IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලක්ෂ 15 ක කුඩු ඉකිළි දෙකේ අලවලා

 

රුපියල්  ලක්ෂ පහලොවක් වටිනා හෙරොයින්  පැකට් දෙකක් තම ඉකිළි වල අලවාගෙන  ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු  නිතර නිතර ඩුබායි  සහ ශ්‍රී ලංකාව අතර ගමන් බිමන් සිදු කර ඇති බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබු හෙරොයින් වල වටිනාකම ග්‍රෑම් 216 කි. ඔහු මෙම හෙරොයින් පැකට් දෙකක් වන සේ සකස් කර  ඉකිලි දෙකෙහි අලවාගෙන රැගෙන විත් තිබු බව රේගුව කියයි.

රේගුව විසින් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කාලයක්  බන්ධනාගාරගතව සිටි බවත් එහිදී හඳුනාගත් පකිස්ථාන ජාතිකයෙක් මාර්ගයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා ඩුබායි ගිය බවයි.

ඔහු  මීට  දින තුනකට පෙර එනම් පසුගිය  පස්වෙනිදා  ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බලා ගොස් ඇති බව රේගුව විසින් කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන ඇත.

 ඔහු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරික්ෂා කරද්දී  මේ බව දැන අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී ශාන්ත පියදාස සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව් ප්‍රේම ජයන්ත, විපුල ප්‍රනාන්දු, ඒ.කේ.ආර් සමන්ජිත් සහ  එම්.එම්.එම් රිස්වි යන නිලධාරීහු  සිදු කරති.

 



අදහස් (0)

ලක්ෂ 15 ක කුඩු ඉකිළි දෙකේ අලවලා

සාමිනි සිරිවර්දන Monday, 08 September 2014 02:51 PM

ඩුබායි රට මත් ද්‍රව්‍ය වලට තහනම් නියෝග දැම්මත් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සුක්ෂම උපකරණ හා රේගු නිලධාරීන්ගේ ඇස් වසා ආවත් කටුනායකදී හසුවීම පුදුමයක් නොවේ ! (අ)

:       0       0

සාමිනි සිරිවර්දන Monday, 08 September 2014 02:48 PM

ඩුබායි රට මත් ද්‍රව්‍ය වලට තහනම් නියෝග දැම්මත් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සුක්ෂම උපකරණ හා රේගු නිලධාරීන්ගේ ඇස් වසා ආවත් කටුනායකදී හසුවීම පුදුමයක් නොවේ ! (අ)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 September 2014 06:58 PM

බලධාරීන් වෙතටය ලංකාවටත් වෙන්නේ ඇෆ්ගනිස්ථානයට සහ පකිස්ථානයට වූ දේමය (ස)

:       0       0

නුවන් Monday, 08 September 2014 06:29 PM

කොහෙන් ගියත් පාකිස්තානයේ නම කුඩු වලට ගෑවෙනවා! (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 09 September 2014 04:07 AM

ලේකම් ගේ ලිපියෙන් එලියට ගන්න ගිය කුඩු කන්ටේනරයට මොකද වුනේ? (නදී)

:       0       0

නස්ිජ Tuesday, 09 September 2014 06:28 AM

ලේකම් ගේ ලිපියෙන් එලියට ගන්න ගිය කුඩු කන්ටේනරයට මොකද වුනේ? එය දැන් කෝ. එය ගෙනාවේ කව්ද කියා එලිවුනේ නැහැ තවම (නදී)

:       0       0

පිටිගල Tuesday, 09 September 2014 08:10 AM

එ්කේ තිබුනේ පිටි. කුඩු කිව්වත් පිටි කිව්වත් දෙකම එක මයි. එ්ක දැන් ඉවරයි. ආයෙත් හාරා හාරා අවුස්සන්න එපා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 2 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 227 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 538 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 396 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 309 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 210 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site