ලක්ෂිකා රංගනයට සමීපව ගෙවී ගිය කාලය ගැන ආපසු හැරී බැලූවොත්?
මුලින්ම රඟපෑවේ චිත‍්‍රපටිවල, ඉන්පසුව වේදිකාවේ. නමුත් මට මගේ දක්ෂතා උපරිමයෙන් තිබුණත් සිනමාව වේදිකාව හෝ ටෙලිනාට්‍ය වෙතින් මීට වඩා මගේ දක්ෂතා වෙතින් වැඩගන්න තිබුණු බවයි මගේ හැඟීම.
අධ්‍යක්ෂවරු ඔබගෙ දක්ෂතා හරි හැටි හඳුනාගත්තෙ නැති බවද කියන්නෙ?
අනිවාර්යයෙන්ම ඔව්, මීට වඩා මගේ දක්ෂතා වෙතින් රංගනය උකහා ගන්න තිබුණා.
ඇයි එහෙම නොවුණේ?
ඒක තමයි මටත් තියෙන ප‍්‍රශ්නය. එක්තරා කාලයකදී රූපවාහිනියෙ ඉහළම ජනප‍්‍රියත්වයක් ලබා සිටි අවස්ථාවේදීවත් මට දැනෙන තරමට හොඳ චරිත ඉදිරිපත් කිරීමට අවකාශය ලැබුණෙ නැහැ.
ඔය කියන්නෙ කොයි කාලයේදීද?
95, 96, 97, 98 වගේ කාලවලදී ටෙලිනාට්‍ය ගණනාවක් කළා. ඉරහඳ යට, සක්විති කිරුළ වගේ ඒවා අතිශයින් ජනප‍්‍රිය වුණා. සක්විති සුවය චිත‍්‍රපටය ටෙලිමාලාවක් ලෙසින් සුරේෂ් අබේසේකර රූපවාහිනියට නිර්මාණය කළා. චිත‍්‍රපටයක් ටෙලිනාට්‍යයකට කළ පළමු වතාව එයයි. එදා චිත‍්‍රපටයේ සබීතා කළ චරිතය රඟපෑවේ මමයි. එදා මේ ටෙලිනාට්‍ය නැරඹූ ගාමිණී ෆොන්සේකා ශූරීන් එය සාර්ථකයි කියලා සුබපතලා පවා තිබුණා.
විවාහ ජීවිතයට ඇතුළත් වෙලා කොච්චර කල්ද?
අවුරුදු 18 ක් විතර වෙනවා.
ඒ ගෙවී ගිය කාලය ගැන හිතෙන්නෙ කොහොමද?
ඒ ගෙවී ගිය කාලයේදී මට ලැබුණු ලොකුම සම්පත මගේ දුව නෙත්මියි.
ඇය ගැන විස්තර කිව්වොත්?
මේ දිනවල පාසැල් අවසාන වාර විභාගය නිසා ඇය කාර්යබහුල වෙලා. ඇය ඉගෙන ගන්නෙ 8 වසරේ.
මොනවටද ඇය දක්ෂ?
කලා අංශයේ බොහෝ දේවලට දක්ෂයි. රූපලාවන්‍ය අංශයටත් දක්ෂ බව පෙනෙනවා. මගේ රූපලාවන්‍යාගාරයේ වැඩ කටයුතු වලදී ඇයගෙන් ගොඩාක් උදව් ලැබෙනවා. සාරි මෝස්තර හැඩ දමන වැඩ බොහෝ විට කරන්නෙ දුව. ඇත්තටම එයාගෙ හිත තියෙන්නෙ ෆැෂන් ඩිසයිනින් වලටයි.
නෙත්මි රගපෑමට ආසා නැද්ද?
අවුරුදු පහේදී විතර ළමා හඬ කැවීම් ශිල්පිණියක ලෙස රූපවාහිනී කාටුන් නිර්මාණවල දෙබස් කැවීම් වලට සහභාගී වුණා. ස්කූබි ඩූ සහ මහගෙදර, චිත්ති, පාරමි යන නාට්‍ය වලටත් එක්වුණා. සනත් ගුණතිලක මහතාගේ ”වන්ස් අපෝන් ටයිම්” නිර්මාණයටත් දායක වුණා. ප‍්‍රියා රණසිංහ ශිල්පිනිය කළ ”සත්සර නිම්නය” චිත‍්‍රපටයටත් එක්වුණා. ඊටත් අමතරව ආනන්ද අබේනායක මහතාගේ ”සිතිවිලි” මාලාවේ රඟපෑවා. වසූදා - මිනිපිරී ලෙස හිටියෙත් එයා. පසුගිය දිනවල සිවගුරුනාදන්ගෙ ”නිර්භීතයි අපි” චිත‍්‍රපටයේත් රඟපෑවා.
ඉගෙනීම් එහෙම හොඳින් කරනවද?
ඔව්, සියල්ල සමබරව කරගෙන යනවා.
නෙත්මි සහ ඔබ අතර බැඳීම මොන වගේද?
ඒක දුවගෙන්ම අහන්න.
දු, අම්මා ගැන ඔබට කොහොමද හිතෙන්නෙ?
මේ වගේ අම්මා කෙනෙක් ලැබීම නිසා මම ගොඩාක් වාසනාවන්ත කෙනෙක් කියලයි හිතෙන්නෙ.
ඇයි එහෙම කියන්නෙ?
අම්මා මට පුදුම විදියට ආදරෙයි. වෙලාවකට එයා මගේ හොඳම යෙහෙළිය වගෙයි. ඕනෑම දෙයක් එයාට කියන්න පුළුවනි. මගේ ජීවිතයේ ප‍්‍රියතම චරිතය ඇයයි.
අම්මා ගැන අපි නොදන්නා තවත් දක්ෂතා තියෙනවද?
පසුගිය කාලයේ අම්මා ගායනයට සමීපව කටයුතු කළා. දැනටත් ප‍්‍රසංග වලට දායක වෙනවා. ඒ වගේම රූපලාවන්‍ය කටයුතුවල නියැලෙනවා. පසුගිය කාලය පුරාවට අම්මා වෙතින් බොහෝ මනාලියන් හැඩවුණා. නමුත් අම්මාගෙ ඒ දක්ෂතා ගැන වැඩිදෙනෙක් දන්නෙ නැහැ. විශේෂයෙන්ම රූපලාවන්‍ය වැඩවලට හරිම දක්ෂයි. වෘත්තීය මට්ටමින් ඒ කටයුතු පවත්වාගෙන යනවා. ඉදිරියේදී ගීත ඇල්බමයකුත් එළිදක්වාවි.
ඒ සියල්ලෙන් ඇය වඩා දක්ෂ මොනවට කියලද හිතෙන්නෙ?
රඟපෑමේ සිට කරන අනෙක් සියලූම දේට අම්මා ගොඩාක්ම දක්ෂයි.
ලක්ෂිකා ඉදිරියේදී ඔබගෙ කටයුතු කොහොම වේවිද?
ඉදිරියේදී සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යාමේ අදහසක් තියෙනවා. රඟපෑමේ කටයුතුවලට අමතරව රූපලාවන්‍ය කටයුතු තවත් ව්‍යාප්ත කිරීම අරමුණයි.
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්ෂිකායි නෙත්මියි
ජගත් Wednesday, 10 December 2014 06:10 AM
සැමියා ගැනත් යමක් කියන්නකෝ! (නි)
දිනේෂ් Tuesday, 09 December 2014 03:37 AM
ඉතාමත්ම හොඳ නිලියක් ජයවේවා (නදී)
පාලිත මහින්ද මිලානෝ නගරයේ සිට Tuesday, 09 December 2014 04:42 PM
ජයවේවා ! (නදී)