IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලක්ෂ 15 කට වාලම්පුරිය විකුණන්න බැරිවෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ට්‍රයිටැන් වාලම්පුරියක් රුපියල් ලක්ෂ 15කට  අලෙවි කිරීමට රැගෙන ආ තරුණයකු ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් හා පොලිස විශේෂ කාර්ය බලකා නිළධාරීන්  වනජීවි නිළධාරීන් එක්ව   මාරවිල නගරයෙදී අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ  24 හැවිරිදි මාරවිල පදිංචිකරුවෙකි. සැකකරු පවසා ඇත්තේ තම සොහොයුරා විදේශ නැවක සේවය කරන බවත් එහිදි ලැබුණු මෙය නිවසට රැගෙන විත් තිබියදී අලෙවි කිරීමට කටයුතු කළ බවයි.

මීරිගම ගුවන් හමුදා කදවුරේ බුද්ධි නිළධාරීන් ලබා දුන් තොරතුරක් මත ඔවුන්ගේ උපාය දූතයකු යොදා ගනිමින් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් හා කරුවලගස්වැව වනජීවි නිළධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.

මෙම  ට්‍රයිටැන් වාලම්පුරියද දිගින් අගල් 16 කට ආසන්න බවත් එය වටය අගල් 20 කට වැඩි බවද කියයි. රුපියල් කෝටියකට අධික මුදලකට ඇතැම් අවස්ථාවලදි මෙමෙ ට්‍රයිටැන් වාලම්පුරි අලෙවි වි ඇති අතර එය ධනවතුන් තම විනෝදයට එකතු කිරීමට පුරුදුව සිටින බවද කියයි.

ඉතා දුර්ලභ මෙන්ම ලෝකයෙ විශාලතම යෝධ වාලම්පුරි ලෙස  මේ වර්ගයේ වාලම්පුරි සැලකෙන බවද කියයි.

 

 



අදහස් (2)

ලක්ෂ 15 කට වාලම්පුරිය විකුණන්න බැරිවෙයි

Lalla Sunday, 07 July 2024 09:50 AM

වාලම්පූරි විකිණීම වැරදි ඇයි. මේව හම්බ වුනාම විසිකරල දාන්න කීයලද කියන්නේ. නැතිනම් රජයේ ලොක්කන්ට විකුණාගෙන කන්න භාර දෙන්නද? නොගැලපෙන නීති නේද? රොඩ්නි ජොන්ක්ලාස් ලියපු පොතක් පොතක් තියනව වාලම්පූරි නමින්. බ්‍රිතාන්‍ය යුගයේ හලාවත සහ මන්නාරම අතර වසරකට වරක් බෙල්ලන් එකතුකර වෙන්දේසියට දමපු කතාවක්. ඒ කියන විදියට වෙන්දේසියට දැම්ම නම් ඕන කෙනෙකුට විකුණන්න හැකි වෙන්න ඕන නේද?

:       0       15

de silva berlin Sunday, 07 July 2024 07:50 PM

ලල්ල මහතාගේ අදහස මමත් අනුමත කරමි , හැක්බෙල්ලෝ තල්මසාගේ වමනය වන අම්බර සොයාගන්න පුද්ගලයන්ට නීත්‍යානුකුලව විකුණා ගන්න පුළුවන් ආකාරයට නීති වෙනස් කරන්න , රජයට වැට් බද්දක් අයකරගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 8 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 303 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2156 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 235 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 971 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1030 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37582 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24770 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site