ)

:       0       0

අශෝක Wednesday, 04 December 2013 02:44 PM

නීත්‍යානුකූලව නිවරදි නමුත් මීට වඩා ලොකු ධන කුවේරයින් අපේ රටේ ඉන්නවා. නමුත් විගනනයක් කිරීමට බැරි ලෝක බැංකුවල පවා ගිනුම් එක් එක් අයගේ නමින් පවතින්නේ. මේවා කාගේ දැයි රටට හෙළි කළ යුතුයි. නැත්නම් කුලියාපිටියේ කඩ කාමරයක බෝඩ් වෙලා බයිසිකල් කට්ටක නැගල ද ෆිනෑන්ස් එකේ වැඩට ගිය අර ඇමතිතුමා කොහමද ලක්ෂ 900 කට මහනුවර අනිවත්තේ ගෙයක් හදලා කොළඹ ගෙවල් 5ක් අරගෙන හොංග් කොන්ග් වල බැංකුවක ඩොලර් කෝටි 94ක තැන්පත් දාන්නේ. ඓස්චාර්ය තමයි. (නදී)

:       0       0

උදය Wednesday, 04 December 2013 09:19 PM

මොහු නියම ලෙස රජයට බදු මුදල්ගෙවන බව සහතිකය. ඔහුට අවශ්‍ය ඔහු දනවතකු බව සැගවීමට නොව. ධනය හොදින් පාවිච්චි කරන විදිහය්. බුදු දහමේ කියන පරිදි ඔහු කැසිනෝ සෙල්ලම් කරන්නේ නැත. බුදුන් විසින් කරන්න එපා යැය් සදහන් කල රැකියා 5 ට සුදුව අයිති නොවේ. බුදුන් දෙසන කලේ සුදු වලින් විනාස නොවන ලෙසය්. ජීවිතය අප පාවිච්චි කල යුත්තේ පරිස්සමිනි. (අ)

:       0       0

අනුරාධ Wednesday, 04 December 2013 09:21 PM

අදනේ දැනගත්තේ සතුටුයි ඔබ අපට ආඩම්බරයක් ජය වේවා (අ)

:       0       0

කමල් Wednesday, 04 December 2013 09:25 PM

ධම්මික පෙරේරට අපෙන් සුබ පැතුම් (අ)

:       0       0

කෙවින් Wednesday, 04 December 2013 02:46 PM

මොහු මිනිසුන්ට හිතන්නවත් බැරි විදියට කොටස් වෙළද පොලින් මුදල් හෙව්වා. කැසිනෝ වලින් තවත් හෙව්වා. අන්තිමට ලංකාවේ පළවෙනිය උනා. ඇත්තටම ගොඩක් සතුටු හිතෙනවා මොහුගේ දක්ෂ තාවයට. අහිංසක මිනිසුන්ට උපකාර කිරීමට සිතක් පහල වේවා. වාසනාව නැත්නම් මේ කිසිම දෙයක් කරන්න බැහැ. ඔබට ජය වේවා..(නදී)

:       0       0

ජීවක Wednesday, 04 December 2013 02:46 PM

අනේ බදු මුදල් ටික හරියට ගෙවන්නකෝ. (ස)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 04 December 2013 02:54 PM

"ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා (45) බව ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සගරාව හෙළි කර තිබේ". එතකොට අර ඉතාලි වල සෙන් ප්‍රැන්සිස්කෝ වලට නිතර දෙවීලේ යන අය නැතිවද මේ ෆෝබ්ස් සගරාව ගණන් හිලව් හෙළිකරන්නේ..(නදී)

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 04 December 2013 10:20 PM

අපෙන් සුබ පැතුම්.අපිත් පයාගල ගොඩක් ආඩම්බරයි

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 04 December 2013 02:56 PM

අශෝක, දන්නෝ දනිති. ලෝකයෙන්ම කෝටිපති පවුල ඉන්නෙත් ලංකාවේ. මට නම් සතුටුයි.(නදී)

:       0       0

ඉස්මිල් හුසේන් Wednesday, 04 December 2013 03:01 PM

රටට ආඩම්බරයක්. ඔබට ජය ජය. කෙසේ හෝ ඉන්දියානුවන් පරදවන්න. (ස)

:       0       0

සහාන් Wednesday, 04 December 2013 10:31 PM

බුදුදහමට ලොකු සේවයක් කරනවා අපි ඒක හොඳටම දන්නා දෙයක්.එතුමාට ජයෙන් ජය පතනවා. (අ)

:       0       0

ලක්විඳු Saturday, 07 December 2013 11:21 PM

මේගොල්ලන්ට හොදටම වැරදිලා. මුළු ලෝකෙම ඉන්න ධනවත්ම මිනිහ මම. මට ඉන්න ගෙයක් තියෙනවා, හොද රස්සාවක් තියෙනවා, යහපත් බිරිදක් ඉන්නවා, මම ධාර්මිකව ජීවත් වෙනවා, බියක් නැතිව හොදින් නින්ද යනවා..... ඉතින් මට වැඩිය ධනවතෙක් තවත් ඉන්නවද? (අ)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 04 December 2013 03:02 PM

අපේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම ඇමතිලා මේ දනවතාට වැඩිය ධනවත්. එයාලගේ මුදල් තියෙන්නේ පිටරට බැංකු වල.(නදී)

:       0       0

සම්පත් Wednesday, 04 December 2013 10:57 PM

දන්නා අපි දන්නවා දම්මික කියන්නේ කව්ද කියල...(අ)

:       0       0

රම්ස්‍යා Saturday, 07 December 2013 11:28 PM

මධූ 2013-12-04 14:25:28 අනික මේ තුමාගේ ආයතන 2 මුදල් පුන්‍ය කටුතු සදහා යොදවනවා . සැබෑ බෞද්ධයෙක්. තව තව ලැබේවා............ ! (අ)

:       0       0

චන්දි Thursday, 05 December 2013 09:48 AM

මැද පෙරදිග සිට අපෙන් ආසිරි. (නදී)

:       0       0

බණ්ඩාර Thursday, 05 December 2013 04:43 PM

උත්සහවන්තයා ජය ගනී. ඔබට සුබ පැතුම්. (ස)

:       0       0

උත්සහවන්තය Friday, 06 December 2013 12:05 AM

මගේ පොඩි බිස්නස් එකට පුංචි උපදේසයක් දෙන්න පුළුවන්ද (අ)

:       0       0

හිමාල් Sunday, 26 January 2014 02:23 PM

හොද මිනිසුන්ට කවදාවත් වරදින්නේ නැහැ ජයෙන් ජය ඔබට.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 05 December 2013 05:03 PM

අප්පුහාමි,ඔයාට වැරදිලා. (නි)

:       0       0

ෂෙල්ටන් Wednesday, 04 December 2013 03:16 PM

මමත් ආඩම්බරයි.මොකද මමත් එතුමාගේ ආයතනයක සේවකයෙක්.අපි දන්නවා එයාගේ දක්ෂකම්, ගුණ යහපත්කම්, රටට වාසනාවක්. ආසියාවේම ධනවත් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. (ස)

:       0       0

ලීසා‍ Wednesday, 04 December 2013 11:50 PM

මෙතනට ඔවුන්ගේ ආගම හෝ ජාතිය අවශ්‍ය නැත. සියල්ලෝ ශ්‍රී ලාංකිකයන්ය (නි)

:       0       0

ධම්ම Wednesday, 04 December 2013 03:36 PM

ඔබ හැම දෙනාටම මතක ඇති ලලිත් කොතලාවල මහත්තයා ගැනත් කලෙක අප හරි ආඩම්බරයෙන් කතා කළා. එහෙම නොවේවායි පතමි. (අ)

:       0       0

සුකිරි Thursday, 05 December 2013 12:03 AM

මට තියන ප්‍රශ්නය මේකයි. කැසිනෝ වලට විරුද්ධව පාරවල් ගානේ හු තියන උදවිය මේ ධන කුවේරයන්ගේ ව්‍යාපාර මොනවද කියලා හොයා බලන්නේ නැත්තේ අැයි? (නි)

:       0       0

හේමන්ත Monday, 09 December 2013 11:11 PM

ඔහු සැබෑ දක්ෂයෙක් ,(දිල්)

:       0       0

මොහමඩ් Thursday, 05 December 2013 12:27 AM

මධු,ඔබ කියා තියෙනවා මුස්ලිම් මිනිස්සුන්ට ඉරිසියා ඇති කියලා. හොදට කියවල බලන්න, අපි ළග එහෙම කුහකකම් නැහැ (නි)

:       0       0

ඉන්දු ලන්ඩන් Wednesday, 04 December 2013 03:48 PM

"වාසනාවෙන් නොව දක්ෂකමින් ජයගත්" කියන එක අපටත් ගත හැකි උපදෙසක්.. මේ කියන විදියට කැසිනෝ වැනි අධාර්මික ව්‍යාපාර කලත් (තමන්ගේ කැමැත්ත අනුව), පුණ්‍ය කටයුතු කරන නිසා පිනුත් කරගෙන ඇති. (අ)

:       0       0

බණ්ඩා Wednesday, 04 December 2013 03:49 PM

ඔය කියන කැප්ටන්ලා,සෙල්වලා,ඇත්තටම ශ්‍රී ලංකාවේ අයමයි කියල හොදටම විශ්වාසද ? (අ)

:       0       0

ඩෙනම් Wednesday, 04 December 2013 04:14 PM

ඔබ බෞද්ධයෙක් වශයෙන් රටට කල මෙහෙවරයට ආඩම්බරයි ! ඔබට ජයෙන් ජය. (ස)

:       0       0

සිංහ Wednesday, 04 December 2013 04:27 PM

අනාත පිණ්ඩික කෙනෙක් වෙනවා නම් තවත් ගොඩක් හොඳයි .... (ස)

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 04 December 2013 04:28 PM

මෙතුමා ධනය අතින් ඉදිරියට යාම වගේම තව තවත් දියුණු වෙන්න කියල පතනවා. ඒ වගේම මේ ධනය ඉදිරියේ සහ එමගින් ලැබුණු බලය ඉදිරියේ, මෙතුමාට අයත්/සම්බන්ද රතුපස්වල ආයතනය නිසා මරණයට මෙන්ම අගතියට පත් දහස් ගණනක් මිනිසුන් වෙනුවෙන්, අසරණ ගම්වාසීන් වෙනුවෙන් හොද තීරණයක් ගන්නවානම් එතුමාට තව තවත් ආශීර්වාද ලැබේවි.(දිල්)

:       0       0

ලාරා Wednesday, 04 December 2013 04:31 PM

ජය වේවා ! (ස)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 06 December 2013 03:12 AM

මමත් පයාගල, මමත් දකුණේ කියන සිතුවිල්ල තිබුන තරමට පොහොසත් වෙන්න බැහැනේ. කෝ දැන් අර දකුණු පළාතේ ඉදලා මෙතන කෑගහන එක්කෙනා? (නි)

:       0       0

සේනක Thursday, 05 December 2013 06:02 PM

ඔබට සුබ පැතුම්.(නදී)

:       0       0

මධු Wednesday, 04 December 2013 04:44 PM

කැසිනෝ වැනි සුදු ව්‍යපාරවලින් ධනවත්වු මෙවැන්නන් ගැනබෞද්ධයන් ලෙස මා ආඩමිබර වන්නෙමු. (අ)

:       0       0

අනුර ලක්ෂ්මන් Wednesday, 04 December 2013 04:56 PM

මාටින්, මධු බෞද්ධ නොවේ පෙරේරලා ඕන තරම් දකුණේ ඉන්නවා මේ අය ආගම පාවා දුන්නේ නැහැ පාරම්පරික බෞද්ධයෝ. නම වෙනස් කරේ නැතිනම් එම පරපුරම පෘතුගීසි විනාශ කරලා දැන් පරපුරක් නැහැ. (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Wednesday, 04 December 2013 04:57 PM

මට කොළඹින් අක්කර දෙක තුනක් අරන් දාන්න බැරිකමක් නැහැ .ඒත් අරන් දාන්න දිහාවක් නැහැ. ගෙදර තියෙන්නේ පර්චස් විස්සයි . (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 09 December 2013 09:42 AM

ලක්විඳු ට වැරදිලා.ඔය සේරම මටත් තියෙනවා.මට ඔයාට වැඩියෙන් බිරින්ඳලා දෙදෙනක්ම ඉන්නවා!!! (ස)

:       0       0

මොහාන් Wednesday, 04 December 2013 12:52 PM

ඔබ සිංහල බෞද්ධ වීම අපව දිරිමත් කරනවා. (ස)

:       0       0

අපූරු Friday, 06 December 2013 06:11 AM

සාධාරණ ව්‍යාපාර කර උපයාගත් සල්ලි නම් අපෙනුත් සුභ පැතුම්! (නි)

:       0       0

සෙනරත්න Wednesday, 04 December 2013 12:52 PM

දෙවියන්ගෙම පිහිටයි !!!!! (ස)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 04 December 2013 12:54 PM

නීත්‍යානුකූලව නිවරදි නමුත් මීට වඩා ලොකු ධන කුවේරයින් අපේ රටේ ඉන්නවා. නමුත් විගනනයක් කිරීමට බැරි ලෝක බැංකුවල පවා ගිනුම් එක් එක් අයගේ නමින් පවතින්නේ. මේවා කාගේ දැයි රටට හෙළි කළ යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 630 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 595 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 130 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 846 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 186 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1077 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site