ජාතික ස්ක‍්‍රැබල් ශූරයා වන ලක්‍ෂාන් වන්නිආරච්චි සහ යොවුන් ක‍්‍රීඩක යෙෂාන් ජයසුරිය එක්ව ස්ක‍්‍රැබල් ලෝක වාර්තාව අභිබවා යෑමට සමත්වුහ. ස්ක‍්‍රැබල් ක‍්‍රීඩාව යනු අකුරු යොදා ගනිමින් හරස් පද ප‍්‍රහේලිකාවක ආකාරයෙන් කෙරෙන ජාත්‍යන්තර ක‍්‍රීඩාවකි. ඉංග‍්‍රීසි භාෂාව ඇතුළු භාෂා ගණනාවකින් ලොව පුරා ක‍්‍රියාත්මක වන මෙහි අකුරු 100 ක් යොදා ගනිමින් වචන සෑදීම කළ යුතුය. සකසන වචන අනුව ලකුණු පිරිනැමේ. ශ්‍රී ලංකාවේදී ඉංග‍්‍රීසි භාෂාවෙන් මෙම ක‍්‍රීඩාව ක‍්‍රියාත්මකවේ. 2002 වසරේදී බි‍්‍රතානයේ ක‍්‍රීඩකයන් දෙදෙනකු පිහිටුවා තිබු ලෝක වාර්තාව මෙම වසරේ ජුලි මස ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රීඩකයන් දෙදෙනකු විසින් අභිබවා යන ලදි. බි‍්‍රතාන්‍යයේ ක‍්‍රිස් හෝකින්ස් සහ ඔස්ටින් ෂින් පැය 24 කදී 185 වාරයක් ක‍්‍රීඩා කරමින් ලකුණු 162,171 ක් ලබා නිල වාර්තාවට හිමිකම් කියති. ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ දෙදෙනා පැය 24 කදී 195 වාරයක් ක‍්‍රීඩා කරමින් ලකුණු 170,682 ක් ලබා ලෝක වාර්තාව අභිබවා ගියහ. ලක්‍ෂාන් සහ යෙෂාන් එක්ව පැය 24 කදී 224 වාරයක් ක‍්‍රීඩා කර ලකුණු 196,525 ක් ලබා ලෝක වාර්තා දෙකම අභිබවා යාමට සමත්වුහ. ලෝක ගිනස් කමිටුවේ නීතිරීතිවලට අනුව ලෝක ඉංග‍්‍රීසි ස්ක‍්‍රැබල් ක‍්‍රීඩකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ස්ක‍්‍රැබල් ලීගයේ නිලධාරීන්ගේ අධීක්‍ෂණයෙන් කොළඹදී මෙම තරගය පැවැත්විණ. සම්පත් බැංකුවේ මුල්‍ය පිළිබඳ මහජන සම්බන්‍ධතා කළමනාකරු ලෙස සේවය කරන ලක්‍ෂාන්, ජාතික ස්ක‍්‍රැබල් ශූරතාව හත් වරක් දිනාගත් ක‍්‍රීඩකයාය. ලෝක ස්ක‍්‍රැබල් තරගාවලි හයක් ඇතුළු ජාත්‍යන්තර තරග රැුසකට ද ලක්‍ෂාන් සහභාගිවී තිබේ. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි යෙෂාන් පසුගිය වසරේ දක්‍ෂතම පාසල් ස්ක‍්‍රැබල් ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. යෙෂාන්, ලෝක යොවුන් ස්ක‍්‍රැබල් තරගාවලියේදී (2011) සිවුවැනි ස්ථානය ලබා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්‍ෂාන් - යෙෂාන් ස්ක‍්‍රැබල් ලෝක වාර්තාව අභිබවා යති