IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘ලක්ෂ විස්සකින් මම දිනනවා‘ - ජනපති

 ‘ එක්සත් ජාතික පක්ෂය පැරණිම දේශපාලන පක්ෂයක් . නමුත් ජනාධිපති අපේක්ෂකයකු පත් කර ගන්න ඔයුන්ට බැරි වුණා.  ගියපාර මගෙ හමුදාපති වරයා එව්වා.  මේ පාර මගෙ ලේකම් එවනවා . ගියපාර ෆොන්සේකා  බිල්ලට දුන්නා මේ පාර සිරිසේන බිල්ලට දීලා . ‘ යැයි මහින්ද රාජපක්ෂ ජනපති කිරිබත්ගොඩ දී කීවේය.

‘ 2010 මැතිවරණයේත් සම්බන්ධන් සහ හකීම් මට වැඩ කළේ නෑ. නමුත් ප්‍රතිඵලය වැඩි ඡන්ද ලක්ෂ 18 යි. මේ පාර ඒක ලක්ෂ 20 ක් වෙනවා. මුස්ලිම් ජනතාව වැරදි තීරණයක්‌ ගනීවියැයි මම හිතන්නේ නෑ.’

DSC00114(1) DSC00102 DSC00083

 



අදහස් (0)

‘ලක්ෂ විස්සකින් මම දිනනවා‘ - ජනපති

ලාල් Thursday, 01 January 2015 02:16 AM

මහින්ද ජනාධිපතිතුමාගේ දිනුම ස්ථිරයි (නි)

:       0       0

ඉන්දික Thursday, 01 January 2015 02:32 AM

ජයන්ත, සාමූහික ප්‍රතිඵලයක් අත්වෙන්නත් නිවැරදි නායකත්වයක් ඕනෑ.කුහක වෙන්න එපා. ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වළක්වන්න කාටවත් බැහැ (නි)

:       0       0

ගුනිත් Thursday, 01 January 2015 02:34 AM

ගිය පාර අපි දුන්නා ගෙදර ඡන්ද 7ක්.මේ පාර නම් අපි දෙන්නේ නැහැ (නි)

:       0       0

ජනිත් Thursday, 01 January 2015 03:04 AM

ඉන්දික, නායකයා කියන්නේ මොන වගේ කෙනෙකුටද කියලා ඔයා දන්නවද? (නි)

:       0       0

සම්පත් Thursday, 01 January 2015 03:11 AM

ජය වේවා! (නි)

:       0       0

කැලුම් Wednesday, 31 December 2014 09:46 AM

කියන්න දේ බොහෝය.එහෙත් නොකියමි.(හේ)

:       0       0

චතුල Thursday, 01 January 2015 03:18 AM

අවුරුදු ගානක් එක්සත් ජාතික පක්ෂය පැරදිලා පැරදිලා හිතේ තියෙන පරාජය උහුලාගන්න නොහැකිවයි ඉන්නේ. කැපුවත් ලේ කොළ කියන අය තමයි මේතරම් දුක උහුලාගන්න බැරුව කෑගහන්නේ. අපි එයාලාට මොකුත් නොකියා ඉඳිමු. මොකද හැමදාම පැරදෙන එකනේ. ඒ නිසා හිතට පොඩි සතුටක්වත් දැනෙන්න ඕනෑතරම් කෑගහපුදෙන්. අපේ ජනපතිගේ දිනුම කවුරු කෑගැහුවත් නවතින්නේ නැහැ (නි)

:       0       0

අබය Thursday, 01 January 2015 03:26 AM

අතිගරු ජනපතිතුමා, මේ දක්වා කල වැඩ වලට කළගුණ සලකන්නත් ඕනේ, එතුමා කරන්න යන වැඩ වල ගුණ තියන්නත් ඕනේ, එයයි ශ්‍රී ලාංකිකයන්ගේ නියම යුතුකම. එය මතක තියාගනිමු. (ර)

:       0       0

නිලන්ත Wednesday, 31 December 2014 09:48 AM

අපිනම් ඉන්නේ නිවැරදි තීරණයක් ගන්න. (ර)

:       0       0

චන්න Thursday, 01 January 2015 03:46 AM

මම කියන්නේ මහින්ද මහතා 55% - 56% අතර ගන්නවා කියලා. මේ ගැන අභියෝගයක් භාරගන්න කවුරු හරි කැමතිද? (ර)

:       0       0

විමල් Wednesday, 31 December 2014 09:49 AM

අපේ ජනපති අනිවාර්යෙන් ජයගන්නවා. මෙතුමා ඉතාමත් අවංක නායකයෙක් , අපි කාටත් ආදර්ශමත් නායකයෙක්, 8 වෙනිදා අපේ ජනපති. (ර)

:       0       0

අනූ Thursday, 01 January 2015 04:07 AM

චන්දිමා, ඔයා තමයි මේකේ ලස්සන හරියටම දැක්කේ. (ර)

:       0       0

විමුක්ති Wednesday, 31 December 2014 09:53 AM

බලන් ඉන්නකෝ 9 වෙනිදට මොකද වෙන්නේ කියා (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 01 January 2015 04:11 AM

ඇයි කිසිම මැති ඇමති කෙනෙක් පේන්න නැත්තේ? (ර)

:       0       0

සංක Wednesday, 31 December 2014 09:54 AM

නරක හීනයක් දැකලා වගේ. දිනන එක කෙසේ වෙතත් ලක්ෂ 20 කට වඩා වැඩි ගණනකින් පරදිනවානම් අනිවාර්යයි.(නදී)

:       0       0

නාලි Wednesday, 31 December 2014 09:58 AM

දිනන හැටි මුහුණෙන් පේනවා (නදී)

:       0       0

කුමාර Thursday, 01 January 2015 04:22 AM

ජනපතිතුමනි ඔබේ ජය නියතයි. (ර)

:       0       0

රොහාන් Wednesday, 31 December 2014 09:57 AM

මොකද වැඩිපුර ගැහැණු අය වැඩිපුර මේ රැස්වීම් වල ගෙදර වැඩ නැද්ද?(නදී)

:       0       0

ප්‍රභා Wednesday, 31 December 2014 09:57 AM

කව්රුහරි දන්නවද මේ වේදිකාවේ ඉන්න අනිත් අය කව්ද කියල ? පව් අනේ ලොක්කා (නදී)

:       0       0

තිස්ස Wednesday, 31 December 2014 10:02 AM

ඔව් ඔව් ජනතාව එච්චර මෝඩ නෑ මේ පාර (නදී)

:       0       0

ජිෆ්රි Wednesday, 31 December 2014 10:10 AM

ඔබ හරියටම හරි. අපි ඔබ ළඟින්ම හිටියා. කව්ද දුරස් කලේ ? (නදී)

:       0       0

එච්.පී.එස්.පෙරේරා Thursday, 01 January 2015 05:01 AM

ලක්ෂ 20 වැඩි වැඩි ඡන්දෙන් දිනනවා. ඒක ස්ථිරයි.(හේ)

:       0       0

සරත් Wednesday, 31 December 2014 10:11 AM

හරියටම දිනන ගාණ කියන එකයි පුදුමේ. (ර)

:       0       0

සරත් Thursday, 01 January 2015 04:59 AM

ජයවේවා (දිල්)

:       0       0

හසිත Wednesday, 31 December 2014 10:14 AM

හිතන්නේ නැති ගොඩක් දේවල් මේ පාර වෙනවා. (ර)

:       0       0

සරත් Thursday, 01 January 2015 05:02 AM

ජයවේවා (දිල්)

:       0       0

විමුක්ති Wednesday, 31 December 2014 10:17 AM

9 වෙනිදා බලමු අපි. (ර)

:       0       0

සරත් Thursday, 01 January 2015 05:02 AM

ජයවේවා.(හේ)

:       0       0

අරුන් Wednesday, 31 December 2014 10:21 AM

සූ ගාලා පන්සියක් විතර සෙනග ඉන්නවා වගේ... (ර)

:       0       0

සම්පත් Thursday, 01 January 2015 05:06 AM

ජයවේවා ජනාධිපති තුමනි ඔබට ජයෙන් ජයම වේවා.(හේ)

:       0       0

චන්දිම Thursday, 01 January 2015 05:08 AM

ජනපති තුමාට ජය වේවා.(හේ)

:       0       0

නලීන් Thursday, 01 January 2015 05:09 AM

මටනම් පෙනෙන්නේ ලැබුණු බලය අත හැර ගන්න අකමැති ප්‍රශ්නයක් වගේ තියෙන්නේ සිද්ධ වෙන දේවල් දිහා බලපුවම.(හේ)

:       0       0

ශාන්ත දිසානායක Wednesday, 31 December 2014 10:33 AM

ඒ තීරණය 9 වැනිදාට දැන ගන්න පුළුවන්.(හේ)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 31 December 2014 10:31 AM

එහෙම දිනනවා නම් ඇයි අනික් අය‍ට ඡන්ද කරන්න නොදෙන්නේ.(හේ)

:       0       0

ධම්ම Wednesday, 31 December 2014 10:34 AM

ඔබ දිනනවා නමුත් වැඩි ඡන්ද 25000 ට අඩුයි.(හේ)

:       0       0

රන්දික Wednesday, 31 December 2014 10:33 AM

මට හිතින් හිනා යනවා මේවට.(හේ)

:       0       0

දර්ශන Thursday, 01 January 2015 05:59 AM

ඡන්දෙට කලින්ම අපේ ඡන්දෙත් දාලා ඉවරයි වගේ.(හේ)

:       0       0

විමුක්ති Wednesday, 31 December 2014 10:35 AM

බලමුකෝ 9 වැනිදාට.(හේ)

:       0       0

ශාලි Thursday, 01 January 2015 06:06 AM

ඔබට ජය නියතයි ජනපතිතුමනි.(හේ)

:       0       0

නදීක Thursday, 01 January 2015 06:12 AM

ජයන්ත ..ජනාදිපතිතුමා කොන්ද කෙලින් තියන් නිවැරදි තීරණ ගත් නිසා තමයි අපිට රට බෙර ගන්න පුළුවන් වුනේ.දැන් ඇති නතර කරපල්ලා කියලා ඇමරිකාවෙන් කියද්දී අපේ ජනාදිපතිතුමා ඒ අයව තුට්ටුවකට මායිම් කරේ නැහැ .(හේ)

:       0       0

අනිෂ්ක Wednesday, 31 December 2014 10:40 AM

ඔබ හරි ජනාධිපතිතුමනි ලක්ෂ 20කින් දිනනවමයි.ජයවේවා.(හේ)

:       0       0

කමල් Wednesday, 31 December 2014 10:38 AM

මුනේ නම් කිසිම හිනාවක් නෑ, බයද දුකද කියලා හිතාගන්න බෑ. සියලු දෙ නැසෙන සුලුයි ජනාදිපතිතුමනි.(හේ)

:       0       0

චන්දන ප්‍රනාන්දු Wednesday, 31 December 2014 10:42 AM

බලාගෙන ඉන්න (බ)

:       0       0

සරත් පියසේන Thursday, 01 January 2015 06:19 AM

ඔබතුමාට ජයමවේවා.! සුබ නව වසරක් වෙවා.! (ර)

:       0       0

කුමාර් Wednesday, 31 December 2014 10:42 AM

ජනාධිපති තුමා දවල් හීන දකිනවා වගෙය්, මේ කියන කතාවලින් තේරෙන්නේ රටේ ජනතාව පත්වෙලා තිබෙන පීඩනය ගැන එතුමාට කිසිම හැගීමක් නෑ කියන එකයි (බ)

:       0       0

ඉන්දික Thursday, 01 January 2015 06:23 AM

රට බේරා දුන් අපේ වීර නායකයානේනි..! අපි ඔබතුමන් බේරා ගන්නවා. (ර)

:       0       0

මාෂා Wednesday, 31 December 2014 10:52 AM

මේ වගේ නායකයෙක් ආයේ අපිට ලැබෙන්නේ නෑ. මේ රටේ ඉන්නේ ඉතිහාසය මතක නැති ගුණමකු ජාතියක්. (බ)

:       0       0

හිරු Wednesday, 31 December 2014 10:57 AM

වෙනසක් වෙනවා. එ්ක ෂුවර්. (ර)

:       0       0

අමන්දා Thursday, 01 January 2015 06:31 AM

ඉක්කමනට ගෙදර යන්න ඕන නිසානේ කාලින ජනාධිපත්වරණය තියන්නේ (බ)

:       0       0

විමුක්ති Wednesday, 31 December 2014 11:01 AM

හොඳ කෙනෙක් ලැබෙන බවනම් හොඳටම දන්නවා. (ර)

:       0       0

දිලීප කුමාර Wednesday, 31 December 2014 11:08 AM

මේ රටේ ඉන්නේ ඉතිහාසය හොදට මතක තියන, හොදට කෙලෙහි ගුණ සලකපු බුද්දිමත් ජනතාවක්. එක නිසා තමයි මාෂා, ගිය සැරේ අපි කෙලෙහිගුණ සලකල, මේ සැරේ බුද්ධිමත් තීරණයක් ගන්නේ. (ර)

:       0       0

ලක්මාල් Wednesday, 31 December 2014 11:15 AM

මේ පර මිනිස්සු නියම තීරණයක් ගන්නවා. (ර)

:       0       0

අශාන්ති Wednesday, 31 December 2014 11:17 AM

මාෂා, ඉතිහාසය නෙවෙයි වර්තමානයෙන් අනාගතය ගැන හිතන්න. (ර)

:       0       0

රංජිත් සිල්වා Thursday, 01 January 2015 06:40 AM

දින්නේ කවුද කියලා කියන්න බැහැ නමුත් ගියපාර දුන්නට මේ පාරනම් මම දෙන්නේ නැහැ. ඉවසුවා ඇති. වෙනසක් කරමු.(හේ)

:       0       0

අමිල Wednesday, 31 December 2014 11:16 AM

අපි වැරදි තීරණ ගන්නේ නැහැ. (ර)

:       0       0

සිසිර Thursday, 01 January 2015 06:49 AM

කොන්ද කෙලින් නිසා තමයි ගිය පාර ඡන්දෙ දුන්නේ . දැන් තව අවුරුදු 100ක් යනකන් ඔය කෙලෙහි ගුණ කතාව කිය කියා ඉන්නද හදන්නේ. (හේ)

:       0       0

චානක සේනාධීර Wednesday, 31 December 2014 11:29 AM

මේ පාර නම් ඔබතුමා ලක්ෂ 20ක් මුළු ඡන්ද ප්‍රමාණයවත් ගන්න එකක් නැහැ වගේ (නදී)

:       0       0

රුවන්ති Thursday, 01 January 2015 06:53 AM

හැමදාම කියන්න තියෙන්නේ එකම කතාව සහ විපක්ෂයේ වැරදි ටික විතරයි. (හේ)

:       0       0

සංජු Wednesday, 31 December 2014 11:27 AM

කෝ ආචාර්ය තුමා පේන්ඩ නැනේ .. එතුමා නැති කිරිබත්ගොඩක් හිතා ගන්නටත් බැහැ වගේ..(නදී)

:       0       0

අසංක Wednesday, 31 December 2014 11:29 AM

ලංකවේ ඉන්නේ ගුණමකුවෝ. හොඳක් කරන්න හොඳ නැ. මහින්ද දිනුවත් නැතත් ඔබට අපි ණය ගැතියි (නදී)

:       0       0

හේමන්ත Thursday, 01 January 2015 07:12 AM

අතීතය කුමක් වුනත් අපට වෙනසක් ඕනා.(හේ)

:       0       0

උපේන්ද්‍රා Wednesday, 31 December 2014 11:36 AM

ජයවේවා දිනුම නැතිනම් පරාජය (නදී)

:       0       0

අප්පුහාමි Thursday, 01 January 2015 07:20 AM

අනේ වාසනාවන්... ඔබ තුමා දිනනවනම් කමක් නෑ. ලක්ෂ 20 ක් වැඩිපුර ලැබෙන නිසා අපි මෛත්‍රීට ඡන්දෙ දෙමු. පවුනේ ඒ මනුස්සයා. අපි බෙදා හදාගෙන ජීවත් වන ජාතියක්නේ.(හේ)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 31 December 2014 11:42 AM

දැන් ඇති තව අයට දෙන්න කියල හිතෙන්න මනුස්ස කමක් නැත්ද එතකොට. අපි තමා ගුණමකු. අනිත් අයය බලලෝබී. නේද? (නදී)

:       0       0

ලසන්ත Wednesday, 31 December 2014 11:43 AM

ලක්ෂ 20 කින් දිනන බව මුනෙන්ම පේනවා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 31 December 2014 11:47 AM

මාෂා, අපි වසර දෙදහස් ගණනක් පැරණි ලෝකයේ පැරණිම ගහ ලෙස සැලකෙන බෝසත් කුමරු බුදු බව ලැබූ උතුම් බෝදියට බුදුවරයෙකුට සමානව වැඳුම් පිදුම් වත් පිළිවෙත් කරන කෙලෙහිගුණ සලකන ජාතියක්. ජනාධිපති තුමාටත් එක පොදුයි. එකේ දෙකක් නැහැ අපි තාමත් එතුමාට ගරු කරනවා පින්දෙනවා වසර තිහක යුද්දේ ඉවර කරන්න ත්‍රිවිද හමුදාව, පොලෝසිය සමග නායකත්වය අරන් කාලකන්නි යුද්දේ ඉවර කලාට. හැමදේටම කලින් රට ගැන හිතමු නේද ? (ර)

:       0       0

මනෝජ් Wednesday, 31 December 2014 12:05 PM

අශාන්ති, ඔයා කියන එකම තමා මටත් ඔයාට කියන්න තියෙන්නේ. ඔයත් අනාගතය ගැන හිතන්න. (ර)

:       0       0

බණ්ඩාර Thursday, 01 January 2015 08:25 AM

කටින් කිව්වට ඒ දේවල් කරන්න අමාරුයි.(හේ)

:       0       0

මාසා Wednesday, 31 December 2014 12:22 PM

ඉතිහාසයෙන් තොර වර්තමානයක් නැත. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 31 December 2014 12:23 PM

ඔබයි අපේ ජනපති. (ර)

:       0       0

සෙනෙවි Wednesday, 31 December 2014 12:37 PM

වැඩේ තියෙන්නේ දින්නට පස්සේ ඡන්ද දායකයන් වන අපව කාටත් අමතක වෙන එකයි.? (ර)

:       0       0

එම්.ඩොන් අජිත් Thursday, 01 January 2015 08:33 AM

ඔබ තුමා දිනනවා.ඒක සහතිකයි.(හේ)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 31 December 2014 12:36 PM

කුමාර්, කල ගුණ අවුරුදු 5 කට සීමා කරන්න එපා. සදාකල් මතකයේ තියා ගන්න. (ර)

:       0       0

අජිත් Thursday, 01 January 2015 08:39 AM

ඔබ තුමාට ජය ශ්‍රී.(හේ)

:       0       0

පී.එස්. කැටවල Wednesday, 31 December 2014 12:41 PM

ඔබතුමා හරි ජනාධිපතිතුමනි. ඔබ තුමාට ජයවීවා.! (ර)

:       0       0

නඩරාජා Wednesday, 31 December 2014 12:45 PM

සිංහල දෙමල මුස්ලිම් බේදයක් නැතුව එක හා සමානව සලකන ඔබ සැමදා දිනේවා ජනධිපතිතුමනි , අප කෙළෙහි ගුණ දන්නවා මැතිදුනි.(හේ)

:       0       0

චන්දිමා Wednesday, 31 December 2014 01:00 PM

මේ මිනිස්සු බෝඩ් උස්සගෙන ඉන්නවා හරීම ලස්සනයි. (ර)

:       0       0

උපුල් Wednesday, 31 December 2014 01:04 PM

අනිවාර්යෙන්ම ජය. (ර)

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 31 December 2014 01:12 PM

කට්ටියගේ මුහුනුනම් එතරම් සතුටු දායක නැහැ වගේ. (ර)

:       0       0

චාන්දනී කළුපෙරුම Thursday, 01 January 2015 09:20 AM

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා යුද්ධය දිනුවා රටට වැඩ කොටසක් කළා , එහෙත් දෙවරක් සිටියා ඇති , වෙනසක් සිදුවන්නට ඕනේ , දිගු කාලයක් සිටීම එ්කාදිපති ක්‍රමයක් වෙනවා .(හේ)

:       0       0

සුජීව Wednesday, 31 December 2014 01:11 PM

කල ගුණ සලකනවා තමා වෙන ආණ්ඩුවක් අවා කියල නොසලකා ඉන්නේ නෑ. (ර)

:       0       0

නෞෆර් Wednesday, 31 December 2014 01:15 PM

මට නම් විශ්වාස කරන්න බැහැ. (ර)

:       0       0

පද්මිණි Thursday, 01 January 2015 09:24 AM

ජනතාවට කළගුණ සැලකුව නම් බියවිය යුතු නැහැනේ. (හේ)

:       0       0

සිරිවර්ධන Thursday, 01 January 2015 09:28 AM

ඔබ තුමාගෙන් රටට සේවයක් වුනු බව ඇත්ත. නමුත්, සුදුසු කාලය පැමිණිවිට සෑම කෙනෙක්ම විශ්‍රාම යා යුතුය. බලය සදාකාලික නැත. ඔබතුමාට 8 වනදා එය පැහැදිලි වනු ඇත. (හේ)

:       0       0

කරෝලිස් Wednesday, 31 December 2014 01:24 PM

සලකමු සලකමු කාලගුණ.(හේ)

:       0       0

සුජිත් Wednesday, 31 December 2014 01:29 PM

මමත් ජනාධිපතිතුමාට ගරු කරනවා එ්ත් එතුමාට විවේකයක් අවශ්‍යයි වෙච්ච වැරදි හදා ගන්න. (හේ)

:       0       0

විමුක්ති Wednesday, 31 December 2014 01:32 PM

මෙතැන කවුරුත් ඇන කොටා ගන්න එපා.(හේ)

:       0       0

පබා Wednesday, 31 December 2014 01:55 PM

දේශයේ සමහර ලාංකිකයන්ට විදපු අමිහිරි අතීතය අමතකද? අමතක කරල ගුණමකු කම පෙන්නන්න හදනවද මන්ද? ජනපති මහින්ද සදා අමරනීයි.(නදී)

:       0       0

මගලී ෆොන්සේකා Wednesday, 31 December 2014 01:59 PM

පෝස්ටර් අරගෙන ඉන්න අය දැක්කාම පේනවා කුලියට ගත්තු අය කියල පව් (නදී)

:       0       0

ඉන්දිකා විජේසිංහ Wednesday, 31 December 2014 02:06 PM

ඡන්දය කියන්නේ බුලත් අතක් වගේ කාලගුණ සලකන්න ගන්න දෙයක් නොවේ .ඒක මොන පක්ෂයට පාවිච්චි කළත් බුද්ධියට මුල් තැන දිය යුතු දෙයක් වග සමහරුන්ට අවබෝධයක් නැහැ .(දිල්)

:       0       0

රන්ජිත් සිල්වා Wednesday, 31 December 2014 02:09 PM

රටේ හමුදාපති මගේ වෙන්නේ කොහොමද? (දිල්)

:       0       0

ලාල් Wednesday, 31 December 2014 02:08 PM

ඒකනම් හීනයක්.(දිල්)

:       0       0

හෆීල් Wednesday, 31 December 2014 02:15 PM

මේ සාමකාමී රටේ ජාතිවාදය වපුරන්න කටයුතුකලාට මුස්ලිම් මිනුස්සු පමණක් නවේ සමස්ථ ශ්‍රී ලාංකිකයන්ම නිවැරදි තීන්දුව 8 වැනිදා ප්‍රකාශ කරාවි. (නදී)

:       0       0

හේමන්ත කුමාර Thursday, 01 January 2015 10:47 AM

අපේ සටන ජනපතිතුමනි පිවිතුරු හෙටක් වෙනුවෙනි.(දිල්)

:       0       0

සිසිර Wednesday, 31 December 2014 02:17 PM

කලගුණ සලකන්න අාව ජනතාවක් බව නම් පේන්නෙ නැහැ. බෝඩ් උස්සගෙන, වරදානවලට අැවිත් වගෙයි පේන්නෙ.....(නදී)

:       0       0

හේමන්ත කුමාර Thursday, 01 January 2015 10:50 AM

අපේ සටන ජනපතිතුමනි පිවිතුරු හෙටක් වෙනුවෙනි.(දිල්)

:       0       0

සෑම් Wednesday, 31 December 2014 02:18 PM

කල ගුණ සලකන්න කිරි හට්ටියකුයි පැණි මුලකුයි අරගෙන යන්න. මේක ජනාධිපතිවරණයක්. රටේ ඉරණම තීරණය කරන එකක්. ඒ දෙක පටලවාගන්න ඒපා.(නදී)

:       0       0

සාමා Wednesday, 31 December 2014 02:29 PM

ඒ කියන්නේ අනිවාර්යෙන්ම ජනාදිපතිතුමා දිනනවා. මොකද දැන්ම රිපෝර්ට් එක දුන්න කියන්නේ ඔක්කොම ලෑස්ති කරලා ඇති.(නදී)

:       0       0

සහන් Wednesday, 31 December 2014 02:33 PM

බලමුකෝ ඡන්දේ දවසට.(හේ)

:       0       0

පුබුදු Wednesday, 31 December 2014 02:31 PM

කලගුණ සලකන්න ඕනෙම නම් කිරි හට්ටියක් වගේ දෙයක් අරන් බලන්න යන්න, ඡන්දය වගේ දේවල් එකට පාවිච්චි කරන්න එපා.(හේ)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 31 December 2014 02:33 PM

මට දුක මේ මිනිස්සු මොනවා දැනගෙන ඔය බෝඩ් උස්සගෙන ඉන්නවාද කියලයි.(හේ)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 31 December 2014 02:32 PM

එක විද්‍යාත්මක සගරාවක තිබුනා "මිනිස්සු නිවැරදි තීන්දු තීරණ ගන්නේ බඩ ගින්නේ ඉන්නකොට කියලා".බලමු.(හේ)

:       0       0

ඉෂාන් Wednesday, 31 December 2014 03:53 PM

මේ පාර මිනිස්සු නියම තීරණයක් ගන්නවා. (ර)

:       0       0

විකී Wednesday, 31 December 2014 03:58 PM

අනිවාර්යයෙන්ම ඔබතුමා දිනනවා. සිංහල,දෙමළ, මුස්ලිම් මේ අයට හැමදාම මුල අමතක වෙනවා. ඔබතුමා ලබාදුන් නිදහස ඇති. වෙන මොකුත් ඕනෑ නැහැ. ජයශ්‍රී ලංකා! (නි)

:       0       0

නිශාන්ත Wednesday, 31 December 2014 04:03 PM

ඔබතුමාට ජය නියතයි.කළගුණ දන්නා කට්ටිය ඉන්නවා නම් ඔබට ජය නියතයි. ඔබතුමාට සම්බුදු සරණයි! (නි)

:       0       0

දිල්රුක් Wednesday, 31 December 2014 04:52 PM

කියන්න දේ බොහෝය. එහෙත් නොකියමි. (නි)

:       0       0

නිමල්ක Wednesday, 31 December 2014 04:57 PM

අදහස් වලින්ම එතුමාගේ ජය තහවුරු බව පෙනෙනවා (නි)

:       0       0

පතිරණ Wednesday, 31 December 2014 04:58 PM

අපි සියළු දෙනාටම මෛත්‍රී කරමු (නි)

:       0       0

සමිරු Wednesday, 31 December 2014 05:16 PM

අපි ඉවසලා බලමුකෝ. නේද? (නි)

:       0       0

අංජන Wednesday, 31 December 2014 05:18 PM

නොසැළෙන, නොනැමෙන රටට එඩිතර නායකත්වයක් පළමුව පත්කරගනිමු. වැරදි තියනවා නම් අපි රට ඇතුළේ විසඳාගනිමු. වැරදි තීරණ ගන්න එපා.අපේ රට දැන් ලස්සන රටක්. (නි)

:       0       0

පෙරේරා Wednesday, 31 December 2014 05:24 PM

කළගුණ සලකන්න කියලා හැමදාම බලය දෙන්න අපිට බැහැ. (නි)

:       0       0

නදීක Wednesday, 31 December 2014 05:30 PM

ජනාධිපතිතුමනි, මනුස්සකම හඳුනන සියලුදෙනා ඔබ නැවතත් අපේ නායකයා කරන බව ඒකාන්තයි. (නි)

:       0       0

කමල් Wednesday, 31 December 2014 05:33 PM

හරි හරි අපි බලමුකෝ! (නි)

:       0       0

අමරසිංහ Wednesday, 31 December 2014 07:07 PM

අපගේ සදාදර නායකයා ඔබයි. ලංකාවේ සිංහලයින් කෙළෙහිගුණ දන්නවා (නි)

:       0       0

ගාමිණී Wednesday, 31 December 2014 07:32 PM

ජනපතිතුමනි, මේ රට අඳුරෙන් එළියට ගත්තේ ඔබයි. ඔබට අපි ණයගැතියි (නි)

:       0       0

කොළඹගේ Wednesday, 31 December 2014 07:36 PM

ජයවේවා! (නි)

:       0       0

ශිරන්ති Wednesday, 31 December 2014 08:22 PM

එතුමා කොහොමත් දිනනවා (නි)

:       0       0

ජයවර්ධන Wednesday, 31 December 2014 08:51 PM

චන්දිමා,ඔබට මෙහි පෙනෙන ලස්සන කුමක්දැයි අපට නොතේරේ. (නි)

:       0       0

ජයන්ත Wednesday, 31 December 2014 08:56 PM

ශාන්ත ලාල්, ඔයා කියන කළගුණ කුමක්ද? රට බේරාගැනීම කිසිවකු තනිව කළ දෙයක් නොව සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. (නි)

:       0       0

සුබසිංහ Wednesday, 31 December 2014 08:58 PM

මේ ලක් පොළවට පහළ වු පින්බර ජනපති. ඔබතුමා තමයි නැවතත් ජනපති. (නි)

:       0       0

තිලක් Wednesday, 31 December 2014 09:17 PM

ඔබතුමාගේ ජය තමයි අපේත් එකම පැතුම (නි)

:       0       0

රෝහිත Wednesday, 31 December 2014 10:07 PM

මහින්ද මහතා දිනන එක කිසි කෙනෙකුට නතරකරන්න පුළුවන්කමක් නැහැ (නි)

:       0       0

නුවන් Wednesday, 31 December 2014 11:35 PM

ජයවේවා! (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 01 January 2015 12:16 AM

ඔබතුමා එහෙම හිතුවාට සමහර බිම් මට්ටමේ ඉන්න අනුගාමිකයන් නම් හොඳටම බයවෙලා කියලයි අපිට එයාලගේ හැසි‍රීමෙන් පෙනෙන්නේ.... (නි)

:       0       0

සංඛ Thursday, 01 January 2015 12:16 AM

ඔට්ටුයි, මෛත්‍රී 70% වඩා ඡන්ද ගන්නවා කියලා මම කියනවා (නි)

:       0       0

අබේපාල Thursday, 01 January 2015 12:18 AM

මගේ පැතුමත් එයමයි. ඔබතුමාට දළදා සමිඳුගේ පිහිට ලැබේවා! (නි)

:       0       0

අබේපාල Thursday, 01 January 2015 12:22 AM

ජයවේවා අතිගරු ජනාධිපතිතුමනි! (නි)

:       0       0

තරංග Thursday, 01 January 2015 12:43 AM

අපි 8 වෙනිදාට බලමුකෝ! (නි)

:       0       0

කණිෂ්ක Thursday, 01 January 2015 12:47 AM

එසේ වන බව ස්ථිරයි (නි)

:       0       0

අබේරත්න Sunday, 04 January 2015 04:33 PM

ඔබතුමාට දළදා සමිඳුගේ සරණයි. ජය වේවා !! (නි)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Thursday, 01 January 2015 02:02 AM

කළගුණ සැළකීම වටිනා ගුණධර්මයක් තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 296 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 937 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1780 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6342 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1853 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site