IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


'ලංකාවේ විපක්ෂ නායක ගිනස් වාර්තාවක් තිව්වා'

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවට බවත්  විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීම ගිනස් වාර්තාවක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම  පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් තුළ බවද ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.

" හිටපු ජනාධිපතිවරයා රට භාරගන්නා ලෙස මට ආරාධනා කළා. මම තනතුරු ඉල්ලුවේ නැහැ. නමුත් එදා රට තිබුනේ අර්බුදයකයි. රට නැවත ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමෙන් පසු රට පැවති තැනට නැවත ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට මම කටයුතු කළා. ඒ අනුව මාසයක් ඇතුළත රටේ ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් ලබාදීමට හැකි වුණා. පෝලිම් යුගය අවසන් කෙරුණා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.



අදහස් (28)

'ලංකාවේ විපක්ෂ නායක ගිනස් වාර්තාවක් තිව්වා'

ලසන්ත Friday, 11 August 2023 11:48 AM

ඇයි ඡන්දෙන් පැරදිලා එක ජාතික ලැයිස්තු මන්ත්‍රිකමකින් ඇගමැති වීම, ජනාධිපතිවීම ගිනස් වාර්තා නෙවෙයිද? කලින් කෙනා කෘෂි විද්වතුන් පැත්තකටදාල දොස්තරලගෙන් උපදෙස් අරං එක රැයෙන් පොහොර තහනම් කිරීම ගිනස් වාර්තා නෙවෙයිද?

:       35       114

AJITHFriday, 11 August 2023 05:58 PM

සජිත් කියන්නේ කෙටිමාර්ගවලින් බලය ගන්න තනතුරුවලට එන්න උත්සාහ කරන තරුණ නායකයෙක්, ඔහුට කතාකරලා තනතුර ගන්න කිවත් ඔහු එය මගහැර සිටියා. ඔහුට අර්බුද හමුවේ අභියෝග බාරගැනීමට, වගකීමක් ගැනීමට නොහැකි බව රටම තේරුම් ගත්තා.

:       0       0

dilshan Friday, 11 August 2023 11:52 AM

අනේ ... හී..... මේක කියන්ඩ පොඩි ලමයෙකුට

:       24       72

Piyal Friday, 11 August 2023 11:53 AM

ජනාධිපති තනතුර එක එකාට ඕන විදියට බාර දෙන්නවත්,බාරගන්නවත් සදාචාරාත්මක නැහැ.හොර පාරෙන් ඇවිල්ලා ලැජ්ජ නැතුව ජනාධිපතිකම් බාර අරගෙන දැන් මාන්නයෙන් ඔළුව උදුම්මවා ගෙන කටමැත දොඩවනවා.තමුන්ට ජනමතයක් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න ඉගෙන ගන්න.ජනමතයට ගරු කර වහාම මැතිවරණ පවත්වන්න.

:       44       114

sanshika ramanayake Friday, 11 August 2023 11:56 AM

ගිනස් වාර්ත තියන්නම කප් ගහපු විපක්ශ නායක රෑකඩෙ ඉන්නකම් රටෙ දියුනුව සාර්තකයි ජනාදිපති තුමනි, ඔබට ජය නියතයි.

:       91       41

InokaSunday, 13 August 2023 01:05 PM

මේවා කියන මේ වගේ අයනේ නියම රූකඩ...!

:       0       0

අජිත් Friday, 11 August 2023 12:12 PM

සජිත්ට අගමැතිකම දෙන්න ප්‍රධාන කොන්දේසිය තමයි පොහොට්ටුව සමග රාජපක්සලා රකින එක . රකින්න පක්ශයක් තිබ්බ සජිත් ඒකට කැමති උනේ නෑ. ඒත් පස්ස බිම ඇනිලා හක්ක පූට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා මුක පූට්ටු වෙලා ඇදිවතත් අහිමි වෙලා හිටපු රනිල් පැනපු ගමන් ගිහින් බදා ගත්තා. අනික සජිත් භාර ගත්තත් සජිත් රනිල් , මහින්ද, චන්ද්‍රිකා අයිති පන්තියෙ නෙවෙයි නිසා උන් ටික සජිත්ට කවදාවත් ඕක කරන්න දෙන්නෙ නෑ. වෙලාවක් ආපු ගමන් ශොට් එක දෙනවා.

:       33       88

මහසෙන්Friday, 11 August 2023 01:20 PM

සජිත් ඒ අයගේ පන්තියේ නෙවේ නම් කාගේ පන්තියේද? වෙන ලෝකෙක ඉඳන් ලංකාව දිහා බලන්ද කියන්නේ..? හොර නෝට්ටු සිදුවීම වෙලාවේ එයාව බේරගන්න ඇත්තේ වෙන ලෝකෙකින් ඇවිත් වෙන්න ඇති. ඔය කියන් පන්තියේ කෙනෙක් නොවෙන්න ඇති. නිකන් හිනස්සන්න එපා...

:       0       0

dilan Friday, 11 August 2023 12:14 PM

විපක්ෂ නායක ප්‍රතික්ෂේප කලේ පොහොට්ටු හොරු සෙට් එකත් එක්ක කරන්න බැරි නිසා ඔහෙට ලජ්ජා නැති උනාට

:       29       84

මහසෙන්Friday, 11 August 2023 03:47 PM

හහ් හහ් ඇත්ත ද? සජිත් ද කිව්වේ එහෙම.

:       4       18

Rata Perata Friday, 11 August 2023 12:18 PM

දශක ගානක් පාර්ලිමේන්තුවේ ඉඳලා දිනන්න බැරි උන පරාජිතයෙක් ඔය පින් තනතුර බාරගත්ත එකත් ලෝක වාර්තාවක් .ඇත්තටම මිනිසුන්ට මේ තරම් පහත් තත්වෙට වැටෙන්න පුළුවන් ද කියලා හිතෙනවා

:       22       84

Rukmal Friday, 11 August 2023 12:20 PM

මරු ජනාධිපති , එක ඩොලරයක් ගේන්න ට්‍රයි කරන්නෙ නෑ... tax .. tax.. tax... ඔච්චරයි දන්නෙ... කථාවනම් දෝලාවෙන්

:       20       84

Surain Friday, 11 August 2023 12:23 PM

ඔබ තුමනි ගෝටත් ඒක කලින් කතා කරගෙන රටම මුලා කරලා මුල් පුටුවට ඇවිල්ලා තව වහසි බස් දොඩවලා ඉල්ලගෙන නාගන්න එපා

:       19       72

ලුම්බිණි Friday, 11 August 2023 01:08 PM

මේවට කියන්න තියෙන්නේ පිස්සු නැත්නම් ශෝක් කියල.

:       13       61

සිල්වා Friday, 11 August 2023 01:51 PM

ඔබතුමාගෙ කතාව නම් දෝලාවෙන් ගමන නම් ආපස්සට. ඔබතුමාත් ගෝඨාභය වගේම තමයි. ෆේල් තමයි...

:       0       0

aravinda Monarawila Friday, 11 August 2023 01:53 PM

රටෙ මිනිස්සු එකුතුවෙලා එපා කියලා ගෙදර යැව්ව එකා හොර පාරෙන් පර්ලිමෙන්තුවට රින්ගලා කුමන්ත්‍රනය කරලා ජාදිපතිකම ගත්ට එක වගෙ එවා ලිව්වොත් ගිනස් වර්තා පොතෙ නමත් කැතවෙනවා.

:       6       30

Perera Friday, 11 August 2023 01:55 PM

ඇයි චන්ද තිහක් පිට පිට පැරදිච්ච වාර් ථාව ලෝ මොනම දේශපාලන පක්ශෙක නායකෙවත් තියල නැතුව අති.

:       7       34

rasika gamage Friday, 11 August 2023 02:12 PM

සජිත් ජලනි බලවෙගෙට ජනපති ගෙ ස්ත්ය කතාවට ඩොන් ගියබව කමෙන්ට් වලින් පෙනෙ..පව් අනෙ...

:       26       17

Bunny Preena Friday, 11 August 2023 03:12 PM

ඔබතුමා තියලා තියෙන වාර්තා ගිනස්වලටත්, එහායින් ගිය ඒවා. එම වාර්තාවෙන් ලෝකයේ කාටවත් සම කරන්නත් බැහැ. කොපි කරන්නත් බැහැ. එහෙම කෙනෙක් ආයේ ඉපදෙන්නෙත් නැහැ. ඔබ පමණයි.

:       0       0

ගමේ එකාලා Friday, 11 August 2023 03:26 PM

69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු තුනෙන් දෙකක බලයක් තිබුණු ගෝඨාභය... දූෂිත පවුල් පාලන ආණ්ඩුව පන්නපු එක, අරගලයට පින්සිද්ද වෙන්ඩ කිසිම ජනවරමක් නැතිව, පින් ජනපතිකම ලැබීමත් ගිනස් වාර්තාවක්...

:       0       0

ase Friday, 11 August 2023 03:40 PM

කටමැත නොදොඩා චන්දයකට යමුද ? එතකොට තමුන්ගේ තරම තේරේවි .

:       6       34

de silva Friday, 11 August 2023 03:54 PM

ඔයා කොහොමද විපක්ශ නායකට බලය දෙන්න කතාකරන්නෙ ? විපක්ශ නායක පසුගිය චන්දෙන් පැරදුනෙ ? එක තීරනය කරන්නෙ රටෙ ජනතව , මේයා කියන විදිහට 3% අරන් පැරදිල ගෙදර ගිය මොහු අංක-1 , චන්ද ලක්ශ පනස් ගානක අරන් පැරදුන විපක්ශ නායක අංක 2 , 69 ලකශයක් අරන් දිනපු ඝෝට අංක 3 . අපට චන්දයක් දෙන්න අපි තිරනය කරන්නම්.

:       3       24

chandima Friday, 11 August 2023 05:07 PM

අම්බලමේ පිනා මතක් වෙනවා.

:       0       0

G.Perera Friday, 11 August 2023 05:26 PM

30 වතාවක් ඡන්ද පැරදුණු කෙනාට පිං ජනපතිකම ලැබුණාම ඔහොම මඤ්ඤං ටෝක් දානවා තමයි. මතක තියාගන්න ඔයා අමර්ණිය නැහැ. අද රෑට ඔයාගේ හුස්ම ටික යයිද දන්නේ නැහැ...

:       0       0

Smith's lal Friday, 11 August 2023 06:19 PM

අරගලයට පින්සිද්ද වෙන්න ලැබිච්චි පින් ජනාධිපතිකම තියාගෙන කට වහගෙන හිටියොත් නේද හොඳ...? තව පණ්ඩිත කතා කියවන් නැතුව ඉන්න...

:       0       0

Nimesh Friday, 11 August 2023 06:19 PM

තමන් ඉල්ලුවොත් ඡන්දේ පරදින බව දැනගෙන ඔය කියන විපක්ෂ නායකව දාල පහුගිය ජනාධිපතිවරණේ දිනන්න හදපු සීයා නේද දැන් මෙහෙම කියවන්නේ...?

:       0       0

Mohi Friday, 11 August 2023 06:59 PM

රනිල් ඡන්දය කොපමණ වාරයක් පැරැදුණාද? ඒකත් ලෝක වාර්තාවක්...

:       0       0

සමන්ත​ Friday, 11 August 2023 08:10 PM

දැන් මහජන ඡන්ද 69 ලක්‍ෂයක් දීලා පත්කරපු මිනිහා පැනලා ගියේ රනිල් කියලද​? රටයි, ආර්ථිකයයි විනාශ කරපු අය දැන් රනිල්ට පින්සිද්ද වෙන්න පණගහලා ඇවිත් ඒ මිනිහාටම බනිනවා. ගරහනවා. ඔහේලා වගේ මිනිස්සුන්ට ලුණු කැඳක්වත් නැතිවෙන්න තිබ්බේ. අපරාදේ රනිල් වැඩේ කෑවනේ. දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් නොදන්න ජ.වි.පෙ වහල්ලු 88/89 ගැන දන්නේ මොනවාද කියලා අහලා වැඩක් තියෙනවාද​? රාජපක්‍ෂ හොරු ගෙනත් රට කෑවා.. ඔවුන් දැන් එනවා මෙතන රනිල්ගේ රෙද්ද පල්ලේ දේවල් හොයන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 916 1

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1546 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 214 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 352 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 2206 4

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 9545 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 408 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1416 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site