IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලංකාවේ වෛද්‍යවරුන් හයකට ඉන්දියාවෙන් නඩු?

කොළඹ රෝහල් හතරක සේවය කරන වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව ඉන්දීය පොලිසිය නඩු ගොනු කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ වෙබ් අඩවිය  වාර්තා කළේය.

ඔවුන් හය දෙනා වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින්   සිදු කරන නීති විරෝධි වකුගඩු බද්ධ කිරීම්වලට සම්බන්ධ වී ඇතැයි ඉන්දීයවේ අහමෙදාබාද් ප්‍රාන්ත පොලිසිය කළ විමර්ශනයකින් අනාවරණය වී ඇතැයි එම වාර්තා වේ සඳහන් වේ.

ඉන්දීයාවේ වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සුරේෂ් ප්‍රජාපති (36) අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ කරුණු අනාවරණය වී ඇතැයි කියති. ඔහු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 60 පමණ සම්බන්ධ වී ඇතැයි ද එම සියලූ සැත්කම් කර ඇත්තේ කොළඹ පිහිටි රෝහල්වලදී යැයි ද එම වාර්තාවේ සඳහන්ය.

‘‘ සැත්කම් සිදු කර ඇත්තේ චෝදනා එල්ල වී සිටින වෛද්‍යවරුන් 6 දෙනා විසිනි. එසේ වුවද වකුගඩු සැත්කම්වලට සම්බන්ධ වූ දානපතියන් හා ග්‍රාහකයන් සියලූ දෙනා ඉන්දියාවෙන් පැමිණි පිරිස් යැයි ද වාර්තා වේ.‘‘

සුරේෂ් ප්‍රජාපති වකුගඩු බද්ධ කිරීමේ එක් සැත්කමකට ඉන්දීය රුපියල් ලක්ෂ 28ත් 30ත් අතර මුදලක් අය කර ඇතැයි ද ඔහුට අමතරව තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි‚.

(ද හින්දු ඇසුරිනි)

19hyskm02-Nalgo_HY_2702667f



අදහස් (0)

ලංකාවේ වෛද්‍යවරුන් හයකට ඉන්දියාවෙන් නඩු?

දර්ශන Thursday, 21 January 2016 07:29 AM

රජයේ සියලු සේවකයන්ගේ වැටුප් තීරණය කරන්නේත් වෛද්‍ය සංගමය. විශ්ව විද්‍යාල වල සියලු උපාධිවල කාලය තීරණය කරන්නේත් වෛද්‍ය සංගමය. කොටින්ම රටේ ආර්ථික ප්‍රතිපත්ති තිරණය කරන්නේත් වෛද්‍ය සංගමය. එනිසා වකුගඩු ප්‍රශ්නයටත් එයාලා අපූරු උත්තරයක් හදාගෙන ඇති. (නි)

:       0       0

ලලිත් Thursday, 21 January 2016 01:51 AM

මෙවැනි කටයුතු වලින් මුදල් ගරන කාක්කන් තමයි වැඩිපුර වෛද්‍යවරුන් බිහිවෙනවට විරුද්ධව සිසුන් උසිගන්වන්නේ. (නි)

:       0       0

උදයසිරි Thursday, 21 January 2016 02:01 AM

අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

යෝනක Thursday, 21 January 2016 02:39 AM

ඉන්දියාවෙන් කොහොමද අපිට නඩු දාන්නේ? (නි)

:       0       0

සකුන්තලා Thursday, 21 January 2016 02:49 AM

ඉන්දිවෙන් ලංකාව ඇතුළේ වෙන දේවලට නඩු දාන්න අපි ඉන්දියාවේ ප්‍රාන්තයක්ද? අපේ දොස්තරලා ඉන්දියාවට ගිහින් කළ දේවල් නෙමෙයිනේ. ඉන්දියාවේ කට්ටිය මෙහාට ඇවිල්ලා කළ ජාවාරමක්. අනික මතක තියාගන්න කෝටි ගණන් වියදම් කරලා පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් බිහිවෙන කට්ටිය ඒ කෝටි ගණන හම්බ කරන්න මොනවා නොකරයිද, නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණ දොස්තරලා මෙච්චර සල්ලි පස්සේ යනවා නම්?

:       0       0

ප්‍රසන්න Thursday, 21 January 2016 03:30 AM

අමිල දැනගන්න තිබෙන විදියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියෙකුත් ඔය හය දෙනා අතරේ ඉන්න බවයි අපිට ආරංචි වුණේ

:       0       0

පෙරේරා Thursday, 21 January 2016 09:01 AM

ඕනෑම දෙයකට කෑ ගහන අර රජයේ වෛද්‍යවරු කට්ටිය නිදිනේ මේවා වෙනකොට.(හේ)

:       0       0

සුරංග Thursday, 21 January 2016 08:57 AM

මේක ලොකු ප්‍රශ්නයක්.(හේ)

:       0       0

චානක Thursday, 21 January 2016 09:01 AM

කොහොමද වැඩ, දැන් නම් උද්ඝෝෂණ කරන එකක් නැහැ (හේ)

:       0       0

දහම් Thursday, 21 January 2016 09:11 AM

ලංකාවේ රෝගීනුත් ලංකාවේම අයගෙන් සල්ලි දීලා තමයි වකුගඩු ගන්නේ. ලක්ෂ 5 - 10 - 15 වගේ ගණන් වලට. එතකොට ඒවා බද්ධ කරන එකත් තහනම් වෙයිද. මහා අපරාධයක්නේ වෙන්නේ එතකොට.(හේ)

:       0       0

සේන Thursday, 21 January 2016 09:09 AM

මා බෞද්ධයෙක් හැටියට පුනරුප්පත්තිය විශ්වාස කරමි .ඒගැන පරීක්ෂණ කළ දෙස් විදෙස් උගතුන් කර්මය අනුව විපාක දෙන බව සොයාගෙන ඇත .බලන්ගොඩ සිද්ධිය එයට හොඳම උදාහරණයකි .මාලබේ වෛද්‍ය විද්‍යාලයේ ළමුන්ට ඉගෙනීමට විරුද්ධවන සියලු දෙනාම මීළඟ ආත්මයේ මන්ද බුද්ධිකයන් වී උපදිනු ඇත (බ)

:       0       0

ගුණපාල වීරසිංහ Thursday, 21 January 2016 04:03 AM

ඉන්දියාවට විරුද්ධව වැඩවර්ජනයක් පටන්ගනීවද්ද? (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Friday, 22 January 2016 06:41 PM

සකුන්තලා සමඟ මාත් එකඟයි ... (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 21 January 2016 03:59 AM

කමෝන් ඉන්දියා! මහින්දව ගෙදර යවපු එකේ මේක මොකක්ද? අයි.ටී. ක්ෂේත්‍රයට විදින්න සූදානම්වෙන අතරේ දොස්තරලාටත් වැඩේ දෙන්න බලමු! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 21 January 2016 09:28 AM

අනේ මෙතන කමෙන්ට්ස් දාන අය ඔහේ කියවනවා මේක ජාවාරමක් වුණත් දොස්තරලා කරලා තියෙන්නේ මිනිස් ජිවිත බේරන එකනේ පොඩ්ඩක් හිතල කොමෙන්ට් දාන්නකෝ අප්පා ගිරව් වගේ ලියන්නේ නැතිව (බ)

:       0       0

පෙරුමාල් Thursday, 21 January 2016 09:39 AM

රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් එන වෛද්‍යවරුන්ගේ සදාචාරය ඔහොම තමයි (බ)

:       0       0

රොෂාන් Thursday, 21 January 2016 04:13 AM

අමිල, ඔය නඩුවත් හාමුදුරුවන්ගේ වෙයිද කියලා බලමු (නි)

:       0       0

අසංක Thursday, 21 January 2016 10:03 AM

ඔයාලා මේ සදාචාරයක් ගැන කතා කරනවා, බලන්න අර තරුණ ගෑණු ළමයෙක් කීර්ති පැස්කුවල් මහතාගේ සින්දුවක් අහලා සදහටම දෙනෙත් පියා ගත්තේ එයාට වකුගඩුවක් දෙන්න කෙනෙක් නැතුව, මේ ඉන්දියන් අය හම්බවුනා නම් ඒ ළමයා තාම ජීවත් වෙනවා, (ර)

:       0       0

සුමිත් Thursday, 21 January 2016 04:43 AM

මගේ හිතේ එයාලට ගිණුමක් ඇති. ඊළඟ ආත්මෙට යනකොට සල්ලි ඒකට මාරුකරලා යාවි. එතකොට ඊළඟ ආත්මේත් සැපට ඉන්න පුලුවන්නේ. මේක සසිරිබර මෙසිරිබර ලංකාවනේ (නි)

:       0       0

අබරන් Thursday, 21 January 2016 10:30 AM

ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඉන්දියාව කියන්නේ ලෝකයේ වංචා දුෂණ වලින් පිරුණු අග්‍ර ගන්‍යයේ රටක්. ඒ ගොල්ල කොහොමද අපිට නඩු දමන්නේ? (ර)

:       0       0

රොමේෂ් සිල්වා Thursday, 21 January 2016 10:43 AM

ඕනම තරාතිරමක සිටින අයගෙන් වැරදි වෙනවා. එහෙම උනා කියල ඒ තරාතිරමේ සිටින හැමෝම එහෙමයි කියලා කියන්න බැහැ. ලංකාවේ සිටින සමස්ත වෛද්‍ය වරුන්ගේ ගානත් එක්ක 6ක් කියන්නේ සැලකිය යුතු ගානක් නෙමෙයි. (ර)

:       0       0

සුසුල් Thursday, 21 January 2016 10:58 AM

මතුපිටින් බලල කමෙන්ට් කරන අය ගැන ඇත්තටම කනගාටුයි. (ර)

:       0       0

අමිල Wednesday, 20 January 2016 04:41 PM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කට වහගෙන නිදි මේ වගේ දේවල් වලදී. මේ වෛද්‍යවරුන් බිහිකළේ මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙන්ද? (නි)

:       0       0

පුෂ්පා Thursday, 21 January 2016 11:10 AM

දැන් මෙහෙම අපේ වෛද්‍යවරුන්ට චෝදනා කරන්නේ සාක්කි තියෙනවද?(හේ)

:       0       0

පුෂ්පා Thursday, 21 January 2016 06:12 AM

දැන් කියයි හැමෝම මෙහෙම නැහැ කියලා. මගේ පවුලේත් දොස්තර කෙනෙක් ඉන්න හන්ද මමනම් දන්නවා බහුතර අයගේ හැටි. (හේ)

:       0       0

ජෝර්ජියෝ Thursday, 21 January 2016 11:38 AM

බණ්ඩාර මහත්තයෝ හැම රටකම නීති පද්දතියක් තියනවා කියල දන්නේ නැද්ද. කව්රු වැරද්දක් කලත් වැරැද්ද වරද්දීමයි. (ර)

:       0       0

හිමාල් Wednesday, 20 January 2016 09:34 PM

අනේ එයාලට නඩු දාන්න එපා. වාහනයක්වත් දෙන්නේ නැති නිසා ඔය පා පැදියක්වත් ගන්න වෙන්න ඇති ඔහොම කළේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 27 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 274 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1468 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1618 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 568 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1808 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24403 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site