IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලක්ෂ 22 ක රන් මල්ලෙන් එළියට

රුපියල්   විසි දෙලක්ෂ හැටදහසක් වටිනා රන් කැබලි හතරක්  ගමන් මල්ලක සගවාගෙන සිංගප්පුරුව බලා යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින්  අද අළුයම  අත්අඩංගුවට ගෙන රේගුවට බාර දුන් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කිවේය.

සැකකරු  කොළඹ ප‍්‍රදේශයේ පදිංචි  හතලිස් තුන් හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි.

අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රෑම් 452 කි. සැකකරු  මෙම රන් කැබලි තම ගමන් මල්ලේ යටි පතුලේ සගවා තිබූ බව රේගුව කියයි.

ඔහු ඊයේ  අළුයම  දෙකයි තිහට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 306 දරණ ගුවන් යානයෙන්  සිංගප්පූරුව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී  අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබ‍්ද රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සැකකරුට රුපියල්  විසිපන්දහසක දඩයක් නියම කර  එම රන් කැබලි රාජ සන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී පරාක‍්‍රම ජිනදාස,   සහකාර රේගු අධිකාරීවරුන් වන පී.ඒ.ඞී.පී පෙරේරා, තුසිත අධිකාරම්, කසුන් ගමගේ, නිෂාද් රණසිංහ, අසංග පෙරේරා, තිලංක සමරවීර යන නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

ලක්ෂ 22 ක රන් මල්ලෙන් එළියට

මිනිපෙ Thursday, 05 September 2013 08:22 PM

මට මෙතන නොතේරන ගැටලුවක් තියෙනවා. ලංකාවෙන් සිංගප්පුරුවට රත්‍රන්? මේක වෙන්න ඕන අනිත් පැත්තනේ.(නදී)

:       0       0

පාලිත Thursday, 05 September 2013 03:05 PM

ඕකනේ ලංකාවේ නීතියේ හිල් කියන්නේ. ඔච්චර හරියක් කරපු එකාට දඩේ 25,000, 50,000 යි. ගහන්න ඕන දඩේ ලක්ෂ 50ක් විතර. නැත්තන් හිරේ. එතකොට ආයිත් කරන්න තියා හිතන්නේ වත් නැ. (නදී)

:       0       0

විජේ Friday, 06 September 2013 12:09 PM

අපේ රටේ මෙච්චර රත්තරන් තියෙනවද ?(නදී)

:       0       0

මොහමඩ් ෆාරුක් Friday, 06 September 2013 12:24 AM

රත්රන් කොහෙත් එක වගේ ඉල්ලුම . ලෙහෙසියෙන් මුදල් කරන්න පුළුවන් . මල්ලේ හෝ අධෝ මාර්ගයේ රන් ගිනියන්නේ ඒකයි.(නදී)

:       0       0

සෙනරත් Friday, 06 September 2013 12:32 AM

පාලිත, අපි මෙහෙම වත් හිතමු හිත හදා ගන්න. ලොකු දඩ ගැහැව්වොත් කිසි කෙනෙක් රත්රන් හොරෙන් ගෙන යාම නවත්වනවා. එතකොට රේගුවේදී අල්ලලා රාජසන්තක කරන්න රත්තරන් නැති උනාම ඒක රජයට පාඩුවක්.(නදී)

:       0       0

රාජිත Thursday, 05 September 2013 04:49 PM

පාලිත මෝඩයෙක් වගේ දොඩ වන්න එපා, ඕනෙම වරදකට තීන්දුවක් දෙන්න පෙර ඒ පිලිබදව ලියවී ඇති නීති මාලාවන් කියවා බලා තමයි තීන්දුව දෙන්නේ. නඩුකර තුමාට ඕනේ විදිහට ඕවා දෙන්න බැහැ.(නදී)

:       0       0

ජයසූරිය Thursday, 05 September 2013 05:17 PM

රත්තරන්,රත්තරන්,තණ්හාව ආසාව දුකට හේතුවේ.(නදී)

:       0       0

සෙන්තිල් Friday, 06 September 2013 04:01 AM

මේකත් කරලා තියෙන්නේ මුස්ලිම් කෙනෙක්ද? (නි)

:       0       0

නිරෝෂන් කටාර් Thursday, 05 September 2013 07:49 PM

මේක ගුද මාර්ගයෙන් නෙමේ නෙමේ වගේ අරන් යන්න හදල තියෙන්නේ. කොහොම උනත් මෙයාගේ ගුද මාර්ගයත් පරික්ෂා කල යුතුය. තව රන් කැබලි තිබේද බලන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 427 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 143 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1840 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1246 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 553 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1334 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33278 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23891 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site