IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ලක්ෂ අටකට අවුරුදු තෑගි මලු ලැබෙන්නේ මෙහෙමයි

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව, රුපියල් 5,000 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් සියයට 50ක වට්ටමකට එනම්  රුපියල් 2,500ක මිලකට ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

 ලංකා සතොස මඟින් ආවරණය නොවන ප්‍රදේශයන්හි සුදුසුකම්ලාභීන් සඳහා තෝරාගත් සමූපකාර අලෙවිසැල් (COOPFED) මගින් පැකේජය නිකුත් කරනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂිතයන් ලෙස දැනට ලියාපදිංචිය හිමි පොරොත්තු ලේඛනයේ සිටින පවුල් අටලක්ෂ දොළොස්දහස් හත්සිය පනස් තුනක් (812,753) සඳහා මෙම විශේෂ වට්ටම හිමි වේ.

අප්‍රේල් 1 වන දින සිට ආරම්භ වන මෙම වැඩසටහන  අප්‍රේල් 13 වන දින දක්වා පමණක් ක්‍රියාත්මක අතර මෙම ප්‍රතිලාභය නිසි ලෙසම සුදුස්සන් වෙතම හිමි වන්නේද යන්න සොයා බැලීමට විධිමත් යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය කියයි.

මුදල් අමාත්‍යාංශය, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව සහ සමූපකාර අලෙවිසැල් ජාලය හා එක්ව “සතුටින්  සතොසින්” තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ



අදහස් (8)

ලක්ෂ අටකට අවුරුදු තෑගි මලු ලැබෙන්නේ මෙහෙමයි

ගුණරත්න Friday, 28 March 2025 05:48 PM

මේවා ඡන්ද අල්ලස් නොවෙයිද? කෝ මාලිමාවුන් පොරොන්දු වුණු සාධාරණත්වය? දැන් මිනිස්සුන්ගේ හැඟීම් අවුරුදු උත්සවය විකුණලා මේක දේවි, මොකක් හරි තහනම් නියෝගයක් දැම්මත් එකත් විකුණයි... විපක්ෂය නිසා දෙන්න බැරි වුණා කියලා, මේ වගේ ඉතා පහත් දේශපාලනයක්, පුදුමයකුත් නොවෙයි මොවුන්ගේ ලේ ගෑවුණු තක්කඩි ඉතිහාසය දන්නා කෙනෙක්ට...

:       19       24

පොල්වත්තෙ ගුරුතුමාSaturday, 29 March 2025 04:31 PM

පසුගිය ජනාධිපතිවරණය වෙලාවේත් මහමැතිවරණය වෙලාවේත් තහනම් නියෝග නිකුත්කළ උන්දැලා විශ්‍රාමිකයින්ට දෙන්න සූදානම් කළ දීමනාව දෙන්නවත් ඉඩක් නොදුන්නේ විශ්‍රාමිකයින් වූ කොමිසමේම සාමාජිකයෝ තමයි. ඒ සාමාජිකයෝ වයසක උන්දැලා නිසා වැඩක්පලක් බැරුව නිදිද කියලා හිතෙනවා...!

:       0       7

sakra Saturday, 29 March 2025 02:47 AM

කෝ අර මැතිවරණ කොමසාරිසුයි ඒ කොමිසමේ සභාපතියි අර වාචාල කටයි තුන්දෙනා ? මොවුන් ඒ දවස්වල හැම දේටම රෙද්ද උස්සාගෙන තහනම් නියෝග දුන්නේ මොකද කියලා දැන් පැහැදිලියි නේද? කොන්දක් තියේ නම් දීපල්ලකෝ මේවටත් තහනම් නියෝග...

:       0       9

Pachaya Saturday, 29 March 2025 06:53 AM

ගුණරත්න, දේවාලේ කපුවගේ පුතා ගැන අහලා නැද්ද? අනතුරු ඇඟවීමේ නිලධාරියෙක් ඔයාගේ ගෙදරටත් එවන්නද?

:       0       6

ආරියදේව හිමි බටපොල Saturday, 29 March 2025 07:44 AM

මහන්සි වෙලා වැඩකරන මිනිස්සුන්ගෙන් බදු මුදල් අරං මොනවද මේ ඔයගොල්ලෝ කරන්නේ? මිනිස්සුන්ට වාහන දෙනවා කීවා. මිනිස්සුන්ට කෙසේ වෙතත් ඔය ගොල්ලන්ට නම් දැන් වාහනයක් තියෙනවා අඩුගානේ එදිනෙදා ගමන් ටික යන්න හරි. අපේ ගම්වල වැඩ කරන්න පුලුවන් සිය ගාණක් මිනිස්සු නිකන් අස්වැසුම ගන්නවා. හොඳට හම්බ කරන අය අස්වැසුම ගන්නවා. මේවායින් වෙන්නේ ඔය ගොල්ලෝ සමාජ වෛරයට පත් වෙන එක. ඒක නවත්තන්න බැහැ. ඒ නිසා අස්වැසුම දෙන අයගේ නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත් කරන්න. ඒක ගමේ තැන් තැන් වල අලවන්න. මොකද ඔය ගොල්ලන් දෙන්නෙ මහජන බදු මුදල්. අපේ ගමේ හොඳ හොඳ සල්ලි කාරයෝ මේ අස්වැසුම ගන්නවා. ඒ ගොල්ලෝ දැන් ප්‍රසිද්ධ ජේවීවී කාරයෝ. ඇත්තටම අස්වැසුම වගේ දේවල් දෙන්න ඕනේ හරි හම්බ කර ගන්න බැරි මිනිස්සුන්ට. මම හිතනවා ඔය ගොල්ලෝ අරගොල්ලන්ට වඩා කලිං ජනතා අප්‍රසාදයට පත් වේවි කියලා. ඒක නිසා බොහෝම පරිස්සමෙන් වැඩ කරන්න. වාචාලකමට කථා කළාට බුද්ධියක් ජනතාව එය අයට තිබෙන පිළිගැනීම දැන් ටිකක් අඩුවෙලා තියෙන බව හොඳින් මතක තියා ගන්න...

:       0       11

Ajith Saturday, 29 March 2025 07:45 AM

පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී ඊට පෙර සිටම ආරම්භකර රජයෙන් ලබාදෙමින් පැවතුණු "අස්වැසුම" ඔප්පු ලබාදීම පවා මැතිවරණ අල්ලස් ලබා දෙනවා කියා මැතිවරණ කොමිසම මගින් නවතා දැමුවා වගේ මතකයි. "කොමිසම නිහඬයි"

:       0       10

Rama Saturday, 29 March 2025 10:41 AM

ජනාධිපති මැතිවරණයට පෙර සජිත්ගේ සක්වල වැඩසටහන මුලින්ම මැතිවරණ කොමිසමෙන් නතර කෙරෙව්වා. ටිකක් පහුවෙලා රනිල් කරන්න ගිය සහනාධාර වැඩසටහන් නතර කෙරෙව්වා. ඉතින් මේවාත් එතකොට මැතිවරණ නීතිවලට විරුද්ධ නැද්ද? අවුරුද්ද එනවා තමයි. ඒත් සාධාරණය ගැන කතා කරන්න ගියාම මොන පක්ෂයට වුණත් එක විදිහටම වැඩේ කරන්න ඕනෑ. මේ හැඳි දෙකක්....

:       0       10

රමික Saturday, 29 March 2025 01:05 PM

අනිවාර්යයෙන් දැකපු ගමන් මටත් හිතුණේ ඒකමයි. ඡන්දෙට කලින් කැකුලු හාල් බෙදලා හාල් නෑ කියපු, සිල් රෙදි සහ තව නොයෙක් දේ ගැන හූල්ලපු අය මේවාද කරන්නේ? හරි.. ! රට පාලනය කරන්නේ ඒකේඩී නොවෙයි පැලවත්ත සමාගමනේ. ඒ ගොල්ලෝ මේවා එපා කියලා නැතිව ඇති...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 873 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 195 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 362 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 382 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 458 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 807 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 426 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 920 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site