IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘ලංකාව ලෝකයේ ප්‍රබල රටක් කරනවා‘

ශ්‍රී ලංකාවේ පිහිටීම මෙන්ම මිනිස් සම්පතේ බලය උපයෝගී කරගෙන මෙරට ලෝකයේ ප්‍රබල රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) අරලියගහ මන්දිරයේ පැවැති රජයේ ආර්ථික සැලැස්ම එළිදැක්වීමේ උත්සවයේ දී පැවසීය.

‘බලගතු ශ්‍රී ලංකාවක් සැලසුම් සහගත ගමනක්‘ නමින් නම් කර ඇති ආර්ථික සැලසුම එළිදක්වමින් අගමැතිවරයා කියා සිටියේ දිගුකාලීනව රැකියා බිහිකිරීමටත් ආදායම් වැඩි කිරීමටත් දළ දේශීය නිෂ්පාදිතය ශීඝ්‍රයෙන් වැඩි කිරීමටත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බවයි.

webDSC_0529



අදහස් (0)

‘ලංකාව ලෝකයේ ප්‍රබල රටක් කරනවා‘

බන්දුල Thursday, 05 January 2017 04:46 AM

අනේ ලොකු දෙයක් මේ කාර්යයවත් හරියට වුණොත් (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Thursday, 05 January 2017 05:03 AM

රටට ස්ථිරසර සංවර්ධන සැලසුම් තියෙන ජාතික ප්‍රතිපත්තියක් හදන්න. එක අපි පිළිගන්නවා , අපි එකට සහය දෙනවා. එහෙත් අගමැති තුමෝ රටේ සම්පත් විකුණලා සිංහලයෝ ලෝකෙන් අතුගාල දන්නා එපා.සිංහල ජාතියට ජිවත් වෙන්න්න ලෝකයේ වෙන කොහෙවත් රටවල් නැහැ,තියෙන්නේ ශ්‍රී ලංකාව විතරයි .(ම)

:       0       0

විජය Thursday, 05 January 2017 05:16 AM

භාන්ඩාගරය හොරකම් කරල, නූගත් හෙන්චයියො ඉහල පුටුවලට දාල, මහජනතාවගේ බදු මුදල් දේශපාලඥයින්ගේ සුඛවිහරනයට යොදාගෙන, රටේ සංවර්ධනයට තියෙන මුදල්වලින් කොමිස් ගහල, රටේ සම්පත් විදේශිකයන්ට විකුනල, ස්වභවික සම්පත් විනාශකරල මටනම් හිතාගන්න බැහැ කොහොමද මේ රට ලොකයේ ප්‍රභල රටක් කරන්නේ කියලා (බ)

:       0       0

පද්මිණි Thursday, 05 January 2017 05:37 AM

අගමැති තුමෝ. අන්න කුණුකසල කමින් රටේ අලි සම්පත වැනසෙනවා. ඒවාට පිළියම් යොදා අහිංසක අලි සම්පත රැකගන්න. (ම)

:       0       0

මෙන්න Thursday, 05 January 2017 06:04 AM

භාෂා දෙකකින්නම් කරන්න අමාරු වෙයි. ප්‍රබල වෙන්න පදනම හොඳට තියාගෙන. නැත්නම් එදා සිට වෙන මතුපිටින් දොඩවා දොඩවා ඉන්න දේ තම වෙන්නේ.(ම)

:       0       0

මහේෂ් Thursday, 05 January 2017 06:11 AM

කුණු ටික ඉවත් කරගන්න වැඩපිළිවෙලක් නැතුව රට සංවර්ධනය කරන්න (ම)

:       0       0

දුමින්ද Thursday, 05 January 2017 07:56 AM

අපේ රටට ඕනි වේගවත් දැවැන්ත ව්‍යාපෘති නොවේ , කෙටි කාලීන ඉක්මන් ප්‍රතිලාබ ලැබෙන ව්‍යාපෘති , මොකද අපේ රටට ඉක්මනින් විසඳාගත යුතු ප්‍රශ්න ගොඩක් තියනවා , ණය බර ඒ අතරින් ප්‍රධානම එක. (බ)

:       0       0

ශ්‍රීමාලි Thursday, 05 January 2017 07:58 AM

ඩුබායි ලෝකයේ ධනවත්ම දියුණු රටක්, මුළු රටේම ඉන්නේ විදේශක ආයෝජකයන් .වැඩ කරන්නේ විදේශිකයන් .සම්පුර්ණයෙන්ම බදු වලින් නිදහස් .සියල්ල 99 අවුරුදු බද්දට .අරාබි කාරයන්ගේ උද්ගෝෂණයක් නම් අපි කවදාවත් අහල දැකල නැ. රට දවසින් දවස දියුණු වෙනවා..(බ)

:       0       0

නිහාල් Thursday, 05 January 2017 08:22 AM

ශ්‍රීමාලි කියන එක හරි. ඩුබායිවල තියෙන නීතිත් ඉතින් ලංකාවේ ඇතිකරන්න වේවි. (ර)

:       0       0

නාමල් Wednesday, 04 January 2017 04:29 PM

රට සුඛිත මුදිත කිරීමට නම් 2030 දක්වා මෙතුමා බලයේ සිටිය යුතුයි (නි)

:       0       0

කමනි Thursday, 05 January 2017 10:07 AM

දැන් මේක කරන්නේ දින කියකින්ද? (හේ)

:       0       0

රූපසිංහ Wednesday, 04 January 2017 05:07 PM

මට ආසයි දැනගන්න, "බලගතු ශ්‍රී ලංකාවක් සැළසුම්සහගත ගමනක්" ඔය කියන පොත ගන්න පුළුවන් තැන දැනගන්න. මොකද ඔය පොත සන්තකයේ තබා ගතයුතු පොතක්. රට දියුණුවුණු විටදී කියන්න, මෙන්න අපේ ලොක්කාගේ වැඩ කියලා. කව්රුහරි උදවු වෙනවාද? (නි)

:       0       0

සිල්වා Thursday, 05 January 2017 10:30 AM

ඔබතුමා වැඩේ කරලා පෙන්වන්නකෝ මොන රජයෙන් කළත් අපිට ඕනි රට නිසි තැනට ගෙන්න. සියලු දෙනාට හොද ජීවන මට්ටමක් උදා කරන්න. (බ)

:       0       0

ජෙරමි Wednesday, 04 January 2017 06:55 PM

ජයවේවා! (නි)

:       0       0

අනුර Wednesday, 04 January 2017 07:00 PM

අම්මපා! තව වැට් වැඩිකරන වැඩක් තමා ඔය (නි)

:       0       0

කපිල Thursday, 05 January 2017 10:42 AM

නිහාල්, ඩුබායි වල කිසිම වල් නීති නෑ..හැමදේම හරි විදිහට වෙන්නෙ..ගෑනියෙක්ට රෑ 12 වුනත් පාරෙ යන්න පුලුවන් බය නෑතුව. කිසිම කප්පමක් ගෙවන්න ඕනෙ නෑ බිස්නස් කාරයන්ට. හෑම දේම කරන්න සිස්ටම් එකෙන්.. අපි මෙහෙ ඉතා හොදින්, බය නෑතුව අවුරුදු ගානක් ඉන්නවා. (බ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 04 January 2017 07:35 PM

විහිළු කරන්න එපා මැතිතුමනි. අපි තවම තණකොළ කෑවේ නැහැ (නි)

:       0       0

සෑම් Wednesday, 04 January 2017 07:59 PM

ලංකාව දුබල රටක් හැටියටම තියෙන්න ඇරලා නීතිගරුක රටක් කළා නම් ඊටවඩා වටිනවා (නි)

:       0       0

සත්‍යයා Wednesday, 04 January 2017 08:14 PM

ඔව්! ඔව්! ඕක අමුතුවෙන් කරන්න දෙයක් නෙමෙයිනේ. දුෂණ, වංචා, කුඩු, පාතාල, මිනීමැරුම්, කාන්තා හා ළමා හිංසනය, මාර්ග අනතුරු එකී නොකී හැමදේකින්ම අපව පරද්දන්න මේ ලෝකයේ කිසිම රටකට බැහැ. එවැනි රටක අගමැතිවීමේ භාග්‍යය ලැබෙන්නේ කීයෙන් කීදෙනෙකුටද. චිරන් ජයතු! (නි)

:       0       0

විපුල Thursday, 05 January 2017 10:55 AM

මෙතුමාට බලය තිබෙනකොට මොලය නැති වෙනවා . (ම)

:       0       0

ලලිත් Wednesday, 04 January 2017 09:43 PM

එදා ඩඩ්ලිගේ ආණ්ඩුව කාලේ යන්න හදපු ගමන යම් යම් බලවේග විසින් ආපස්සට හැරවූවා. එසේ නොවන්නට අද අපි ජපානය හා කරට කර සිටින රටක් වී හමාරයි. නමුත් රටෙත් අපෙත් අවාසනාවට මෙන්ම පුද්ගලික න්‍යාය පත්‍ර වලට වැඩකරන දේශපාලඥයන් නිසා අඩාලවූ ගමන පසුවී හෝ ඇරඹීම සතුටට කරුණක්. දැන්වත් බුද්ධිමත්ව කටයුතු කරමින් ඉදිරිගමන අවුල් නොකර රටෙත් ජනතාවගේත් අනාගතය වෙනුවෙන් කටයුතු කිරීම හැමදෙනාගේම වගකීමක්. (නි)

:       0       0

සුගත් Wednesday, 04 January 2017 09:46 PM

කතාව විතරයි. වැඩ නැහැ. දින 100 අපිට මතකයි මහත්තයෝ. (නි)

:       0       0

එම්. ඊ. එස්. හනිෆා Thursday, 05 January 2017 11:18 AM

හොර මැරකම් නැති නීතිගරුක සබුද්දක දියුණු රටක් ලෙස ශ්‍රී ලංකාව දියුණු වේවා කියා අප සියලු දෙනා එක සිතින් සියලු දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු. (ර)

:       0       0

අප්පුහාමි Wednesday, 04 January 2017 10:44 PM

රනිල් මහත්තයෝ, ඔය වගේ පොත් කීයක් ගැහුවද කියන්න පහුගිය අවුරුදු පනහට? ඔයගොල්ලෝ අපිට හැමදාම පොත පෙරළනවා.පොරොන්දු දෙනවා. ඒ වුණාට අපි හැමදාම වළපල්ලේ. පොත් ගහපු ඔයාලයි, ඔයාලගේ ගෝලබාලයෝ ටිකයි හැමදාම ගොඩ. (නි)

:       0       0

ජනහිත Wednesday, 04 January 2017 10:52 PM

දැනටමත් නුතන ලෝකයේ සිටි දරුණුම ත්‍රස්තවාදියෙක් විනාශකළ ලෝකයේ බලගතුම රාජ්‍යය ලංකාව වෙලා ඉවරයි. ඔය කියන ඒවා ඉස්සරහට වෙන්න තියන ඒවා නිසා වෙනකන් බලාගෙන ඉන්න වෙනවා. ඉස්සරත් ඔය වගේ පොත් පෙරලුවා මතකයි. (නි)

:       0       0

ඇලන් තල්පාවිල Wednesday, 04 January 2017 11:03 PM

මේ ආණ්ඩුව හැම අවුරුද්දෙම නිකන් වචන ටිකක් එක්ක ආර්ථික වැඩපිළිවෙලක් කියලා සුරංගනා කතාවක් කියනවා. ඒවා එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අයවැයක් කියලා එකක් ගේනවා, ඒක තනිකරම වෙනස් වෙනවා. මොකද්ද මේ විහිලුව..? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 05 January 2017 11:26 AM

අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහල මොන පොත ලිව්වත් වැඩක් නැහැ. අපි කලකිරිලා ඉවරයි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 05 January 2017 11:27 AM

කපිල ඔබ කියන දේ තේරුම් ගන්න ලංකාවේ බත් කන උදවියට බැහැ. (බ)

:       0       0

විජේ Wednesday, 04 January 2017 11:50 PM

අපිට ඔබතුමා විශ්වාසයි (නි)

:       0       0

ශානක Thursday, 05 January 2017 01:01 AM

නියම විහිලු තමා මේවා. ඡන්දෙට කලින් කියපු එකක්වත් තාම කරගන්න බැරිවුණා (නි)

:       0       0

සෙනරත් Thursday, 05 January 2017 01:10 AM

රටේ කෑලිකර විකුණා රට පොහොසත් කරන්නට හදන ක්‍රමයකට අපි කැමති නැත (නි)

:       0       0

ගිහාන් Thursday, 05 January 2017 01:50 AM

ඔව් ඉතින් රටේ ඉඩම් ටික බලගතු රටවල් වලට ලියා දුන්නම ඔවුන් ඒක බලගතු කරනවනේ. කොහොමද ටිකිරි මො‍ළේ. හැබැයි ලංකාවෙ මිනිසුන්ට ලංකාවේ ඉඩම් අයිති නැතිවෙයි. (නි)

:       0       0

ඉමේශ් Thursday, 05 January 2017 01:52 AM

සැලසුම් කීයක් ඉදිරිපත් කළාද අප්පා? හැම අවුරුද්දේම සැළසුම් දෙකක්වත් ඉදිරිපත් කරනවා. (නි)

:       0       0

සමන් Thursday, 05 January 2017 02:26 AM

මුලින් දින සීයෙන්, රට හදනවා කිව්වා ඊට පස්සේ අවුරුදු 5න් රට හදනවා කිව්වා දැන් තව එකක් කියනවා ඔය කියන හැම එකක්ම පිළිගන්න අපි මන්ද බුද්ධිකයෝ නෙවේ . (අ)

:       0       0

පේදුරුචන්ද්‍රා Thursday, 05 January 2017 02:55 AM

බොරු පුරාජේරුව විතරයි මෙයාගේ. බලමුකෝ කීයක් ඔය මහා ලොකු පොතෙන් කරාවිද කියල. (අ)

:       0       0

සෙනරත් Thursday, 05 January 2017 03:13 AM

දින 100 ට කරනවා කිවුව වැඩ ටික දින 725 ක් ගිහිල්ලත් කරගන්න බැරි වුනු ඔබතුමා සහ පිරිවර අද විහිළු කතා කියමින් ජනතාව නැවත ගොනාට ඇන්දවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් සිටිනවා. (අ)

:       0       0

අතුර Thursday, 05 January 2017 03:27 AM

මෙතුමා හොද උගතෙක් වගේම බුද්ධිමතෙක්. (අ)

:       0       0

සුපුන් Thursday, 05 January 2017 03:30 AM

පළාත් සබා මැති වරණය සදහා තමා ආයිත් බොරු වපුරන්න පටන් අරන් තියෙන්නේ, (අ)

:       0       0

පාලිත Thursday, 05 January 2017 03:34 AM

වැඩ කරන කාටත් අපි සහයෝගය දෙනවා. ඔබ ඔබේ ගමන යන්න. රටක් හරිඅකාරව සංවර්ධනය කරන්න වේගය නොව බලපාන්නේ.ඒවා වේගවත් සංවර්දනය අපේ රටට උහුලන්න බැහැ. පහුගිය කලේ ඒ ගැන නොසිතා බලය ගැන පමණක්ම හිතා. සිදුකළ වැඩ නිසා තමා අදටත් හැමදෙනාම විදවන්නේ(අ).

:       0       0

සෑම් Thursday, 05 January 2017 03:43 AM

ලලිත්, මමත් ඔබගේ අදහස අනුමත කරනවා . එදා කටුනායකට උඩින් යන්න හදාපු අධිවේගී මාර්ගයේ වැඩ නවතා (නව කැළණි පාලම ළඟ ආරම්භය සහ හුණුපිටියේ (රේල් පාරට උඩින් ) පාලම ඇතුළු තවත් ඉදිකිරීම් කළාටත් පස්සේ ) නොබැඳි සමුළුවට මීගමු පාර පළල් කලේ දේශපාලන කුහකත්වයට මිසක් රට දියුණු කරන්න නොවේ . (අ)

:       0       0

උපුල් Thursday, 05 January 2017 03:53 AM

මෙි රට දියුණු නොකරාට කමක් නැ. අඩුම තරමේ මේ තියෙන ස්භාවදර්මය දායාදයන් ටික හරි ඉතුරුකරනවානම් ලොකුදෙයක්. කැලැ කැපිම. කුඹුරු ගොඩකිරිම, ගංගා විනාශ කරමින් වැලිගොඩදැමිම, වැරදි කරුවන්ට දඩුවම් නොදිම මගින් ඇතිවන සමාජිය පිඩාව වලක්වනවානම් මිනිස්සු මොනවා හරි කරලා ජිවත් වෙවි. මේ කරන විනාශ වලින් සමාන්‍ය ජනතාව අසරන වෙනවා. සංවර්ධනය කියලා කොන්ක්‍රිට් වනාන්තර ඇතිකිරිම අප රටට වැඩක් නැ. මේ රට ස්වභාව ධර්මය සමග ගමන් කරන පුංචි දුපතක්. (අ)

:       0       0

සජිත් Thursday, 05 January 2017 03:56 AM

මිස්ටර් බීන්ගෙ විහිළුත් පරද්දනවා මෙයාගෙ විහිළු(අ)

:       0       0

සම්පත් පතිරණ Thursday, 05 January 2017 04:26 AM

මෙතුමා හා එතුමා තරගෙට පොත් එළිදක්වනවා (ම)

:       0       0

සෑම් Thursday, 05 January 2017 04:35 AM

රටේ සියලුම දේවල් චීනෙටයි ඉන්දියාවටයි විකුනලා කොහොමද ලංකාව ලෝකයේ ප්‍රබල රටක් කරන්නේ..(ම)

:       0       0

සිරිල් Thursday, 05 January 2017 04:33 AM

පොත පෙරලනවා විතරයි වැඩ නෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 940 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1819 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 246 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 824 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8561 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3020 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site