රුපියල් ලක්ෂ හැට පහක් වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන ඉන්දියාවේ ට‍්‍රිචි නුවර හරහා සිංගප්පුරුවට යාමට උත්සහ කළ සී ෂෙල්ස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරිය 45 හැවිරිදි වියේ පසුවන බවත් ඇය සිංගප්පුරු ඩොලර් දස දහසක මුදලක් රේගුවට ප‍්‍රකාශ කර මෙරටින් පිටවීමට උත්සහ කළ බවත් රේගුව කියයි.
එහෙත් ඇයගේ ගමන් මල්ලේ තිබී තවත් යුරෝ, ඇමරිකානු ඩොලර් සහ සිංගප්පුරු ඩොලර් තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
ඇය ඊයේ මෙරටට පැමිණ ඇති බව කරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්දන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි තලහිටියගේ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන මහෙන්ද්‍ර අත්තනායක, බී.එම් විජේකුලසුරිය සහ සහකාර රේගු අධිකාරීවරුන් වන බුද්ධි මංජුල සිල්වා, සමිත පේ‍්‍රමතිලක, සුරාජ් වන්නි ආරච්චි, මොහොමඞ් රීසා, ඒ.එම් විජේසුරිය සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදුකරති.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා
නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්
මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ
ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලක්ෂ හැට පහක රට සල්ලි සමග රට කත කොටුවේ
උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Monday, 13 January 2014 12:08 AM
විශාල මුදල් ප්‍රමාණයක් රටකින් රටකට මෙහෙම ගෙන යාම නීති විරෝදී මෙන්ම ; මේවයේ පසු පස ලොකු සොරකමක් හෝ වංචාවක් මෙම මුදල් පිට කිරීම තුල තිබෙනවා. රේගු නිලදාරින්ට ස්තුතියි මෙම වංචා කරුවන් ඇල්ලීමට.(නදී)
පද්මපානි Monday, 13 January 2014 12:31 AM
දැනගන්නයි මේ අහන්නේ. විදේශ මුදල් රටින් පිටට ගෙනයාමේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ නීතිමය සීමාවන් මොනවාද. මැති ඇමති වරුන් මේ සීමාව දැනගෙන වැඩ කරන්නේ ද යන්න. (නදී)
පිටබැද්දර ජයා Sunday, 12 January 2014 01:40 PM
කාගේ සල්ලිද දන්නේ නැහැ නේද ? මොකක්ද මෙයා කරනවා ඇත්තේ කොන්ත්‍රාත් එකක් වෙන්න ඇතිනේ.(නදී)