IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලක්ෂ 19කට ඡන්දය එපා වෙයි

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 5898428ක් අතුරින් මෙවර ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 3921612 දෙනෙකි. 1976810ක් ඡන්දය භාවිත කර නැත.

භාවිත කළ හාර ලක්ෂයකට ආසන්න ඡන්ප්‍රමාණයෙන් 161011ක් ප්‍රතික්ෂේප විය. පළාත් දෙකේ වලංගු මුළු ඡන්ද ප්‍රමාණය 26760601 කි.

පසුගිය බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයට  අනුව සන්ධානයට ඡන්ද 247103ක් අහිමිවී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 4700ක් වැඩි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 136477ක් වැඩිහෙයන් හිමි කර ගෙන ඇත.  

2009 පළාත් සභා මැතිවරණට වඩා ආණ්ඩුවේ මන්ත්‍රී ආසන 17ක් අඩු වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ආසන 02ක් අඩු වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ මෙවර මන්ත්‍රී ආසන පහක් වැඩි කර ගෙන ඇත.

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙවර පළමුවරට තරඟ කර පළාත් දෙකෙන්ම ඡන්ද 279299ක් ලබාගෙන මන්ත්‍රී ආසන 12ක් හිමි කර ගත්තේය.



අදහස් (0)

ලක්ෂ 19කට ඡන්දය එපා වෙයි

හංසිකා Sunday, 30 March 2014 04:13 PM

ආණ්ඩුවට මේ ඡන්ද ටික ජනතාව දුන්නේ ආණ්ඩුව පරාද වුණොත් ජාත්‍යයන්තර දේශද්‍රෝහී බලවේග රටට පහර දෙන එක නවත්වන්න කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

රනිල් Sunday, 30 March 2014 04:18 PM

ඡචන්ද නොදාපු එකේ තේරුම තමයි .දැන් තියෙන පාලනයෙන් වෙනසක් අවශ්‍ය නෑ කියන එක. රටේ අර්බුද තිබිල පාලනය මහජනයාට එපා වුනොත් විතරයි ඒක දිගට පෙළ ගැහිලා විරුද්දව ඡන්දෙ දමන්නේ, ..එවැනි කාලයකට තමයි ඡන්ද දමන ප්‍රතිශතය ඉහල මට්ටමකට එන්නේ ....මේ වගේම සිද්දියක් වුනා ප්‍රන්ශ්යෙත්. ලයනල් ජෝසේපින් ජනාධිපති තනතුරට තරඟ කල පලවෙනි රවුමේ ඡන්දයේදී ඒයා බොහොම පහසුවෙන්ම දිනයි කියන විස්වාසයට එදා ප්‍රංස ජාතිකයන් ගෙදරට වෙලා හිටියා. ගොඩක් අය හිතුවා මම නොදැම්මාට ඕන තරම් අය ඉන්නවනේ කියලා. අවසානෙදි පලවෙනි රවුමේදී ජෝසපින්ට දෙවෙනි රවුමට තරඟ කරන්න ඡන්ද මදි වුනා.(නදී)

:       0       0

සරත් Sunday, 30 March 2014 04:24 PM

රණතුංග, ඡන්දය දැමීම අනිවාර්ය කිරීම පිළිතුරක් නොවෙයි. පවතින දේශපාලන ව්‍යායකුලත්වයෙන් මිදිය යුතුයි. සිෂ්ඨ සමාජක් විසින් පිලිගත හැකි දේශපාලන ක්‍රමයක් බිහිවිය යුතුයි. එදිනට ඡන්දය දෙන ප්‍රතිශතය 100% වේවි.(නදී)

:       0       0

ෂේන් Sunday, 30 March 2014 04:43 PM

ඡන්දය නොදාපු බහුතරයක් විදේශ ගතවෙලා ඉන්න බව අමතක කරන්ට එපා.(නදී)

:       0       0

නිම්මි Sunday, 30 March 2014 04:43 PM

වැඩි දෙනෙක් ඡන්දය නොදා ඉන්නේ අද ඡන්දයට වටිනාකමක් නැති නිසා. අපි කිසියම් පක්ෂයක පුද්ගලයකුට ඡන්දය දුන්විට ඒ පුද්ගලයා තමන්ගේ පුද්ගලික උවමනාවන් වලට බලය තියෙන තැනට හෙත්තුවෙනවා. ඉතින් අපි ඡන්දය දීමෙන් වැඩක් තියෙනවද මේ ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුය.(නදී)

:       0       0

අංජන- බංග්ලාදේශ් Sunday, 30 March 2014 04:45 PM

කොහොම හරි ආණ්ඩුවට 61% ක ප්‍රතිශතයක් ගෙනාවේ කළුතරින් විතරයි. ඒත් ආණ්ඩුව වැඩක් කරන්නෙම නැත්තේ කළුතරට. කිසිම ලොකු ව්‍යාපෘතියක් කළුතරට දෙන්නේ නැ. කරන තරමක් කොලඹටයි , ගම්පහටයි කරන්නේ. එතකොට ඊළඟ පාර අපි වෙනස් කරලා පෙන්නන්නං ප්‍රතිශතය.(නදී)

:       0       0

ෂේන් Sunday, 30 March 2014 04:46 PM

දැන් ජවිපෙ හා එජාපේ අය කියන්නේ ලක්ෂ 20 ක් ඡන්දය දැම්මේ නැහැ කියලා. ඒ ලක්ෂ 20 ඉන්නේ විදේශ ගතව බව කපටි දේශපාලුවන්ට අමතකයි.(නදී)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 05:01 PM

මා සිටිනා රටේ මහජනයාගේ ඡන්දය පිළිබද උනන්දුව [ විශේෂයෙන් තරුණ පරම්පරාවේ ] ඉතාම පහල මට්ටමකයි තියෙන්නේ. ඒ නිසා ඡන්දය දැමීම අනිවාර්ය කර ඇත.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 30 March 2014 05:08 PM

විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් වාර්ෂිකව ඩොලර් කෝටි ගනනක විදේශ විනිමයක් ලංකාවට ලබාදේ , ඔවුන්ටත් තැපැල් ඡන්ද අයිතිය දෙන්න , ලෝකයේ දියුණු රටවල විදේශ ගත පුරවැසියන්ට තැපැල් ඡන්ද අයිතිය ලබා දී ඇත.(නදී)

:       0       0

ජයනාත් දෙල්පච්‍රත්‍ර Sunday, 30 March 2014 05:13 PM

හෙලෝ ෂේන්, කඩේ ගියාට මෝඩ කතා කියන්න එපා. ඔය ඡන්දය දැම්මේ නැති ලක්ෂ 20 දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ විතරයි. එතකොට ඔය ඡන්දෙ දැම්මේ නැති ඔය පළාත් දෙකේ ඔක්කම මිනිස්සු රට ගිහිල්ලද ? (නදී)

:       0       0

සමරනායක Sunday, 30 March 2014 05:22 PM

රජයට නෙවේ අඩු වුණේ ආණ්ඩු පක්ෂයට. රජය හා ආණ්ඩුව අතර වෙනසක් තියෙනවා නේද? (නදී)

:       0       0

තුසිත Sunday, 30 March 2014 10:37 PM

රණතුංග කියන විදියට කලොත් ඡන්දෙ දාන්න යනකොට කවුරු හරි ඡන්දෙ දාල තිබුනොත් ඒ දඩේ ගෙවන්නේ කව්ද? (නදී)

:       0       0

කපිල Sunday, 30 March 2014 05:36 PM

අයියෝ ෂේන්, ඔයාටත් විදේශගත වෙන්න වෙයිද මංදා කියලා තියන මෝඩ කතාවේ හැටියට. (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Sunday, 30 March 2014 11:08 PM

රණතුංග , ඡන්ද දැමීම අනිවාර්ය කිරීමට පෙර අහිංසක ජනතාවගේ වටිනා ඡන්දය ලබාගෙන ඒ ඒ තනතුරු ලබාගන්න පුද්ගලයෝ ජනතාවට අවංකව සේවය කිරීම අනිවාර්ය කරන්න බලපෑම් කරමු. ජනතාවගේ මුදල් හොරකම් නොකරන්න බලපෑම් කරමු. නැතුව ලෝකයේ කොහෙවත් නැති නීති සම්පාදනය කරන්න බැරි බව තේරුම් ගන්න. (නි)

:       0       0

චමින්ද Sunday, 30 March 2014 05:55 PM

සරත් කතා කරන්නේ ලංකාවේ කිසිදා සිදු නොවෙන දෙයක් ගැන.(නදී)

:       0       0

රවී Monday, 31 March 2014 04:19 AM

ඕස්ට්‍රේලියාවෙත් ඡන්දය දැමීම අනිවාර්යයි. දඩ කන්න බැරි නිසා හැමෝම ඡන්දය දානවා. ලංකාවෙත් අනිවාර්ය කිරීම කල යුතුයි. ඒ වගේම මනාප ක්‍රමය ඉවත් කල යුතුයි. අපේක්ෂකයෝ මරා ගන්නවා දැක්කම ජනතාවට ඡන්දය එපා වෙනවා.(නදී)

:       0       0

මහේන්ද්‍ර Monday, 31 March 2014 05:42 AM

මෙය කාටත් හොඳ පාඩමක්. එක්සත් ජාතික පක්ෂය ගොඩගන්න නියම නායකයෙක් නැති බවත්, පොදු ආර්ථික වැඩ පිළිවෙලකට අනෙක් ප්‍රධාන විපක්ෂ සමඟ එකමුතු නොවී රජය පරාජය කිරීම අපහසු බවත්, මැතිවරණයකදී රාජ්‍ය බලය යොදා ගැනීම අවම කර ගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳවත් සැළකිලිමත් විය යුතු බවත් ප්‍රමුඛ කාරණා වේ. (නි)

:       0       0

දිසා Monday, 31 March 2014 06:03 AM

ජයනාත් දෙල්පචිත්‍ර, ඔබ හරියටම හරි.අර ෂේන් කියන කෙනාට දිය යුතු උත්තරය ඔයා ලස්සනට දී තිබෙනවා (නි)

:       0       0

සෑම් Sunday, 30 March 2014 03:46 PM

දැන් සමහරු කියපු සමහර දේවල් මේ පළාත් සභා ඡන්දයට වලංගුද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

පිටිගල Sunday, 30 March 2014 03:47 PM

ජිනීවා ඡන්ද විග්‍රහ කල අර කව්ද මහාත්මයා ගේ ගණිත ක්‍රමයට අනුව මේ ඡන්ද නොදී හිටපු අය ගණන් වැටෙන්නේ කොයි පැත්තටද? (නදී)

:       0       0

නුවන් Sunday, 30 March 2014 08:40 PM

යුද්දේ මාකට් කරලා හැමදාම ඡන්දෙ ජය ගන්න බැහැ. ඒ වගේම විදේශ බලවේග කතා කියලත් බැහැ.(නදී)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 03:57 PM

ඡන්දය දැමීම අනිවාර්ය කරන්න. ඡන්දය නොදමන අයට [පිළිගත හැකි සාධාරණ හේතු නොමැතිව ] දඩයක් ගෙවීමට සිදුවනසේ නීති සම්පාදනය කරන්න.ඡන්දය දැමීමේ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමකට යනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 376 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2700 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2013 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 211 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1217 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1326 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26951 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23514 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site