IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ලක්ෂ හතරක වතුර බෝතල් පළාත් සභා ගබඩාවකින් හමුවෙයි

(අමල් වික්‍රමරත්න)

ගංවතුරින් සහ නායයෑම් වලින් විපතට පත් ජනතාවට බෙදාහැරීමට  දුන් වතුර බෝතල් විශාල තොගයක් බද්දේගම ගබඩාවක ගොඩ ගසා තිබීම පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත එම ගබඩාවට සීල් තබා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පවසයි.

දකුණු පළාත් සභාවට අයත් ගොඩනැගිල්ලක ජල බෝතල් ගබඩාකර ඇති බවත් එහි වටිනාකම ලක්ෂ හතරකට වැඩි බවත් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

දකුණේ විපතට පත් ජනතාවට ලබාදුන් ජල බෝතල් ගබඩාවල ගොඩගසා තැබීම ඒවා ලබාදුන් ජනතාවට කරන ලද අපහාසයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.  



අදහස් (8)

ලක්ෂ හතරක වතුර බෝතල් පළාත් සභා ගබඩාවකින් හමුවෙයි

Perakum Monday, 24 July 2017 04:34 AM

වතුර බෝතල් නම් කමක් නෑ. කියමු දීපු අනිත් ආධාර ගැන සොයා බලන්න කියලා...

:       0       2

upali Monday, 24 July 2017 07:17 AM

ජනතාව කොතරම් පරිත්‍යාගශීලි වුනත් වැඩක් නැහැ... නායකයාගේ පටන් රාජ්‍ය සේවයේ කලමනාකාරිත්වය ඉතාම දුර්වලයි.. රජයෙන් ලබා දෙන එක කෙසේ වෙතත් ජනතාව ලබාදෙන දේවල්වත් කළමනාකරණය කරගන්න බැරි නිලධාරීන් තමයි අපට ඉන්නේ.. මේවට රජකාලේ දඩුවම් දෙන්න ඕන වුනත් බලමු නිතිය ක්‍රියාත්මක වෙයිද කියල..

:       0       16

de silva Monday, 24 July 2017 08:42 AM

ඕකට ඔච්චර කලබල වෙන්න එපා... වතුර බෝතල් ගෙදර ගෙනිහින් නැහැනේ එහෙම නැත්නම් පස්සදොරින් කළු කඩේට විකුණලත් නැහැනේ ? වැඩි වෙච්ච ටික ගබඩා කරලා, දැන් කරන්න තිබෙන්නේ ඔය ටික ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුව හරහා රටේ නියඟයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවක් ඉන්න ප්‍රදේශයකට ගෙන ගොස් බෙදාහැරීම. ඕක ගබඩා කරලා තිබීම ජනතාවට කරන අපහාසයක් නොවේ. ජනතාවට කරන අපහස වලට හොඳ උදාහරණ ටිකක් මම දෙන්නම්... ජනතාවට දුන් මැතිවරණ පොරොන්දු බලය ලැබුණට පසු අමතක කිරීම, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලකයන් පිටුපස දොරෙන් පාර්ලිමේන්තුවට අරගෙන නිකන් අැමැතිකම් දීම, හොරු අල්ලනවා කියා ඇවිත් මහා බැංකු හොරකම ඇතුළු අලුත් හොරු ආරක්ෂා කිරීම වගේ දේවල් තමයි.

:       0       78

rocky Monday, 24 July 2017 08:43 AM

මේ ගැන වගකිව යුතු නිලධාරියා සේවයෙන් ඉවත් කරන්න.

:       1       9

ravin Monday, 24 July 2017 08:53 AM

ඔන්න අපි දුක්මහන්සියෙන් උපයාගත් මුදලින් අසරණ වූවන්ට දුන්නු ආධාර වලට ලැබෙන පින... පස්සේ ඉතින් කොහේහරි ඉන්න දේශපාලකයෙකුගේ උත්සවයකට හෝ වෙනත් උවමනාවකට ගනී.

:       1       30

himal Monday, 24 July 2017 10:32 AM

වතුර බෝතල් ගෙදර අරන් ගිහින් නෑනේ. ගබඩා කරලා තිබ්බ හින්දා දැන් මේවා පාවිච්චි කරන්න පුළුවන්. මේවා ගබඩා කරපු කෙනා හිතනවා ඇති කාටවත් නොකියා ගෙදර අරන් ගියා නම් කිසි ප්‍රශ්නයක් නෑ කියලා.

:       33       49

NUWAN Monday, 24 July 2017 12:03 PM

අනේ හිමාල්, මිනිස්සු මේවා ගෙනත් දුන්නේ අසරණ වෙච්ච මිනිස්සුන්ට දෙන්න මිසක් ගබඩා කරන්න නෙවෙයි

:       116       102

himal Tuesday, 25 July 2017 03:21 AM

ආධාර දෙන්න ඕන ලැබිය යුතු අයට මිසක් ඔහේ බෙදාගෙන යන්න නෙවෙයි. අතිරික්ත බඩු තොගයක් ලැබුණොත් ඒක විධිමත්ව ගබඩා කරලා තිබ්බා කියලා ඒක වැ‍රැද්දක් වෙන්නේ නෑ. මෙතන නිර්දේශ දෙන්න එන්නේ ප්‍රායෝගිකව ආයතනවල උද්ගතවෙන තත්ත්වයන් ගැන අවබෝධයක් නැති ඔය ප්‍රාදේශීය දේශපාලුවො වගේ අයව යවන උන්දැලව තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැටපොළෙහි ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 184 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට
2025 අප්‍රේල් මස 20 357 0

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.


‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
2025 අප්‍රේල් මස 20 481 0

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
2025 අප්‍රේල් මස 20 205 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන


පාස්කු ඉරිදා අදයි
2025 අප්‍රේල් මස 20 266 0

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.


අද වහින තැන් මෙන්න
2025 අප්‍රේල් මස 20 136 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 282 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site