IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලංකාවේ 40 කගේ කෝටි 667ක් ස්විස් බැංකුවේ

අඩු ගණනේ ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු ඇමරිකා ඩොලර් කෝටි 5ක් (රුපියල් කෝටි 667) ස්විස්ටර්ලන්තයේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇතැයි අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී සංවිධාන කියයි.

ඔවුන් එම තොරතුරු ලබාගෙන ඇත්තේ ප්‍රංශයේ ලෙමොන්දේ පුවත්පතෙනි.

එච්.එස්.බී.සී බැංකුවේ, ස්විස් බැංකුවේ මුදල් තැන්පත් කළ ලක්ෂයක් අතර ශ්‍රී ලාංකිකයන් 40 දෙනාද වෙති. ඔවුන්ගේ නම් ගම් සහිතව එහි දක්වා තිබේ. එඩ්මන් විජේනායක බාලසූරිය හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමරිකා ඩොලර් එක්කෝටි හැට තුන් ලක්ෂයකට වැඩි මුදලක් තැන්පත් කර ඇති බවත් බාලසූරිය පවුලේ සාමාජිකයන් බැංකුවේ හොඳ ගනුදෙනුකරුවන් බවත් කියති.

ජීවක ලලිත් භුපේන්ද්‍ර කොතලාවල ඇතුළු 17 දෙනකු ඔවුන්ගේ ගිණුම් වසා දමා ඇතැයිද ලෙමොන්දේ පුවත්පත කියයි. ශ්‍රී ලංකාවේ නීතිය අනුව ශ්‍රී ලාංකිකයකුට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව එතෙර බැංකු ගිණුම් විවෘත කළ නොහැකිය. අනුර ලෙස්ලි පෙරේරා, අරුණ රාජෙන්ද්‍රන් වස්වානි, නිකිල් කිෂෝර් හයිඩ්‍රාමනී, විනෝද් කිෂෝර් හයිඩ්‍රාමනී, ලීනා විනෝද් හයිඩ්‍රාමනී ස්විස් එච්.එස්.බී.සී බැංකුවේ ගනුදෙනුකරුවන් බවද ලෙමොන්දේ පුවත්පත කියයි.

web

 

 

 

 

 



අදහස් (0)

ලංකාවේ 40 කගේ කෝටි 667ක් ස්විස් බැංකුවේ

ටෙනිසන් Monday, 18 May 2015 07:01 AM

ශ්‍රී ලාංකිකයෙකුට පිටරට බැංකුවක, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරයකින් තොරව ගිණුමක් විවෘත කරන්න නොහැකිද? මා අසා ඇති පරිදි නම්, ලංකාවේ මුදල් හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු විදේශ මුදල් හෝ විදේශිය බැංකුවක තැන්පත් කළ නොහැකිය. එසේ නැතුව මා පිටරටකදී ඉපැයූ මුදලක් එසේ තැන්පත් කිරීම නීතියට පටහැනි නොවේ. මා වැරදි නම් කරුණාකර දන්නා අයෙක් මෙය නිවැරදි කරන්න. (නි)

:       0       0

සෙනරත් Monday, 18 May 2015 01:59 PM

මෙම හතලිස් දෙනාම මෙපමණ මුදලක් තැන්පත් කළේ මොන අවුරුදු වලද යන බව දැන ගැනීමත් වටිනවා.ඉතා පැරණි ගිණුම් කරුවන්ද මෙහි සිටිය හැකිය. (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 960 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 427 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 279 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 844 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 718 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site