IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘ලක්ෂ 20ට වැරදිලා කෝටි දෙකක් කියවුණා‘ - ගීතා

‘ලක්ෂ 20 අපි කියන්නේ ටූ මිලියන් කියලා. ඉතින් ඒක මට කෝටි දෙකක් කියලා කියවුණා. මැයි දින රැලියේ දී එක ඇමැති කෙනෙක් කිව්වේ ජනාධිපති ආවම ගරු මහින්ද රාජපක්ෂ ජනපති පිළිගන්න කියලා. එක ඇමැති කෙනෙක් උඩ ඉඳන් බලලා කිව්වනේ මීටර් 100ක දුරක් සෙනග හිටියා කියලා. එහෙනම් මුළු මාධ්‍යම පෙරළන් කෑ ගහන්න ඕනේ නෑනේ. එක ඇමැති කෙනෙක් කිව්වා 2000ක් 3000ක් ආවා කියලා. එයා එහෙම කියනවානම් මම කෝටි දෙක කිව්වාට කමක් නෑ.‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය අද (8) ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

‘මේවා කියලා වැට් පනත හීන් සීරුවේ සම්මත කරගන්නයි හදන්නයි. ජනතාව විනාශ කරන මේ බදු බර උසාවි නියෝගයකින් නතර කළාට අද ඒක නැවත සම්මත කරගන්න හදනවා. මම කියනවා බයිලා කිය කියා කවි කිය කියා උඩ පැන්නත් ඒ අයට පොඩි වචනයක් ගැන ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. මේක සංගණනයක් නෙමෙයි. අපි පාද යාත්‍රාව ගිහින් ඉවරයි. නමුත් යූඇන්පිය ඒක කරේ තියාගෙන තවම යනවා.‘ යැයි ද ඇය කීවාය.



අදහස් (0)

‘ලක්ෂ 20ට වැරදිලා කෝටි දෙකක් කියවුණා‘ - ගීතා

අර්ජුන රණවන Monday, 08 August 2016 03:32 PM

අපටත් වැරදුනා. එ්කයි ඔබ වැනි අයට ඡන්දය දුන්නේ (බ)

:       0       0

කේසලා අමන්දා Tuesday, 09 August 2016 04:59 AM

දැන් ඉතින් නිදහසට කාරණා කියන්න එපා (ම)

:       0       0

නිරේෂා Monday, 08 August 2016 03:38 PM

අනිවාර්යෙන් මෙයා ගණන් ෆේල් ඇති.(හේ)

:       0       0

නිමන්ත Monday, 08 August 2016 03:43 PM

ගණන් පාස්ද දන්නේ නෑ.(හේ)

:       0       0

ජයරත්න Monday, 08 August 2016 03:49 PM

මේ වගේ අය පත් කර ගත්තේ කවුද දන්නේ නෑ.(හේ)

:       0       0

ඉන්දික Monday, 08 August 2016 03:49 PM

අපි නම් හිතුවේ නැහෙ දකුණේ මෝඩ මිනිස්සුත් ඉන්නවා කියලා මේ වගේ කට්ටියට ඡන්දේ දෙන්න තරම්.(හේ)

:       0       0

චතුරි Monday, 08 August 2016 03:58 PM

කොටි දෙක දන්නෙත් නැහැ. ලක්ෂ විස්ස දන්නෙත් නැහැ ,ටු මිලියන් ගැන. කියවන්නේ ඔය ඇමතිකම්. ගන්නේ. බුද්ධියටද . නැතිනම්. කඩේ ගිහින්ද . මිලියන ගණන් මුදල් අහිමි වුනේ. මේ වගේ කට්ටිය. නිසයි දැනුම. වැරදුනාම.විරුද්ධ පක්ෂයට. ඇයි දොස්. පවරන්නේ පැරදුනේ මෝඩකම නිසයි නැතිව ඇමරිකාවයි එංගලන්තයයි. නොවේ පරද්දුවේ (හේ)

:       0       0

ජයතු Monday, 08 August 2016 03:57 PM

දේශපාලනය ගැන හසල බුද්ධියක් අැති ගිතා අපේ රටටත් ජාතියට ලැබුන අගනා වස්තුවක්.(හේ)

:       0       0

චලනි Monday, 08 August 2016 04:00 PM

මේ වගේ අය මොකට පාර්ලිමේන්තුවට ගන්නවද දන්නේ නෑ.(හේ)

:       0       0

සුමනපාල Monday, 08 August 2016 04:06 PM

අනේ මෝඩ කම ඔතන ලක්ෂ 20 ක් ඉන්නවා නම්. අඩුමගානේ අන්තරෙත් ලක්ෂ 10 ක් වත් ඉන්නවා ඇති ලිප්ටන් එකට එන. ලිප්ටෝන් එකේ ලක්ෂ 20 ඉන්න ඇත්තේ එකා උඩ එකා නැගල වෙන්න ඇති .(අ)

:       0       0

සත්‍යයා Monday, 08 August 2016 04:09 PM

ඔයාට ගණන් වරද්දන්න කියල දුන්න එක්කෙනා ඔයාවත් දාල ඔයාගේ ලොක්කවත් දාල දැන් අලුත් කැදැල්ලක සුවයෙන් පසුවෙනවා. අන්න පුලුවන්නම් අල්ලගන්න බෙල්ලෙන්ම. (අ)

:       0       0

ලක්ෂාන් ප්‍රනාන්දු Monday, 08 August 2016 04:19 PM

අනෙ අම්මපා තවත් කියවනවනේ.(අ)

:       0       0

වරුණ Tuesday, 09 August 2016 05:40 AM

ඒ වීඩියෝ ක්ලිප් එක හොඳට බලන්නකෝ කතාකරන හැටි. මේ වගේ අයව පාර්ලිමේන්තු යවපු අය වගකියන්න ඕනෑ මේවට. (නි)

:       0       0

නාලක Tuesday, 09 August 2016 05:47 AM

එතකොට කොළඹ ඉඳලා නුවරට ගියා කිව්වේ? (නි)

:       0       0

ප්‍රියාන් Monday, 08 August 2016 04:26 PM

කාටත් වැරදි සිද්ද වෙනවා..මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න උත්සව වල කි සැරයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියල තියෙනවද? ඒවා දැක්ක නොදැක්ක වගේ යනව ..සර්ව සම්පුර්ණ මිනිස්සු කොහෙවත් නැ..පස් දුන් කෝරලේ ගැන නොදන්නා මිනිස්සුත් අද පාර්ලිමේන්තුවේ ලොකු තැන වල ඉන්නවා කියල අමතක කරන්න එපා (අ)

:       0       0

සිරි-ඕමානය Tuesday, 09 August 2016 05:47 AM

වැරදීම මිනිස් ගතියක්. සමාවදීම දේව ගතියක්. (නි)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 09 August 2016 05:50 AM

"ඕනෑම ගොනෙකුට යුද්ද කරන්න පුලුවන්, තොප්පිගල කියන්නේ කැලයක්" කියලා කියපු අයත් සිටි එකේ ඕක මොකක්ද...... (නි)

:       0       0

නවරත්න Monday, 08 August 2016 04:51 PM

කිතුල් ගහේ ගිය කෙනත් කිව්වානේ තණකොළ නැහැ ගහේ කියලා. ඉතින් මෙයාලා මොකද (නි)

:       0       0

වින්සන්ට් Monday, 08 August 2016 04:47 PM

ආණ්ඩුව පාද යාත්‍රාව කරේ තියාගෙන යනවා. මෙතුමියලා හොරු ටික කරේ තියාගෙන යනවා. බලා ඉන්න අපිට නම් මේ දෙකම එකම පෙරහැරක් බව පෙනෙන්නට ඇත. (නි)

:       0       0

නන්ද Tuesday, 09 August 2016 06:14 AM

අපට දුක ඔබතුමිය ඉඳල හිටල දෙසා බාන ඔවැනි අමුතු කතා ගැන නොවෙයි. එමගින් සමස්ත කාන්තාවනට හා කලාජ ලෝකයේ කාන්තාවන්ට සිදුවන අපහසුතාවයන්ට පත්වීම ගැනයි. (ම)

:       0       0

අසංග Monday, 08 August 2016 05:21 PM

මෙයාලට ඉතින් හැමදාම වැරදෙනවානේ. දැන්නම් ගානක් නැතුවත් ඇති වැරදුනාට. (නි)

:       0       0

නිරුල් Tuesday, 09 August 2016 06:22 AM

කොහොම වුණත් මෙයාලගේ ඔය අධිතක්සේරුව නිසා තමයි ජනවාරි 8 වෙනිදා පරදින්න වුණේ (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 09 August 2016 06:40 AM

ඕනෑ කෙනෙකුට දේශපාලනය කරනත් පුළුවන්නේ. (නි)

:       0       0

රංග Monday, 08 August 2016 05:37 PM

ඇහුවොත් ගම ගාල්ලේ. ඒ වුණාට පාර්ලිමේන්තුවට එන අය නම් අනේ අපොයි..!!! (නි)

:       0       0

සත්‍යයා Monday, 08 August 2016 05:43 PM

ප්‍රියාන්, අන්න ඔයාට වැරදුන තැන. සර්ව සම්පුර්ණ මිනිස්සු ඉන්නේ ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ. පාද යාත්‍රා කරලා ඒක ඔප්පු කළානේ. (නි)

:       0       0

රත්න Monday, 08 August 2016 05:50 PM

ගීතාට දැන් අමතකවීමේ ලෙඩේ හැදිලා වගේ (නි)

:       0       0

රොක්සි Monday, 08 August 2016 06:02 PM

පොඩි අතපසුවීමක්නේ! (නි)

:       0       0

රජිත් මංජුල Monday, 08 August 2016 06:40 PM

අපිට වැරදුනා. නැත්නම් 1970 ඉඳලා අපි ජීවත්වෙන්නේ නෙදර්ලන්තයක. අපිට වැරදුන හින්දා තමයි අපි අද ස්වාසිලන්තයක ජීවත්වෙන්න වෙලා තියෙන්නේ. වාසනාව නැතුව ගියා. මිනිසාට අහාර නැතුව අවම දවස් තුනක්වත් ජීවත් වියහැකියි. ඒත් මෝරා එක තත්පරයක් වරල් නොගහා හිටියොත් ගිලෙනවා (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 08 August 2016 06:52 PM

බරපතළකම නොදැන දේශපාලනයට ආවහම ඔහොම තමා (නි)

:       0       0

විකුම් රංගන Monday, 08 August 2016 07:09 PM

එතුමියට ඔය ගණන වැරදුණාට, බොහෝ සංකීර්ණ සමීකරණ පවා හොඳට විසඳා තිබෙනවා (නි)

:       0       0

රණවක Tuesday, 09 August 2016 07:09 AM

අලිමංකඩ, පාමංකඩ ලෙස දකින දේශපාලුවෝ රජකරන කලෙක මෙතුමිය හිතාමතා නොව, වැරදීමකින් මිලියනය සිංහලෙන් කෝටිය ලෙස කිවුවා කියලා ඔයතරම් විවේචන දෙන කට්ටිය, කියන්න ලක්ෂ 10ක් රක්ෂා දෙනවා කියන එකත්, ඊළඟ ඉතුරු අවුරුදු 3 තුළ දෙන්නේ කොහොමද කියලා. (නි)

:       0       0

තුෂාර Monday, 08 August 2016 08:58 PM

මෙයාට ඡන්දය දුන් උදවිය නැවත හිතන්න. මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන නිසා තමයි අද ලංකාව අගාධයට ගියේ (නි)

:       0       0

රසික Monday, 08 August 2016 09:10 PM

අයියෝ කලින් ලක්ෂ 58යි. ඊටපස්සේ ලක්ෂ 48 දැන් ලක්ෂ 20ට බැහැලද? (නි)

:       0       0

යොහාන් Monday, 08 August 2016 09:54 PM

කතාකරද්දී මීටවැඩිය කල්පනාකාරී වෙන්න එපායැ (නි)

:       0       0

උපාලි Tuesday, 09 August 2016 07:32 AM

කට අරින්නේ නැතුව ඉන්නාතුරු මේගොල්ලෝ බුද්ධිමත්. කට ඇරපු ගමන් අර සිංහ හම පොරවාගත්ත කොටළුවා වගේ තමයි. තව එක්කෙනෙක් කිව්වේ 2500න් පවුලකට මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියලා. බලපුවම ඒකාබද්ධ වීපක්ෂයේ ඉන්නේම උගත් බුද්ධිමත් පිරිසක් (නි)

:       0       0

බටගල Monday, 08 August 2016 11:43 PM

මෝඩකමට බෙහෙත් නැහැ කියනවනේ (නි)

:       0       0

තේනුවර Monday, 08 August 2016 11:55 PM

දැනුමේ අධ්‍යාපනයේ තරම ගැන අපි හොඳ අවබෝධයක් ලැබුවා (නි)

:       0       0

සමන් Tuesday, 09 August 2016 12:02 AM

අගය කරන්න ඕනෑ වැරැද්ද පිළිඅරගෙන එ්ක හදන එක. නිකන් බොරු බොරු කියලා වහන්නේ නැතුව (නි)

:       0       0

සහන් Tuesday, 09 August 2016 12:09 AM

මෙයාලව කවුරු පාර්ලිමේන්තු යවනවද දන්නේ නැහැ. හරිහමන් අධ්‍යාපනයක් නැති හැටි? (නි)

:       0       0

රන්ජිත් Tuesday, 09 August 2016 12:45 AM

ලක්ෂ 20ක් කියන්නෙ පාද යාත්‍රාවේ එක පෙළකට 10 ක් ආවත් පේළි 200,000ක්. පේළි දෙකක් අතර පරතරය මීටර් 1 යි කියලා ගත්තත් පෙළපාලියේ දිග කිලෝමීටර් 200ක්. ඒ කියන්නෙ කොළඹ සිට මහනුවරට තියන දුර වගේ දෙගුණයකටත් ළඟයි. (නි)

:       0       0

බණ්ඩා Tuesday, 09 August 2016 08:06 AM

ගීත ඇන්ටි , ලක්ෂ 20 අවේ (හේ)

:       0       0

සුමනා Tuesday, 09 August 2016 01:34 AM

ඇයට පමණක් දොස්කියන එක වැරදියි. තවත් කිහිප දෙනෙක්ම ඔයවගේ ප්‍රකාශ කළා (නි)

:       0       0

රංචාගොඩ Tuesday, 09 August 2016 01:43 AM

මේවා එච්චර ගණන් ගතයුතු දේවල් නෙමෙයි! (නි)

:       0       0

චමිල් එදිරිසිංහ Tuesday, 09 August 2016 08:31 AM

මේ වගේ දෙකයි පනහේ දේශපාලකයෝ ඉන්නකන් මේ රට කවදාවත් ගොඩ යන්නේනම් නෑ (ම)

:       0       0

නිශ්ශංක Tuesday, 09 August 2016 02:10 AM

වැඩපිළිවෙලක් තියෙන රජයක් එන්න නම්, ප්‍රතිපත්තියක් තියෙන සමාජ අවබෝධය තියෙන අය පාර්ලිමේන්තු යවන්නත් ඕනෑ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 09 August 2016 02:17 AM

වැරැද්දට උත්තරත් තියෙනවා එහෙනම්. අර කිතුල් ගහට ගිය මිනිසාගේ කතාව මතක් වෙනවා (නි)

:       0       0

කුසුමා Tuesday, 09 August 2016 02:40 AM

වැදගත් දෙයක් අල්ලාගෙන වැදගත් යමක් කළා නම් තමයි හොඳ. අපේ රටට මොකද වෙන්න යන්නේ කියලා සිතන්න පළමුව. (නි)

:       0       0

අමරබන්දු Tuesday, 09 August 2016 02:35 AM

මෙයාලට දැන් සියල්ල කණපිට හැරිලා තියෙන්නේ (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 09 August 2016 02:38 AM

කවුද දන්නේ නැහැ මෙයාට ගණන් ඉගැන්නුවේ? (නි)

:       0       0

දිලිප් Tuesday, 09 August 2016 02:46 AM

උගත් පරිණත දේශපාලනයක අසීමාන්තික හිඩැස! (නි)

:       0       0

යුරේනි Tuesday, 09 August 2016 02:58 AM

ඔය වගේ වගකීම්සහගත අය තව කල්පනාවෙන් වැඩ කරන්න එපායැ (නි)

:       0       0

සමන්ත Tuesday, 09 August 2016 09:12 AM

හංසයාට පාත්තයා කියනවා. ලක්ෂ විස්සට කෝටි දෙකයි කියනවා. කලාව සහ දේශපාලනය කියන්නේ දෙකක්. ඡන්දය දෙන අය මීටවඩා බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න ඕනෑ. (නි)

:       0       0

බුද්ධික Tuesday, 09 August 2016 03:12 AM

ඔය කියන ගණන් ආවේ නැහැ. මම දවස් දෙකක් පාගමන දැක්කා. එකක් කෑගල්ලේදී. හිටිය පිරිස 3000කට වඩා නැහැ. දෙවෙනි දවස වරකාපොලදී. එදා 2000ක්වත් සෙනඟ හිටියේ නැහැ. තමන් විසින්ම තමන් රවටාගැනීමක්. (නි)

:       0       0

රොකී Tuesday, 09 August 2016 03:24 AM

නොදැනුවත්කම නිසා සිදුවුණ වරදට සමාව ඉල්ලනවා වගෙයි. සමාව දුන්නාම එක පුරුද්දට යනවනේ! (ම)

:       0       0

සරසි Tuesday, 09 August 2016 09:45 AM

කාන්තාවක් වුනාම තමන් මොන තරාතිරමක හිටියත් සාමාන්‍ය හෝ උගත් කමක් සමඟ යන එන තැන , කටට බ්රේක් තබා ගෙන කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව මගේ පුද්ගලික අදහස. ! (ම)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 09 August 2016 03:43 AM

කිලෝවොට් සහ මෙගාවොට් දන්නේ නැහැ වගේමතමයි විසිදහායි සහ කෝටි දෙක අතර වෙනස දන්නෙත් නැහැ. මේ වගේ උදවිය රට පාලනය කරන්න බැහැ. (ම)

:       0       0

සුමුදු Tuesday, 09 August 2016 04:29 AM

ඔබ වැනි කෙනෙක් ජාතියට දයද කල ඔබගේ දෙමව්පියන්ටත් , පාර්ලිමේන්තුවට යවූ උගත් බුද්ධිමත් දකුණේ සිංහල ඡන්ද දායකයන්ටත්, මේ මහා ජාතියම ණයයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 7 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 307 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 438 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 344 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1212 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1103 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site