IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලක්ෂ පනහේ කෑම ඕඩරය වතුරේ

ශ්‍රී ලංකා පොලිසියට වසර 150 ක් පිරීම නිමිත්තෙන් සැප්තැම්බර් 3 වැනිදා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියේ පැවැත්වීමට නියමිත උත්සවයට කොළඹ තරු පහේ හෝටලයකින් අතුරුපස පෙට්ටි 4000 ක් හා අති ප්‍රභූන් වෙනුවෙන් අතුරුපස පෙට්ටි 250 ක් ද සැපයීමට කළ ඇණවුම ඉහළින් ආ නියෝගයක් අනූව අන්තිම මෙහොතේ අවලංගු කිරීමට සිදු වී ඇතැයි පොලිසියේ අභ්‍යන්තර තොරතුරු කියයි. මේ සඳහා  එම හෝටලයට රුපියල් ලක්ෂ 50 ක් ගෙවීමට තිබූ බව ද වාර්තා වේ.

පොලිස් නිවස්නයේ මෙස් පාටිය ද අවලංගු කළ බව දැනගන්නට ඇත.

 

 



අදහස් (0)

ලක්ෂ පනහේ කෑම ඕඩරය වතුරේ

ගුණවර්ධන Friday, 02 September 2016 09:11 AM

මා දන්නා කාලේ පටන් පොලිසිය සෑම තැනෙකින්ම කෑවේ, බිව්වෙ නොමිලේ එ්ක මුළු ලංකාවේම පොලිසි ආයතන කළ වැඩක් ඒක තාමත් සිදුවෙනවා . හොඳ වැඩේ මේ පාරනම් සිද්ධ වුනේ ගෙදරින් බත් පාර්සලය අරගෙන එන්න කියන්න. (බ)

:       0       0

හේවා Thursday, 01 September 2016 09:21 PM

අරවින්ද හරි වෙන්නත් පුලුවන් (නි)

:       0       0

කීර්ති Thursday, 01 September 2016 09:30 PM

කලින් කාලේත් මැයිදින රැලි වලට, ස්ටාර් තරඟ වලට කෝටි ගණන් වියදම කළ කාර්යාංශ තිබුනා. ඒවා ගැන පරි්කෂණ පැවැත්වුවාද? මුදල් කාබාසිනියා කළ අයගෙන් අයකර ගත්තාද? (නි)

:       0       0

කෝදාගොඩ Saturday, 10 September 2016 07:54 AM

තවමත් පරණ පුරුදු වලට කැමති නිළධාරින් ඉන්නවා. (නි)

:       0       0

අසංග Thursday, 01 September 2016 11:12 PM

ලක්ෂ තිහක් තරුපහේ හෝටලයට, ඉතුරු ලක්ෂ විස්ස සාක්කුවටද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඇන්ජලෝ Thursday, 01 September 2016 11:45 PM

අලුත් පොලිස්පතිතුමා මීටවැඩිය හිතුවොත් හොඳයි. තනතුරට ගැළපෙන විදිහට වැඩකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

රාමන් Friday, 02 September 2016 12:07 AM

සමහරු නීතිය නවලා කරන වැඩ වෙන්න ඇති මේවා (නි)

:       0       0

බංදුලජීව Friday, 02 September 2016 01:05 AM

මේවා මේ විදිහට දිගටම වෙනවා නම් කොච්චර හොඳයිද? මොකද සමහරුන්ට දුප්පතාගේ දුක තේරෙන්නේ නැහැ. මේක නම් නියම වැඩක් (නි)

:       0       0

ලාල් Friday, 02 September 2016 01:19 AM

ගෙඩි පිටින් රුපියල් ලක්ෂ පනහක්? තරු 5 හෝටලයකින්? අතිප්‍රභූන්? දෙවියනේ! ඔය නීතිය හොඳටම නවලා තියෙන්නේ (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 02 September 2016 02:00 AM

පොලිසියේ රැකියාවක් කළාට ඒ මිනිස්සු කොයිතරම් දුකක්ද විඳින්නේ? ඒ අතරේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා වැරදි වැඩ කරන. එහෙමයි කියලා ඔක්කොම නිලධාරීන් එහෙම නැහැ. ඇත්තටම ඒ මිනිස්සු වෙනුවෙන් රජයක් විදියට කරන වියදම මදි. ඇමෙරිකාව වගේ රටවල පොලිස් නිලධාරීන්ගේ රැකියව තුළ තිබෙන අපහසුතාවයන් නිසා එයාලට ගොඩක් පහසුකම් තියෙනවා. (නි)

:       0       0

නාලක Friday, 02 September 2016 02:24 AM

මේක වෙන කාගේහරි ඉහළින් ආ නියෝගයක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

දොන් Friday, 02 September 2016 02:56 AM

ඔන්න බලාගන්න දැන් තියන යහපාලනය. (නි)

:       0       0

රාධා Saturday, 03 September 2016 12:17 AM

පසුගිය රජය පවතිකාලේ එක්තරා පැත්තක පළාත් සභා ඡන්දයකදී මහජනතාවට කෑම දීමට ලක්ෂ 17ක් වියදම්කළා (නි)

:       0       0

චමිල් මධුශංක Friday, 02 September 2016 03:01 AM

යහපාලනේ හොඳකම තමයි ඉතින් (නි)

:       0       0

ඇසළ Friday, 02 September 2016 03:09 AM

ඔය අතිප්‍රභූන් කියන අය තෝරන්නේත් කිසිම ප්‍රභූකමක් නැති හරියට එදාවේලා කන්නවත් නැති අහිංසක මෝඩ ජනතාව. තෝරපු එකා කන්න නැතුව ඉන්නකොට තේරිච්ච අයට ලක්ෂ 50 හේ කෑම. ඔන්න ඔය වෙනස තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. (නි)

:       0       0

හේමන්ත Friday, 02 September 2016 03:19 AM

මෙන්න නියම යහපාලනය! (නි)

:       0       0

ශානක චතුරංග Friday, 02 September 2016 03:32 AM

කවුරු කළත් හොඳ වැඩක්. 150 පොලිස් දිනය කියලා පොලිසියෙ වැඩ කරන නිලධාරීන්ට කුඩා සිහිවටනයක්වත් නොමිලේ දෙන්න බැරි පොලිසිය, කෑම පැකට් වලට ලක්ෂ ගණන් වෙන් කරනවා. කණගාටුයි.. (නි)

:       0       0

ජයන්ත Friday, 02 September 2016 03:43 AM

එකක් රු. 1200 ක් විතර වෙනවා. ඕකට ඕනෑනම් කට්ලට් එකයි, පැටිස් එකයි, සැන්විච් දෙකකුයි වතුර බෝතලකුයි දෙයි. වියදම රු. 250ක් විතර වෙයි. තරු 5 නිසා රු. 600ක් කියමු. කොහොමද ගැහිල්ල? රු. ලක්ෂ 25යි. අනෙක 4250 ක් ආරාධිතයෝ? මෙතන ලක්ෂ 40ක විතර ගැහිල්ලක් තියෙනවා. කවුද සංග්‍රහ කමිටුවේ ප්‍රාධානියා? (නි)

:       0       0

උදාර සම්පත් Friday, 02 September 2016 03:45 AM

සමහරවිට වැඩි ගානකට වෙන තැනකට දෙන්න ඇති. (නි)

:       0       0

ශාන්ත Thursday, 01 September 2016 01:33 PM

සල්ලි ගෙවලා කන පුරුද්දක් පොලිසියේ අයට නැති නිසා වෙන්න ඇති (නි)

:       0       0

වසන්ත Friday, 02 September 2016 04:30 AM

අයියෝ ලොක්කට කොටස නැතිව ඇති (බ)

:       0       0

ලක්ෂ්මන් කත්‍රිඅාරච්චි Thursday, 01 September 2016 01:38 PM

හොඳ තත්වයක් මේක (නි)

:       0       0

ටිහාන් Thursday, 01 September 2016 02:01 PM

කොමිස් කුට්ටියක් ‘මිස් වුණා‘ වගේ. (නි)

:       0       0

ට්‍රිෂාන් Thursday, 01 September 2016 02:04 PM

කොමිස් කුට්ටිය අහිමිවීම ගැන අපේ කණගාටුව. (නි)

:       0       0

චන්න Thursday, 01 September 2016 02:08 PM

මෙන්න යහපාලනය වැඩ කරනවා (හේ)

:       0       0

දේවක Thursday, 01 September 2016 02:07 PM

ඕකට එච්චර දුක්වෙන්න දෙයක් නෑ, (හේ)

:       0       0

චන්න බුවනක Thursday, 01 September 2016 02:20 PM

දුප්පත් මිනිස්සු අනන්තවත් ඉන්නවා දවසකට එක වේලකින් ගත කරන. ගෙයක් දොරක් හදා ගන්න බැරුව ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙන් ගන්න බදු නිලධාරීන්, දේශපාලුවන් සැප විඳිනවා. කෙසේ වෙතත් මේ අනවශ්‍ය වියදම නතර කල එකනම් හොඳයි.(හේ)

:       0       0

කුමාර් Thursday, 01 September 2016 02:25 PM

පාන් කෑල්ලක් කන්න සල්ලි නැතිව දුප්පත් ළමයි කී දෙනෙක් බඩගින්නේ නින්දට යනවාද ලංකාවේ. (හේ)

:       0       0

රොඩ්නි Thursday, 01 September 2016 02:35 PM

ඉතින් හොදිනේ (හේ)

:       0       0

දේව් Thursday, 01 September 2016 03:10 PM

මෙවන් ලොක්කන් සිටීම රටේ වාසනාවක්. (නි)

:       0       0

අජිත් රණසිංහ Thursday, 01 September 2016 03:33 PM

ශ්‍රී ලංකා පොලිසියට වසර 150 ක් පිරීම ශ්‍රී ලාංකිකයන්ට මොන ව්දිහේ යහපතක් වී ඇතිද කියලා හිතන්න ඕනද ? ලජ්ජා වෙන්න ඕනද ? එහෙනම් මහජන මුදල් කාබාසිනියා නොකිරීම වඩාත් හොඳයි නේද ?(හේ)

:       0       0

අමල් Thursday, 01 September 2016 03:40 PM

වසර 150 ට අපේ සල්ලි කොච්චර ගන්න ඇද්ද. ඒ වුනත් පොලිසිය ජනතාවට කතා කරන්නේ හරියට එයාලගේ වහල්ලුන්ට වගේ. මේ තත්වය නැතිකරලා ජනතාවට ගෞරව කරන්න හැඩගැස්විය යුතු වෙනවා. (හේ)

:       0       0

ශෂී Friday, 02 September 2016 06:06 AM

යහපාලනයට ජයවේවා (බ)

:       0       0

නන්දලාල් Thursday, 01 September 2016 03:38 PM

කවුද ඒ ඕඩර් එක නැවැත්තුවේ.(හේ)

:       0       0

ශාන්ත ප්‍රනාන්දු Friday, 02 September 2016 06:15 AM

හොද කේටරින් එකකට දුන්නා නම් මීට ගොඩක් අඩුවෙන් අති අනර්ඝ සම්පූර්ණ කෑම වේලක් ගන්න පුළුවන් කියල උත්සව සංවිධාන කරපු අය විදිහට කියන්න පුළුවන්. එහෙම බලනකොට මෙහෙම වියදමක් යන්නෙ අතර මැදි කොමිස් නිසා තමයි..(බ)

:       0       0

වීරවර්ධන Friday, 02 September 2016 06:09 AM

ඔය එන කට්ටියට කේක් කෑල්ලකුයි තේ එකකුයි දුන්නනම් ඇතිනේ. මෙය සල්ලි නැති වෙලාවේ.. මොනවා වුණත් හොඳ තීරනයක්. මතකනේ පසුගිය දවස්වල අරලියග මන්දිරයේ කොච්චර දන්සල් දුන්නද. මහජන සල්ලිවලින්. (බ)

:       0       0

අබේරත්න Thursday, 01 September 2016 03:39 PM

බොරු වැඩ කරන්න එපා.කවුරු වුනත් කරලා තියෙන්නේ හොද වැඩක්.(හේ)

:       0       0

පසිදු Thursday, 01 September 2016 03:48 PM

මේ වෙන් කරපු සල්ලි වලින් අහිංසක මිනිස්සු 10කට ගෙවල් හදලා දෙන්න තිබ්බා.(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා Thursday, 01 September 2016 03:53 PM

කවුරු කොයි පාටියක් දැම්මත් ඒකෙන් ගොස්තරේ පුරවා ගන්න අය අපේ රටේ කොච්චර ඉන්නවද ?"ඉහලින ආපු මෙම තීරණය ඉතාම අගය කල යුතු වෙනවා ඉතුරුකරගත් මෙම මුදල් සම්භාරය පොලිස් රැකියා ඉනිමගේ පහල හිනි පෙත්තේ සිටින අයගේ දුවා දරුවන්ගේ සුබ සිද්දිය වෙනුවෙන් යොදා ගැනීමට ගත්තොත් එක පින් සිද්ද වෙන දෙයක් .....(හේ)

:       0       0

අමරවීර Friday, 02 September 2016 06:35 AM

මේ මොන අපරාදයක්ද.....රටේ සල්ලි නාස්ති කරන්නේ. අහිංසක මිනිසුන්ගේ හරවත් දෙයක් කරන්න තිබුනේ. කොහොමත් නවත්තපු කවුරු හරි මොලේ ඇති කෙනාට පින්. මේවට පොලිස්පතිතුමා කොහොමත් කැමති නම් නැහැ.(හේ)

:       0       0

අසංක Thursday, 01 September 2016 03:58 PM

ඔය කෑම වියදම විතරයි. . අදාල ඇමතිවරයා ඒ අනවශ්‍ය වියදමත් නැවැත්තුවා.(හේ)

:       0       0

ජනක Thursday, 01 September 2016 04:00 PM

පොලිසියේ පොඩි නිළධාරීන්ට 2015 ඉදන් සපත්තු නැහැ. ඒ වුනාට උත්සව වලට තරු පන්තියේ හෝටල්වලින් කෑම.(හේ)

:       0       0

අරවින්ද Thursday, 01 September 2016 04:07 PM

මේ සමහරවිට අලුත් පොලිස්පතිතුමාගේ වැඩක් වෙන්න ඇති. (හේ)

:       0       0

අනුරාධ Friday, 02 September 2016 06:46 AM

ඈ,පොලීසිය සල්ලි දීල කනවද (බ)

:       0       0

චමි Friday, 02 September 2016 06:53 AM

අපරාදේ වැඩේ මිස් වුණා (බ)

:       0       0

ජිනදාස Friday, 02 September 2016 07:32 AM

පොලිස්පති නිදිද (බ)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 01 September 2016 05:24 PM

අපේ පොලිසියට වයස 150යි. හැබයි කණගාටුව නම් තවම පොලිසියේ අාකල්පමය වෙනසක් නොවීම හා මහජන සම්බන්ධතාවය ගොඩනැඟීම සඳහා ක්‍රියා නොකිරීමයි (නි)

:       0       0

බණ්ඩාර Friday, 02 September 2016 07:46 AM

ඒක නවත්තපු එක හොදයි.(හේ)

:       0       0

වසන්ත Sunday, 04 September 2016 08:44 AM

ඇමතිවරුන්ට ගෙන්වන්න යන වාහන ඕඩර් එකට කීයද ඔය විදිහට ඒකත් නැවතුවොත් ඔන්න නියම යහ පාලනේ (බ)

:       0       0

සෑම් Thursday, 01 September 2016 05:40 PM

පොලිසියේ වැඩ නරකම නැහැ (නි)

:       0       0

සුනිල් Thursday, 01 September 2016 07:13 PM

පුදුමාකාරයි. සැබවින්ම පුදුමාකාරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 251 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 639 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 664 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1110 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site